Mayam.lk

Mayam.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mayam.lk, Media/News Company, .

නිදාගෙන ඉද්දි ඔයාගෙත් අත් හිරි වැටෙනවද ? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න.සමහර වෙලාවට අපිට නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනව...
18/07/2025

නිදාගෙන ඉද්දි ඔයාගෙත් අත් හිරි වැටෙනවද ? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න.

සමහර වෙලාවට අපිට නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනවා නේද ?

ඒ වගේ වෙලාවට දැනෙන අපහසුව කියන්න වචන නැහැ… අත් හිරි වැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙල ඇති. ඉතිං අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි…

ඇතැම් විට හම ඇතුලෙන් පුපුරු ගස ගතියක්, නැතිනම් තියුණු ඇල්පෙනෙති වලින් අනිනවාක් මෙන් දැනෙන සංවේදනයක් ඇති වෙන අවස්ථා ද තිබෙනවා. මෙම තත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පැරෙස්තීසියා (paresthesia) යනුවෙනි.

මෙය පරාවින්දනය ලෙසත් හැඳින්වෙනවා.ගාත් වලට අධික තෙරපුමක්-පීඩනයක් යොමුවී ඇති විට මෙම සංවේදනයන් සාමාන්‍යයෙන් පූර්ව සංඥාවකින් තොරව හටගන්නා බව අධ්‍යයන මඟින් පෙන්වාදේ. ඒ අනුව පුද්ගලයා හට මෙම සංවේදය ඇතිවීමට පටන්ගැනීම ගැන අවබෝධයක් නොලැබේ.

මෙම සංවේදය සැමවිටම වේදනාකාරී බවක් ඇති නොකරයි, නමුත් ඉන් පුද්ගලයාට මහත් අපහසුවක් දැනේ. ඇතැම් විට මෙසේ හිරිවැටීම සිදුවන්නේ බරපතල රෝග තත්වය පූර්ව රෝග ලක්ෂණයක් ලෙසින් ද විය හැකි අවදානමක් ඇත.ඇත්තටම මේ අමිහිරි අත්දැකීම ඇතිවන්නේ ඇයි? එසේ වීම වළක්වාගන්න පුලුවන්ද?

මේ කරුණු ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

පරාවින්දනය තත්වය සිරුරේ අත් කකුල් වල ඇතුලුව ඕනම ස්ථානයක හටගත හැකි තත්වයකි. පූර්ව සංඥාවකින් තොරව ඇතිවිය හැකි තත්වයක් වන අතර ස්නායු මත අඛණ්ඩව තෙරපුම ඇතිවී තිබීම එය උත්සන්න විමට බලපායි.

ක්ෂණයෙන් දුරු වී යන පැරෙස්තීසියා තත්වය සාමාන්‍යයෙන් සෞඛයට හානිකර නොවන බවයි සැලකෙන්නේ. නමුත් එය නිරන්තරයෙන් මතුවේ නම් යම් සැඟවුණු රෝග තත්වයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් ලෙස එසේ හිරිවැටීම සිදුවනවා විය හැක.පැරෙස්තීසියා තත්වය ඇතිවීමට බලපෑ හැකි හේතු…

නිදන ඉරියව්ව
අත් සිරුරට යටකරගෙන උදරය මත වැතිරී නිදාගැනීම , අත් හිසට යටින් තබාගෙන කොන්දට බරදී උඩු අතට හැරී නිදාගැනීම හෝ අත් අඹරවාගෙන පැත්තකට හැරී නිදාගේනීම ස්නායු වෙත අධි පීඩනයක් ඇතිකරවන සුලු දුර්වල නිදන ඉරියව් වේ. මෙම වැරදි නිදන ඉරියව් නිසා රුධිර ප්‍රවාහයට බාධා ඇතිවිය හැකි අතර ස්නායු පද්ධතිය පුපුරු ගසන සංවේදනයක් ඇතිකරවමින් ප්‍රතික්‍රියා කිරීමට පටන්ගනියි. මෙම සංවේදනය තමයි ඔබට ක‍ටු අනිනවාක් මෙන් දැනෙන්නේ.

ස්නායු මිරිකීයාම
උරහිස සිට වැළමිට දක්වා විහිදී ඇති රත්නීය ස්නායුව (ulnar nerve) හරහායි අපට අතට සංවේදනයන් දැනීමට සලස්වනේ.මැණික්ක‍ටුව ප්‍රදේශයේ වේදනාව, අත මිට මෙලවීමේදි දුර්වල බවක් දැනීම, සහ අතේ හිරිවැටීමක් ඇතිවීම රත්නීය ස්නායුව මිරිකී හෝ පීඩනයට ලක්වී තිබෙන බව පෙන්නුම් කරන ලක්ෂණ වේ. මෙම වේදනාව ස්වභාවයෙන්ම දුරු වී යන මුත් දින 2 කට වඩා කාලයක් එසේ වේදනාව තවදුරටත් පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට සැලකිලිමත්වන්න.

