19/04/2026
පිතිකරුවන්ගේ රජ දහනක් වෙච්චි හයිද්‍රාබාද් ක්‍රීඩාංගණයේ ලකුණු 200ට අඩු ඉලක්කයක් ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඊටත් මේ තරගාවලිය ආරම්භ වෙන්න කලින් බොහෝ විචාරකයන් තරගාවලියේ ඉන්න සවුත්තුම Bowling Attack එක කියපු හයිද්‍රාබාද් වගේ ටීම් එකක් ඒ දේ කරා කියන්නේ ඒක කතා කරන්නම ඕනි.
ඒ කතාවේ කතා නායකයා අපේ එකෙක් වීම ගැන තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්...!
සම්පූර්ණ තරගය පුරාම හයිද්‍රාබාද් පන්දු බල ඇණියේ බර කරට ගත්තේ අපේ එකා... නායක ඉශාන් කිශාන්ට විකට් එකක් ඕනි හැම වෙලාවෙම ලගට ගිහින් පන්දුව දුන්නේ අපේ එකාට... ඒ තමයි එශාන් මාලිංග..🧡
තරගය පුරාම CSK කන්ඩායමේ තීරණාත්මක කඩුලු තුනකට ඔහු වගකිව්වා. තමන්ට දුන්නු පලවෙනි ඕවරේම CSK ප්‍රධාන තුරුම්පුවක් වෙච්චි රුතුරාජ් ගයික්වාඩ් පිටියෙන් ඉවත් කරා.
දෙවෙනි පන්දුවාරයේ සර්ෆරාස් ඛාන් අවුට් කරලා ඔලුව උස්සන්න හදපු චෙන්නායි ඉනිම ආයෙත් බිමට වැට්ටුවා. ඊට පස්සේ තමන්ගේ තුන්වෙනි පන්දුවාරයේ සාර්ථක වෙමින් හිටපු මැතිව් ශෝට් අවුට් කරලා ගේම් එක හයිද්‍රාබාද් පැත්තට ගෙනාවා.
කාලෙකින් අපේ එකෙක් IPL වල බස්සපු සුපිරිම Spell එකක්..👌
අවසානයේ පන්දුවාර 4 ලකුණු 29කට දාලා කඩුලු 3ක් දවා ගන්නවා. ලකුණු තියෙන හයිද්‍රාබාද් වගේ ග්‍රවුන්ඩ් එකක 200ට අඩු ඉලක්කයක් බේරා ගන්න ඒ දාපු Spell එක නම් කියලා වැඩක් නැ...🔥
Copied by ✍ | Rishie Bro