
09/01/2024
තනිවම TIN එකට Online රෙජිස්ටර් වෙමු.
🛑🛑 දේශීය තනිපුද්ගල ( Local Individual ) සඳහා මෙම පියවර නියමාකාරයෙන් අදාල වේ. 🛑🛑
අදාල පියවර 3 සවිස්තරාත්මකව , පියවරට අදාල පොස්ට් එකේ දක්වා ඇත.( Description එකේ පැහැදිලිකිරීම් ඇතුලත් කරඇත. )
📌මොකක්ද මේ TIN එක කියන්නේ? 🫵🫵
TIN - Tax Identification Number ( බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය )
📌අවුරුදු 16ට වැඩි සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් ජාතික හැඳුනුම්පතක් ( NIC - National Identity Card ) ලබා ගැනීම අනිවාර්යය වනවා වගේ, අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් Tax Identification Number (TIN - බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ) ලබා ගැනීම 2024.01.01 සිට අනිවාර්යය කරලා තියෙනවා.
📌18ට වැඩි ඔයාට TIN එක අවශ්‍යය වෙන්නේ ඇයි? 🫵
🏦බැංකු ගිණුම් විවෘත්ත කිරීමේදී
🚗මෝටර් රථ ලියාපදිංචියේදී
🏩ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීමේදී
🏕️ඉඩම් මිලදී ගැනීමේදී
📌2024.01.31 දිනයට කලින් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN - Tax Identification Number ) ලබා නොගන්නේ නම් රු.50,000ක දඩයක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව නියම කරලා තියෙනවා. 🥹😱
📌 TIN Certificate එකක් ලබාගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවිය යුතු නැහැ. 😇
වසරකට රු. මිලියන 1.2කට වඩා ආදායම වැඩි නම් ආදායම් බදු ගෙවිය යුතුය. එවිට පමණක් බදු ගෙවිම හා බදු වාර්තා ගොනු කිරීම සිදුකල යුතුය. 😯
📌ඔයාට ප්‍රශ්නයක් ඇති මම 18 වුනා විතරයි ඇයි මම මේ TIN එක ගන්න ඕනේ වෙන්නෙ කියලා. 🙃🤔
ඉතින් ඔයා විතරක් නෙවෙයි උදාහරණයක් විදිහට ඔයාගෙ අම්මා ගෘහණියක් වුනත් ඇයටත් මේ TIN එක ගන්න වෙනවා. 😮😮
📍 ඔබට මෙම පියවර තනිව සිදුකිරිමට අපහසු නම් පමණක්, අපේ සේවාව ලබා ගත ගැකිය. මේ සඳහා අපගේ සේවා ගාස්තුව රු.3000ක් පමණයි.
අපගේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථනයට WhatsApp කරන්න.
📱071 575 9684
Genesiis Fortune Trading