විටමින් B12 ඌනතාව මස්, මාලු, කිරි නිෂ්පාදන වල මෙම විටමින් බහුලව අඩංගු වේ. ඒවා අපේ සිරුරේ ස්නායු සහ රුධිර සෛල නීරෝගී කරවයි. විටමින් B12 ඌනවීමෙන් සිරුරේ ස්නායු සම්බන්ධ විවිධ ගැටලු මතුවිය හැකි අතර එය පුපුරු ගසන සංවේදනයක් ලෙස හෝ සංවේදනයන් දැනීම අඩුවීමක් හරහා ඉඟි ලක්ෂණ පෙන්නුම් කරයි.

ආතතිය සහ කාංසාව-අප කාංසාවට හෝ ආතතියට පත්වී සිටින විට ඉලක්කගත ස්ථාන වලට ආතති හෝර්මෝන නිදහස් වීමට පටන්ගන්නා විට අපේ සිරුරේ ‘සටන් කිරීම හෝ පලායාම'(fight or flight response) නම් යාන්ත්‍රණය සක්‍රීය වේ.එක්කෝ එම තත්වයන්ට මුහුණ දීම හෝ , එසේ කල නොහැකි නම් ඉන් මිදීමට සිරුරට සූදානම් කිරීමයි. මෙම මානසික ප්‍රතික්‍රියාවේදී සිරුරේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන ශරීර කොටස් වෙත රුධිර ප්‍රවාහය ආපසු හරවා යැවීම සිදුවේ. එහිදි සිරුරේ ඇතැම් කොටස් වල රුධිර ප්‍රවාහය විම අඩුවීමත් සමඟ මෙසේ හිරිවැටීම් තත්වය ඇතිවේ. ආතත්ය නිසා මාංශ පේශී අධික පීඩාවට පත්වීම හේතුවෙන් ද මෙසේ සම පුපුරු ගසන වේදනාවක් ඇත්විය හැක.

සිරුර අභ්‍යන්තරේ ඇති ඇතැම් සෞඛ්‍යය ගැටලු තත්වයන්-නිදන්ගත පැරස්තීසියාව (chronic paresthesia) එහෙමත් නැතිනම් දිගුකලක් නිතර නිතර මතුවන හිරිවැටීමේ තත්වය සිරුරේ ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරවන යම් සෞඛ්‍යය ගැටලුවක රෝග ලක්ෂණයක් විය හැක. හිරිවැටීම සමඟ මාංශ පේශි අප්‍රාණිකබව හෝ වෙනත් රෝග ලක්ෂණ ද මතුකරයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ තත්වය පරික්ෂා කරගැනීමට සැලකිලිමත් වන්න.

පැරෙස්තීසියා තත්වය අවම කරගන්නේ කෙසේද?
‘ඔබේ අත් අවදි කරන්න’ස්නායු තදවිමක් නිසා අත හිරි වැ‍ටුණු විට අත සම්පූර්ණයෙන්ම නිදාවැටි ඇතිවාක් මෙන් කිසිඳු දෙයක් නොදැනෙන තත්වයකට පත්වේ.පීඩනය දුරු වි ගිය වහාම අතේ සංවේදනයන් දැනීමේ හැකියාව යලි ලැබෙනවා. මෙහිදි ඔබේ අත් සෙලවීමට උත්සහ කිරීමෙන් අත් වල රුධිර සැපයුම වැඩිකරගත හැකියි.අත් ඉහළට හෝ දෙපසට සේල්වීම, උරහිස් චලනය කිරිම හරහා බෙල්ලේ පීඩනය අඩුවීම සහ ස්නායු ලිහිල් වීම සිදුවේ.ක්‍රියාශීලිබව අඩුකම මෙසේ අත් පා හිරිවැටීමට බලපාන තවත් හේතුවක් බව සඳහන් වෙනවා.

නිදන ඉරියව්ව නිවැරදි කරගන්න-සිරුරට යට වන සේ අත් තබාගෙන නින්දට යාමෙන් වළකින්න. මෘදු රුධිර ප්‍රවාහයක් ඇතිවන සේ නිදාගැනීමට යන විට වැළමිට ප්‍රදේශය සෘජුව තබාගන්න. හිසට යට කරගෙන නොව, සිරුරට දෙපසින් දෑත් තබාගෙන නිදාගන්න. එමඟින් අත් වලට ඇති රුධිර සැපයුමට බාධා ඇති නොවෙයි. කළල ඉරියව්වෙන් එහෙමත් නැතිනම් වකු‍ටු වී නිදාගන්නා ඉරියව්වෙන් නිදාගැනීම හිතකර නැත. අත් සහ වැළමිට නැවි ඇති විට නින්දේදී ස්නායු වලට අනවශ්‍ය පීඩනයක් එල්ල වීම සිදුවෙයි.
නිදාගන්නා විට wrist brace එකක් හෝ තුවායක් භාවිතා කරන්න-splints හෝ wrist brace (මැණිකට්‍ටුවට පලඳින විශේෂ පටියක්) වැනි මෙවලම් භාවිතයෙන් මැණික්ක‍ටුව නින්දේදී සෘජුව තබාගැනීමට ආධාරකයක් ලැබේ. එවිට නින්දේදී අත් නැවීයාම ගැන වද වෙන්නට අවශ්‍ය නැහැ. වැළමිට වටා තුවායක් ඔතාගැනීම මඟින් ද වැළමිට නැවීම වළක්වාගත හැකියි. නමුත් තදින් ඔතාගැනීමත් සුදුසු නැහැ.

