
30/08/2025
වැල්ලවාය පොලිසිය විසින් ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
වාර්තා වන අන්දමින් පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සැකකාර දමිත් අසංක මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව පොලිස් අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා