11/09/2026
දොර වැසුණු හඬත් එක්කම, පිටත ලෝකය ඔවුන්ගෙන් ඈත් වූවාක් මෙන් දැනුණා.
රාවන් කාමරයේ දැල්වෙමින් තිබූ ආලෝක පහන් කිහිපයක් එකින් එක නිවා දැමුවා.
විශාල කාමරය මඳ අඳුරක ගිලී ගියා.
ජනේලයෙන් ඇතුළට වැටුණු නගරයේ දුරස්ථ විදුලි එළි පමණක් කාමරයේ බිත්ති මත සිහින් රේඛා ඇඳගෙන තිබුණා.
නෙළුම්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
“මේ... මොකද මේ...?”
ඇය ඇහුවේ ඉතාමත් සෙමින්.ඒත් පිළිතුරක් වෙනුවට ඇයට දැනුණේ රාවන්ගේ පියවර තමන් වෙත සෙමින් ළං වන හඬයි.මොහොතකින් ඔහු ඇය ඉදිරියේ නතර වුණා.
අඳුරේ වුණත් නෙළුම්ට ඔහුගේ දෑස්වල තිබුණු ඒ සෙල්ලක්කාර බැල්ම හඳුනාගන්න පුළුවන් වුණා.
රාවන්ගේ හුස්ම ඇයට දැනෙන තරමට ඔහු ළං වෙලා.ඔහුගේ සිරුරේ උණුසුම ඇගේ මුහුණට සෙමින් දැණුනා.ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන හඬ පවා ඇයට ඇසුණා වගේ.
“මොකද අහන්නේ...?”
රාවන් සිහින් හඬකින් කිව්වා.ඇයගේ මුහුණට වැටී තිබුණු කෙස් රොදක් ඔහු සෙමින් ඇගේ කන පිටුපසට කළා.
ඒ ස්පර්ශයත් එක්ක නෙළුම්ගේ හුස්ම මොහොතකට නතර වුණා.
ඇය ඔහු දිහා බලාගෙන හිටියේ බියත් ලැජ්ජාවත් එකට මිශ්‍ර වූ දෑස් දෙකකින්.
රාවන් ඒ දෑස් දෙස මොහොතක් නිහඬව බලා සිටියා.
ඒ බැල්මේ තිබුණේ සෙල්ලක්කාර බවක් වගේම, ඇය ගැන ඔහුගේ හිත පුරා පැතිරී තිබුණු ආදරයත්.
“බයවෙලා මොකද මේ.....”
ඔහු හෙමින් කිව්වා.
..........රාවන් (රාක්ෂයාගේ ආලය ).................
අසූ නව වැනි කොටස🌹
රාවන් සෙමින් නෙළුම්ව හරස් අතට වඩාගත්තා.ඇගේ බර ඔහුට දැනුණේවත් නැති තරම් සැහැල්ලුවෙන්, ඇයව තම දෑත් දෙක අතර සුරක්ෂිත කරගෙන, සඳ එළිය වැටුණු සුදු වැලි තලය මතින් ඔහු හෙමින් ඇවිදගෙන ගියා.
වැව් දිය මතට වැටුණු සඳේ සෙවණැල්ල සුළඟට යාන්තමින් සෙලවෙද්දී, ඔවුන් දෙදෙනාගේ සෙවණැලිත් වැලි මත දිගට ඇදී ගියා.නෙළුම් නම්...ඇගේ දෑස් එක මොහොතකටවත් රාවන්ගෙන් ඉවතට ගත්තේ නැහැ.
ඇය ඔහුගේ බෙල්ල වටා දෑත් තද කරගෙන, නිහඬවම ඔහුගේ මුහුණ දිහා බලාගෙන ආවා.
තමන් ඉදිරියේ සිටින්නේ ලෝකය ඉදිරියේ රළු බවක් පෙන්වන, වගකීම්වලින් පිරුණු, තීරණ ගන්න පුරුදු පිරිමියෙක්.
ඒත්...
තමන් ළඟදී ඔහු වෙනස්ම කෙනෙක්.
ඇය අඬනකොට කලබල වෙන කෙනෙක්.
ඇය හිනාවෙනකොට තමන්ටත් නොදැනීම හිනාවෙන කෙනෙක්.
ඇය “ඉන්නකෝ” කියද්දී, යන්න හිතාගෙනත් තවත් මොහොතක් නවතින කෙනෙක්.දැන්...
මේ මහ රෑ සඳ එළිය මැද, කිසිම බරක් නැති දෙයක් වගේ ඇයව තම දෑත් දෙකෙන් වඩාගෙන, පරිස්සමට වාහනය ළඟට අරගෙන යන කෙනෙක්.
නෙළුම්ගේ හිතට ඒක පුදුමයක් වුණා.
මේ තරම් රළු පෙනුමක් තියෙන පිරිමියෙකුගේ හිත ඇතුළේ, මේ තරම් පුංචි ළමයෙක් වගේ ආදරේ කරන්න පුළුවන් හදවතක් හැංගිලා තියෙන්නේ කොහොමද?
ඇගේ දෙතොල් අගට යාන්තම් සිනාවක් නැඟුණා.
රාවන් ඒ සිනාව දැක්කා.
“මොකද?”
ඔහු ඇහුවේ ඇයව තවත් සුරක්ෂිතව තම දෑත් අතරට ගනිමින්.
නෙළුම් හිස දෙපසට සෙමින් වැනුවා.
“මුකුත් නෑ...”
ඇය ආයෙමත් ඔහුගේ මුහුණ දිහා බැලුවා.
ඒ දෑස්වල තිබුණේ ආදරය විතරක් නෙවෙයි.
‘මට මෙච්චර ආදරේ කරන කෙනෙක් ලැබුණේ කොහොමද?’
කියලා හිතන පුංචි පුදුමයකුත් තිබුණා.
සඳ එළියෙන් ඔහුගේ මුහුණේ පැතිකඩ තවත් පැහැදිලිව පෙනුණා.
නෙළුම් ඒ මුහුණ දිහා බලාගෙනම හිටියා.
රාවන් කිසිවක් නොදැන, තමන්ගේ ලෝකයේ වටිනාම දෙය දෑත් දෙකෙන් වඩාගෙන, හෙමින් හෙමින් වාහනය ළඟට ඇවිදගෙන ගියා.
ඒ රාත්‍රියේ...
වැව් ඉවුරේ සුදු වැලි මත ඉතිරි වුණේ ඔවුන් දෙදෙනාගේ පා සටහන් විතරක් නෙවෙයි.
රළු පිරිමියෙකුගේ හිතක් තුළ, එක පුංචි කෙල්ලක් වෙනුවෙන් ඉපදුණු අසීමිත මෘදුකමේ සලකුණත් ඒ සඳ එළිය යට ඉතිරි වුණා.
අඳුරු මාවත පසුකරගෙන පැමිණි රේන්ජ් රෝවර් රථය අවසානයේ විශාල ගේට්ටුවක් ඉදිරිපිටින් හැරී, ආලෝකයෙන් පිරුණු පුළුල් වාහන අංගනයට ඇතුළු වුණා.
ඉහළින් දැල්වුණු මෘදු කහ පැහැති විදුලි පහන්, වාහන අංගනය පුරාම දිගු සෙවණැලි ඇඳ තිබුණා. සුදු පැහැති ගල් අතුරා තිබුණු මාවත දෙපස, අලංකාරව සකස් කළ මල් පැළෑටිත්, උසට නැඟුණු විසිතුරු තල් ගස් කිහිපයකුත් රාත්‍රී සුළඟට සෙමින් සෙලවෙමින් තිබුණා.
