Daily Reporter

Daily Reporter News for you

ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන ව්‍යව­සා­ය­ක­යෙක්  https://www.dailyreporter.lk/economy/habits-of-successful-people/ මෙම ලි...
22/08/2025

ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන ව්‍යව­සා­ය­ක­යෙක්
https://www.dailyreporter.lk/economy/habits-of-successful-people/ මෙම ලිපියට ❤️ like එකක් දාලා 👍කමෙන්ට් එකක් දමා 🔄share කර ඔබේ සහයෝගය ලබාදෙන්න.😊

habits of successful people ඔහු ගැනු­ම්ක­රුගේ අව­ශ්‍ය­තා­වට අනුව යන්ත්‍ර නිප­ද­වීමේ හසළ දැනු­ම­කින් යුත් රටට අව­ශ්‍යම ව්‍යව­සා­ය­ක....

ලක්ෂ 50ක සහන ණයක්https://www.dailyreporter.lk/economy/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-50%e0%b6%9a-%e0%b7%83%e0%b7%8...
20/08/2025

ලක්ෂ 50ක සහන ණයක්

https://www.dailyreporter.lk/economy/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-50%e0%b6%9a-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/

ව්‍යාපෘ­තිය වසර 05ක කාල­යක් සඳහා ක්‍රියා­ත්මක වන අතර, ප්‍රති­ලා­භි­ය­කුට උප­රිම ණය පහ­සු­කම වශ­යෙන් රුපි­යල් මිලි­ය.....

හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මො...
15/08/2025

හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්

අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මොලගොඩ තාමත් මැටිවැඩ කර්මාන්තය කරන ගමක්. හැම කර්මාන්තකරුවෙක්ම වගේ කිව්ව කතාව අපේ වැඩ කරන්න මැටි නෑ කියලා. දුර පලාත් වලින් පදම් කරපු මැටි ගෙන්නා ගන්න ලොකු වියදමක් යනවා කිව්වා.
මේ හට්ටි ටික හදන්න මොන තරම් මැටි යන්න ඇතිද ? මට නිකමට හිතුණා. ඇත්තටම මේ ටික ගෑස් වළං වුණා නම් මොන තරම් වටිනවද? පොඩි ලෝබ කමක් හිතට ආවා. මේ ටිකේ පස් පුරවලා පැල තවානක් වගේ කරන්න පුළුවන් තමයි. ඒත් ඒ කරන්න දෙයක් නැති නිසා කරන වැඩක්නේ.

😊ලිපියට සබැඳිය 1 කමෙන්ටුවේ😊

තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්“මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහ...
12/08/2025

තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්

“මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ ඉලක්කය වුණේ.

අපි දෙන්නා අන්තර්ජාලයෙන් සහ පොත්පත්වලින් පොල් ගෙඩියට මුල් වූ බොහෝ කරුණු හැදෑරුවා. රටට අපි යමක් දිය යුතුයි. ඒ තුළින් අපේ රටේ ශ්‍රමිකයන්ට යමක් ඉටුවිය යුතුයි යන අරමුණුවලයි අපි හිටියේ. අපට වෙන සිහින තිබුණේ නැහැ. මේ සිහිනය සැබෑ කරගැනීමයි එකම සිහිනය වුණේ..” කුරුණෑගල ශාන්ත ආනා මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන නිපුණ ඉලංගරත්න කතාවට පිවිසියේ එසේ කියමිනි.

මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු පීඨයට ඇතුළත්ව එම පාඨමාලාව සමඟ පශ්චාද් උපාධියකට හිමිකම් කී ඔහු රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය කරණය පිළිබඳ ද හදාරා ඇත. තිස්සමහාරාමයේ දෙබරවැව මහා විද්‍යාලයේ ආදි සිසුවකු වූ දිනේෂ් කොඩිතුවක්කු තරුණයා නිපුණගේ ගජ මිතුරකු බවට පත්වන්නේ සරසවියේදීය.

