Module Help Desk

Module Help Desk ශ්‍රීලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ නව විෂයමාලා ප්‍රතිසංස්කරණයට අදාළව ගුරුවරුන්ට, සිසුන්ට අත්වැලක්

04/01/2026

මොඩියුල ගැටලුව තව දුරටත් නාඩගමක් හෝ විකාරයක් නොවීමට නම්,

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හදුන්වා දුන් මොඩුයුලවල II වන වාරයට හා III වාරයට අදාළ මොඩුයුල මුද්‍රණය සඳහා තවමත් අනුමැතිය ලැබී නැත. එය මේ මොහොතේ ප්‍රබල අවස්ථාවක් ලෙස සලකා,

දැනට සඟවා තබා ගෙන ඇති II හා III වාරවලට අදාළ මොඩුයුල කඩිනමින් මහජන අදහස් ලබා ගැනීමට ප්‍රමාණවත් කාලයක් සඳහා ප්‍රසිද්ධ කිරීම බොහෝ ගැටලුවලට පිළියමක් ලෙස හැඟී යයි.

සාම්ප්‍රදායික ලෙස රහස්‍ය ලේඛනයක් ලෙස සඟවා තබාගෙන අවසාන මොහොතේ මුද්‍රණය කොට බෙදා හැරීම මගින් මුළු අධ්‍යාපනයම පඹගාලක පටලවා ඇත.මන්ද මෙය සමාජ මාධ්‍ය අතිශයින් ප්‍රබල 21 වන සියවස බව බලධාරීන්ට නොවැටහීම කණගාටුවට කරුණකි.

දැන් ද පමානොවී, ඉතිරි වාර දෙකෙහි හෝ මෘදු පිටපත් මහජන අදහස් ලබා ගැනීමට වේදිකාවක් සකසා එයින් ලැබෙන අදහස් හා යෝජනා නැවත සමාලෝචන කර නිවරදිව සකසා මුද්‍රණයට යැවීම මගින් මේ ඇතිවන ගැටලු වලින් 90% කට ආවරණයක් ලබා ගත හැක. ඉන්පසු බුකී ඔස්තාර්ලාට ද කීමට කිසිත් නැත.

මෙවැනි ක්‍රියාවලියක අවසානයේ දෙයක් සිදුවනු ඇත.

එනම්, ඇත්තටම අධ්‍යාපනය ගැන මෙලෝම දෙයක් නොදන්නේ ජාතික අධ්‍යාපන ආයතනයම වග මහජනතාව ඉදිරියේ සැබෑ ලෙසම නිරුවත් වීමයි. ඒ තුළ ඊනියා පුහු ඒකාධිකාරියක සිටින එවැනි ආයතනවලට මෙන්ම එම ආයතනවල අනපනත් වලට මුවා වී ජාමේ රැකගෙන සිටින තක්කඩි නිලධාරීන්ටද ප්‍රතිසංස්කරණ කඩිනමින් අවශ්‍යය වන බව සැමට පසක්වනු ඇත.

මේ සියවසේ අපි මනාව ප්‍රගුණ කළ යුතු චින්තන කුසලතාව වන්නෙ අන්යමක් නොව, " කිසිම දේක අපි පොරක් නොව අපිට වඩා පොරවල් ඕනි තරම් එළියෙ ඉන්නවා" යැයි සිතා කටයුතු කිරීමය.එසේ සිතීමෙන් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත.

පාසල් කාලය දීර්ඝ කිරීම සම්බදවයි
02/01/2026

පාසල් කාලය දීර්ඝ කිරීම සම්බදවයි

31/12/2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ Rubric (රුබ්‍රික්) ඇගයීම් ක්‍රියාවලිය
====================================

ශ්‍රී ලංකාවේ 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ, දරුවන්ගේ ඉගෙනුම් ප්‍රගතිය මැනීමේ ක්‍රමය මූලික වශයෙන් වෙනස් වේ. එහි වැදගත් අංගයක් වන්නේ Rubric (රුබ්‍රික්) ඇගයීම් ක්‍රියාවලියයි. මෙම ක්‍රමය මඟින් දරුවාගේ දැනුමට පමණක් නොව, කුසලතා, ආකල්ප සහ ප්‍රයෝගික හැකියාවන් ද සමාන ලෙස ඇගයීමට අවස්ථාව ලැබේ.

