Ceylon News

Ceylon News Ceylon News | Truth. Fast. Always.

22/07/2026

මාධ්‍යවේදියාගේ කැමරාව වැහුවේ ඇයි?
ඇමති ලාල්ගෙන් පිළිතුරු
මාධ්‍යවේදීන්ටත් උපදෙසක් !

22/07/2026

ලාල් කාන්ත මාධ්‍ය ඉස්සරහා තියන්
ප්‍රසිද්ධියේ කරපු අභියෝගය

17/07/2026

දෙමළ මිනිස්සුන්ට මේ ආණ්ඩුවෙන් සහනයක් නෑ ලැබෙනවා කියලා හිතන්නත් බෑ
- විග්නේෂ්වරන් -

ජනතාව ජීවත් වන්නේ අර්බුද හා ආර්ථික පීඩන මධ්‍යයේ වුවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි රටේ මහජනතාව තබා ඇති විශ්වා...
17/07/2026

ජනතාව ජීවත් වන්නේ අර්බුද හා ආර්ථික පීඩන මධ්‍යයේ වුවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි රටේ මහජනතාව තබා ඇති විශ්වාසය තවමත් 75.5%ක් වැනි ඉහළ මට්ටමක පවතින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි සමීක්ෂණ ඒකකය වන සෝෂල් ඉන්ඩිකේටර් (Social Indicator) ආයතනය එක්ව සිදුකළ නවතම ජනමත සමීක්ෂණයකින් අනාවරණය කරගෙන තිබේ.

මෙරට ජනතාවගෙන් 51.4%ක් වැනි බහුතරයක් සමීක්ෂණයට අනුව ප්‍රකාශ කර ඇත්තේ 2025 වසරට සාපේක්ෂව තම ගෘහස්ථ ආර්ථික තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති බවයි.

එසේම රජය විසින් ජීවන වියදම කළමනාකරණය කරන ආකාරය පිළිබඳව 45.3%ක් තෘප්තිමත් වන විට 44%ක් පසුවන්නේ අතෘප්තිමත්භාවයෙන් වන අතර රටේ සිංහල ප්‍රජාව තුළ ජීවන වියදම සම්බන්ධයෙන් පවතින අතෘප්තිය 48.4%ක් දක්වා ඉහළ අගයක් ගන්නා බව එමගින් හෙළි කරගෙන තිබේ.

ජනාධිපතිවරයාට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි පවතින මහජන තෘප්තිය 29.4%ක් වැනි පහළ අගයක පවතින බවත් 64.9%ක බහුතරයක් විපක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳ අතෘප්තිය පළ කර තිබෙන බවත් සමීක්ෂණයෙන් හෙළි කර ඇත.

2026 මැයි සහ ජූනි මාසවලදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සහ ජන කොටස් නියෝජනය වන පරිදි පුද්ගලයන් 1,240 දෙනෙකු ඇසුරින් සිදුකළ “ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකය” (Confidence in Democratic Goveance Index) මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

17/07/2026

බයවෙන්න එපා ආණ්ඩුවක් ආයේ එන්නේ නෑ මේක ආයේ යන්නේ නෑ
- ප්‍රසන්න ගුණසේන සහ ලාල් කාන්ත -

දෙමළ භාෂිත දේශපාලන හයක ඒකාබද්ධවීම සුබවාදී ලක්ෂණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තමිල් මක්කල් ‍තේසිය කුට්ටනිහි නායක සී...
17/07/2026

දෙමළ භාෂිත දේශපාලන හයක ඒකාබද්ධවීම සුබවාදී ලක්ෂණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තමිල් මක්කල් ‍තේසිය කුට්ටනිහි නායක සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සිංහල භාෂිත පක්ෂවලින් තමන් නියෝජනය කරනු ලබන ජනතාවට කිසිදු සහනයක් නොලැබෙනු ඇතැයි විශ්වාසයෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.

මෙරට සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම පක්ෂවල නායකයින් මෙම තීරණය ගෙන තිබේ.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උතුරු - නැගෙනහිර ජනතාව තෘප්තිමත් නොවන බව ද සී. වී. විග්නේෂ්වරන් මහතා කීය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනු ලැබුවේ, එම ජනතාවගේ පෞද්ගලික ඉඩම් හමුදාව විසින් තවදුරටත් අත්පත් කරගෙන ඇති බවය.

ඇතැම් ඉඩම්වල වගා කටයුතු සිදු කරමින් ඒවායේ ආදායම හමුදාවට ලබා ගන්නා බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී අනාවරණ කළේය.

මෙවැනි කරුණු හේතුවෙන් ජාතික ජනබලවේග ආණ්ඩු යටතේ දෙමළ ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය.

වත්මන් ආණ්ඩුව ද දෙමළ ජනතාවට දෙවැනි පුරවැසියෙකුට මෙන් සලකන බවත් සමාන අයිතිවාසිකම් ලබාදීමට කටයුතු නොකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තමිල් මක්කල් ‍තේසිය කුට්ටනිහි නායක සී.වී විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියාසිටියේය.

🔴BREAKING NEWS හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන අද (17) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා.මුල...
17/07/2026

🔴BREAKING NEWS
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන අද (17) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මුල්ලේරියාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

***de

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංග...
17/07/2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කාදිනල්තුමන් කියා සිටින්නේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ නඩුකරය හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ස්වාධීනභාවය මෙන්ම ඵලදායීතාවයට බලපෑමක් සිදුවිය හැකි බැවින් වින්දිතයයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ඊට මැදිහත්වීමට අධිකරණයේ අවසරය ඉල්ලා සිටින බවය.

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ "අසාද් මවුලානා" නමැති පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරය සහ ඊට පෙත්සම්කාර සුරේෂ් සලේ සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් ඒ පිළිබඳ විමර්ශනය සිදුකිරීම අවශ්‍ය බවත් කාදිනල්තුමා එමඟින් පවසයි.

මෙම තත්ත්වය යටතේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉල්ලා සිටින සහනය අධිකරණය විසින් ප්‍රදානය කළහොත් ඉන් අගතියට පත්වූවන්ගේ අයිතිවාසිකම්වලට බලපෑම් සිදුවිය හැකි බව පෙත්සමේ සඳහන්ය.

ඒ අනුව පෙත්සම්කාර සුරේෂ් සලේ මහතාගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් එම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් කාදිනල්තුමන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

දේශීය කිරී සම්බා සහල් වැඩි විමට විකිණීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රා...
16/07/2026

දේශීය කිරී සම්බා සහල් වැඩි විමට විකිණීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (24) ලක්ෂ 2ක දඩ මුදලක් නියම කළා.

ඇල්පිටිගල මාවත, කොළඹ 8 සහ බොරැල්ල කොළඹ 8 ප්‍රදේශවල වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට මෙසේ දඩ මුදල් නියම කෙරුණා.

එම වෙළඳසැල තුළ වැඩි මිලට සහල් විකුණන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පාරිභෝගික අධිකාරිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

16/07/2026

වටේ කැරකෙන මාධ්‍යවේදීන්ට කිණ්ඩියට වගේ ලාල් කාන්ත දීපු උත්තරය

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share