“මොරටුව විශ්වවිද්‍යාලයේ එකම බැච් එකේදි තමයි දිනේෂ් හා මම මිතුරන් වුණේ. දෙන්නටම තිබුණේ එකම ඉලක්කයක් බව දැනගත්තට පස්සෙ අපි හොඳම යාළුවෝ වුණා..”

සරසවි අධ්‍යාපනය නිම කළ දිනේෂ් කොඩිතුවක්කු ආචාර්ය උපාධිය හැදෑරීමට ජපානය බලා ගියද යළි මවුබිමට පැමිණි පසු ද දෙමිතුරන් නිතර කතාබහ කර ඇත්තේ සිය ව්‍යාපාර සිහිනය ගැනමය. ඒ වන විට ස්වෝත්සාහයෙන් උපයාගත් දැනුම සමඟ නැවුම් පොල්තෙල් නිෂ්පාදනයට සමඟාමීව නවමු ව්‍යාපාරයකට පිවිසෙන මං සලකුණු දැන සිටියද ඊට හරස් වූයේ මුදල්ය. ඒ වසර 2013දීය. නිපුණගේ මවුපියන් සතු ඉඩමක් තිබුණද ව්‍යාපාරය ඇරඹීමට නම් පොල් මිලදී ගැනීමට මෙන්ම ඊට යාන්ත්‍රික උපකරණ සපයා ගැනීමද උභතෝකෝටික වූයේ ඒ සඳහා මූලික පිරිවැය ඔවුන් සන්තකයේ නොමැති වීමෙනි.



😊ලිපියට සබැඳිය 1 කමෙන්ටුවේ😊

මෙම ලිපියට ❤️ like එකක් දාලා 👍කමෙන්ට් එකක් දමා 🔄share කර ඔබේ සහයෝගය ලබාදෙන්න.😊

Debt Crisis Looms Over Pelwatta and SevanagalaOpposition Leader Sajith Premadasa has sounded the alarm over the looming ...
07/08/2025

Debt Crisis Looms Over Pelwatta and Sevanagala

Opposition Leader Sajith Premadasa has sounded the alarm over the looming collapse of the Pelwatta and Sevanagala sugar factories—two institutions that have long served as economic lifelines for thousands of rural Sri Lankan families. Speaking at a gathering of sugarcane farmers and factory workers at Sri Chandra Madhuraramaya in Buttala on August 2, Premadasa described a deepening crisis marked by debt, unpaid wages, and a breakdown in factory operations.

“These factories have been crippled by mounting financial liabilities. Farmers and workhttps://www.dailyreporter.lk/wp-admin/post.php?post=42872&action=editers are now facing a dire situation,” he warned. “We will not wait idly until these institutions are closed.”

The numbers are stark. Pelwatta Sugar Factory, employing 3,795 permanent staff and supporting over 17,000 registered sugarcane farmers, has failed to remit Rs. 320 million in deducted EPF contributions. It has already borrowed Rs. 2.5 billion in 2024 from the Bank of Ceylon just to pay wages.

Sevanagala Sugar Factory is in no better shape. With 1,300 workers and 3,900 dependent farmers, it currently owes Rs. 205 million to cultivators, Rs. 15 million in EPF, Rs. 400 million in VAT, and Rs. 100 million to suppliers.



(Link to the article in 1st Comment)

කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනි­සෙක් වූ අයුරුඇත්ත­ටම සම­හර කාල­ව­ලට අපේ නිෂ්පා­ද­න­ව­ලට තිබෙන ඉල්ලුම සපු­රා­ල­න්නට නො...
07/08/2025

කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනි­සෙක් වූ අයුරු

ඇත්ත­ටම සම­හර කාල­ව­ලට අපේ නිෂ්පා­ද­න­ව­ලට තිබෙන ඉල්ලුම සපු­රා­ල­න්නට නොහැ­කිවී තිබෙ­නවා. විජ­ල­නය කළ වරකා මෙන්ම විජ­ල­නය කළ කොස්, කොස් ඇට ආශ්‍රි­ත­වත් නිෂ්පා­දන රැසක් තම නිෂ්පා­ද­න­යක් ලෙස Made in Sri lanka නාමය යටතේ අමෙ­රි­කාව, යුරෝපා රට­වල් සහ අරාබි රට­ව­ලට අප යොමු කර­නවා. අපේ මිනි­සුන් ප්‍රයෝ­ජ­නය නොග­ත්තට ඇත්ත­ටම කොස් ගස කියන්නේ කප්රු­කක්. කොස්, වරකා, කොස් ඇට මොන තරම් ගස් යට වැටිලා විනා­ශ­වෙලා අපතේ යන­වද?. අ‍ෙමරි­කාවේ යුරෝ­පයේ වර­කා­ව­ලට විත­රක් නෙවෙයි විජ­ල­නය කළ කොස්ව­ල­ටත් හොඳ ඉල්ලු­මක් තිබෙ­නවා. කොස් ඇට තම්බා අප සමා­ගම සකස් කරන පිටි­ව­ලට අරාබි රට­ව­ලින් තිබෙන්නේ පුදුම ඉල්ලු­මක්. ඒම ජන­තාව මෙම පිටි , තෝස, පිට්ටු, රොටි වැනි ආහාර සකස් කරන්න ආදේ­ශක ලෙස භාවිත කර­නවා. රාම­සාන් උත්සව කාල­යට ඔවුන් කොස් ඇට දාලා විශේෂ ව්‍යංජ­න­යක් හද­නවා. මේ කාල­යට කොස් ඇට කිලෝ ග්‍රෑම් 1000ක් විතර සති­ය­කට අප විදෙස් රට­ව­ලට ගුවන් මඟින් යව­නවා. බොහෝ විදේ­ශි­ක­යන් කොස්, වරකා කොස් ඇට ආහා­ර­යට ගැනී­මට කැමැ­ත්තක් දක්වන්නේ කොස් ගස රසා­ය­නික පොහොර භාවිත නොකර ස්වභා­වි­කව වැඩෙන, පල­ද­රන ගසක් නිසා, කොස් ඇට­යට යන­කම් වස විස නැති ආහාර එයින් ලබා ගන්නා නිසා.’කොස්’ වසර පුරා­ව­ටම එක ලෙස පල­දාව ලැබෙන්නේ නැහැ. ඒ කාල­යට අපි අඹ, කෙසෙල්, එළ­වළු වර්ග, පලා­වර්ග විජ­ල­නය කර නිෂ්පා­දන සකස් කර­නවා. අපේ බෝතල් කළ කෙසෙල් මුව නිෂ්පා­දන ඉතාම ජන­ප්‍රි­යයි. පොලොස් බහුල කාල­යට ඒවා සකස් කර බෝතල් ඇසු­රු­ම්වල දමා විදෙස් රට­ව­ලට යැවීම අප සිදු කර­නවා. අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය හර­හාත් පෞද්ග­ලික අප­න­ය­න­ක­රු­වන් හර­හාත් අපේ ඉරස නිෂ්පා­දන විදෙස් වෙළෙ­ඳ­පොළ වෙත යව­නවා. මේ කර්මාන්ත ශාලා­වෙන් ඉවත් කරන කොස් කටු, කිරි ගව කර්මා­න්තයේ යෙදෙන මේ ගමේම පුද්ග­ල­ය­කුට ලබා­දෙ­නවා. මගේ කර්මාන්ත ශාලාවේ සේවය කරන කෙනෙක් මාසි­කව රුපි­යල් 35,000කට වඩා ආදා­යම් උප­ය­නවා. නිෂ්පා­දන ඉල්ලුම වැඩි කාල­ව­ලදි සේව­ක­යන්ට අති­කාල දීමනා ලබා­දීලා වැඩි­පුර නිෂ්පා­දන සිදු කර­නවා’ උදය පව­සන්නේ මහත් අභි­මා­න­යෙන්.

