bahu jana hitha tv

bahu jana hitha tv We are devoted to the good of all.

සිනහ වෙලා ඉන්න කියලා දෙන මිනිස්සු…මේ ලෝකෙ රිදුණු, බිඳුණු, කඳුළු වලින් තෙමුණු හිතක් සනසන්න පුළුවන් ලස්සන මිනිස්සු ඉන්නවා....
21/06/2026

සිනහ වෙලා ඉන්න කියලා දෙන මිනිස්සු…

මේ ලෝකෙ රිදුණු, බිඳුණු, කඳුළු වලින් තෙමුණු හිතක් සනසන්න පුළුවන් ලස්සන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හරිම වෙනස්. හරිම මායාකාරයි. ඔවුන්ගේ හිතවල තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු තරම් ලස්සන ආදරයක්.

ඒ මිනිස්සු මිනිස්සුන්ට ආදරේ කරනවා. ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. ප්‍රශංසාවක් නැතුවත්, ලාභයක් නැතුවත්, වාසියක් නැතුවත්. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දිහා බලන ආදරයෙන්. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් නිහඬව කැපවෙන ආදරයෙන්.

සමහරවිට ඔයාට තාම එහෙම මනුස්සයෙක් හමු වෙලා නැතුව ඇති. තවත් සමහරුන්ට එහෙම හදවතක් ජීවිතේ දවසක හමු වෙලා ඇති. ඒත් එක දෙයක් නම් ඇත්ත… ඒ මිනිස්සු බෙදන ආදරේ හරිම පුදුමාකාරයි.

අපි ෆිල්ම් වල දකින, කතා පොත්වල කියවන ඒ ලස්සන හිත් ඇත්ත ජීවිතේත් ඉන්නවා. කෙනෙක් වැටෙනකොට අත දෙන්න. කෙනෙක් අඬනකොට අහගෙන ඉන්න. කෙනෙක් හිනාව අමතක කරලා ඉන්නකොට ආයෙත් සිනහ වෙන්න මතක් කරලා දෙන්න. ඒ වගේ මිනිස්සු ඇත්තටම ඉන්නවා.

හැබැයි ඒ වගේ හිත් හඳුනාගන්නත් වාසනාවක් ඕන. සමහර හදවත් වලට ඒ ආදරේ දරාගන්න බැරි වෙනවා. ඒ සැලකිල්ල, ඒ රැකබලා ගැනීම, ඒ සොයා බැලීම්, ඒ කැපකිරීම් තේරුම් ගන්න බැරි වෙනවා. මොකද ඒවාට හුරු නැති හිතකට ඒ තරම් නිර්මල ආදරයක් විශ්වාස කරන්නත් අමාරුයි.

ඒත් පුදුම දේ තමයි… ඔවුන්ගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ. නොසලකා හැරියත්, වැරදි තේරුම් ගත්තත්, අගය නොකළත්… ඒ ලස්සන මිනිස්සුන්ගේ හදවතේ ආදරේ එහෙම්මමයි. ඔවුන් තවමත් යහපතම පතනවා. තවමත් සිනහවක් බෙදනවා. තවමත් කෙනෙක්ගේ දවස ලස්සන කරන්න උත්සාහ කරනවා.

ඒක හරිම පුදුමයි.

ඇත්තටම ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා නම්, මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ හැමෝටම හමු වෙන්න ඕන ඒ වගේ මිනිස්සු. තමන්ගේ දුක අමතක කරලා අනුන්ගේ හිනාව වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු. අඳුරු දවසක ආලෝකයක් වෙලා එන මිනිස්සු. “කමක් නෑ… හිනාවෙලා ඉන්න” කියලා හිතට හයියක් දෙන මිනිස්සු.

මොකද සතුට කියන්නේ හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. ඒත් සතුට බෝ කරන මිනිස්සු නම් මේ ලෝකේ ඉන්නවා.

ඒ වගේ මිනිස්සු හමුවෙන එක ජීවිතේ ලැබෙන ලස්සනම වාසනාවක්. ❤️🌸

“ජීවිතේකට හමු වෙන්න ඕනෙ, සිනහ වෙලා ඉන්න කියලා දෙන මිනිස්සු…” ✨💛

(කරුණාකර කතෘ අයිතිය සුරකින්න)

✍ චතුරංගි ජයවික්‍රම

අද ජුනි මස 4 බ්‍රහස්පතින්දා දවසතුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...,ස්වර්ණමාලී මහා සෑ රජාණන්වහන්සේගේ  ආනුභාව බලයෙන්...,ජය...
04/06/2026

අද ජුනි මස 4 බ්‍රහස්පතින්දා දවස

තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...,
ස්වර්ණමාලී මහා සෑ රජාණන්වහන්සේගේ ආනුභාව බලයෙන්...,
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්...,
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්...,
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්...,
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්...,
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්...,
සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්...,

ඔබත් පවුලේ සැමත් නිදුක් වෙත්වා...!
නීරෝගි වෙත්වා...!
සුවපත් වෙත්වා...!
ලද සැපයෙන් නොපිරිහෙත්වා..