💠Rubric (රුබ්‍රික්) යනු කුමක්ද?

Rubric යනු දරුවෙකුගේ කාර්යයක් හෝ ඉගෙනුම් ප්‍රතිඵලයක් ඇගයීමට භාවිතා කරන පැහැදිලි මාර්ගෝපදේශයක් වේ.
එහිදී,

🔸 ඇගයීමට ලක් කරන අංග

🔸 සාර්ථකත්ව මට්ටම්

🔸 එක් එක් මට්ටමට අදාළ ලක්ෂණ

🔸 පැහැදිලිව සටහන් කර ඇත.

💠 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ Rubric
ක්‍රමයේ වැදගත්කම

නව විෂය නිර්දේශය යටතේ Rubric ක්‍රමය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණු වන්නේ,

🖍️ විභාග කේන්ද්‍රිත අධ්‍යාපනයෙන් ඉවත් වීම
දරුවාගේ සම්පූර්ණ හැකියාව ඇගයීම

🖍️ ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රායෝගික හා
ජීවිතානුබද්ධ කිරීම

🖍️ ගුරුවරුන්ට හා දරුවන්ට පැහැදිලි
ප්‍රතිචාරයක් ලබාදීම

💠 Rubric ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රධාන පියවර

🔸 ඉගෙනුම් අරමුණු හඳුනාගැනීම

🔸විෂය ඒකකයට අදාළව දරුවාගෙන්

🔸බලාපොරොත්තු වන දැනුම, කුසලතා හා
ආකල්ප නිශ්චිතව සකස් කරයි.

🔸 ඇගයීම් අංග තීරණය කිරීම
(උදාහරණ: සංකල්ප අවබෝධය,
නිර්මාණශීලීත්වය, කණ්ඩායම් වැඩ, ඉදිරිපත්
කිරීම)
🔸සාර්ථකත්ව මට්ටම් සකස් කිරීම

✅ ඉතා උසස්

✅ හොඳ

✅ සාමාන්‍ය

✅ වැඩිදියුණු කළ යුතු
පැහැදිලි විස්තර සටහන් කිරීම

✅ එක් එක් මට්ටමට අදාළව දරුවාගේ කාර්ය
සාධනය කෙසේ ද යන්න විස්තරාත්මකව
සදහන් කරයි.

💠 ප්‍රතිචාර සහ මඟපෙන්වීම

ලකුණු පමණක් නොව, දරුවාට තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබාදේ.

💠 Rubric ක්‍රමයෙන් දරුවන්ට ලැබෙන වාසි

🟣 තමන්ගෙන් බලාපොරොත්තු වන දේ
පැහැදිලිව අවබෝධ කරගැනීම

🟣 ස්වයං ඇගයීමේ හැකියාව වර්ධනය වීම
බිය රහිත ඉගෙනුම් පරිසරයක්
නිර්මාණශීලී හා විවේචනාත්මක චින්තනය
වර්ධනය වීම

💠 ගුරුවරුන්ට ඇති ප්‍රතිලාභ

🟤 සාධාරණ හා පාරදර්ශී ඇගයීම

🟤 දරුවන්ගේ දුර්වලතා හඳුනාගෙන නිවැරදි
මඟපෙන්වීම

🟤 ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කිරීමේ පහසුව

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දෙන Rubric ඇගයීම් ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වඩාත් ගුණාත්මක, ප්‍රායෝගික සහ දරුවා කේන්ද්‍ර කරගත් පද්ධතියක් බවට පත් කිරීමට ඇති වැදගත් පියවරකි. මෙය දරුවාගේ ජීවිතයට වැදගත් හැකියාවන් වර්ධනය කරමින්, අනාගතයට සූදානම් වූ පුද්ගලයෙකු නිර්මාණය කිරීමට දායක වේ.