😊ලිපියට සබැඳිය 1 කමෙන්ටුවේ😊

දවස් 3යි ආදායම ලක්ෂ 60යි බත්ත­ර­මුල්ල දියත උයන පරි­ශ්‍රය පසු­ගිය සතියේ කර්මාන්ත පුර­යක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පු...
31/07/2025

දවස් 3යි ආදායම ලක්ෂ 60යි

බත්ත­ර­මුල්ල දියත උයන පරි­ශ්‍රය පසු­ගිය සතියේ කර්මාන්ත පුර­යක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්ත­රයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැට­යම් නිර්මා­ණය. යක­ඩ­ව­ලින් තැනුණු ගෘහ භාණඩ, මුළු­තැ­න්ගෙයි උප­ක­රණ, බිත්ති සැර­සිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදි­පිළි මෙකී නොකී දහ­ස­කුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්, ගෝවා, අල, බතල, මඤ්ඤොක්කා පලා­වර්ග ඇතුළු භෝග රැසක් අලෙ­විය පිණිස තබා ඇත්තේය.

මේ සියලු නිෂ්පා­දන සහ නිර්මා­ණ­යන්හි අයි­ති­ක­රු‌වන් සිර­ක­රු­වෝය.මේ නිර්මාණ, නිෂ්පා­දන එක වහ­ලක් යටදී මිලදී ගැනී­මට මහ­ජ­න­තා­වට හැකි­වූයේ දියත උයනේ පසු­ගිය 15දා පැවැත්වූ , රැඳ­වූ­වන්ගේ නිර්මාණ ඇතු­ළත් සිර­සර ශිල්ප 2025 කර්මාන්ත හා අලෙවි ප්‍රද­ර්ශ­න­යේ­දීය. ශ්‍රී ලංකාවේ බන්ධ­නා­ගාර 28ක රැඳ­වි­යන් මේ ප්‍රද­ර්ශ­නය සඳහා දාය­කවී තිබිණි.රැඳ­වූ­වන් බන්ධ­නා­ගා­ර­යන්හි පුන­රු­ත්ථා­ප­නය වන කාල­සී­මාව තුළදී ඔවුන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක, වැනි දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි, පහන් ඇතුළු කම්මල් භාණ්ඩ, අත්යන්ත්‍ර සාරි, ඇඳ ඇති­රිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා ඇතුළු මැහුම් නිර්මාණ, කාබ­නික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩඉරිඟු, එළ­වළු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඉරටු ඉදල්, අඩ සඳ පාපිසි, ලෑලි පාපිසි, දූවිලි පිස්නා ඇතුළු කොහු ආශ්‍රිත නිෂ්පා­දන, සහල්, කැවිලි වර්ග ඇතුළු තවත් නිෂ්පා­දන රැසක් මෙහිදී ඉතා පහසු මිලට මිලදී ගැනීමේ අව­ස්ථාව හිමි­වුණි.

වෘත්තීය පුහුණු කුස­ලතා මට්ටමේ (NVQ) සහ­තික ලබා අදාළ කර්මා­න්ත­යන්හි නිපු­ණ­යන් බවට පත්වී ඇති මෙම රැඳ­වි­යන්ගේ දෑතින් නිමවී ප්‍රද­ර්ශ­න­යට එක්වී තිබූ නිර්මාණ, නිෂ්පා­දන සාමාන්‍ය වෙළෙ­ඳ­පොළේ මිල ගණ­න්ව­ලට වඩා ඉතා අඩු­වෙන් අලෙවි වූ අතර මහ­ජ­න­තාව අතර ඒවා ‘උණු කැවුම්’ මෙන් විකිණී ගියේ යැයි කීම අති­ශ­යෝ­ක්ති­යක් නම් නොවේ.

