Train Viparama

Train Viparama Join me on a journey through the world of trains! From vintage locomotives to modern high-speed trains, I'll share my passion for all things railway.

Expect train reviews, travelogues, and behind-the-scenes looks at train operations. 💪🤍

අළුත්ගමින් හැඩවුනු S13 16510 ඩමිය 💙✨📸 Gagana Dehideniya
31/07/2025

අළුත්ගමින් හැඩවුනු S13 16510 ඩමිය 💙✨

📸 Gagana Dehideniya

මේ මොහොතේ සිට මහව ගල්ගමුව අතර ධාවනය වන දුම්රිය වල රියදුරන් ඉතා පරික්ෂාකාරිව  දුම්රිය පදවන්න ඉදිරි පැය කිහිපය තුල පැටවුන්...
27/07/2025

මේ මොහොතේ සිට මහව ගල්ගමුව අතර ධාවනය වන දුම්රිය වල රියදුරන් ඉතා පරික්ෂාකාරිව දුම්රිය පදවන්න ඉදිරි පැය කිහිපය තුල පැටවුන් සමගින් විශාල අලි රංචුවක් එම දුම්රිය මාර්ගය හරහා පාර මාරුවිය හැක ස්තුතියි . 🥹

ජීවිතයේ අනිත්‍ය 🥹 2018 VS 2024 (දැන් නම් මීට වඩා කචල් 🥲💔)📸 Credit gose to respective owner
16/06/2025

ජීවිතයේ අනිත්‍ය 🥹

2018 VS 2024 (දැන් නම් මීට වඩා කචල් 🥲💔)

📸 Credit gose to respective owner

අපිට අහිමි වුණු මිනි ලොකෝ සගයා (ML-01) 😪💔📸 Credit gose to respective owner
16/06/2025

අපිට අහිමි වුණු මිනි ලොකෝ සගයා (ML-01) 😪💔

📸 Credit gose to respective owner

මොනවද මේ ICE දුම්රිය එංජින්❓ඕගොල්ලො ගොඩක් වෙලාවට දැකලා ඇති සමහර දුම්රිය එංජින් ඒවායේ නියමිත පාටින් බැහැරව රතු හා තැඹිලි ...
10/06/2025

මොනවද මේ ICE දුම්රිය එංජින්❓

ඕගොල්ලො ගොඩක් වෙලාවට දැකලා ඇති සමහර දුම්රිය එංජින් ඒවායේ නියමිත පාටින් බැහැරව රතු හා තැඹිලි පාටින් තීන්ත ආලේප කරලා තියෙනවා. අද මේ ලිපියෙන් කතා කරන්න යන්නේ කට්ටියක් දන්න කට්ටියක් නොදන්න ICE එංජින් ගැන.

📌 නමේ තේරුම හා වර්ණ භාවිතය

මේ ICE කියන කෙටි නමේ තේරුම තමයි "Intercity Express" එහෙන නැත්තන් "නගරාන්තර සීඝ්‍රගාමි" කියන එක. මේ ICE එංජින් බොහෝ විට නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් ධාවනය කිරීමට යොදා ගන්නා එංජින්. නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් පහසුවෙන් අඳුර ගන්න විශේෂ Livery එකක් විදිහට මේ Paint එක සලකන්න පුළුවන්. රතු පැහැ ගැන්වූ දුම්රිය බඳේ තැඹිලි පැහැයට හුරු පුළුල් රේඛාවක් ඇති විදිහට මේ ICE liver එක සකස් කරලා තියෙනවා. නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් සඳහා භාවිත කිරීමට මේ Livery එකෙන්ම දුම්රිය මැදිරිද වර්ණගන්වලා තියෙනවා.

📌 භාවිතය පැමිණීම හා යෙදූ එංජින්

මෙම Livery එක සහිත මුල්ම දුම්රිය ධාවනය වෙලා තියෙන්නේ 1982 සැප්තැම්බර් මස 01 වැනි දින (වර්තමානයේ අංක 09/10) මහනුවර නගරාන්තර දුම්රිය (Kandy ICE) දුම්රිය සමඟ M7 පන්තියේ අංක 814 දරන එංජිමත් සමඟ. මෙම එංජිමට අමතරව M4, M5, M6 හා M7 පන්ති පහත එංජින්ද මෙම ICE Livery එකෙන් වර්ණ ගන්වලා තියෙනවා.

