Development News

  • Home
  • Development News

Development News This handle outlines development initiatives/news from the public & private sectors in SL. It is operated by the Media Center for National Development.

අද දවසේ ඔබ සැමගේ සියළු පැතුම් ඉටුවේවා !
05/10/2025

අද දවසේ ඔබ සැමගේ සියළු පැතුම් ඉටුවේවා !

18/10/2022

"👍" එකට වැඩිම මනාපය දී අපගේ අටේ කණ්ඩායමට 'දන්න පාරේම යෑමට' මගපෙන්වූ ඔබසැමගේ තීරණය හරි තීරණයදැයි මෙම බ්‍රහස්පතින්දා සවස 6 ට අටපාස්' දෙවැනි කොටස නරඹා තීරණය කරන්න...
"👍" க்கு அதிகமா வாக்குகள் தந்து எட்டு டீம்க்கு 'தெரிஞ்ச பாதையில போக' வழி காட்டின உங்களோட முடிவு சரியா எண்டு, இந்த வியாழன் மாலை 6 மணிக்கு 'எட்டு பாஸ்' ரெண்டாவது பகுதியை பாத்து முடிவு எடுங்க
#අටපාස් ොඩයන්න

අද හවස 6 ට පලවෙනි episode එක ..... අනිවාර්යයෙන් බලන්න යාලුවනේ...ජීවිතේ ගොඩ යන්න මේක තමයි හරිම පාර... https://www.faceboo...
13/10/2022

අද හවස 6 ට පලවෙනි episode එක ..... අනිවාර්යයෙන් බලන්න යාලුවනේ...

ජීවිතේ ගොඩ යන්න මේක තමයි හරිම පාර...
https://www.facebook.com/profile.php?id=100086581298042

අවිස්සාවේල්ල ''වග " ප්‍රදේශය මුල් කරගෙන සීතාවකපුර රාජාධානි  සංචාරක කලාපයක් බවට පත් කිරීමට අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධ...
11/10/2022

අවිස්සාවේල්ල ''වග " ප්‍රදේශය මුල් කරගෙන සීතාවකපුර රාජාධානි සංචාරක කලාපයක් බවට පත් කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය

අවිස්සාවේල්ල වග ප්‍රදේශය මුල්කරගෙන සීතාවකපුර රාජධානි ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් පසුගිය දා ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

සීතාවක උද්භිද උද්‍යානය , ලබුගම හා කලටුවාන ජලාශ හා එම ප්‍රදේශ වල ඇති සුන්දර සහ ඓතිහාසික ස්ථාන මුල් කර ගෙන මෙම සංචාරක කලාපය ඇති කිරීම අමාත්‍යවරයාගේ අදහස වේ. එමෙන්ම මෙම ප්‍රදේශයට ආවේනික සතුන් සහ පක්ෂීන් දැක බලා ගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට උදාවේ.

සංචාරකයින් 2000 කට ආසන්න පිරිසක් දැනටමත් මෙම ප්‍රදේශයට සති අන්ත දින වල දී පැමිණෙන බව සාකච්ඡාවේ දී අනාවරණය විය .

පැමිණෙන සංචාරකයින් සඳහා සති අන්ත දින වල පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වාත් නැවත පස්වරු කාලයේ දී වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වාත් විශේෂ දුම්රියක් ධාවන කිරීමට ද බලාපොරොත්තු වේ.

මෙයට අමතරව සංචාරකයින්ගේ පහසුව සඳහා අවිස්සාවෙල්ල හා හෝමාගම ඩිපෝ මගින් එම ස්ථාන නැරඹීම සඳහා විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කිරීම කෙරෙහිද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට සීතාවකපුර සහ අවිස්සාවෙල්ල පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් ,
පනාගොඩ යුධ හමුදා කඳවුරේ අණදෙන නිළධාරී , ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති , අවිස්සාවෙල්ල හා සීතාවකපුර ප්‍රාදේශීය ලේකම්වරු , , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ , ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ සහ සංචාරක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

05/10/2022
01/10/2022

2022 වර්ෂයේ ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමාගේ පණිවිඩය.