රේන්ජ් රෝවර් එක නතර වූ සැණින්ම, අවට සිටි සේවකයන් කිහිපදෙනෙකුගේ දෑස් ඒ වෙත හැරුණා.ඔවුන්ට ඒ වාහනය හඳුනාගන්නට තත්පරයක්වත් ගියේ නැහැ.
“සර් ඇවිල්ලා...”
එක් සේවකයෙක් වහාම ඉදිරියට පැමිණියා.රථයේ රියදුරු අසුන අසලට පැමිණි ඔහු ගෞරවයෙන් දොර විවෘත කළා.රාවන් කිසිදු කලබලයකින් තොරව රථයෙන් බැස්සා.
ඔහු වටපිට බැලුවේවත් නැහැ.
ඒත් ඊළඟ මොහොතේ ඔහුගේ දෑස් නතර වුණේ රථය ඇතුළේ සිටි නෙළුම් මත.රාවන් රථයේ අනෙක් පැත්තට ගිහින් ඇගේ දොර විවෘත කළා.
“එන්න...”
ඔහු අත දිගු කළා.නෙළුම් මොහොතක් ඔහු දිහා බලාගෙන හිටියා.ඇයට තවමත් හිතාගන්න බැරි වුණේ තමන් මේ කොහේට ආවෙ කියල.Blackwood Hotel Complex යන නාම පුවරුව විදුලි ආළෝකයෙන් දීප්තිමත් වෙමින් තිබුණා.
අවසානයේ ඇය සෙමින් තම අත ඔහුගේ අත මත තැබුවා.රාවන් ඇයව ඉතා පරිස්සමින් රථයෙන් බස්සවා ගත්තා.නෙළුම්ගේ දෑස් වටපිටාව පුරාම දිව ගියා.ඇය මෙතරම් විශාල හෝටලයක් කිසිම දවසක දැකලා තිබුණේ නැහැ.
ඉහළට නැඟුණු දැවැන්ත ගොඩනැගිල්ල, වීදුරු බිත්ති මත වැටුණු ආලෝක රේඛා, දොරටුව දෙපස සිටි නිල ඇඳුමින් සැරසුණු සේවකයන්...ඒ හැමදේම ඇයට පෙනුණේ වෙනම ලෝකයක් වගේ.
“බේබි මහත්තයා...”
ඇය හෙමින් ඔහු දිහා බැලුවා.
“අනේ මට නම් තේරෙන්නෙ නෑ...?”
රාවන්ගේ තොල් අගට සිහින් සිනාවක් ආවා.
“තේරුම් ගන්නත් එපා....”
ඔහු කිසිවක් වැඩියෙන් පැහැදිලි කළේ නැහැ.
ඇගේ අත තවමත් තම අතේම තබාගෙන, සෙමින් ඇයව ඉදිරියට එක්කගෙන ගියා.නෙළුම් ඔහුගේ අත තදින් අල්ලාගෙන ඔහු පසුපසින් ගියා.
ඇය පියවර තැබුවේ පවා පරිස්සමෙන්.
හෝටලයේ දැවැන්ත වීදුරු දොරවල් විවෘත වෙද්දී, ඇතුළතින් පැමිණි සුවඳත්, සිසිල් වායු සමීකරණ සුළඟත් ඇගේ මුහුණට දැනුණා.ඇගේ දෑස් තවත් විශාල වුණා.
ඉදිරියේ තිබුණු විශාල පිළිගැනීමේ ශාලාව මෘදු ආලෝකයෙන් පිරී තිබුණා.පොළොව මත දිලිසෙන සුදු පැහැති මාර්බල් ගල්...
ඉහළින් එල්ලී තිබුණු දැවැන්ත විදුලි පහන..දෙපස අලංකාර මල් සැකසුම්...
ඈතට විහිදුණු සුවිසල් පඩිපෙළ...
නෙළුම් ඒ හැමදේම දිහා බලාගෙන හිටියේ ඇස් අදහාගන්න බැරිව.
ඇය නොදැනුවත්වම රාවන්ගේ අත තවත් තදින් අල්ලාගත්තා.රාවන් ඇය දිහා බැලුවා.
ඇගේ මුහුණේ තිබුණු පුදුමය දැකලා ඔහුගේ දෑස්වලට මඳ සිනාවක් ආවා.
“බය වෙන්න එපා...”
ඔහු හෙමින් කිව්වා.
“මං ඉන්නවනේ ..මේක තව ටික දවසකින් මගේ..දැනුත් මගේ වගේ තමයි.මගේ කියන්නෙ ඔයාගෙ ......”
ඒ වචන දෙක තුන ඇගේ හිතට පුදුමාකාර සැනසීමක් ගෙනාවා.
ඒ මොහොතේ පිළිගැනීමේ මේසය අසල සිටි නිලධාරිනිය රාවන්ව දැක පුදුමයෙන් මොහොතක් නතර වුණා.ඇගේ දෑස් නෙළුම් වෙතත්, රාවන් වෙතත් මාරුවෙන් මාරුවට ගියා.
ඇය වහාම සිනාවක් මුවට නංවාගෙන ඉදිරියට ආවා.
“Good evening, sir.”
රාවන් හිස මඳක් සෙලෙව්වා.
“Good evening.”
එපමණයි.ඔහුට ඒ පිළිගැනීම් කිසිවක් අලුත් දෙයක් නොවුණා.නමුත් නෙළුම්ට නම්...එක එක දෙය අලුත්.එක එක බැල්ම අලුත්.එක එක පියවරක් පවා අලුත්.රාවන් ඒ බව දැනගෙන හිටියා.
ඒ නිසාම ඔහු ඇගේ අත අතහැරියේ නැහැ.ඔහු ඇයව සෙමින් විදුලි සෝපානය දෙසට එක්කගෙන ගියා.සෝපානයේ දොර වැසෙන මොහොතේ නෙළුම් නැවතත් ඔහු දිහා බැලුවා.
“බේබි මහත්තයා...”
“ම්ම්...?”
“මේ... අපි යන්නේ කොහෙද?”
රාවන් ඇගේ ඇස් දිහා බලලා සිනාසුණා.
“මගේ කාමරේට.”
නෙළුම්ගේ ඇස් තවත් ලොකු වුණා.
“ඔයාගේ... කාමරේ?”
“ඔව්.”
“මෙහෙ?”
“මෙහෙ තමයි.කෑම ලෑස්ති කරනකන් ටිකක් ඉන්න...”
රාවන් එය කියද්දී ඔහුට ඒක කොතරම් සාමාන්‍ය දෙයක්ද කියලා පෙනුණා.නමුත් නෙළුම්ට...ඒ වචන පවා අලුත් ලෝකයක්.
සෝපානය ඉහළ මහලකට ගිහින් නතර වුණා.
දොර විවෘත වූ විට, නිහඬ කොරිඩෝවක් ඔවුන් ඉදිරියේ දිග හැරී තිබුණා.
මෘදු ආලෝකයෙන් ආලෝකමත් වූ දිගු කොරිඩෝව දිගේ රාවන් ඇයව එක්කගෙන ගියා.අවසානයේ ඔහු විශාල දොරක් ඉදිරිපිට නතර වුණා.දොර විවෘත කළා.ඇතුළට පියවර තැබූ නෙළුම් එකවරම නතර වුණා.