නීරෝගි ජිවන රටාවකට හුරුවන්න-දිනපතා ව්‍යායාම වම නිරතවන්න, ඉන් හෘද සෞඛ්‍යයට සහ රුධිර සංසරණ ක්‍රියාවලියට වඩාත් යහපත් ප්‍රතිලාභ හිමිවේ. විටමින් ඌනතා ඇතිවීම වළක්වාගැනීමට සහ ස්නායු වේදනා ඇතිවීම අවම කරගැනීමට හොඳ විටමින් පෝෂණයක් ලැබෙන ආහාර අනුභව කරන්න.

සෞඛ්‍යයමය ගැටලු වලට නිසි ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්න-බරපතල හා දිගින් දිගටම මතුකරවන දිගු කලක් තිස්සේ පවතින රෝග ලක්ෂණ මතුවේ නම් හිරිවැටිම හෝ ක‍ටු අනිනවාක් මෙන් දැනෙන ස්වභාවය ඇතිවන්නේ සිරුරේ හටගෙන ඇති යම් රෝග තත්වයක් නිසාදැයි තහවුරු කරගැනීමට කල් නොදමා වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ තත්වය පරික්ෂා කරගනිමින් අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමට සැලකිලිමත් වන්න.

වහාම ක්‍රියාත්මක විය යුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි සැලකිලිමත් වීම ඉතා වැදගත්!එක්වරම හිරිවැටිමක් ඇතිවීම ආඝාත තත්වයේ පුර්ව රෝග ලක්ෂණයක් ද විය හැකියි. එබැවින් පැරස්තීසියා තත්වය සමඟ ඉස කරකැවිල්ල ගතිය, අංශබාගය හෙවත් සිරුරේ පැත්තක් අප්‍රාණික වී ඇති බවක් දැනීම, කතා කිරීම අපහසුවීම, අසමබරතාව ගිලිහීම සහ බරපතල හිසරදය තත්වයක් ඇති වෙයි නම් වහාම පුද්ගලයාව රෝහල් ගත කිරීමට කටයුතු කරන්න.
(උපුටාගැනීමකි)

ගෑණියෙකුට සල්ලිකාර පිරිමියෙක් දාලා යන්න පුලුවන්, කඩවසම් පිරිමියෙක් අතෑරලා දාන්නත් පුලුවන්, ඒත් තමන්ගෙ හදවත දිනාගත්ත පිරි...
15/07/2025

ගෑණියෙකුට සල්ලිකාර පිරිමියෙක් දාලා යන්න පුලුවන්,
කඩවසම් පිරිමියෙක් අතෑරලා දාන්නත් පුලුවන්,
ඒත් තමන්ගෙ හදවත දිනාගත්ත පිරිමියාව අතාරින්න
ගෑණු හිතකට කවදාවත් හිතෙන්නෙ නෑ🥰

ඇය ආරක්ෂිතයි කියලා ඇයට දැනෙන්න සලස්සපු පිරිමියෙකුව, එහෙමත් නැත්තන් ඇය නැතිව ජීවත්වෙන්න නොහැකි වග ඇයට ඒත්තු ගන්නපු පිරිමියෙකුව, ඇය දුර්වල වුන තැන්වල කඳුලු පිහදාලා ඇයට උරහිසක් වුන පිරිමියෙකුව, ඇය කිසි දවසක අතාරින්නෙ නෑ.

ගෑණු හදවත මුදලට ගන්න බෑ, ගෑණු හදවත අයිතිවෙන්නෙ ඇයට හොඳින් සලකන, ඕනම අවස්ථාවක ඇයගෙ හයියට ඉන්න පිරිමි හිතකට විතරමයි............ 🥰

Copied

Barbie දියවැඩියාවෙන් පෙලෙන බොනික්කෙකු හඳුන්වා දෙයි! 💃 කුඩා කාලයේ ‍Barbie බොනික්කන් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්ට නම් මේ ප්‍ර...
14/07/2025

Barbie දියවැඩියාවෙන් පෙලෙන බොනික්කෙකු හඳුන්වා දෙයි! 💃

කුඩා කාලයේ ‍Barbie බොනික්කන් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්ට නම් මේ ප්‍රවෘත්තිය වැදගත් එකක් වේවි. ඉස්සර අපි දැකපු පරිපූර්ණ Barbie ලාගෙන් මදකට අපගමණය වෙලා, වෙනසක් කරන්න ඔවුන් නිෂ්පාදනය කරන Mattel සමාගම කරපු දෙයක් ගැනයි මේ news එක.

ලඟදි දියවැඩියාව (Type 1 diabetes) සහිත Barbie බෝනික්කෙකු එළිදැක්වීමත් සමඟ, සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන දැවැන්තයෙකු වන මේ සමාගම, සමාජයේ විවිධත්වය පිළිගැනීම සහ නියෝජනය කිරීම සම්බන්ධයෙන් තවත් වැදගත් පියවරක් තබා තිබෙනවා.

🩼 දුබලතා වලින් පෙලෙන Barbieලා හැදුවේ ඇයි?