#නවඅධ්‍යාපනප්‍රතිසංස්කරණය
ීම
#රුබ්‍රික්
#අධ්‍යාපනඇගයීම
#දරුවාකේන්ද්‍රිතඅධ්‍යාපනය
#2026අධ්‍යාපනප්‍රතිසංස්කරණය
#නවවිෂයනිර්දේශය
#කුසලතාමූලිකඇගයීම

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ට ල්බා දී ඇති විශේෂ අනුග්‍රහය යටතේ එඅ සාමාජිකයන්...
29/12/2025

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ට ල්බා දී ඇති විශේෂ අනුග්‍රහය යටතේ එඅ සාමාජිකයන්ගේ දරුවන් රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ඇතුළත් කිරීම -2026

**පැසල් කාලය විනාඩි 30කින් දිර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න**මේ අලුත් අවුරුද්දේ පැසල් කාලවිෂය ගැන ඇත්තේ අලුත්ම කතාබහක...
29/12/2025

**පැසල් කාලය විනාඩි 30කින් දිර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න**

මේ අලුත් අවුරුද්දේ පැසල් කාලවිෂය ගැන ඇත්තේ අලුත්ම කතාබහකි.

පන්ති කාමර තුළ සිදු කරන අගයීම ක්‍රමවේදයේදී, ගුරුවරයාට අගයීම කටයුතු සිසුන්ට අදාළව සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහා එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දිර්ඝ කිරීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා හරිනි අමරසුරිය අවධාරණය කරනු ලැබීය.

අමාත්‍යවරිය මේ අවධාරණය කළේ අද ඉදිරිපත් වූ අධ්‍යාපන කැබිනට් පත්‍රිකාව තුළ මේ වන විට පවතින අති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාවකදීය.

2026 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පැසල් කාලය විනාඩි 30කින් දිර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු වහාම සමාලෝචනය විදින් අග්‍රමාත්‍යවරයා හමුවේ ඉදිරිපත් කරන ලෙස ද ඇය සඳහන් කළාය.

එහිදී අග්‍රමාත්‍යවරිය ප්‍රකාශ කළේ, එම පරිවර්තනය අධ්‍යාපන ක්‍රියාවලියට අදාළ ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බවයි.

නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමර තුළ සිදු කරන අගයීම ක්‍රමවේදයේදී, ගුරුවරයාට අගයීම කටයුතු සිසුන්ට අදාළව සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහා එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දිර්ඝ කිරීම අත්‍යවශ්‍ය බව හරිනි අමරසුරිය මැතිණිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එහිදී වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරන ලැබූ යෝජනා පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ද අග්‍රමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මේම සාකච්ඡාවට සහභාගී වූ විදුහල්පතින් විසින් පන්ති පැසල් යළි ගොඩනැගීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේම සාකච්ඡාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය වේදිකා මූලික සේවාවන් මතද, අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

උපුටා ගැනීම.හිරුගොසිප්

27/12/2025

අ.පො.ස(උ.පෙළ) විභාගය 2025- ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබද දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනඑළබෙන 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂයමාලා ප්‍රතිසංස...
27/12/2025

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබද දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

එළබෙන 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂයමාලා ප්‍රතිසංස්කරණ සමග අධ්‍යයන කටයුතු සදහා දරුවන් සූදානම් කරන ඔබ සදහා සුවිශේෂී වූ වැඩසටහනකි.