ඇගේ දෑස් ඉදිරියේ තිබුණේ කාමරයක්ද...
නැත්නම් මාලිගාවක්ද කියලා ඇයට තේරුම් ගන්න බැරි වුණා.විශාල වීදුරු ජනේලවලින් රාත්‍රී නගරයේ ආලෝකය ඇතුළට ගලාගෙන ආවා.මෘදු ආලෝකයෙන් පිරුණු විශාල කාමරය...
සුදු පැහැති සෝෆා...දිගු තිර...
අලංකාර ලී සැරසිලි...කෙළවරක තිබුණු පොත් රාක්ක...බිත්තියක් පුරා විහිදුණු වීදුරු ජනේල...
ඒ හැමදේම නෙළුම්ගේ දෑස් ඉදිරියේ දිලිසුණා.
“බේබි මහත්තයා...”
ඇගේ හඬේ තිබුණේ පුදුමය විතරයි.
රාවන් ඇය දෙස බැලුවා.ඒත් ඔහු කිසිවක් කිව්වේ නැහැ.ඇය ටික වේලාවක් තනිවම ඒ හැමදේම පුදුමයෙන් බලාගන්න ඉඩ දුන්නා.
නෙළුම් සෙමින් කාමරය ඇතුළට පියවර කිහිපයක් තැබුවා.රාවන් ඇගේ අත අතහැරියා.
ඇය ඔහු දිහා නොබලාම තවමත් වටපිටාව දිහා බලාගෙන හිටියා.ඒ අතරේ රාවන්ගේ දෑස් දොර දෙසට හැරුණා.
දොර අසලින්ම, හුස්ම ගන්නටත් අමතක වූවාක් මෙන් කලබලයෙන් පැමිණ සිටි කළමනාකරු නිහඬව බලාගෙන හිටියා.
රාවන් ඔහු දෙස බැලුවා.ඒ බැල්ම පමණක් ඔහුට ප්‍රමාණවත් වුණා.කළමනාකරු වහාම සෘජුව සිටගත්තා.
කාමරය පුරා පැතිරී තිබුණේ මෘදු කහ පැහැති ආලෝකයකි. විශාල වීදුරු ජනේලයෙන් එපිට රාත්‍රී අහස නිහඬව වැතිරී තිබූ අතර, ඈත නගරයේ විදුලි එළි තරු කැට මෙන් එකින් එක දිලිසෙමින් තිබුණා.
නෙළුම් තවමත් ඒ අලුත් ලෝකය දෙස බලාගෙන සිටියේ පුදුමයෙන්.ඒ අතරේ රාවන්ගේ දෑස් දොරකඩ වෙත හැරුණා.
“මිස්ටර් ප්‍රදීප්... කමින්.”
ඔහුගේ හඬ උස් නොවුණත්, ඒ හඬ තුළ තිබුණු අණට කාමරය පුරාම නිහඬ බවක් පැතිරුණා.දොරකඩ සිටි කළමනාකරු මොහොතක් ගල් ගැසුණා වගේ හිටියා.
“සර්...”
ඔහු හෙමින් කාමරය ඇතුළට ආවා.
රාවන් හදිසියේම පැමිණෙන බව ඔවුන් දැනගෙන නොසිටි නිසාදෝ, ප්‍රදීප්ගේ මුහුණේ තවමත් තිබුණේ සුළු කලබලයකි.
“සර් හදිසියෙම එනවා කියලා අපි දැනගෙන හිටියේ නෑ සර්...”
ප්‍රදීප්ගේ හඬේ ගෞරවයටත් වඩා බියක් තිබුණා.රාවන් ඔහු දෙස මොහොතක් නිහඬව බලා සිටියා.ඊළඟ මොහොතේ ඔහුගේ දෙතොල් අගට සිහින් සිනාවක් නැඟුණා.
“It's okay. Don't worry, Mr. Pradeep.”
ඒ වචන කිහිපයත් සමඟම ප්‍රදීප්ගේ මුහුණේ තිබූ තදබදය මඳක් ලිහිල් වුණා.
ඒත් රාවන් ඊළඟට කළ දෙය නිසා ඔහුගේ දෑස් මොහොතකට නෙළුම් දෙසට හැරුණා.
රාවන් ඇය දෙස බැලුවේ ඉතාමත් සන්සුන්ව.ඇගේ මුහුණේ තිබුණේ තවමත් අලුත් තැනක සිටින පුංචි කෙල්ලකගේ ලැජ්ජාවත්, නොසන්සුන්කමත්.
රාවන් ඇය අසලට මඳක් ළං වුණා.
ඇගේ අත තම අතට සෙමින් ගත්තා.
“මේ ඉන්නේ... මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.”
ඔහු එය කිව්වේ කිසිදු පැකිලීමකින් තොරව.නෙළුම්ගේ හදවත එකවරම ගැස්සුණා.
“බේබි මහත්තයා...”
ඇගේ හඬ ඉතාමත් පහත් වුණා.
ඇය ඔහු දිහා බැලුවේ ලැජ්ජාවෙන් රතු වූ දෑස් දෙකකින්.
එතැන සිටි මිනිසෙකු ඉදිරියේ තමන්ව එතරම් සරලව, එතරම් නිර්භයව තමන්ගේ ආදරය ලෙස හඳුන්වා දුන් ඔහු ගැන ඇයට පුදුමයක් දැනුණා.
රාවන් නම් කිසිවක් සිදු නොවූවාක් මෙන් සිටියා.ඔහුගේ මුහුණේ තිබුණේ වෙනදා දකින ඒ නිහඬ තේජසමයි.
ප්‍රදීප් මොහොතකට නෙළුම් දෙස බලා සිටියා.ඇගේ සරල බවත්, ලැජ්ජාවෙන් පහළට නැමුණු දෑසුත් දැක ඔහුට තවත් වචනයක් කියන්නට සිතුණේ නැහැ.
ඔහු හිස මඳක් නමා ගෞරවයෙන් කතා කළා.
“මැඩම්...”
නෙළුම් තවත් ලැජ්ජාවෙන් හිස පහත් කළා.
“ම්ම්...”
ඇගේ මුවින් පිටවුණේ ඒ තරම්ම හීන් හඬක්.ප්‍රදීප් වහාම රාවන් දෙස බැලුවා.
“සර්... ඩිනර් එක ලෑස්ති කරන්නද?”
රාවන් මොහොතක් නෙළුම් දෙස බැලුවා.
ඇගේ මුහුණේ තවමත් තිබුණු ලැජ්ජාව දැක ඔහුගේ දෙතොල් අගට සිහින් සිනාවක් ආවා.
“ම්ම්... ඔව්.”
ඔහු මොහොතක් සිතුවා.
“මොනවද අද ස්පෙෂල්?”
ප්‍රදීප් වහාම පිළිතුරු දුන්නා.
“සර්... අද අපේ චෙෆ් ස්පෙෂල් චයිනීස් මෙනුවක් ලෑස්ති කරලා තියෙනවා.”
“මොනවද?”
