29/03/2026
ඔෆිස් එකේ වැඩ අස්සේ හැංගිලා ඔයාගේ ඔලුවත් මේ ෆොටෝ එකේ දකුණු පැත්තේ ඉන්න කෙනාගේ වගේ ගිනි ගන්නවද? 🔥 එහෙමත් නැත්නම් වම් පැත්තේ ඉන්න කෙනා වගේ පාඩුවේ ඉඳන් AI එකට වැඩේ බාරදීලා කෝපි එකක් බොනවද? ☕
අපේ ගොඩක් අය තාමත් පැය ගණන් නාස්ති කරන්නේ එකම විදියේ Copy-Paste කරන, Excel ශීට් පුරවන කම්මැලි වැඩ වලට. 🤦♂️
හැබැයි මේ ෆොටෝ එකේ තියෙනවා වගේ ඔයාගේ ඔක්කොම වදකාර වැඩ ටික තනියම කරලා දෙන අලුත්ම "වැඩ කෑල්ලක්" දැන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි Claude AI. (දැන් කිව්වට ගොඩක් දවස් තිබ්බා, මේ ඒකෙ අළුත්ම වැඩේ ගැන)
මේක අර අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න අහන Chatbot කෙනෙක් නෙවෙයි. හරියට ඔයාගේ පුටුවේ වාඩිවෙලා, ඔයාගේ Mouse එකයි Keyboard එකයි පාලනය කරන අදිසි සේවකයෙක් (Invisible Intern) වගේ! 👻💻
Claude Dispatch හරහා දැන් එයාලා දීලා තියෙන අලුත්ම අප්ඩේට් එකෙන් කරන්න පුළුවන් පිස්සු හැදෙන දේවල් ටිකක් මෙන්න.
ඔයා බලාගෙන ඉද්දිම තනියම වැඩ කරනවා: ඔයාට පුළුවන් එයාට කියන්න "මගේ ඊමේල් එකට ඇවිත් තියෙන අලුත් Invoices ඔක්කොම හොයලා, ඩවුන්ලෝඩ් කරලා ඒවයේ ගණන් ටික Excel එකකට දාන්න" කියලා. ඔයාගේ කම්පියුටරේ තනියම ඒ වැඩේ කරන හැටි ඔයාට බලාගෙන ඉන්න පුළුවන්! 📊
ට්‍රැෆික් එකේ ඉඳන් වැඩ පවරන්න: හිතන්න ඔයා බස් එකේ ගෙදර යනවා කියලා. ෆෝන් එකෙන් Claude ට මැසේජ් එකක් දානවා "හෙට මීටින් එකට අර කම්පැණිය ගැන පවර්පොයින්ට් ප්‍රසෙන්ටේෂන් එකක් හදන්න" කියලා. (ගෙදර මැෂින් එක On කරලා තිබ්බොත්) ඔයා ගෙදර යද්දී වැඩේ ලෑස්තියි! 📱✨
Auto-Pilot Mode එකෙන් රිපෝට් හැදීම: හැම සිකුරාදාම හවසට බොස්ට යවන්න ඕන Report එක ගැන ආයේ වද වෙන්න ඕනේ නෑ. සතියේ Competitors ලගේ වෙබ්සයිට් චෙක් කරලා විස්තර ගන්න එක එයාට Schedule කරලා දුන්නම, එයා වෙලාවට වැඩේ ගොඩදාලා තියයි. ⏰
අපි මේ අලුත් දේවල් වලට පුරුදු නොවුණොත් වෙන්නේ, මේ ෆොටෝ එකේ වම් පැත්තේ ඉන්න AI පාවිච්චි කරන කෙනා, දකුණු පැත්තේ ඉන්න අපේ අයව පහු කරගෙන යන එක විතරයි. 🚀
හැබැයි මතක තියාගන්න, මේ 'Computer Use' ෆීචර් එක තාම පරීක්ෂණ මට්ටමේ (Research Preview) තියෙන්නේ. දැනට macOS වලටයි, Paid Plans වලටයි තමයි මේක හරියටම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ලඟදීම මේක හැමෝටම එනවා සිකුරුයි. 🛠️
ඔයාට මේ වගේ AI එකක් හම්බුණොත්, ඔයාගේ ඔෆිස් එකේ තියෙන වදකාරම, එපාම වෙන වැඩේ මොකක්ද එයාට පවරන්නේ? පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යමු! 👇