04/09/2026
🔴එයාර් බස් ගනුදෙනුවේ කෝටි 10ක අල්ලස් චෝදනාව: නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ එයාර් බස් ගනුදෙනුවේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක (කෝටි 10ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවකට අදාළව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අද (04) උදෑසන අදාළ විමර්ශනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇත.
සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ පිහිටි ගිණුමකට අල්ලස් ලෙස ලැබුණු යුරෝ මිලියන 1.4කට අධික මුදලින් ඩොලර් ලක්ෂ 8ක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගමක ගිණුමකට තැන්පත් කරවාගෙන, ඊට සමාන රුපියල් මිලියන 100ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ. මෙම සිදුවීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, අල්ලස් කොමිසම මගින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
News source : Hirunews! Some visual elements were created with AI. This is an original editorial AI illustration, not an actual photograph.