“සිචුවාන් ස්ටයිල් චිකන්, ගෝල්ඩන් ප්‍රෝන්ස්, එළවළු ෆ්‍රයිඩ් රයිස් එකක්... ඊට අමතරව අපේ චෙෆ්ගේ ස්පෙෂල් හනි ග්ලේස්ඩ් ඩක් එකකුත් තියෙනවා සර්.”
රාවන් හිස සෙමින් සැලුවා.
“හරි. ලෑස්ති කරන්න.”
ප්‍රදීප් මොහොතක් නිහඬව සිටියා.
“සර්... සර්ලා ඩයිනින් හෝල් එකට මැඩම් එක්ක එනවද? නැත්නම් ඩිනර් එක රූම් එකටම...?”
“නෑ නෑ.”
රාවන්ගේ හඬේ මෘදු බවක් තිබුණා.
“අපි පොඩ්ඩක් රෙස්ට් කරලා එන්නම්.”
ඔහු නෙළුම් දෙස බැලුවා.
“ඩයිනින් හෝල් එකේ ඇරේන්ජ් කරන්න.”
“ඕකේ සර්.”
ප්‍රදීප් හිස නමා පිටවෙන්නට හැරුණා.
“ඕකේ.”
රාවන්ගේ අවසන් වචනයත් සමඟ ඔහු සෙමින් දොර වසාගෙන පිටවුණා.දොර වැසුණු හඬත් සමඟ කාමරය නැවතත් නිහඬ වුණා.නෙළුම් තවමත් දොර දෙස බලාගෙන.ඇගේ කම්මුල්වල ලැජ්ජාවේ රතු පැහැය තවමත් මැකී ගොස් තිබුණේ නැහැ.
රාවන් ඇය දෙස හැරුණා.
“මොකද?”
නෙළුම් සෙමින් ඔහු දිහා බැලුවා.
“ඇයි... අර විදිහට කිව්වේ?”
“මොන විදිහටද?”
රාවන් නොදන්නවා වගේ ඇහුවා.
“මං...”
ඇය තවත් ලැජ්ජාවෙන් හිස පහත් කළා.
“මොකක්ද?”
රාවන් ඇය අසලට තවත් පියවරක් ළං වුණා.
“මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා...”
ඒ වචන කියද්දී ඇගේ හඬ තවත් සිහින් වුණා.රාවන්ගේ මුහුණේ සිනාව තවත් ගැඹුරු වුණා.
“ඉතින් ඒක බොරුවක්ද?”
නෙළුම්ගේ දෑස් එකවරම ඔහු වෙත එසවුණා.ඇයට කිසිවක් කියාගන්න බැරි වුණා.රාවන් ඇගේ අත නැවතත් අල්ලගත්තා.
“මං කියපු එකේ වැරැද්දක් නෑන් නේද?”
නෙළුම්ගේ හිත තවත් වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.ඇය කිසිවක් නොකියා ඔහුගේ අත තුළ තිබුණු තම අත දෙස බලාගෙන හිටියා.
රාවන් ඇගේ ලැජ්ජාව දෙස බලාගෙන නිහඬව සිනාසුණා.ඒ මොහොතේ...
බ්ලැක්වුඩ් හෝටලයේ විශාල කාමරය තුළ තිබුණේ සුඛෝපභෝගී බවටත් වඩා, තමන්ට නුහුරු ලෝකයකට පැමිණ සිටි කෙල්ලකගේ ලැජ්ජාවත්...
ඇයව කිසිම පැකිලීමකින් තොරව තම ලෝකයේ කොටසක් ලෙස හඳුන්වා දුන් පිරිමියෙකුගේ නිහඬ තේජසත් පමණයි.
“ඉතින්... බොරුද ආ?”
රාවන් ඇය දිහා බලාගෙන සිහින් සිනාවක් පෑවා.
“ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයිද?”
නෙළුම්ට උත්තරයක් දෙන්න වචනයක්වත් මතක් වුණේ නැහැ.
ඇගේ කම්මුල් තවත් රතු වුණා.
රාවන් ඇගේ ඒ ලැජ්ජාබර මුහුණ දිහා මොහොතක් බලාගෙන හිටියා.
ඊළඟ මොහොතේ ඔහු සෙමින් කාමරයේ දොර වෙත ගිහින් එය වසා දැමුවා.
දොර වැසුණු හඬත් එක්කම, පිටත ලෝකය ඔවුන්ගෙන් ඈත් වූවාක් මෙන් දැනුණා.
රාවන් කාමරයේ දැල්වෙමින් තිබූ ආලෝක පහන් කිහිපයක් එකින් එක නිවා දැමුවා.
විශාල කාමරය මඳ අඳුරක ගිලී ගියා.
ජනේලයෙන් ඇතුළට වැටුණු නගරයේ දුරස්ථ විදුලි එළි පමණක් කාමරයේ බිත්ති මත සිහින් රේඛා ඇඳගෙන තිබුණා.
නෙළුම්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
“මේ... මොකද මේ...?”
ඇය ඇහුවේ ඉතාමත් සෙමින්.ඒත් පිළිතුරක් වෙනුවට ඇයට දැනුණේ රාවන්ගේ පියවර තමන් වෙත සෙමින් ළං වන හඬයි.මොහොතකින් ඔහු ඇය ඉදිරියේ නතර වුණා.
අඳුරේ වුණත් නෙළුම්ට ඔහුගේ දෑස්වල තිබුණු ඒ සෙල්ලක්කාර බැල්ම හඳුනාගන්න පුළුවන් වුණා.
රාවන්ගේ හුස්ම ඇයට දැනෙන තරමට ඔහු ළං වෙලා.ඔහුගේ සිරුරේ උණුසුම ඇගේ මුහුණට සෙමින් දැණුනා.ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන හඬ පවා ඇයට ඇසුණා වගේ.
“මොකද අහන්නේ...?”
රාවන් සිහින් හඬකින් කිව්වා.ඇයගේ මුහුණට වැටී තිබුණු කෙස් රොදක් ඔහු සෙමින් ඇගේ කන පිටුපසට කළා.
ඒ ස්පර්ශයත් එක්ක නෙළුම්ගේ හුස්ම මොහොතකට නතර වුණා.
ඇය ඔහු දිහා බලාගෙන හිටියේ බියත් ලැජ්ජාවත් එකට මිශ්‍ර වූ දෑස් දෙකකින්.
රාවන් ඒ දෑස් දෙස මොහොතක් නිහඬව බලා සිටියා.
ඒ බැල්මේ තිබුණේ සෙල්ලක්කාර බවක් වගේම, ඇය ගැන ඔහුගේ හිත පුරා පැතිරී තිබුණු ආදරයත්.
“බයවෙලා මොකද මේ.....”
ඔහු හෙමින් කිව්වා.
“වෙන කවුරුවත් නෙවෙයි මමනි ඉන්නෙ....ම්ම්...”
නෙළුම්ගේ දෑස් මඳක් පහළට නැමුණා.
ඒත් රාවන් ඇගේ මුහුණ සෙමින් ඔසවා, නැවතත් ඇගේ දෑස් දෙස බැලුවා.ඒ මොහොතේ දෙදෙනා අතර තිබුණේ වචනවලින් කියන්න බැරි තරම් නිහඬ සමීපත්වයක්.නෙළුම්ගේ හුස්ම වේගවත් වෙද්දී, රාවන් ඇය වෙත තවත් මඳක් ළං වුණා.
ඔහුගේ දෑස් මොහොතකට ඇගේ වෙව්ලන දෙතොල් මත නතර වුණා.