» Barbie brand එක තවදුරටත් "පරිපූර්ණ" රූපයක් පමණක් නියෝජනය නොකර, සැබෑ ලෝකයේ පවතින ශාරීරික තත්වයන්, රෝගාබාධ සහ ආබාධිත තත්වයන් සහිත බෝනික්කන් නිර්මාණය කිරීමට යොමු වී තිබෙනවා.
» මෙම බෝනික්කන්, එම තත්වයන් සහිත දරුවන්ට තමන්ව සමාජය තුළ නියෝජනය වන බවක් දැනීමට (feel represented) උපකාර කරන අතරම, අනෙකුත් දරුවන්ට එම තත්වයන් පිළිබඳව ඉගෙන ගැනීමට සහ සංවේදී වීමට මඟ පාදනවා.
» මෙමගින් කුඩා කල සිටම සමාජයේ ඇති වැරදි මත (stigma) සහ වෙනස්කොට සැලකීම් (discrimination) බිඳ දැමීමට උපකාර වෙනවා.

🧸 සෙල්ලම් බඩු ලෝකයට මේ වෙනස වැදගත් වෙන්නේ ඇයි?

දරුවෙකු තමන් සෙල්ලම් කරන බෝනික්කා තුළින් තමන්වම දකින විට, එය ඔවුන්ගේ ආත්ම අභිමානය (self-esteem) සහ තමන්ව පිළිගැනීම (self-acceptance) වර්ධනයට සෘජුවම බලපානවා. ඒ වගේම, විවිධත්වයෙන් යුතු සෙල්ලම් බඩු සමඟ හැදෙන වැඩෙන දරුවන්, අන්‍යයන්ගේ වෙනස්කම් වලට ගරු කරන, වඩාත් සංවේදී සහ ඇතුළත් කරගන්නා (inclusive) වැඩිහිටියන් බවට පත් වෙනවා.

⏳ Barbieගේ විවිධත්වයේ ගමන් මඟ

මෙම ගමන එක රැයකින් සිදු වූවක් නම් නෙවෙයි, එය දශක ගණනාවක් පුරා විකාශනය වූවක්.

👩‍🦽 1997 - Share a Smile Becky:
රෝද පුටුවක් (wheelchair) භාවිතා කරන Barbie ගේ මිතුරියක් ලෙස Becky හඳුන්වා දුන්නා. මෙය ආබාධිත තත්වයක් නියෝජනය කළ මුල්ම සහ ඉතා වැදගත් අවස්ථාවක්. නමුත්, ඇයගේ රෝද පුටුව Barbie ගේ Dreamhouse නිවසේ දොරවල් වලින් ඇතුල් කිරීමට නොහැකි වීම එකල විශාල විවේචනයකට ලක් වුනා. එය සැබෑ ලෝකයේ ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන ප්‍රවේශ්‍යතා (accessibility) ගැටලු පිලිබඳ සංකේතයක් බවට පත් වුනා.

🦿 2019 - Prosthetic Limb Barbie:
Fashionistas නම් එකතුවේ කොටසක් ලෙස, කෘත්‍රිම පාදයක් (prosthetic limb) සහිත බෝනික්කෙකු හඳුන්වා දුන්නා. මෙය ශාරීරික ආබාධ නියෝජනය කිරීමේ තවත් පියවරක් වුනා.

👨‍🦳 2020 - Vitiligo Barbie:
සමේ වර්ණක නැතිවීමෙන් ඇතිවන විටිලිගෝ (Vitiligo) නම් සමේ රෝගී තත්වය සහිත බෝනික්කෙකු එළිදැක්වූවා. මෙය ලොව පුරා මිලියන ගණනක් මිනිසුන්ට බලපාන තත්වයක් වන අතර, මෙම නියෝජනය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුනා.

👂 2022 - Hearing Impaired Barbie:
පළමු වරට, ශ්‍රව්‍යාබාධිත (hearing impairment) තත්වය නියෝජනය කරමින්, කනේ පැළඳි ශ්‍රවණාධාරක (hearing aids) සහිත බෝනික්කෙකු නිර්මාණය කළා. මෙය සංවේදීය ආබාධ (sensory disabilities) පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට උපකාරී වුනා.

🙂 2023 - Down Syndrome Barbie:
මෙය ඉතා සුවිශේෂී නිර්මාණයක්. National Down Syndrome Society සමඟ එක්ව, Down Syndrome සහිත පුද්ගලයන්ගේ ශරීර ලක්ෂණ නිවැරදිව නිරූපණය වන පරිදි මෙම බෝනික්කා නිර්මාණය කර තිබුනා. රවුම් මුහුණ, කුඩා කන් සහ ඔවුන්ගේ ප්‍රජාව නියෝජනය කරන වර්ණ (කහ සහ නිල්) සහිත ඇඳුමකින් ඇයව සරසා තිබුනා.

💉 2024 - Type 1 Diabetes Barbie:
නවතම එකතු කිරීම වන මෙම බෝනික්කා, ඉන්සියුලින් පොම්පයක් (insulin pump) සහ ග්ලූකෝස් මීටරයක් (glucose monitor) වැනි වෛද්‍ය උපකරණ සමඟ පැමිණෙනවා. Type 1 දියවැඩියාව සමඟ ජීවත් වන දරුවන්ට, ඔවුන්ගේ දෛනික යථාර්ථය සෙල්ලම් බඩු ලෝකය තුළ සාමාන්‍ය දෙයක් ලෙස දැකීමට මෙය මහඟු පිටුවහලක්.

