Chanu

Chanu ක්‍රිඩාව සංගීතය කලාව සහ සොබාදහම (sports music art and Nature )

27/01/2026

රථවාහන දඩ කොළ ලැබුණු තැනදී ම දඩය ගෙවා රියැදුරු බලපත්‍රය ලබා ගන්නේ මෙහෙමයි

වැඩිදුර කියවන්න 👇
https://bbc.in/49KmnDK

මොකක්ද මේ වියානා සම්මුතිය   ඕසෝන් වියනා සම්මුතිය (Vienna Convention for the Protection of the Ozone Layer) යනු පෘථිවියේ ...
09/01/2026

මොකක්ද මේ වියානා සම්මුතිය

ඕසෝන් වියනා සම්මුතිය (Vienna Convention for the Protection of the Ozone Layer) යනු පෘථිවියේ ඕසෝන් තට්ටුව ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුමකි. මෙය 1985 වසරේදී රටවල් 28 ක් එක්ව අත්සන් කරන ලදි. ඕසෝන් තට්ටුවේ විනාශයට දායක වන ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC) වැනි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු කිරීම හා එමඟින් ඕසෝන් ස්ථරය ක්ෂ්‍ය වීමේ ක්‍රියාකාරකම් සීමා කිරීම සිදුවේ.

1970 දශකයේදී, විද්‍යාඥයන් වන Mario Molina සහ F. Sherwood Rowland විසින් ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFCs) ඔසෝන් තට්ටුව විනාශ කරන බව සොයා ගන්නා ලදී. මෙම විනාශය නිසා පාරජම්බුල කිරණ (UV radiation) පෘථිවියට වැඩිපුර ලැබීමෙන් සමේ පිළිකා, ඇස් රෝග සහ පරිසර පද්ධතිවලට හානි සිදුවේ.
මෙම සොයාගැනීම්වලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) ජාත්‍යන්තර සාකච්ඡා ආරම්භ කළේය. 1985 මාර්තු 18-22 දක්වා වියානාවේ පැවති සමුළුවේදී (Vienna Conference on the Protection of the Ozone Layer) මෙම සම්මුතිය අනුමත කරන ලදී. එය 1985 මාර්තු 22 වන දින අත්සන් කිරීම සඳහා විවෘත කරන ලද අතර, රටවල් 28 ක් අනුමත කිරීමෙන් පසු 1988 සැප්තැම්බර් 22 වන දින බලාත්මක විය.

ඓතිහාසික පසුබිම:

මෙම සම්මුතිය රාමුවක් පමණි; එය නිශ්චිත සීමාවන් නියම නොකරයි, නමුත් ඔසෝන් තට්ටුව ආරක්ෂා කිරීම සඳහා පර්යේෂණ, අධීක්ෂණය සහ ක්‍රියාමාර්ග සඳහා රටවල් සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටී. එය ලොව සෑම රටකම අත්සන් කළ පළමු ගිවිසුම වන අතර, 2009 වන විට සම්පූර්ණ ජාත්‍යන්තර අනුමැතිය ලැබීය.

1987 මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය:

වියනා සම්මුතියේ පදනම මත ගොඩනැගුණු මෙය ඔසෝන් විනාශක ද්‍රව්‍ය පහත හෙලීම සඳහා බැඳුම්කර ඉලක්ක නියම කළේය.

සාර්ථකත්වය:

මෙම ගිවිසුම් නිසා ඔසෝන් තට්ටුව ක්‍රමයෙන් සුවය ලබමින් ඇති අතර, එය පරිසර ගිවිසුම්වල සාර්ථකත්වයේ ආදර්ශයකි.

40 වන සංවත්සරය:

2025 මාර්තු 22 වන දින 40 වන සංවත්සරය සමරන ලදී.
මෙම සම්මුතිය ජාත්‍යන්තර සහයෝගීතාවයේ බලය පෙන්වන අතර, දේශගුණ විපර්යාස වැනි වෙනත් පරිසර ගැටලු සඳහා ආදර්ශයක් වේ.

