25/10/2025
සනත්ගේ නොදුටු පැත්ත!
කතා දෙකක් නෑ සනත් කියන්නේ ශ්‍රී ලංකාව බිහි කරපු විශිෂ්ටතම තරග දිනවන්නා කිව්වත් වැරැද්දක් නැහැ.
කතාවට කියන්නේ සචින් තෙන්දුල්කාර් හොඳට කරපු දවසට ඉන්දියාව හොඳට නිදාගන්නවා කියලා. හැබැයි ඉතින් සචින් හොඳටම කරපු දවස්වලටත් ඉන්දියාවට නින්ද අහිමි කරපු කෙනෙක් තමයි සනත් කියන්නේ.
ගොඩක් අය සනත් ගේ ඇචීව්මන්ට්ස්, ස්ටැට්ස් ගැන කතා කරනවානේ. හැබැයි අපි අද කතා කරන්න යන්නේ වෙනම පැත්තක් ගැන.
සනත් කියන ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් දක්වපු දායකත්වය පහත තියන පින්තූර ටික බලලත් කියන්න පුළුවන්. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අපෝ සෙල්ලම් කරනකොට ඔය වගේ ආබාධ කොච්චර එනවද කියලා. හැබැයි සනත් ඒ ආබාධ, බාධාවක් කර නොගනිමින් මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කරපු අවස්ථාවන් කිහිපයක් මෙහිදී ඇගයෙන්නේ.
🔵 1996 සිංගර් ලෝක ශූරතා තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයේදී සනත් නොදැවී ලකුණු 120ක් රැස් කරනවා. ඒ නිසාම මේ තරගයෙන් කඩුලු නමයක ජයක් ශ්‍රී ලංකාවට ලැබෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කොටසේදී මස්පිඩු පෙරළීමකට ලක්වුණ සනත් පන්දුවට පහරදෙන්නේ දැඩි අපහසුතාවයකින්. ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් අනතුරුව සනත් පිටියෙන් එළියට එන්නේ දැඩි අපහසුතාවයකින් අරවින්ද ද සිල්වාගේ අත් වාරුවෙන්. හැබැයි සනත් එන්නේ තරගය ඉවර කරලම දාලා.
🔵 1999 ජනවාරි අග දවසක ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බ්‍රෙන්ඩන් ජූලියන් එවූ පන්දුවක් සනතගේ දකුණු අතේ අතේ මැණික් කටුව බිඳ දමනවා. ඒ වෙද්දිත් සනත් පනහක් ගහලා හිටියේ. හැබැයි 1999 මැයි වෙද්දි ඔහු ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තයට ගිහින් ඉන්නවා.
🔵 2002 වසරේ මොරොක්කෝ කුසලාන අවසන් මහා තරගයේදී හර්ෂල් ගිබ්ස්ගේ උඩපන්දුවක් රැකගන්න ගිහින් සනත්ගේ උරහිස ආබාධයකට ලක් වෙනවා. හැබැයි ඒ වෙද්දිත් සනත් තමන්ගේ ඩියුටි එක හොඳටම කරලා හිටියේ. මේ තරගයේ වීරයා වෙන්නේ ශ්‍රී ලංකා ඉනිමේ අගනා අර්ධ ශතකයක් රැස් කරගත් අපේ කතානායක සනත් ජයසූරිය.
🔵 2003 වසරේ සෙන්චූරියන් පාක් ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන තරගයකදී බ්‍රෙට් ලී එවූ පන්දුවක් නැවත වතාවක් සනත්ගේ වම් අතේ ඇඟිල්ලක් කඩා බිඳ දමනවා. නමුත් ඉන්දියාව සමඟ පැවැත්වෙන ඊළඟ තරගයට ශ්‍රී ලංකා නායකයා, ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම තරග දිනවන්නා වන සනත් කෙසේ හෝ ක්‍රීඩා කරනවා.
🔵 2005 ඉන්දියන් ඔයිල් කුසලාන තරගාවලියේ මුල්ම තරගයේදී යුව්රාජ් සිං එල්ල කළ පහරක් නැවැත්වීමට ගොස් සනත්ගේ උරහිස නැවත වතාවක් ආබාධයකට ලක්වෙනවා. නමුත් තරගයේ තීරණාත්මක අවස්ථාවක වෙලුම්පටි වලින් වෙලී ගිය උරහිසක් සහිතව වේදනානාශක ලබාගත් සනත් පන්දුවට පහරදීමට එනවා විතරක් නෙවෙයි නොදැවී ලකුණු 43ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනවා. සනත් ඒ අවස්ථාවේදී පිටියට එන්නේ ඔහුගේ උරහිස් මාංශපේශි තවදුරටත් හානියට පත්වීමේ අවදානමක් තිබියදී.
සනත්ගෙන් පිතිකරුවෙක්, පන්දුයවන්නෙක්, පන්දු රකින්නෙක්, නායකයෙක විතරක් නෙවෙයි සහායට දුවන්නෙක් ලෙස ලැබුණ සේවය මිළ කළ නොහැකියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එවැන් විශිෂ්ටයෙකු නැවත බිහි නොවන බව කියන්නම ඕනි.
ප.ලි: අනෙක සනත් කියන්නේ කිසිම වෙලාවක අවතක්සේරු කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් නෙවෙයි. ඒ බව Cricfinity අපි කරපු මේ වීඩීයොවෙන් බලාගන්නත් පුළුවන්.
https://youtu.be/YnuWW-1IbG0?si=4qlrTr-OQAFOifo5