🗒️දිනය : 𝟐𝟎𝟐𝟓/𝟏𝟐/𝟐𝟕 (සෙනසුරාදා )
⏰වේලාව: ප.ව 𝟕.𝟎𝟎

📚 නව විෂයමාලාව සදහා දරුවන් සූදානම් කිරීමේදී දෙමාපියන් සතු වගකීම හා කාර්‍යභාරය.

📚 දරුවන් තුළ වෙනස් කර ගත යුතු අධ්‍යයන චර්‍යාවන් හා කුසලතාවන්

📚 ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන හදාරන දරුවන් සදහා සූදානම් කළ යුතු ආකාරය.

ඇතුළු නව විෂයමාලා ප්‍රතිසංස්කරණය තුළ ඔබ දැනුවත් විය යුතු අත්‍යාවශ්‍ය කරුණු ඉතා සරලව හා පැහැදිලිව දැන ගැනීමට දරුවන්ද සමග ඔබත් එක්වන්න.

ජී.ඩබ්.චතුරංග ප්‍රදීප් ලීලාරත්න
(ශ්‍රී.ලං.අධ්‍යාපන පරිපාලන සේවය II)
B.Sc.Agri.Tech.Mgt (Peradeniya), PgDEA(NIE), PgDE(OUSL), MTL (Colombo )

පහත සබැදියෙන් Whatsapp සමූහය වෙත සම්බන්ධ වන්න. Zoom Link එක එමගින් ලබා දේ.

Group 01
https://chat.whatsapp.com/KC8a2k9Y0j82Aqm1EypkjW

Group 02
https://chat.whatsapp.com/JF83eD5hST58YUwbG9ahzV

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කාලච්ජේද සැකසෙන ආකාරය.
27/12/2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කාලච්ජේද සැකසෙන ආකාරය.

26/12/2025

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබද දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

එළබෙන 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂයමාලා ප්‍රතිසංස්කරණ සමග අධ්‍යයන කටයුතු සදහා දරුවන් සූදානම් කරන ඔබ සදහා සුවිශේෂී වූ වැඩසටහනකි.

🗒️දිනය : 𝟐𝟎𝟐𝟓/𝟏𝟐/𝟐𝟕 (සෙනසුරාදා )
⏰වේලාව: ප.ව 𝟕.𝟎𝟎

📚 නව විෂයමාලාව සදහා දරුවන් සූදානම් කිරීමේදී දෙමාපියන් සතු වගකීම හා කාර්‍යභාරය.

📚 දරුවන් තුළ වෙනස් කර ගත යුතු අධ්‍යයන චර්‍යාවන් හා කුසලතාවන්

📚 ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන හදාරන දරුවන් සදහා සූදානම් කළ යුතු ආකාරය.

ඇතුළු නව විෂයමාලා ප්‍රතිසංස්කරණය තුළ ඔබ දැනුවත් විය යුතු අත්‍යාවශ්‍ය කරුණු ඉතා සරලව හා පැහැදිලිව දැන ගැනීමට දරුවන්ද සමග ඔබත් එක්වන්න.

ජී.ඩබ්.චතුරංග ප්‍රදීප් ලීලාරත්න
(ශ්‍රී.ලං.අධ්‍යාපන පරිපාලන සේවය II)
B.Sc.Agri.Tech.Mgt (Peradeniya), PgDEA(NIE), PgDE(OUSL), MTL (Colombo )

පහත සබැදියෙන් Whatsapp සමූහය වෙත සම්බන්ධ වන්න. Zoom Link එක එමගින් ලබා දේ.

Group 01
https://chat.whatsapp.com/KC8a2k9Y0j82Aqm1EypkjW

2025 கல்வியாண்டின் நிறைவு மற்றும் புதிய பள்ளி தவணையின் ஆரம்பம்
26/12/2025

2025 கல்வியாண்டின் நிறைவு மற்றும் புதிய பள்ளி தவணையின் ஆரம்பம்

Address

Sapumal, Pannila
Beruwala

Website

Alerts

Be the first to know and let us send you an email when Module Help Desk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share