මේක barbieලාගේ ලෝකයට positive change එකක වුනත්, තවමත් ගමන් කළ යුතු දුරක් තිබෙනවා. පිටතට නොපෙනෙන ආබාධ (invisible disabilities) වගේම, මානසික සෞඛ්‍ය තත්වයන් (mental health conditions) වැනි බොහෝ දේ තවමත් නියෝජනය විය යුතුව පවතිනවා. මේක Mattel සමාගමේ genuine උත්සාහයක්ද, නැතිනම් තවත් අලෙවිකරණ උපක්‍රමයක් (marketing gimmick) ද කියලා සමහරු ප්‍රශ්න කරනවා. එහෙත්, කුමන අරමුණකින් සිදුකළත්, මෙහි ප්‍රතිඵලය සමාජයට යහපත් එකක් බවයි මගේ නම් අදහස.

Barbie dollsලා දරුවන්ග‍ේ ලෝකය හැඩගස්වන, ඔවුන්ට තමන්ව සහ අන් අයව තේරුම් ගැනීමට උගන්වන කැඩපතක් කියන එක නම් නොරහසක්. හැම දරුවෙකුටම එම කැඩපතෙන් තමන්ව දැක ගැනීමට අයිතියක් තිබෙනවා.

මේ ගැන ඔයාගේ අදහස කුමක්ද? සෙල්ලම් බඩු දරුවන්ගේ මානසිකත්වයට බලපානවා කියා ඔයා හිතනවාද? අපි කතා කරමු.
Barbie dolls ලා එක්ක සෙල්ලම් කරපු ඔයාගේ අනිත් යාලුවන්ටත් දැනගන්න share කරන්න.

මූලාශ්‍රය: https://corporate.mattel.com/news/barbie-introduces-first-ever-barbie-doll-with-type-1-diabetes-to-expand-representation-and-inspire-more-children



Credits - වෛද්‍ය චන්දිම ජයසිංහ [13-07-2025]

ඔයාට දෙන්න පුළුවන් හැමදේම කිසිවක් බලාපොරොත්තු නොවී, සතුටින් මේ ලෝකෙට දෙන්න. ඔයාට "ලැබෙන්න ඕනි කොටස" ගැන මේ Universe එක බ...
13/07/2025

ඔයාට දෙන්න පුළුවන් හැමදේම කිසිවක් බලාපොරොත්තු නොවී, සතුටින් මේ ලෝකෙට දෙන්න. ඔයාට "ලැබෙන්න ඕනි කොටස" ගැන මේ Universe එක බලාගනී. 🍀

පවුල් පිටින් විනාසයට ඇද වැටෙන්න ට බලපාන හේතු කියාදෙන්න ද ..🗣️ගෙදර නිතරම අසභ්‍ය වචන භාවිතා කිරීම. අපි හිතමු කෙනෙක් ඉන්නවා...
11/07/2025

පවුල් පිටින් විනාසයට ඇද වැටෙන්න ට බලපාන හේතු කියාදෙන්න ද ..

🗣️ගෙදර නිතරම අසභ්‍ය වචන භාවිතා කිරීම. අපි හිතමු කෙනෙක් ඉන්නවා කියන්නේ කාටද කියලා බලන්නේ නැතුව නිතරම අහන් ඉන්නට බැරි වචනවලින් කෑගහනවා. ඒ වචනවලින් නිකුත් වෙන්නේ ඍනාත්මක ශක්තිය ! එවැනි තැන් ඉක්මනින් පිරිහෙනවා. මෙවැනි පුද්ගලයන් එක්ක ප්‍රශ්නයක් කතා කිරීම , තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සිදුකිරීම ඉතාම අපහසුයි. ඒ නිසාම වැනි මිනිසුන් එක්ක ජීවත්වන නිවැසියන් ඉන්නේ ලොකු පීඩනයකින් වගේම ඒ වචන පිළිබඳ බොහෝම අප්‍රසාදයෙන්. ඉතින් ඉබේම සෘනාත්මකත්වය ඒ නිවස තුළ බෝවෙනවා.

🗣️ කෙනෙක් ඉන්නා විට තවත් කෙනෙක් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඒ කියන්නේ අනියම් සම්බන්ධතා පවත්වන මිනිස්සු. අනියම් සම්බන්ධතා වෙනුවෙන් තමන්ගේ පවුල සම්පූර්ණයෙන්ම අමතක කරලා , කියන හැමදේම අනියම් සම්බන්ධතා වෙනුවෙන් වියදම් කරන මිනිස්සු. එවැනි මිනිසුන් ඉන්න ගෙදරක් ඉක්මනින්ම පිරිහෙනවා. කරන කියන රැකියා පවා අඩාල වෙනවා. තමන් කරන සියලු දේවල් අසාර්ථක වෙනවා. අපි හිතමු තමන්ගෙ දරු පවුල නොසලකා තවත් කෙනෙක්ව නඩත්තු කරනවා කියලා , ඒ කියන්නේ තමන්ගෙ දරු පවුලට අනේක දුක් වේදනා දෙමින් තවත් කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් අරගෙන යනවා නම් ඒ පවුල පිටින් දුක් විඳින්නට නියමිතයි. ඉතින් මෙවැනි තැනක ඉන්නා විට දෙපාරක් හිතන්න !

