25/11/2025
"ථූපාරාමය"
රුවන්වැලි සෑයට යාර 400ක් පමණ උතුරින් බසවක්කුලම වැවට ආසන්නව මෙම ස්තූපය පිහිටා ඇත .
ස්තූපය ඉදිකරවන ලද්දේ පණ්ඩුකාභය රජු විසින් මහේජ යක්ෂයා වෙනුවෙන් ඉදිකර තිබූ දේවාලය පිහිටි ස්ථානයේ බවට සාධක මහා වංශයේ ඇතුළත්ය.
දේවානම්පියතිස්ස රජු විසින් බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කොට ප්රථම බෞද්ධ ආගමික ගොඩනැගිල්ල ලෙස ථූපාරාම ස්තූපය ධාන්යාකාරව නිර්මාණය කරන ලදී.
පසුකාලීනව වසභ රජු විසින් ( ක්රි:ව 67-111) ස්තූපයේ ගැබ ශෛලමය බැම්මකින් ආවරණය කරන ලදී. නැවත ගෝඨාභය රජු (ක්රි:ව 249-263) විසින් ස්ථූපඝරයක් තැන වූ අතර විවිධ රජවරුන්ගේ මැදිහත්වීම මගින් ස්තූපයේ ප්රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ. 10 වන සියවසේ සිදුවූ චෝල ආක්රමණයෙන් ථූපාරාම ස්තූපය ද විනාශයට ලක් විය.
ඉන්පසු මහා පරාක්රමබාහු රජු (ක්රි:ව 1153-1186)විසින් ස්ථූපය නැවත පිළිසකර කරවා ඇත. ක්රි:ව 1842 දී ස්තූපය ප්රතිසංස්කරණය කිරීමේ ප්රතිඵලයක් ලෙස එය ඝණ්ඨාකාර හැඩයක් ගන්නා ලදී.