“සිනහ දකින අපේ ලොවක්” යන තේමාව යටතේ 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය මෙවර ද උත්කර්ශවත් ලෙස සැමරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු කටයුතු සූදානම් කර ඇත.රටේ ජීවනාලිය බඳු ළමයින් ආරක්ෂා කරගැනිම ඔබ අප සැමගේ යුතුකම මෙන්ම වගකිම ද වේ. මේ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විටත් විවිධ පියවර රාශියක් ගෙන ඇත.
එසේම ළමා අපයෝජන ඉහලයාම හා ළමා අයිතිවාසිකම් කඩවීම (කායික,ලිංගික,මානසික,හා නොසලකාහැරීම) වැනි අපයෝජන මෙන්ම කොවිඩ් තත්වය හේතුවෙන් අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමය නිසා ඇතිවූ අතුරු ප්‍රතිපලයන් ලෙස අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන වල වර්ධනය වීමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන්ම ළමයින් පාසල් හැරයන තත්වයන් උද්ගතවීම, අඛණ්ඩව පාසල් නොයැවීම ඉහලයාම, ළමා ශ්‍රමික ප්‍රශ්ණය, මව්වරුන් විදේශගතවීම, පවුල් ආරවුල් සහ දෙමාපියන් දික්කසාද වීම වැනි ගැටලු ඉහලයාමේ තත්වය තුළ ළමයින්ට අනාරක්ෂිත පරිසරයක් ඇතිවීම පිළිබඳ සියලු දෙනාගේ විශේෂ අවධානයක් යොමුවිය යුතුව ඇත. රටේ වර්තමානයේ උද්ගතවී ඇති ආර්ථීක සහ සමාජීයීය තත්වයන් හමුවේ ළමයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරික්ෂණය කර ඇත.
ඒ අනුව සියලුම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, භාරකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම සියලු පුරවැසියන් මේ පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතු කාළය එළඹ ඇත. වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයෙක්ම ළමා අයිතිවාසිකම් සපිරි ශාරීරික, මානසික, ලිංගික හිංසනයන්ගෙන් තොර සමාජයක ජිවත්විමට අයිතිය තහවුරු කළ යුතු අතර, අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු පොදු සමාජ වගකීම තහවුරු කිරිමට ඔබ, අප සමඟ අත්වැල් බැඳගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
සියලුම ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරිම ජාතික වගකීමක් වන අතර ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් ඇපකැප වී සිටින අතර තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිලිමත් වීම සියලුම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, භාරකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම සියලු පුරවැසියන්ට පැවරී ඇති අත් නොහලයුතු වගකීමක් වේ. එසේ විමසිලිමත් වීම තුළින් තම ළමයා මෙන්ම අන් ළමයින්ද අපයෝජනටන්ට ගොදුරුවීම සැලකිය යුතු මට්ටමකින් අවම කරගත හැකි වේ. රටේ සියලුම ළමයින්ට යහපත් වටපිටාවක නිදහසේ ජීවත්විමට අවශ්‍ය පරිසරය සකස්කර දීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඒකායන පරමාර්ථය වේ. සියලුම ළමයින්ට අද දින මාගේ සුභාශිංශන එක් කරමි. දිරියෙන් ශ්‍රී ලංකා නාමය ලොව තුළ බබලවන්නට දිරිය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

උදයකුමාර අමරසිංහ
සභාපති
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

පිටපත 01:- ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යංශය.

මේ වනවිට මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලා තුළින්ම රෝහල් කරා බෙදාහැරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවධ...
30/09/2022

මේ වනවිට මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලා තුළින්ම රෝහල් කරා බෙදාහැරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අදාළ රෝහල්හි අවශ්‍යතා අනුව එම ඖෂධ හා උපකරණ වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වීමකින් තොරව රෝහල් කරා යොමු කරන ලෙසත් එහි පූර්ණ අධීක්ෂණය වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ වනවිට පවතින ඖෂධ තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හා එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද, වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද ඒ සඳහා සහභාගි වූහ.