කායික සුවයෙන් සුවපත් වේවා...!

මානසික සුවයෙන් සුවපත් වේවා...!

ශ්‍රද්ධාවෙන්...,
සීලයෙන්...,
දහම් දැනුමින්...,
ත්‍යාගයෙන්...,
ප්‍රඥාවෙන්...,
වීර්යයෙන්...,
සිහියෙන්...,
සමාධියෙන් වැඩෙත්වා...!!!

ආයුෂයෙන්...,
වර්ණයෙන්...,
සැපයෙන්...,
බලයෙන්..., යසසින්...,
කීර්තියෙන් වැඩෙත්වා...!!!

ඇසිල්ලක් පාසාම
බුදු ගුණ...,දම් ගුණ...,සඟ ගුණ...
සිහි වේවා...!!!

කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...!

යන එන මග තොට ,ගමන බිමන , නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...

කරන කියන සියලු ධාර්මික කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙත්වා

දුවා පුතාගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වෙත්වා

පැමිණ තිබෙන දුක් කරදර බාධා දුරෙන්ම දුරු වේවා..

ඔබ මෙන්ම..සියලු සත්වයෝම සුවසේ ජීවත් වෙත්වා..

සියල්ලන්ම සියල්ලන්ගේම සැප කැමත්තෝ වෙත්වා...

තෙරුවන් සරණයි

මේ වැනි උතුම් ධර්මයන් දිනපතා දැනගන්න දැන්ම එක් වෙන්න මේ ලින්ක් එකෙන්

bahu jana hitha follow කරන්න

අද ජුනි මස 2 අඟහරුවාදා දවසතුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...,ස්වර්ණමාලී මහා සෑ රජාණන්වහන්සේගේ  ආනුභාව බලයෙන්...,ජය ශ්‍ර...
02/06/2026

අද ජුනි මස 2 අඟහරුවාදා දවස

තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...,
ස්වර්ණමාලී මහා සෑ රජාණන්වහන්සේගේ ආනුභාව බලයෙන්...,
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්...,
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්...,
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්...,
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්...,
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්...,
සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්...,

ඔබත් පවුලේ සැමත් නිදුක් වෙත්වා...!
නීරෝගි වෙත්වා...!
සුවපත් වෙත්වා...!
ලද සැපයෙන් නොපිරිහෙත්වා..

කායික සුවයෙන් සුවපත් වේවා...!

මානසික සුවයෙන් සුවපත් වේවා...!

ශ්‍රද්ධාවෙන්...,
සීලයෙන්...,
දහම් දැනුමින්...,
ත්‍යාගයෙන්...,
ප්‍රඥාවෙන්...,
වීර්යයෙන්...,
සිහියෙන්...,
සමාධියෙන් වැඩෙත්වා...!!!

ආයුෂයෙන්...,
වර්ණයෙන්...,
සැපයෙන්...,
බලයෙන්..., යසසින්...,
කීර්තියෙන් වැඩෙත්වා...!!!

ඇසිල්ලක් පාසාම
බුදු ගුණ...,දම් ගුණ...,සඟ ගුණ...
සිහි වේවා...!!!

කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...!

යන එන මග තොට ,ගමන බිමන , නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...

කරන කියන සියලු ධාර්මික කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙත්වා

දුවා පුතාගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වෙත්වා

පැමිණ තිබෙන දුක් කරදර බාධා දුරෙන්ම දුරු වේවා..

ඔබ මෙන්ම..සියලු සත්වයෝම සුවසේ ජීවත් වෙත්වා..

සියල්ලන්ම සියල්ලන්ගේම සැප කැමත්තෝ වෙත්වා...

තෙරුවන් සරණයි

මේ වැනි උතුම් ධර්මයන් දිනපතා දැනගන්න දැන්ම එක් වෙන්න මේ ලින්ක් එකෙන්

bahu jana hitha follow කරන්න

https://whatsapp.com/channel/0029Va9zhp79sBI8MMi7aB30

01/06/2026
01/06/2026

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව 🙏🙏🙏

30/05/2026

උතුම් ශ්‍රී ශාක්‍ය මුණි සර්වඥ ධාතු වන්දනාව 🙏

සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🥰🙏
29/05/2026

සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🥰🙏

24/05/2026

මම සරණ යමී 🙏🙏🙏

රටට රටේ ජනතාවට ආදරෙ මිනිස්සුන්ගෙ ඇස් වලට සතුටු  කඳුලු ගේන පින්තූර.. සතුට ආවේ.. මේ රටේ යුද්ධයක් ඉවර වුනු නිසා 🥰🙏
18/05/2026

රටට රටේ ජනතාවට ආදරෙ මිනිස්සුන්ගෙ ඇස් වලට සතුටු කඳුලු ගේන පින්තූර.. සතුට ආවේ.. මේ රටේ යුද්ධයක් ඉවර වුනු නිසා 🥰🙏

Address

Bandarawela
Bandarawela
90160

Telephone

+94720441324

Website

Alerts

Be the first to know and let us send you an email when bahu jana hitha tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to bahu jana hitha tv:

Shortcuts

Share