09/05/2025
මේකෙන් ඔයා තාත්තා කෙනෙක් ද කියලා හොයාගන්න බෑ. ඒත් අනිත් ඔක්කොම පෙන්නනවා....
මේක බලන්න ඔයාගේ මූත්‍රා සාම්පලයක් විතරයි ඕනී වෙන්නේ සහ දැන් මේක ලංකාවේ තියෙනවා....
ඉතින් ඉස්සරහාට බීලා විතරක් අහුවෙන වීරයන්ට පරිස්සම් වෙන්න වෙයි....
1. THC (Marijuana/ගංජා) [Tetrahydrocannabinol]
අවම හඳුනාගත හැකි සාන්ද්‍රණය: 50 ng/mL (නැනෝ ග්‍රෑම්/මිලිලීටර්)
හඳුනාගත හැකි කාලය: ඉඳහිට භාවිතා කරන අයට දින 5-8 ක් පමණ, නමුත් දිගු කාලීනව භාවිතා කරන අයට දින 30 ක් දක්වා හෝ ඊට වැඩි කාලයක් දක්වා හඳුනා ගැනීමට හැකිය.
2. AMP (ඇම්ෆෙටමින්): Crystal M**h, Ice,Shabu, Yaba, Molly, XTC, Ecstasy
[Amphetamine]
අවම හඳුනාගත හැකි සාන්ද්‍රණය: 500 ng/mL (නැනෝ ග්‍රෑම්/මිලිලීටර්)
හඳුනාගත හැකි කාලය: මුත්‍රා වල දින 2-5 ක් දක්වා කාලයක් හඳුනා ගැනීමට හැකිය. .
3. MET (මෙතම්ෆෙටමින්): Crazy Medicine, Crystal M**h / Ice, Powdered M**h
[M**hamphetamine]
අවම හඳුනාගත හැකි සාන්ද්‍රණය: 500 ng/mL (නැනෝ ග්‍රෑම්/මිලිලීටර්)
හඳුනාගත හැකි කාලය: මුත්‍රා වල දින 3-5 ක් දක්වා හඳුනා ගැනීමට හැකිය.
4. P*P (ෆෙන්සයික්ලිඩින්): Sponge, Angel Dust, Killer W**d
[Phencyclidine]
අවම හඳුනාගත හැකි සාන්ද්‍රණය: 25 ng/mL (නැනෝ ග්‍රෑම්/මිලිලීටර්)
හඳුනාගත හැකි කාලය: ඉඳහිට භාවිතා කරන අයට දින 7 ක් පමණ, නමුත් දිගු කාලීනව භාවිතා කරන අයට දින 30 ක් දක්වා හඳුනා ගැනීමට හැකිය.
5. OPI (ඔපියේට් - මෝෆීන්, කෝඩීන්, හෙරොයින්): white suger, Brown suger,bite
[Opioids]
අවම හඳුනාගත හැකි සාන්ද්‍රණය: 2000 ng/mL (නැනෝ ග්‍රෑම්/මිලිලීටර්)
හඳුනාගත හැකි කාලය: මුත්‍රා වල දින 5-7 ක් පමණ, නමුත් ඉඳහිට භාවිතා කරන අයට දින 1-3 ක් තරම් කාලයක්.
අවවාදයයි !
> මත්ද්‍රව්‍ය භාවිතය ඔබේ ජීවිතය විනාශ කරයි.එයින් ගැලවීම ඉතා අපහසු වන අතර, වෛද්‍ය සහය අවශ්‍ය වේ.
> ඔබට හෝ ඔබේ ආදරණීයයකුට මෙවාට ඇබ්බැහි වී ඇත්නම්, මත්ද්‍රව්‍ය නිරෝධන අධිකාරිය (1990 අංක 5) හෝ අදාල රෝහල් වෙත සම්බන්ධ වන්න.
> නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ඔබට දැඬි දඬුවම් ලබාදෙන වරදක් වේ.
ප.ලි.
Dear Narcotics Monitoring System,
If your word-tracking system detects this message, please understand that it is not intended as a promotion but rather as an effort toward prevention and awareness.
Chamika Gayashan