Colours of routes

Colours of routes ලංකාවෙ බස්රථවල විස්තර හා වෙලාවන් එකම තැනකින්

බස්රථය තුල සිරවී සිටි පිරිස බේරාගත් සියලු දෙනාට එකෙන්ම Respect ❤️❤️ඒ වගේම අන්තිම මොහොත වෙනකන් හිටපු කොන්දොස්තර මහතාටත් r...
05/08/2026

බස්රථය තුල සිරවී සිටි පිරිස බේරාගත් සියලු දෙනාට එකෙන්ම Respect ❤️❤️

ඒ වගේම අන්තිම මොහොත වෙනකන් හිටපු කොන්දොස්තර මහතාටත් respect 🙏

මරන​ය අභියස නොසැලී සිටි "වාරියපොල වීරයා"! මගීන් වෙනුවෙන් අන්තිම මොහොත වෙනකම් බස් එකේ රැඳී සිටි අපේ කාලයේ වීර කොන්දොස්තර මහතා! 🚍🥇🔥

නාවලපිටියේ මහා ගංවතුරට අසුවී බස් රථය ඇතුළේ හිරවී මරණ බියෙන් පීඩා විඳි මගීන්ට අද ජීවිතය ලැබුණේ නාවලපිටියේ තරුණයන් සහ මේ වීර කොන්දොස්තර මහතා නිසාය. වාරියපොල ඩිපෝවේ සේවය කරන ඔහු, සැබෑ මනුස්සකම යනු කුමක්දැයි අද මුළු රටටම පෙන්වා දුන්නේය. 🌊🆘

අන්තිම මගියාත් ආරක්ෂිත ලොරියට නංවන තෙක් ඔහු බස් රථය අත්හැර ගියේ නැත. තමන්ගේ ආරක්ෂාවට වඩා තමන්ව විශ්වාස කරලා බස් එකට නැගපු මගීන්ගේ ආරක්ෂාව ඔහු උතුම් කොට සැලකුවේය. මෙය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් උදාර ක්‍රියාවකි. 🤝💎

වාරියපොල ඩිපෝවේ මේ වීරයාට අපේ හද පතුලෙන්ම උපහාරය! ඔබ වැනි මිනිසුන් නිසා ලෝකය තවමත් ලස්සනයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! 🇱🇰💐

එක දවසක් ඇතුලත වැඩිම දුරක් දුවලා ආපහු එන කට්ටිය SRM Express      #දුරගමන්සේවා           ඇඹිලිපිටිය 69 වව්නියාව ඇඹිලිපිටි...
03/08/2026

එක දවසක් ඇතුලත වැඩිම දුරක් දුවලා ආපහු එන කට්ටිය

SRM Express

#දුරගමන්සේවා


ඇඹිලිපිටිය 69 වව්නියාව

ඇඹිලිපිටියෙන් 8.05am
පැල්මඩුල්ලෙන් 9.20am
රත්නපුරෙන් 10.00am
ගලිගමුවෙන් 12.00pm
කුරුණෑගලින් 1.00pm
මිහින්තලයට 4.00pm
වව්නියාවට 5.00pm

වව්නියාවෙන් 7.20pm
අනුරාධපුරයෙන් 8.40pm
(පරණ බස්නැවතුම්පල අසලින්)
දඹුල්ලෙන් 9.45pm
කුරුණෑගලින් 11.30pm
රත්නපුරයට 2.20am
ඇඹිලිපිටියට 4.20am

(සැ.යු.මෙම බස්රථය වව්නියාව බලා පිටත්වීමේදී ඇහැලියගොඩ-පනාවල-දෙහිඕවිට මාර්ගය ඔස්සේ මිහින්තලය හරහා වව්නියාවට ගමන් කර නැවත පැමිණීමේදී අනුරාධපුර(පරණ බස්නැවතුම්පල), අවිස්සාවේල්ල හරහා ඇඹිලිපිටිය කරා පැමිණේ.)

ආසන වෙන්කර ගැනීම සඳහා 0706000014 අමතන්න

Address

4/7, Madewaththa Uda Para, Oluganthota
Balangoda
70128

Website

Alerts

Be the first to know and let us send you an email when Colours of routes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share