ඇය ඒ බැල්ම දරාගන්න බැරිව දෑස් පියාගත්තා.
රාවන්ගේ දෙතොල් ඇගේ නළල මත ඉතාමත් මෘදු සිපයකින් නතර වුණා.
ඒ මොහොතේ නෙළුම්ගේ මුළු හිතම සන්සුන් වුණා.ඔහු ඇයව සෙමින් තම ළයට තුරුළු කරගත්තා.
ඇගේ හිස ඔහුගේ පපුවට තද වූ විට, ඔහුගේ හදවතේ වේගවත් ගැස්ම ඇයට පැහැදිලිවම දැනුණා.රාවන්ගේ අත ඇගේ දිගු කෙස් අතරින් සෙමින් ගමන් කළා.
“ඔයා දන්නවද...”
ඔහු ඇගේ හිසට ඉහළින් ඉතාමත් පහත් හඬකින් කිව්වා.
“මං මෙහෙම ඉන්නකොච්වර ආසයිද කියල...”
නෙළුම් කිසිවක් කිව්වේ නැහැ.ඇය ඔහුගේ පපුවට තවත් මඳක් ළං වුණා.
පිටත නගරයේ විදුලි එළි තවමත් ජනේලයෙන් ඇතුළට වැටෙමින් තිබුණා.
ඒ මඳ අඳුර අතරේ...
ලෝකයම අමතක කරගෙන එකිනෙකා ළඟ නතර වූ දෙදෙනෙකුගේ හදවත් දෙකක් පමණක් තව තවත් වේගයෙන් ගැහෙමින් තිබුණා.
අඳුරේ ඔහුගේ දෑස් ඇගේ දෑස් මත නතර වී තිබුණා.ඒ බැල්මේ තිබුණේ සෙල්ලක්කාරකමක් විතරක් නෙවෙයි.
ඇයව දකින හැම මොහොතකම ඔහුගේ හිත පුරා නිහඬව වැඩෙන ආදරයත් තිබුණා.
“බයද?”
ඔහු ඇහුවේ ඉතාමත් මෘදු හඬකින්.
නෙළුම් හිස සෙමින් දෙපසට සෙලෙව්වා.
“නෑ...”
ඒත් ඇගේ හඬේ තිබුණු වෙව්ලීම ඔහුට ඇහුණා.රාවන්ගේ දෙතොල් අගට සිනාවක් නැඟුණා.
“එහෙනම් ඔය තරම් ගැහෙන්නේ ඇයි?”
නෙළුම්ගේ දෑස් විශාල වුණා.
“මට...”
ඇය කියන්න පටන් ගත්තත්, ඉතිරිය වචනවලට පෙරළගන්න බැරි වුණා.
රාවන් සෙමින් ඇගේ අත අල්ලගත්තා.
“මටත් එහෙමයි.”
ඒ වචන ඇහුණු මොහොතේ නෙළුම් ඔහු දිහා බැලුවා.රාවන් ඇගේ අත තම පපුව මත තැබුවා.ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණා.
“දැක්කද?”
ඔහු සිහින් හඬකින් සිනාසුණා.
“ඔයාගෙ විතරක් නෙමෙයි.”
නෙළුම්ගේ දෑස්වල ලැජ්ජාබර සිනාවක් මතු වුණා.ඇය අත ආපසු ගන්නට උත්සාහ කළත්, රාවන් එය තවත් මෘදු ලෙස තම අත තුළ රඳවාගත්තා.
“ඉන්නකො.”
ඔහු කිව්වා.
“ටිකක් මෙහෙම ඉමු.”
අඳුර අතරේ ඔහුගේ හඬ ඇයට අමුතුම උණුසුමක් වුණා.රාවන් සෙමින් ඇගේ නළලට තම නළල තබාගත්තා.
දෙදෙනාගේ හුස්ම එකිනෙකට මිශ්‍ර වෙමින් තිබුණා.නෙළුම් දෑස් පියාගත්තා.ඒ මොහොතේ ඔහු ඇයව තදින් නොව, ඉතා පරිස්සමින් තම ළයට තුරුළු කරගත්තා.
ඇගේ හිස ඔහුගේ පපුවට තද වුණා.
ඔහුගේ හදවතේ වේගවත් ගැස්ම ඇගේ කන ළඟින්ම ඇයට ඇසුණා.
රාවන් ඇගේ හිස මත සෙමින් තම කම්මුල තැබුවා.
“නෙළුම්...”
“ම්ම්...”
“ඔයා දන්නවද...”
ඔහු මොහොතක් නිහඬ වුණා.
“මං කැමතිම කොහේ ඉන්නද කියලා?”
නෙළුම් හිස මඳක් ඔසවා ඔහු දිහා බැලුවා.
“කොහෙද?”
රාවන්ගේ දෑස් ඇය මතම තිබුණා.
“ඔයා ළඟ.”
ඒ වචන දෙක පමණක් කියලා ඔහු නිහඬ වුණා.නෙළුම්ගේ හිත ඇතුළේ මොනවාදෝ උණුසුම් දෙයක් සෙමින් පැතිරුණා.
ජනේලයෙන් එපිට නගරය තවමත් ආලෝකයෙන් පිරී තිබුණත්...
ඒ කාමරයේ මඳ අඳුර ඇතුළේ ඔවුන් දෙදෙනාට ඒ ලෝකය කිසිම තේරුමක් තිබුණේ නැහැ.ඇයට දැනුණේ ඔහුගේ උණුසුම පමණයි.ඔහුට දැනුණේ ඇයගේ නිහඬ හුස්ම පමණයි.
ඒ අඳුරු කාමරය...ඒ මොහොතේ ඔවුන් දෙදෙනාගේ ආදරයටම වෙන් වූ, ලෝකයෙන් සැඟවුණු පුංචි ලෝකයක් වගේ වුණා.
...........................................................................
රාවන් නෙළුම්ගේ අත මත හිඳගෙන සිටි තම අත සෙමින් ඉවත් කරලා නැගිට්ටා.
ඇගේ දෑස් තවමත් ඔහුගෙන් මිදී තිබුණේ නැහැ.
රාවන් මේසය මත තිබුණු මුදල් පසුම්බිය, දුරකථනය සහ මෝටර් රථයේ යතුර එකින් එක අතට ගත්තා.
ඒ දර්ශනය දැකපු මොහොතේම නෙළුම්ගේ මුහුණේ තිබුණු සතුට යාන්තමින් මැකී ගියා.
රාවන් ඒ වෙනස හොඳින්ම දැක්කා.
ඒත් ඒ බවක් නොපෙන්වා, නළලට වැටුණු හිතුවක්කාර කෙහෙරැල්ලක් ඇඟිලි තුඩුවලින් පිටුපසට සකස් කළා. ඉන්පසු තවමත් විවෘතව තිබුණු කමිසයේ බොත්තම් දෙක සෙමින් දමාගත්තා.නෙළුම් නිහඬවම ඔහු දිහා බලාගෙන හිටියා.
ඔහු කිසිවක් කියනකල්...තමන්ට ඔහුව නවත්වන්න වචනයක්වත් හොයාගන්න බැරිව.
අවසානයේ ඇගේ හිතේ තිබුණු ලෝබකම වචනවලට පෙර දෑත්වලින් එළියට ආවා.