🗣️ එකිනෙකාට ගරු කිරීමට නොදන්නා මිනිසුන්.. මෙවැනි මිනිසුන් ඉන්නා ගෙදරක් ඉක්මනින්ම පිරිහෙනවා. තමන්ගෙ ස්වාමිපුරුෂයාට හෝ තමන්ගේ බිරිඳට ගරු කිරීමට දන්නේ නැත්නම් එවැනි තැනක ආශිර්වාද ඉපදෙන්නේ නැහැ.

🗣️ එකිනෙකාගේ මානසික මට්ටම අවබෝධ කරගන්නේ නැති තැන්. තවත් කෙනෙක්ගෙ මානසික සුවය බිඳවන තැන්. එවැනි තැන් ඉක්මනින්ම විනාශයට යනවා. ශක්තිමත් පවුලක් හැදෙන්න නම් මානසික සුවය ගැන එකිනෙකා සිතන්නම ඕනේ..

🗣️ නිතරම කරපු දේවල් මතක් කරමින් අනිත් අයට අපහාස කරන තැන්. එහෙමත් නැත්නම් නිතරම තමන් කරපු හොඳ දේවල් ගැන කියමින් අනිත් අයව පහත් කරනවා නම්. එවැනි තැන්වලත් ඉපදෙන්නේ සෘණාත්මක ශක්තින්.

🗣️ ආදරය නොපෙන්වන මිනිස්සු. ආදරේ නොපෙන්වන මිනිස්සු නිසාත් විවිධ පවුල් බිඳවැටෙනවා. මිනිස්සුන්ට හිත් කියවන්න බෑ කියලා අමතක කරන්න එපා ! ඉතින් ආදරේ හිතේ තියාගෙන ඉන්නෙ නැතුව නිතරම තවත් කෙනෙක්ට දැනෙන්න ඒ දේවල් දෙන්න.

🗣️ සංවේදී නොවන මිනිසුන්. සංවේදී නොවන මිනිසුන් නිසා පරිහානිය ඉක්මනින්ම ළංවෙනවා.

මේ මං දැක්ක , පොදු හේතූන් පරිහානියට ලක්වෙන පවුල් තුළ ...

ලස්සන පවුලක් හදන්න ! ඔයා දැන් ඉන්න ටොක්සික් පවුලෙන් දවසක එලියට ඇවිත් , ලස්සන පවුලක් හදන්න.. ජීවත් වෙන්න මිනිස්සුන්ට ආස හිතන පවුලක්...!!!!!

Credits - Gumiho's Diary

එංගලන්තයේ දි කාම විකෘති බාල අපරාධකරුවෙක් වුන Jason Prince ලංකාවෙ දි Kandie King වුනේ කොහොමද?නිකමට හිතිලා තියෙනවා ද එංගලන...
08/07/2025

එංගලන්තයේ දි කාම විකෘති බාල අපරාධකරුවෙක් වුන Jason Prince ලංකාවෙ දි Kandie King වුනේ කොහොමද?

නිකමට හිතිලා තියෙනවා ද එංගලන්තය වගේ රටක සැපට ඉන්න පුලුවන් සුද්දෙක් ලංකාව වගේ දුප්පත් රටකට ඇවිල්ලා ගෑණියෙක් වගේ ඇඳගෙන Voice එකෙ සිංදු කියලා,ලංකාවෙම ජීවත් වෙලා ඉන්නෙ ඇයි කියල? එහෙම ජීවත් වෙන්නෙ ලංකාවට තියෙන ආදරයක් නිසා කියලා ද හිතුවෙ?

කියන්න කණගාටුයි.හැබැයි මේ සුද්දා ලංකාවට ආවේ එංගලන්තයේ දි ගම කාගෙන හිරෙත් යන්න වුන නිසා.

අපේ කතා නායකයා තමා Jason Prince.ඔය පලවෙනි ෆොටො එකෙ ඉන්නෙ අන්න එයා.Jason කියන්නෙ එංගලන්තයේ DJ Artist කෙනෙක්.2020 අවුරුද්දෙ දි එංගලන්ත පොලීසිය විසින් Jason ව අත්අඩංගුවට ගන්නවා චෝදනා 6 ක් යටතේ.

ඒ චෝදනා හයෙන් එකක් එල්ලවෙලා තිබුනේ ළමා නිරුවත් ජායාරූප බෙදාහැරීම සඳහා.තවත් චෝදනා තුනක් එල්ලවුනේ ළමා නිරුවත් ජායාරූප 36 ක් සහා ළමා නිරුවත් වීඩියො 9 ක් ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් වන අතර ඉතුරු චෝදනා නිතී විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එල්ලවුනා.