මුළු දිවයින ම ආවරණය වන පරිදි ඖෂධ ප්‍රවාහන සිතියමක් සකස් කරන ලෙසත් එය නිසි අධ්‍යයනයකින් යුතුව සිදුකරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. කර්මාන්තශාලා මගින් රෝහල් කරා සෘජුව ඖෂධ බෙදාහැරීම තුළින් ප්‍රවාහනය සඳහා වන වියදම්, ගතවන කාලය ,ගබඩා පහසුකම් සඳහා වැයවන ඉඩකඩ ආදී ගැටලු රැසකට විසඳුම් ලැබෙන අතර මෙයට අමතරව රෝහල්හි පවතින ඖෂධ අඩුපාඩු හඳුනා ගනිමින් ඒ සඳහා ඖෂධ බෙදා හැරීමටද හැකිවනු ඇත.
මේ අතර ඉදිරියේදී රෝහල් කරා ඖෂධ බෙදාහැරීමේදී මාස 03 ක කාලයකට පමණක් ඖෂධ තොග වෛද්‍ය සැපයුම් අංශය සතුව තබා ගනිමින් අනෙකුත් ඖෂධ ප්‍රමාදයකින් තොරව රෝහල් කරා බෙදා හරින ලෙසත්, රට තුළ ඖෂධ තිබියදී රෝහල් තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
එමෙන්ම රෝහල් තුළ ඖෂධ තිබියදී රෝගීන් අපහසුතාවයට පත්වන අයුරින් වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය සේවයේ කවුරුන් හෝ ඖෂධ නැති බවට යම් ප්‍රකාශයක් කරන්නේ නම් ඒ් පිළිබඳවද සොයා බලා වහා පියවර ගතයුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගියදා විදුලිබල...
30/09/2022

ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගියදා විදුලිබල අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

පිරිවෙන් වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවළට ආගමික කටයුතු අමාත්‍යංශයේ තෝරා ගැනීමට අනුව ආගමික සිද්ධස්ථානද ඇතුළත් කිරීමට සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරන ලද අතර විදුලි මිල සංශෝධනය කිරීමේදී පාදක වූ කරුණු සහ එය සිදු කරන ලද ආකාරය පිළිබඳව දැනුවත් කිරීමද එම හමුවේදී සිදු කළේය.

මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර , සංස්කෘතිය කටයුතු අමාත්‍ය ව්දුර වික්‍රමනායක , අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍ය විජිත බෙරලුගොඩ සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම අදාළ අමාත්‍යාංශවල අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද සහභාගි වූහ.

සති අන්තයේ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ඔක්තෝම්බර් 01 වනදා සිට මහනුවර බලා ගමන් ආරම්භ කරයි.
30/09/2022

සති අන්තයේ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ඔක්තෝම්බර් 01 වනදා සිට මහනුවර බලා ගමන් ආරම්භ කරයි.

දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසන නව ජාත්‍යන්තර විවෘත තරඟකාරී ටෙන...
26/09/2022

දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසන නව ජාත්‍යන්තර විවෘත තරඟකාරී ටෙන්ඩරයක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි දැක්වෙන්නේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා, පසුගිය වසරවල ඉතිරි ඉන්ධන බහාලුම් 19ට අදාළව ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලබන බවයි.
එසේම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම මත අගෝස්තු 25 ප්‍රදානය කරන ලද ගල් අඟුරු ටෙන්ඩරය පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කළ බව අමාත්‍යවරයා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කරයි

තෝරාගත් සැපයුම්කරු විසින් සන්නිවේදනය කර ඇත්තේ ගොනු කරන ලද නීතිමය තත්ත්වය සහ ගෙවීම් සහතික කිරීමේ අවදානම කෙරෙහි ඇති බලපෑම මත ටෙන්ඩර් බැලීමේ ගැටලු ඉටු කිරීමට නොහැකි වූ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීමට තීරණය කරයි ශ්‍රී ලාංකික ජනතාවගේ දරිද්‍...
26/09/2022

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීමට තීරණය කරයි
ශ්‍රී ලාංකික ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වන රාජ්‍ය අංශය සතු ඒකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය නම් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල පහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල පෙර පැවති මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැක. මෙම මිල පහත හෙලීම 2022 සැප්තැම්බර් 22 සිට 2022 සැප්තැම්බර් 30 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

Address


Alerts

Be the first to know and let us send you an email when Development News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share