ඇය ඔහුගේ පිටුපසින් ගිහින්, රාවන්ගේ ඉන වටා දෑත් බැඳගෙන ඔහුට තුරුළු වුණා.
“අනේ... යන්නද හදන්නේ?”
“හ්ම්ම්...”
රාවන්ගේ දෙතොල් අගට පුංචි සිනාවක් ආවා.
“ඉන්නකෝ...”
“ඉඳලා වැඩක් නෑනේ.”
“ඇයි?”
නෙළුම්ගේ හඬේ තිබුණේ හුරතලයක් වගේම නොසතුටකුත්.
“ඇයි කියන්නේ... ඔයා ආච්චිගේ කාමරේට යනවනේ.”
රාවන් කිව්වේ සෙල්ලක්කාර සිනාවක් එක්ක.
“අනේ...”
නෙළුම් තමන්ගේ සියුමැලි අත් දෙකෙන් ඔහුගේ පිටට හෙමින් තඩි බෑවා.
ඒ හුරතලයට රාවන්ට තවත් හිනා ගියා.
ඔහු හැරිලා ඇය දිහා බැලුවා.
“මං යන්න ඕන කෙල්ලෙ... වැඩ ගොඩක් තියෙනවා කරගන්න.”
“මේ මහ රෑ?”
නෙළුම් ඇහුවේ පුදුමයෙන්.
රාවන් ඇගේ පැත්තට හැරිලා, නිකටෙන් සෙමින් අල්ලා ඇගේ මුහුණ තමන් දෙසට එසෙව්වා. ඉන්පසු ඇගේ නිකටට යාන්තමින් තට්ටුවක් දැම්මා.
“දැන් ඉතින් ගෙවල් හදන්න එහෙම ඕන නම් නිකන් ඉඳලා හරියන්නෙ නෑනේ.”
ඔහු සිනාසුණා.
“තනියෙම හම්බ කරගන්න ඕනිනේ. ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙනවා. මං රට හිටපු ටිකේ මග ඇරිච්ච වැඩ.”
ඔහුගේ හඬේ තිබුණේ වෙහෙසක් තිබුණත්, අනාගතය ගැන තිබුණු අධිෂ්ඨානය ඊට වඩා තදින් ඇහුණා.
රාවන් ඇයව සෙමින් අතහැරලා යන්න හැරුණා.
ඒත් ඔහුට පියවරක්වත් ඉදිරියට යන්න ලැබුණේ නැහැ.
“අනේ... ඉන්නකෝ...”
නෙළුම් ආයෙමත් ඔහුගේ ඇඟේ එල්ලුණේ කුඩා ළදරුවෙක් වගේ.
රාවන්ගේ හිත මොහොතකටම මෘදු වුණා.
ඔහු ඇයට නොරිදෙන විදිහට සෙමින් ඇයව තම තුරුලට ගත්තා. ඇගේ හිස මත තම නිකට තියාගෙන මොහොතක් නිහඬව හිටියා.
“හෙට උදෙන්ම මට නුවර යන්නත් තියෙනවනේ...”
ඔහු හෙමින් කිව්වා.
“ගිහින් ඊමේල් බලන්න ඕන. ඒවට රිප්ලයි කරන්නත් ඕන.”
නෙළුම් බිත්තියේ එල්ලලා තිබුණු ඔරලෝසුව දිහා බැලුවා.මැදියම් රැයටත් දැන් වැඩි වෙලාවක් නැහැ.ඇගේ දෑස් ආයෙමත් රාවන් වෙත හැරුණා.මෙච්චර මහන්සි වෙලා...
මෙච්චර වැඩ කරගෙන...තමන් වෙනුවෙන් හීන ගොඩනගමින්...මේ මනුස්සයා කොහොමද මෙච්චර දේවල් කරන්නේ?
ඇයට පුදුම හිතුණා.
“ඉතින් ඔය ටික මෙහෙ ඉඳන් කරන්නකෝ...”
ඇගේ හඬ හෙමින් බිඳුණා.රාවන් ඇය දිහා බැලුවා.
නෙළුම් ඔහුගේ අත සෙමින් අල්ලගෙන, ඒ අතේ පිටුපසට ආදරයෙන් හාදුවක් තැබුවා.
රාවන්ගේ ඇස්වලට එකවරම සෙල්ලක්කාර දිලිසීමක් ආවා.
“ආ... ඔය කෝලම් කර කර මාව අවුස්සගන්නෙ නැතුව ඉන්න.”
ඔහු ඇගේ මුහුණ දිහා බලාගෙන සිනාසුණා.
“මට එහෙම වුණොත් නම් කොහොමත් යන්න බැරි වෙයි.”
නෙළුම්ගේ කම්මුල් ලැජ්ජාවෙන් රතු වුණා.
“කෝ කෝ ඉතින්...”
රාවන් ඇගේ හිස මත සෙමින් අත තැබුවා.
“මට මහන්සි මැණික. වොෂ් එකක් දාගන්නත් ඕනිනේ.”
ඔහු ඇගේ හිස තවත් මොහොතක් අතගාලා, සෙමින් ඇයව තම සිරුරෙන් ඈත් කළා.
නෙළුම්ගේ දෑස්වලට ආයෙමත් දුකක් පිරුණා.
ඔහු යන ලෝබකම...ඔහු ළඟින් තවත් මොහොතක් ඉන්න තිබුණු ආශාව...
ඒ හැමදේම ඇගේ මුහුණේ නිහඬවම ලියවිලා තිබුණා.
“ඔච්චර මහන්සි වෙන්න හොඳ නෑ... ලෙඩක් හැදෙයි.”
ඇය කිව්වේ දුකින්.
රාවන් පියවරක් ඉදිරියට ගිහින් ආයෙමත් නතර වුණා.
ඔහු සෙමින් හැරිලා ඇය දිහා බැලුවා.
ඒ දෑස්...
කඳුළු තෙත් වූ, අහිංසක ඒ දෑස් දිහා ඔහු මොහොතක් කිසිම වචනයක් නොකියා බලාගෙන හිටියා.
ඊට පස්සේ ඔහු සෙමින් ඇය ළඟට ආවා.
ඇගේ දෑස්වලටම එබිලා...
හඬ බොහෝම පහත් කරලා කිව්වා.
“ලෙඩ ද?”
රාවන් හෙමින් ඇහුවා.
ඒ හඬේ තිබුණේ සෙල්ලක්කාර සිනාවක් නෙවෙයි.
නෙළුම්ගේ හිතටම ඇතුළු වෙලා, එතැන හැංගිලා තිබුණු බය අඳුරගත්ත පිරිමියෙකුගේ ආදරණීය හඬක්.
ඔහු තවත් පියවරක් ඇගේ ළඟට ආවා.
ඇගේ කඳුළින් තෙත් වූ දෑස් දිහා බලාගෙන, සෙමින් ඇගේ කම්මුලක් මත අත තැබුවා.
“ලෙඩ හැදෙන්නෙ මට...”
ඔහුගේ හඬ යාන්තමින් බිඳුණා.
“ඔයාගෙ මේ ආදරේ වෙනස් වෙච්ච දවසට විතරයි.”
නෙළුම්ගේ දෑස් තවත් තෙත් වුණා.
ඒ වචන හතර පහ ඇගේ හිත ඇතුළේ කොහේදෝ ගැඹුරු තැනක නතර වුණා.
රාවන් සෙමින් ඇගේ නළලට තම නළල තියාගත්තා.