◽ M4 පන්තියේ අංක 752 දරණ Point Pedro (පේදුරුතුඩුව) එන්ජිමත්,

◽ M5 පන්තියේ අංක 773 සහ 782 එංජිනුත්,

◽ M6 පන්තියේ අංක 785, 788, 792, 797 දරණ දුම්රිය එන්ජිනුත්,

◽ M7 පන්තියේ අංක 803, 813, 814 එන්ජිනුත්,

මෙලෙස ICE Livery එකෙන් වර්ණගන්වලා තියෙනවා.

📌 වර්තමාන භාවිතය

කෙසේවෙතත් වර්තමානය වන විට මෙම Livery එක යොදා ගෙන තිබෙන්නේ M6 පන්තියේ අංක 785, 788 හා 797 දරන එංජින් සඳහා පමණයි. M4 752, M6 792 හා M7 813 හා 814 නැවතත් එහි සුපුරුදු වර්ණයන්ට හරවා තිබෙනවා. M5 773 අනතුරකින් භාවිතයෙන් ඉවත් කරන විටත් එහි සුපුරුදු වර්ණයට හරවා තිබී තිබෙනවා. ඊට අමතරව M5 පන්තියේ අංක 782 දරණ එංජිම අළුත්වැඩියා කර වර්තමානයේ M5c උප ධාවන පන්තියේ වර්ණයෙන් ධාවනය වනවා. එය අළුත්වැඩියා කරන තුරුත් මෙම ICE Livery එකෙන්ම ධාවනය වූවා දැයි නම් නොදනී. M7 පන්තියේ අංක 803 දරණ එංජිම 1999 දෙසැම්බර් 15 වැනිදා රඹුක්කනදි සිදු වූ අනතුරින් ධාවනයෙන් ඉවත් කළත්, එය ඒ වන විටත් M7 පන්තියේ සුපුරුදු වර්ණයට හරවා තිබී තිබුණා. M7 පන්තියෙන් පසු ගෙන්වූ කිසිඳු දුම්රිය එංජිමකට මෙම වර්ණය ආලේප කර නැත. තවද මෙම Livery එක යටතේ බලවේග කට්ටලද ධාවනය නොවේ.

📌 වර්තමානයේ ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන්

◽අංක 41 හා 42 දරණ ඇල්ල ඔඩිසි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (කොළඹ කොටුව - බදුල්ල)

◽අංක 09 හා 10 දරණ මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (කොළඹ කොටුව - මහනුවර)

◽අංක 29 හා 30 දරණ මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (කොළඹ කොටුව - මහනුවර)

◽අංක 33 හා 34 දරණ මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (කොළඹ කොටුව - මහනුවර)

◽අංක 21 හා 22 දරණ කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (කොළඹ කොටුව - කන්කසන්තුරය)

◽අංක 75 හා 76 දරණ පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (කොළඹ කොටුව - මඩකලපුව)

◽අංක 79 හා 80 දරණ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (කොළඹ කොටුව - මඩකලපුව)

ඉහත දක්වා ඇති නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් අතරින් මෙම ICE Livery එක යටතේ බොහෝ දුරට ධාවනය වන්නේ අංක 09 හා 10 දරණ මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය පමණයි. එයද ඇතැම් දවස් වල M6 පන්තියේ සාමාන්‍ය එංජිමකින් හෝ ඇතැම්විට M9 එංජින් භාවිතයෙන්ද ධාවනය වේ. මේට අමතරව M2 හෝ M6 පන්තියේ දුම්රිය එංජින් යොදා ගෙන ධාවනය වන්නේ අංක 79 හා 80 දරණ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය පමණි. අනෙත් නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් සියල්ල ධාවනය වන්නේ බලවේග කට්ටල භාවිත කරමිනි.

කෙසේ වෙතත් වර්තමානයේ මෙම ICE Livery එක සහිත දුම්රිය එංජින් 3 යොදා ගෙන බොහෝ විට මන්දගාමී දුම්රියන්, භාණ්ඩ ප්‍රවාහන දුම්රියන්, ඉන්ධන දුම්රියන් හා විවිධ සේවා දුම්රියන් ද ධාදනය කරයි. නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් වලට මෙම Livery එක යොදා ගැනීම පිළිබඳ ඔබේ අදහසත් Comment කරන්න අමතක කරන්න එපා.

ලිපියට අදාළ ඡායාරූප 👇
https://www.facebook.com/share/p/1BHboRazCi/

✍️ සටහන: ගගන දෙහිදෙණිය

📸 ඡායාරූපවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුයි.
📸 Photographs credit gose to respective owner.