 #ඉතිහාසයේ පළමු වරට මෙරට රෝහල් තුල ආහාර දෙපාර්තමේන්තුවක් අරඹයි. #මෙරට රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්...
05/01/2026

#ඉතිහාසයේ පළමු වරට මෙරට රෝහල් තුල ආහාර දෙපාර්තමේන්තුවක් අරඹයි. #

මෙරට රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක හා පෝෂණයෙන් සපිරි ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙහි නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

03/01/2026

♥️♥️උස්මන් කවාජා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී ♥️

මහත්වරුන්ගේ ක්‍රීඩාවට නොගැලපෙන මත භේදාත්මක කරුණු රැසක් හෙළි කරමින් උස්මාන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ප්‍රකාශ කර ඇත. සිඩ්නිහිදී එළඹෙන ජනවාරි 4 වෙනදා ආරම්භ වන 'අළු බඳුන' තරගාවලියේ 5 වන හා අවසන් තරඟය ඔහුගේ අවසන් තරඟය වෙනු ඇත.
සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගි වූ මිනිත්තු 50ක පමණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සමුගැනීම නිවේදනය කළේය.
එහිදී ඔහු පැවසුවේ වෘත්තීය ජීවිතය පුරාම අනෙකුත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වඩා තමන්ට වෙනස්කම් කළ බවය. එයින් තමා දැඩි ලෙස වේදනාවට හා කලකිරීමට ලක් වූ බව ඔහු පවසා තිබේ.
පාකිස්තානයේ උපත ලැබූ කවාජා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා වේ. රිකී පොංටින් ගේ සමුගැනීමෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එක් වූ කවාජා 2011 වසරේදී සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ සිඩ්නි ක්‍රීඩාංගනයේදීම අවසන් තරගයද ක්‍රීඩා කිරීම සුවිශේෂී වේ.
මේ වන විට 39 වන වියේ පසුවන කවාජා ටෙස්ට් තරග 87ක ඉනිම් 157කදී ලකුණු 6,206 ක් රැස්කර 43.39 ක පිතිකරන සාමාන්‍යයක් රඳවාගෙන ඇත. ශතක 16 ක් හා අර්ධ ශතක 28 කට හිමිකම් කියයි.
"මම පකිස්ථානයෙන් ආපු ආඩම්බර මුස්ලිම් කොල්ලෙක් මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කවදාවත් ක්‍රීඩා කරන්නේ නැති බව සමහර අය කිව්වා. දැන් මාව බලන්න"යැයි කවාජා පවසයි.
"මට සැමවිටම වෙනස් බවක් දැනුනා.මේ වෙනස්කම් පවා. මම සුදු නොවන ක්‍රීඩකයෙක් මගේ මතය අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තමයි හොඳම ක්‍රිකට් කණ්ඩායම ඒක අපේ ආඩම්බරය වගේම ප්‍රීතිය.
නමුත් මටගොඩක් තැන්වලදි වෙනස් බවක් දැනුණා. මට සැලකූ ආකාරය වෙනස් දේවල් සිදු වූ ආකාරය අනුව වෙනස්"
"මට කොන්දේ කැක්කුමක් තිබුණා ඒක මට පාලනය කරගන්න බැරි දෙයක් නමුත් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයන් මාව විවේචනය කළා. එයා කණ්ඩායමට කැපවෙලා නැහැ එයා තමන් ගැනම විතරක් හිතන ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙක්. එයා පුහුණුවීම් කරන්නේ නෑ එයා කම්මැලි වගේ දේවල් කිව්ව ඒවා හරිම පෞද්ගලිකයි .
මම හිතුවේ පැරණි ක්‍රීඩකයින් සහ අනික් සියල්ලන්ම, සමහර මාධ්‍ය ඒවා අමතක කරලා ඇති කියලා. නමුත් පැහැදිලිවම අමතක කරල නෑ
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට එසේ සලකනවා මට දැනිලා නැහැ මට හිතුනා මම මේක මතු කරන්න ඕනේ කියලා මේ ගැන කතා කරන්න ඕන වුණේ නැහැ. නමුත් මට ඕන ඊළඟ උස්මන් කවාජාගේ ගමන වෙනස් වෙන්න. මට ඕන සැමට එක වගේ සලකන්න.එයාලා කවුද කියලා වාර්ගික ඒකාකෘති තියාගන්න එපා. මම කරන ක්‍රීඩා වේ මගේ අනෙකුත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සලකන විදියටම අනෙක් අයටත් සලකන්න"යැයි කවාජා පැවසීය.

02/01/2026
01/01/2026

♥️චිත්‍රයක් වගේ

01/01/2026

♥️♥️ මේක තමයි සිංහ තේජස

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Chanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share