දකුණේ බන්ධ­නා­ගාර රැඳ­වූ­වන් විසින් වගා කර අලෙ­වි­යට තැබූ නැවුම් සහල් පාරි­භෝ­ගි­ක­යන් ඉතා විශ්වා­ස­යෙන් මිලදී ගත්තේ වස විස නැති නියම දේශීය සහල් වූ බැවිනි. එමෙන්ම ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි වූ එළ­වළු, පල­තුරු ද මහ­ජ­න­තාව මිලදී ගත්තේ අඩු මිල ගණන් නිසාම නොව ඒවා වස විස නැතිව දේශීය කොම්පෝස්ට් පෙහොර යොදා සරු බිම්වල වගා කර ඇති භෝග­යන් බැවිනි. මෙම 15 -17දා දක්වා තෙදි­නක් පුරා පැවැ­ත්වුණු සිර­සර ශිල්ප ප්‍රද­ර්ශ­න­යේදී බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව ලද ආදා­යම රුපි­යල් ලක්ෂ 60 ඉක්මවා ඇත. මෙයින් වැඩිම ආදා­යම් ඉපැයූ බන්ධ­නා­ගාර අත­රට දුම්බර සහ මහර බන්ධ­නා­ගාර (රුපි­යල් ලක්ෂ 07 ඉක්ම­වවූ ආදා­ය­මක්), වෑලි­කඩ බන්ධ­නා­ගා­රය (රුපි­යල් ලක්ෂ 6.5 ඉක්ම වූ ආදා­ය­මක්) පල්ලෙ­කැලේ (රුපි­යල් ලක්ෂ 5.5 ඉක්ම­වවූ ආදා­ය­මක්) එක් වී තිබේ. මෙම ආදා­ය­මෙන් වැඩි කොට­සක් ඍජු­වම රජ­යට බැර කෙරෙනු ඇත. සිර­කරු දෑතින් මැවුණු විස්කම් නිර්මා­ණ­ව­ලට බන්ධ­නා­ගා­රය තුළදී මූලික මඟ­පෙ­න්වන්නේ බන්ධ­නා­ගාර පුහුණු උප­දේ­ශ­ක­ව­රුන්ය.සිර­සර ශිල්ප ප්‍රද­ර්ශ­න­යේදී අද­හස් දැක්වූ බන්ධ­නා­ගාර වෘත්තීය පුහුණු උප­දේ­ශ­ක­ව­රුන්ගේ සංග­මයේ ලේකම් සී.පී.කේ. රඹු­ක්වැල්ල මහතා පැව­සුවේ යම් වර­ද­කට සිපි­රි­ගෙට පැමි­ණි­යද මෙම රැඳ­වූ­වන් සතු කුස­ලතා බොහො­ම­යක් වන බවයි.යම් අයකු බන්ධ­නා­ගා­ර­ගත කළ මුල්ම දින­ව­ලදී අපට හමු­වන්නේ නොහි­ක්මුණු පුද්ග­ල­යෙක් ලෙසයි. හික්මී­මක් නොමැ­තිව බන්ධ­නා­ගා­ර­ගත වන මේ පුද්ග­ල­යින් හික්මී­මක් සහිත මෙන්ම රටට වැඩ­දායී පුද්ග­ල­යකු බවට පත්කි­රීම බන්ධ­නා­ගා­රය තුළින් අප අර­ඹ­නවා. එහිදී මේ රැඳ­වුවා හෝ රැඳවූ කාන්තාව හොඳ වෘත්ති­ක­යකු කිරී­මට අප මුල පුර­නවා. ඔහු හෝ ඇය නිද­හස ලබා යන විට රටේ ආර්ථි­ක­යට දායක කළ හැකි පුද්ග­ල­යකු බවට මේ අය පත් වී සිටි­නවා. මේ පුහුණු නිල­ධා­රීන් සතු වෘත්තීය දැනුම ඉහ­ළයි. රැඳ­වූ­වන්ට ඒ දැනුම නොම­සු­රුව ලබා දෙන්නට අප සූදා­නම්. එම පුහු­ණු­වෙන් ලද දැනුම සිර­සර ශිල්ප ප්‍රද­ර්ශ­න­යේදී දැක­ගත හැකි­වුණා. යැයිද රඹු­ක්වැල්ල මහතා කියයි.