“මං දන්නවා... මං හැමදාම ළඟ ඉන්න එකෙක් නෙවෙයි. වැඩ තියෙනවා... වගකීම් තියෙනවා... සමහර දවස්වලට ඔයාට මං නැතිවෙනවා වගේ දැනෙයි.”
ඔහු ඇගේ කඳුළු ඇඟිලි තුඩකින් පිස දැම්මා.
“ඒත් මතක තියාගන්න... මං කොහේ ගියත්, මගේ හිත නවතින තැන තියෙන්නෙ ඔයා ළඟ.”
නෙළුම්ට තවත් කිසිවක් කියාගන්න බැරි වුණා.
ඇය හෙමින් ඔහුගේ පපුවට මුහුණ තියාගත්තා.
රාවන් ඇයව තදින් තුරුළු කරගත්තා.
ඔහුගේ පපුවට තදවුණු ඒ පුංචි හදවත වේගයෙන් ගැහෙන හැටි ඔහුට දැනුණා.
“මං යන්නම් මැණික...”
ඔහු ඇගේ හිස මත දෙතොල් තබමින් හෙමින් කිව්වා.
“ඒත් ආයෙ එන්නෙ නැති මිනිහෙක් වගේ නෙවෙයි.”
මොහොතක් ඔහු නිහඬ වුණා.
“ඔයා ළඟටම ආයෙ එන්න ඕන මිනිහෙක් වගේ.”
නෙළුම්ගේ දෑස් පියවුණා.
ඇගේ කඳුළු රාවන්ගේ කමිසයට තෙත් පැල්ලම් මැව්වා.
රාවන් ඒ ගැන කිසිවක් කිව්වේ නැහැ.
ඒ වෙනුවට ඇයව තවත් තදින් තමන් ළඟට ගත්තා.
මහ රෑ නිහඬ නිවසේ බිත්ති ඔරලෝසුවේ ටික්... ටික්... හඬ විතරක් ඇහෙද්දී, ඔවුන් දෙදෙනා එහෙමම තුරුළු වෙලා හිටියා.
යන්න ඕන මිනිසෙක්...
නොයවා තියාගන්න ආසාවෙන් ඔහුගේ කමිසය තදින් අල්ලගෙන සිටින කෙල්ලෙක්...
ඒ මොහොතේ රාවන්ට තේරුණා—
තමන් කොච්චර ලෝකයක් ජයගත්තත්,
කොච්චර දුර ගියත්,
කොච්චර වැඩකාරයෙක් වුණත්...
තමන්ව නවත්තන්න පුළුවන් එකම තැන මේ පුංචි කෙල්ලගේ තුරුල බව.
ඔහු ඇගේ හිස අතගාමින් හෙමින් ඇස් පියාගත්තා.
“මට යන්න දෙන්න මැණික...”
ඔහු එහෙම කිව්වත්,
ඒ හඬ ඇතුළේම තිබුණේ
‘තව ටිකක් මෙහෙමම ඉන්න මටත් ආසයි...’
කියන නොකියූ ආදරයක්............................................................................
පසුදා උදෑසනින්ම රාවන් තම රථයෙන් නුවර බලා ගමන් කරමින් සිටියා.
කුරුණෑගල නගරයේ උදෑසන කලබලය පසුකරමින්, රථය දිගින් දිගටම ඉදිරියට ඇදී ගියේය. මාර්ගය දෙපස තෙතබරිත කොළවලට වැටුණු උදෑසන හිරු එළිය රන් පැහැති රේඛා මෙන් දිලිසෙමින් තිබුණි.ඒ අතරේ ඔහුගේ දුරකථනය නාද විය.
රාවන් එක් අතකින් රථය පාලනය කරමින් අනෙක් අතින් දුරකථනය සම්බන්ධ කළා
“පප්පා... මං මේ කිට්ටුව ඉන්නේ. එන ගමන්.”
අනෙක් පසින් ඩැනීගේ ආදරණීය හඬ ඇසුණි.
“පරිස්සමට එන්න පුතා.”
රාවන්ගේ දෙතොල් මත සිහින් සිනාවක් නැඟුණි.
“ඕකේ පප්පා.”
කෙටි ඇමතුම ඉන් අවසන් විය.තවත් ටික වේලාවකට පසු රාවන් ප්‍රධාන මාර්ගයෙන් හැරී, හුරුපුරුදු නොවූ අතුරු මාර්ගයකට රථය හැරවීය.මඳ දුරක් ගිය පසු...ඔහු ඉදිරියේ දිස්වූයේ අහසට නැඟුණු සුවිසල් තාප්පයකි.
සුදු පැහැති විශාල ගේට්ටුව දෙපසින් උසට නැඟුණු ගල් කුලුනු දෙකක් තිබූ අතර, ඒ මත කාලයත් සමඟ මඳක් පැරණි වූ නමුත් තවමත් ගෞරවය පෙන්වන සූරියබණ්ඩාර පවුලේ ලාංඡනය දිස් විය.රාවන්ගේ රථය ගේට්ටුව අසල නතර විය.
ඇතුළත සිටි සේවකයෙකු වහාම ඉදිරියට පැමිණ ගේට්ටුව විවෘත කළේය.ගේට්ටුව දෙපසට සෙමින් විවර වූ මොහොතේ...ඒ පසුපස සැඟවී තිබූ ලෝකය රාවන්ගේ දෑස් ඉදිරියේ දිග හැරුණි.විශාල උද්‍යානයක්...පැරණි ගස්වලින් සෙවණ වූ දිගු මාවතක්...
දෙපසින් පිපී තිබුණු මල් ගස්...සුළඟට සෙමින් සෙලවෙන මල් කොළ අතරින් වැටෙන හිරු කිරණ...
ඒ සියල්ල මැදින් ඈතින් දිස් වූයේ පරම්පරා ගණනාවක් පුරා සූරියබණ්ඩාර පෙළපතේ තේජස දරාගෙන සිටි සුවිසල් මන්දිරයයි.
සූරියබණ්ඩාර වලව්ව..........
කාලය විසින් එහි බිත්ති මත සලකුණු තබා තිබුණද, එහි ගාම්භීරත්වය නම් කිසිදා මැකී ගොස් තිබුණේ නැත.සුදු පැහැති උස කුලුනු...පැරණි ලී කැටයම් කළ ජනේල...විශාල ඉදිරි පියගැටපෙළ..වලව්ව වටා වැටී තිබුණු පෞරාණික ගස්වල සෙවණැලි...
ඒ සියල්ල එකට එක්වී තිබුණේ, කාලය නතර කර තැබූ රාජකීය මන්දිරයක් වැනි හැඟීමක් මතු කරමිනි.
උද්‍යානයේ එක් පසෙකින් ඇත් ගාලක්ද දිස් විය.එහි සෙවණැල්ලක් යට නිහඬව සිටි දැවැන්ත ඇතෙකු තම හොඬවැල සෙමින් සොලවමින් සිටියේය.
රාවන්ගේ දෑස් මොහොතකට ඒ දෙසට හැරුණි.අවුරුදු විසිපහකට ආසන්න කාලයකට පසුව...ඔහු නැවතත් මේ ගේට්ටුවෙන් ඇතුළු වෙමින් සිටියේය.
ඒත්...මෙහි ඇති කිසිම දෙයක් ඔහුගේ මතකයේ තිබුණේ නැත.මේ උද්‍යානය...