2020 වසරේදි මේ චෝදනා මත අත්අඩංගුවට පත් වුන Jason Prince විසින් Croydon මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන් වැරදිකරු බවට පිළිගත්තා.අධිකරණයේ දි ඔප්පු වුන තවත් කරුණක් තමා Jason විසින් ළමා අපචාර සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය කාම විකෘති අපචාරකයන්ගෙන් පිරි තිබුන Group එකකට සම්බන්ධ වුන බව.ඒ Group එක මාර්ගයෙන් හමුවන තවත් වැඩිහිටි පිරිමියෙක් සමඟ Jason කතා කරන්න පටන් ගත්තත් Jason දැනගෙන හිටියෙ නෑ ඒ පුද්ගලයා ළමා අපචාරකයන් ගැන සෙවිල්ලෙන් හිටපු පොලිස් නිලධාරියෙක් බව.Jason එම නිලධාරියා සමග Role play එකක් කරනවා.Jason ඔහුට කියනවා පාසල් ළමයෙක් ලෙස තමන් සමග චැට් කරන්න කියලා.

පසුව එම නිලධාරියාට තමන්ගේ Whatsapp නම්බරය දුන්න Jason එම නිලධාරියාට අවුරුදු හතක නිරුවත් පිරිමි ද|රුවෙක් සිටින විඩියො එකක් යවලා නිලධාරියාට තමන්ගෙ නිවසට ආරාධනා කරා එම වීඩියො එකෙ සිටින ද|රුවාව GBL සහ M**h වැනි මත්ද්‍රව්‍ය මාර්ගයෙන් මත් කර අ|පයෝජන කරමු කියලා.

තවදුරටත් මේ ළමා අපයෝජකයාට සමාජයෙ සැරිසරන්න ඉඩ දීම ගැටලුවක් බව තේරුන පොලීසිය විසින් Jason ව අත්අඩංගුවට ගත්තා.අත්අඩංගුවට පත් වුන Jason කීවේ තමන් ළ|මයි සමඟ ඇත්තටම ලිංගිකව හැසිරෙන්නෙ නැති බවත් එය නිකන්ම නිකන් ෆැන්ටසි සිතිවිල්ලක් බව.

Jason එසෙ පැවසුවත් ඔහු තවත් අවස්ථාවක අවුරුදු හතරක පිරිමි ළ|මයෙක් නිරුවතින් සිටින ජායාරූපයක් තවත් අයෙකුට යවා තිබු අතර එම අවස්ථාවේ දි ඔහු පවසා ඇත්‍තෙ එම දරුවා සහ තවත් දරුවන් 3 කට වඩා ඔහු නිතරම හමුවෙන බවටයි.

මීට අමතරව ඔහු විසින් ඔහුගේ සමීප මිතුරෙක්ගෙ ද|රුවාගේ ජායාරූප පවා මෙලෙස තමා සේම කාම විකෘති අපයෝජකයන්ට යවා ඇති බව සඳහන්.

Jason විසින් අධිකරණය හමුවෙ තමන් වැරදිකරු බව පිළිගත් අතර ඔහුට මාස 21 ක සිර දඩුවම් හිමි වුනත් ඔහු තමන් මානසික ආබාධ ඇති අයෙක් බව පැවසීම නිසා මාස 21 ක සිර දඩුවම් වෙනුවට ඔහුව මාස 21 ක අත්හිටවු දඩුවමක් සමඟ පුනරුත්ථාපනය යොමු කරා.මේ කාලවකවානුවේදි ඔහු යළිත් වැරැද්දක් කලහොත් අනිවාර්යයෙන් සිරබත් කෑමට සිදුවන බවටත් අධිකරණය සනාථ කරා.

ඒ කෙසෙවෙතත් එම කාලවකවානුවේදි Jason සංක්‍රාන්ති ලිංගිකයෙක් ලෙස වෙනස් වන්නට පටන් ගත් අතර ඔහු විසින් සමරිසි පුද්ගලයන්ගෙ Dating app එකක් වන Grindr App එක මාර්ගයෙන් Trans4Twinks යනුවෙන් ගිණුමක් සදාගෙන තරුණ පිරිමින් බිලි ගන්නට උත්සහා කරා දිගටම.(Trans= Transgender,4 = for, Twinks = තරුණ සමරිසි පුද්ගලයන් හඳුන්වන්නට යොදාගන්නා නමක්).

පොලීසිය තවමත් තමන් පසු පස පැමිණෙන නිසා ඔහු බාලවයස්කාර දරුවන් වෙනුවට යන්තමින් අවුරුදු 16 පැන්න තරුණ පිරිමි දරුවන් ආශ්‍රය කරා මේ ලෙසට.එමෙන්ම මේ කාලයේදි පොලීසිය විසින් අනාවරණය කරගත් දෙයක් වූනේ ඔහු විසින් එක දිගට instagram තුළින් බාලවයස්කාර දරුවන්ගෙ ගිණුම් follow කරන බවත් ඒවාට like කරන බවත්.නමුත් ගිණුමක් follow කිරිම නීතියට අනුව වැරැද්දක් නොවන නිසා ඔහුට ඉන් ගැටලුවක් වුනේ නෑ.