😊ලිපියට සබැඳිය 1 කමෙන්ටුවේ😊

Mr. Baldrick, Dr. Johnson, and the World Entertainment ForumThe Pockets – Series 2 | Episode 2 by Nanda WanninayakaMulti...
21/07/2025

Mr. Baldrick, Dr. Johnson, and the World Entertainment Forum
The Pockets – Series 2 | Episode 2 by Nanda Wanninayaka

Multipockets: Good morning, Mr. President.

Pocket Billiards: Good morning, Multipockets, good to see you. Good to see you. What is all this hullabaloo over the World Economic Forum? We usually did well in this type of fora before, didn’t we?

Multipockets: Yes, we did, but you are no longer the president, Mr. President, to send sensible representatives to such global events. Therefore, they have no one to represent Paradise Island on international platforms anymore. They have to send what they have now. As a result, they had only Mr. Baldrick to be sent this time.

Pocket Billiards: Good heavens. Baldrick!!! The stupidest person on earth! The guy who never bathes! The bloke who never washes his underpants! Is Double Pockets that much crazy to send a bloke like him? I am sure the World Economic Forum turned out to be a World Entertainment Forum. (Laughs Out Loud)

Oh! My… That is all the reason why he shouldn’t have been sent, because he is an economist. Did I send Harsha, our own Dr.

BYOB නීත්‍යානුකූලද?ඔබේම බෝතලයක් අරගෙන එනවද?පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රති...
17/07/2025

BYOB නීත්‍යානුකූලද?

ඔබේම බෝතලයක් අරගෙන එනවද?

පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත. BYOB යන්නෙන් අදහස් කරන්නේ ඔබේම බෝතලය ගෙන ඒමයි, පාරිභෝගිකයින්ට මත්පැන් ගෙනැවිත් එවැනි ස්ථානවල එය පරිභෝජනය කළ හැකිය.

BYOB ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවේ’ එය යුරෝපය, උතුරු ඇමරිකාව සහ ආසියාව පුරා වර්ධනය වන ගෝලීය ප්‍රවණතාවයකි. එය දැරිය හැකි මිල, නම්‍යශීලීභාවය සහ වඩාත් පුද්ගලාරෝපිත භෝජන අත්දැකීමක් සොයන පාරිභෝගිකයින්ට සේවය කරයි.

ශ්‍රී ලංකාවේ, මෙම ප්‍රවණතාවය සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ වේ. සංචාරකයින්ට හුරුපුරුදු පාන සමග ගුණාත්මක ආහාර භුක්ති විඳිය හැකිය. BYOB ස්ථාන ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර භූ දර්ශනය පොහොසත් කරයි.

මෙම ලිපියට ❤️ like එකක් දාලා 👍කමෙන්ට් එකක් දමා 🔄share කර ඔබේ සහයෝගය ලබාදෙන්න.

😊ලිපියට සබැඳිය 1 කමෙන්ටුවේ😊

බෝතල් පොල්තෙල් අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක්සුළු නිෂ්පාදකයාත්, සුළු පාරිභෝගිකයාත් අමාරුවේකලවම් කළ පොල් තෙල් අලෙවිය...
15/07/2025

බෝතල් පොල්තෙල් අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

සුළු නිෂ්පාදකයාත්, සුළු පාරිභෝගිකයාත් අමාරුවේ

කලවම් කළ පොල් තෙල් අලෙවිය වැළැක්වීමේ පියවරක් ලෙස සඳහන් කරමින් ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර තිබිණි.

“පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බවට බොහෝ පිරිස් ප්‍රකාශ කරන බවත් ඒ මහතා කීය. එම නිසා පොල්තෙල් නමින් වෙළෙඳපොළට නිකුත් කරන තෙල්වල නිෂ්පාදකයා මෙන්ම ඇතුළත් කළ යුතු සියලු කරුණු ඇතුළත් කර ඇසුරුම් සහිතව වෙළෙඳපොළට එම පොල්තෙල් නිකුත් කළයුතු බවත් ඔහු පැවසීය. මෙම තත්ත්වයට අනුගතවීමට මාස කිහිපයක් ලබාදී ඉන් අනතුරුව මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. පොල්තෙල් නමින් කලවම් කරන ලද තෙල් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ද ඒ මහතා කියාසිටියේය,” යි දිවයින පුවත්පත පවසයි.