මේ ගස්...මේ පියගැටපෙළ...මේ සුවිසල් මන්දිරය...ඔහුගේම පවුලේ උරුමය වුවත්, ඒ සියල්ල ඔහුට පෙනුණේ වෙනත් මිනිසෙකුගේ ජීවිතයක ඉතිරි වූ මතකයක් වගේය.
රථය සෙමින් දිගු මාවත ඔස්සේ ඉදිරියට ඇදී ගොස්, විශාල රථගාලේ නතර විය.
රථය නතර වූ සැණින් සේවකයෙකු දුවගෙන පැමිණියේ දොර විවෘත කිරීමටය.
එහෙත්..ඔහුට පෙරම තවත් මිනිසෙකු ඉක්මනින් රථය වෙත පැමිණියේය.
ඒ ඩැනී පරාක්‍රම සූරියබණ්ඩාරය.
ඔහුගේ මුහුණ පුරාම තිබුණේ වසර ගණනාවකට පසුව තම පුතු දැකගත් පියෙකුගේ සතුටයි.ඩැනී තමන්ගේම දෑතින් රථයේ දොර විවෘත කළේය.
“Welcome, සුදු පුතා...”
ඔහුගේ හඬ ආදරයෙන් බර විය.
“Welcome to our palace.”
රාවන්ගේ දෑස් මොහොතකට පියාගේ මුහුණ මත නතර විය.
ඔහුගේ දෙතොල් මත සිනාවක් නැඟුණි.
“Thank you, පප්පා.”
රාවන් රථයෙන් බැස ගත්තේය.
ඔහු අව් කණ්ණාඩිය සෙමින් ගලවා අතට ගත්තේය.ඊළඟ මොහොතේ ඔහු පියා වෙත ළං වී, ඩැනීගේ මුහුණ සිපගත්තේය.ඩැනීගේ දෑස්වලට සතුටේ සිහින් තෙතමනයක් එක් විය.
රාවන් පියවරක් පසුපසට ගොස් හිස ඔසවා බැලුවේය.
ඔහුගේ දෑස් නතර වූයේ...තමන්ගේ උරුමය වූ ඒ සුවිසල් මන්දිරය මතය.
සූරියබණ්ඩාර වලව්ව.
ඒ මොහොතේ ඔහුගේ මුහුණේ තිබුණේ පුදුමයක්ද, හිස්කමක්ද කියා ඩැනීට පවා තේරුම් ගත නොහැකි විය.
තමන්ගේම නිවසක්...තමන්ගේම පෙළපතක උරුමයක්...නමුත් ඒ නිවසේ එකදු මතකයක්වත් තම හදවතේ නොතිබීම රාවන්ට අමුතුම හැඟීමක් විය.ඩැනී ඔහුගේ උරහිස මත අත තැබුවේය.
“Come, සුදු පුතා...”
රාවන්ගේ දෑස් තවමත් වලව්ව මතම තිබුණි.ඉන්පසු ඔහු සෙමින් පියවරක් ඉදිරියට තැබුවේ තමන්ගේ නමට ලියැවුණු පරම්පරාගත උරුමය දෙසට...
තමන්ගේ අතීතය සැඟවී ඇති ඒ සුවිසල් වලව්ව දෙසට...
වසර විසිපහකට පසුව, සූරියබණ්ඩාර පෙළපතේ අනාගත උරුමකරු නැවතත් තමන්ගේම නිවසට පිය නඟමින් සිටියේය.ඩැනීගේ ආරාධනයෙන් රාවන් සෙමින් වලව්වේ ඉදිරි පියගැටපෙළ දෙසට පියවර තැබුවේය.
ඒත්...පළමු පියවර තබනවාත් සමඟම ඔහුගේ පාදය මොහොතකට නතර විය.
කිසිම හේතුවක් නැතුව...ඔහුගේ හිත ඇතුළෙන් හුරුපුරුදු දෙයක් මතු වුණාක් මෙන් දැනුණි.පැරණි ලී දොරවල්වලින් එන ඒ සුවඳ...තෙතබරිත පරණ බිත්තිවල සුවඳ...වලව්ව වටා තිබූ මල්වලින් හමන මඳ සුවඳ...
ඒ සියල්ල අතරින් හදිසියේම ඔහුගේ සිතට ආවේ අවුරුදු ගණනාවකට පෙර මැකී ගිය පුංචි මතකයකි.පුංචි ළමයෙක්...සුදු ඇඳුමක් ඇඳගෙන...
මේ වලව්වේ දිගු කොරිඩෝවක් දිගේ දුවගෙන යනවා.
ඔහුගේ අතේ තිබුණේ කුඩා ලී අශ්වයෙකි.
“. දුවන්න එපා සුදු පුතේ... වැටෙයි!”
ඈතින් කාන්තාවකගේ ආදරණීය හඬක්.පුංචි රාවන් හැරිලා බැලුවා.
ඒ මුහුණ...ඔහුට පෙනුණේ නැහැ.
මතකය එතැනින්ම මීදුමක් වගේ විසිරී ගියා.
රාවන්ගේ දෑස් එකවරම විශාල වුණා.ඔහු වටපිට බැලුවේ කිසිවක් තේරුම් ගන්න බැරිවය.
“පුතා?”
ඩැනීගේ හඬ ඇසුණි.රාවන් සෙමින් ඔහු දෙස හැරුණා.
“මොකුත් නෑ පප්පා...”
ඔහු එසේ කිව්වත්, ඔහුගේ දෑස් තවමත් වලව්වේ ඇතුළත දිගු කොරිඩෝව දෙසම යොමු වී තිබුණි.එක මොහොතකට..ඔහුට ඈතින් පුංචි ළමයෙකුගේ සිනාවක් ඇසුණාක් මෙන් දැනුණි.ඒත් ඊළඟ මොහොතේ...
සියල්ල නැවතත් නිහඬය.ඩැනී කිසිවක් නොකියා ඔහුගේ උරහිස වටා අතක් තැබුවේය.
“එන්න පුතා.”
රාවන් සෙමින් ඉදිරියට ගියේය.ඒත් ඔහුගේ හිතේ දැන් එකම ප්‍රශ්නයක්.
අවුරුදු විසිපහකට පෙර මේ වලව්වෙන් ඔහුට අහිමි වූයේ මතකය විතරක්ද...?
ඔහුට මතක නැති ඒ කාන්තාව කවුද?
ඒ පුංචි හඬ කාගේද?ඒ වගේම...
පුංචි රාවන් එදා මේ වලව්වේ දිගේ දුවගෙන ගියේ කාගෙන්ද පලා යමින්...?
රාවන්ට ඒ කිසිවක් මතක නොවුණත්...
වලව්වේ පැරණි බිත්ති නම් ඒ සියල්ල තවමත් නිහඬවම සඟවාගෙන සිටියා.
♥️ඊයෙ පෙරේදා ටිකක් අසනීපෙන් හිටියෙ ඉතිම්..ඒකයි කතාව මග ඇරුනෙ..😪😪😓.
♥️ඔයාගෙ අදහස් කමෙන්ට් කරන්න ..කියවලා ලයික් කරන්න..
♥️අනිත් අයටත් කියවන්න ශෙයාර් කරලා දෙන්න..
♥️ඉක්මනින් ආයෙ මුනගැහෙමු නේද ළමයි..?