📜 තොරතුරු සපයා ගත් මූලාශ

නලීන් අබේසිංහ මහතාගේ දුම්රියේ අප්‍රකට විත්ති ග්‍රන්ථය ගෙහාන් චන්දික මහතාගේ Loco Lanka blogspot
චානක මල්ලවආරච්චි මහතා
සිථිල අනුපම පොසොන්සූරිය මහතා ලිපිවලින්
ශශින් විජේතුංග මහතාගේ ලිපිවලින්

© Train Viparama

"මොනවද මේ අයිස් එංජින්❓" ලිපියට අදාල ඡායාරූප පෙළ...ලිපිය කියවන්න 👇https://www.facebook.com/share/p/1DZ9h4RhXH/© Train Vi...
10/06/2025

"මොනවද මේ අයිස් එංජින්❓" ලිපියට අදාල ඡායාරූප පෙළ...

ලිපිය කියවන්න 👇
https://www.facebook.com/share/p/1DZ9h4RhXH/

© Train Viparama

දවසේ වීරයා 🫡❤️
05/06/2025

දවසේ වීරයා 🫡❤️

1986 මාර්තු මාසයේදි වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී LTTE ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව විනාශ වූ M6 793 😞💔මේ ගැන හොයලා බලද්දි ...
28/05/2025

1986 මාර්තු මාසයේදි වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී LTTE ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව විනාශ වූ M6 793 😞💔

මේ ගැන හොයලා බලද්දි සමහර තැන් වල තියෙන්නේ මේ බෝම්බ ප්‍රහාරය මඩකලපුවෙදි එල්ල වුණා කියලා. වැඩි විස්තර දන්න අය Comment එකක් දාගෙන යන්න. 🧐

📸 Credit gose to respective owner

28/05/2025

කෝච්චියේ යද්දී මේ ගානටවත් ජොලියේ යන්න ඕනේ 😌🖤

සිංදු කියන අයියට දෙන සප් එක ❤️

📸 Credit gose to respective owner

ලස්සන එංජින් 😌ඒ කාලේ ෆුල් ශෙඩියුල් ගිය වෙලාවක 🫣 2005 VS 2025📸 Credit gose to respective owner
28/05/2025

ලස්සන එංජින් 😌

ඒ කාලේ ෆුල් ශෙඩියුල් ගිය වෙලාවක 🫣

2005 VS 2025

📸 Credit gose to respective owner

යත්තල්ගොඩ ද්විත්ව දුම්රිය පාලම, 🚇🍃"සුදු ජාතිකයින්ගෙන් ලාංකිකයන්ට ලැබුණු  අනගි දාායාදයක් වූ වසර සියයකට අධික ඉතිහාසයකට උරු...
28/05/2025

යත්තල්ගොඩ ද්විත්ව දුම්රිය පාලම, 🚇🍃

"සුදු ජාතිකයින්ගෙන් ලාංකිකයන්ට ලැබුණු අනගි දාායාදයක් වූ වසර සියයකට අධික ඉතිහාසයකට උරුමකම් කියන යත්තල්ගොඩ ද්විත්ව දුම්රිය ග්‍රේඩර් පාලම අලව්පුර අපට ඉමහත් අභිමානයෙන් පැවැසිය හැකි දාායාදයකි."

උතුරු දුම්රිය මාර්ගයේ බස්නාහිර හා වයඹ යන දෙපළාත් යා කරමින් ඉදිකර ඇති මෙම පාලම යත්තල්ගොඩ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය හා බැදුණු ග්‍රාමීය සංස්කෘතියට බද්ධ වූ සිරි අසිරියෙන් පිරි චමත්කාර දසුනකි.

මෙම ද්විත්ව ග්‍රේඩර් පාලමට පෙර වම් පසින් සුදු ජාතිකයින් ඉදිකළ එකළ උතුරු දුම්රිය මාර්ගයේ ඉපැරැණි පාලමෙි පාදම සහ නෂ්ඨාවශේෂ මාඔයේ ජලය හිඟ වූ විට දැකගත හැකිය.

සුදු ජාතිකයින්ම ඉදිකර ඇති ද්විත්ව ග්‍රේඩර් පාලමද ඔවුන්ටම උරුම වූ එකළ තාක්ෂණය යකඩ සමඟ මුසු කර සැකසූ අනගි නිර්මාණයක් බවට දුමිරිය ඉතිහාසය සාක්ෂි දෙයි. එවන් ඉපැරැණි තාක්ෂණික උපක්‍රමයෙන් අනූන යත්තල්ගොඩ දුමිරිය පාලම අලව්පුර අපට මහත් අභිමානවත් වූ දාායාදයකි. එහි අගය අනාගතයට දාායාද කරමු...!!!

📸 Credit gose to respective owner

Address

Colombo

Telephone

+94757873038

Website

Alerts

Be the first to know and let us send you an email when Train Viparama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Train Viparama:

Share