මෙම තීරණය කිසිදු සාක්ෂියක් මත පදනම්ව ගත් එකක් බව නොපෙනේ. තීරණයට හේතුව ලෙස දැක්වෙන්නේ බෝ නොවන රෝගවලට ලක්වන බව බොහෝ පිරිස් ප්‍රකාශ කිරීමයි.

මුලින්ම, වෙළඳපොළේ අලෙවියට තිබෙන ඇසුරුම් කළ හා නොකළ පොල්තෙල්වල සංයුතිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ යුතුය. එසේ නොමැතිව, අසුරා නැති පොල්තෙල් පමණක් “ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බව” පැවසිය නොහැකිය.

😊ලිපියට සබැඳිය 1 කමෙන්ටුවේ😊

❤️ like එකක් දාලා 👍කමෙන්ට් එකක් දමා 🔄share කර ඔබේ සහයෝගය ලබාදෙන්න.😊

ඇමරිකාවේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් ලංකාවට කරන ආනයනවලට වැඩි බදු පැනවීම  - අජිත් පැරකුම් ජයසිංහමෑතකදී, ජනාධිපති ට්‍රම්ප් ය...
11/07/2025

ඇමරිකාවේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් ලංකාවට කරන ආනයනවලට වැඩි බදු පැනවීම - අජිත් පැරකුම් ජයසිංහ

මෑතකදී, ජනාධිපති ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද රජය, 2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක තීරුබද්දක් පැනවීය. මෙය 44%ක මට්ටමේ තිබුණු ආරම්භක තර්ජනයට සාපේක්ෂව අඩුවීමක් වුවද, වියට්නාමය (20%) වැනි ශ්‍රී ලංකාවේ සමහර තරඟකරුවන් මුහුණ දෙන තීරුබදුවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය. මෙම නව එක්සත් ජනපද තීරුබදු, එක්සත් ජනපද වෙළඳපොළ මත දැඩි ලෙස රඳා පවතින සහ විදේශ ආදායම් සහ රැකියා සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් වන ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඇඟලුම් අංශයට දැඩි පීඩනයක් එක් කරයි.

එයට ප්‍රතිචාර ලෙස, ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින් ආනයනික ඇඳුම් සඳහා බදු 300% සිට 400% දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ. ටේමු, අලි එක්ස්ප්‍රස් වැනි ඔන්ලයින් වේදිකාවලින් ගෙන්වා ගනු ලබන භාණ්ඩ සඳහා රජය ලවා බදු ක්‍රියාත්මක කරවා ගැනීමෙන් ඔවුන් දැනටමත් උද්දාමයට පත්ව ඇත.

ලිපියට සබැඳිය 1 කමෙන්ටුවේ

A Nation in the Dark? What the New Electricity Bill Means for Sri Lanka       Electricity reform in Sri Lanka is more th...
07/07/2025

A Nation in the Dark? What the New Electricity Bill Means for Sri Lanka

Electricity reform in Sri Lanka is more than just a technical debate—it’s at the heart of whether families live with dignity, industries remain competitive, and students study without disruption. The country’s power sector, once envisioned for transformation, may now be at risk of another cycle of inefficiency and crisis.

Opening Kathikawa's 232nd episode, a series of public dialogues organised by the National Movement for Social Justice, moderator Professor Rohan Samarajiva offered a timely reminder of how Sri Lanka reached this juncture.

Link to the English article in Comments

Address

56/2, Palitha Place, Colombo 09
Colombo
00900

Alerts

Be the first to know and let us send you an email when Daily Reporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daily Reporter:

Share