ඉන් වසර දෙකකට පසු,එනම් 2022 වර්ශයෙ දි මෙම " අපරාධකරු" ශ්‍රී ලංකාව වෙත පැමිණෙන අතර ඔහුගේ නම Kandie King ලෙස වෙනස් කරගෙන Voice Sri Lanka වැනි ජාත්‍යන්තර තරඟයක පවා ලැජ්ජාවකින් තොරව සිංදු කිව්වා.ඔහු දැනගත්තා සිංහලෙන් සිංදුවක් දෙකක් ගායනා කරාම මෝඩ සිංහලයන්ගෙ ආදරය දිනාගන්නට පුලුවන් බව.ඔන්න ඔය විදිහට තමා එංගලන්තයේ දි අපරාධකාරයෙක් වුන කෙනෙක් ලංකාවෙ දි තරුවක් වුනේ.

ඔයාලට කවදාවත් හිතුනේ නැද්ද එංගලන්තයට වෙලා සැපේ ඉන්න පුලුවන් එකෙක් ලංකාව වගේ දැඩි LGBT විරෝධි රටකට ඇවිල්ලා මෙහෙම තැන් තැන් වල සිංදු කියලා පොඩි හුංඩුවක් වගේ ගෙදරක ඉන්න එකෙ ලොකු සැකයක් තියෙනවා කියලා? නිකමට හිතලා බලන්න මේ පුද්ගලයා ලංකාවෙ ඉදගෙන කරන දේවල් ගැන? අතීතයෙ ඉදන්ම කාම විකෘති සුද්දො ලංකාවට සහ තායිලන්තයට වැඩියෙන්ම ආවේ බාල වයස්කාර ළමයි එක්ක යහන්ගත වෙන්න මිසක් ඔය රටවල් වලට ඇති ආදරය නිසා නෙමෙයි.

මේ මනුස්සයාට ලංකාවේ ඉන්න වීසා ලබාදුන්න එකම ගැටලුවක්.වෙන රටවල් වල මනුස්සයෙක්ව තමන්ගෙ රට ඇතුලට ගන්න කලින් හැමදෙයක්ම හොයනවා.හැබැයි ලංකාවෙ දි එහෙම වෙන්නෙ නෑ.ළමා අපයෝජකයන් එළිපිට සතුටින් ඉන්නවා ලංකාවට ඇවිල්ලා සිංදු කිය කිය.

ඊටත් වඩා ලංකාවෙ LGBT සංගම් වලිනුත් මේ මනුස්සයාව තමන්ගෙ NGO party අනන් මනන් වල ගේනවා.මොන ලැජ්ජ නැති වැඩද මේ? ලංකාවෙ Gay මනුස්සයෙක්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඇති කරෙත් ඔය සංගම් වල ඉන්න "සමහරක් අවධානය හොයන විකෘති ලෙඩ්ඩු" ටික.දැන් උන් තවත් ලෙඩෙක්ව උඩ තියන් දගලනවා.

මේවා දැකලාත් ඔය සංගම් පස්සෙ යන උන් ඉන්නවා නම් අනේ unfriend වෙලා පලයව්..

අනික් එක තමා Sirasa TV එක Kandie king voice sri lanka ඇවිල්ලා කරපු performance වල youtube video ගොඩක මේ දේවල් මිනිස්සු කියලා තියෙනවා.ඒවා මම screenshots අරන් මේකෙ අමුණලා තියෙනවා.ඒවා දැක දැක දිගටම Kandie King කියන පුද්ගලයාව තරඟයෙ තියාගත්ත The Voice Sri Lanka එක කරලා තියෙන්නෙ දැඩි වැරැද්දක්. ඒ වගේම මෑතකාලීනව Kandie king Hiru Star එකෙත් තරඟ කරා.මේවා දැනගෙනත් ආයෙමත් Hiru එකට මේ මනුස්සයාව ගත්ත හිරු එක ගැන නම් කියන්න වචන නෑ ඉතින්. ඊට අමතරව Lankadeepa - ලංකාදීප පත්තරයෙ ධනු කියන මාධ්‍යවේදීයා විසින් කරන " ධනූට කියන්න " වැඩසටහනටත් මේ Kandie King ගිහින් තියෙනවා.අදාල screenshots ඔක්කොම මම දාලා තියෙනවා.ධනු කියන්නෙ කොහොමත් කුණු හෝඳන කෙනෙක් බව මම දන්නවා.ඒ උනාට රටේ ප්‍රධානම පත්තරයක මාධ්‍යවේදීයෙක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ වගේ අපරාධකාරයන්ට publicity එකක් ලබා දෙන එක ගැන නම් හරිම කණගාටුයි.

තව මොක්කු ලංකාවේ හැංගිලා ඉන්නවාද දන්නෙ නෑ !!

#ලෙමන්

ප.ලි: පල්ලෙහා තියෙන ෆොටො වල caption ටික කියවන්න ෆොටො එක touch කරලා

ඒ වගේම තමා මට LGBT ප්‍රජාව ගැන අහිතක් නෑ.මම මේකෙ අන්තිමට බැනලා තියෙන්නෙ LGBT සංගම් අටවගෙන අහිංසක LGBT මිනිස්සුන්ව විකුණන් කන සහ ඊරි මාංශ කන පේරේතයන්ට.ඒ නිසා මේක කියවන ඔයා LGBT ප්‍රජාවෙ කෙනෙක් නම් අහිතක් හිතන්න එපා.

ඒ වගේම මොකෙක් හරි ගොබ්බයෙක් මේක අල්ලගෙන LGBT උන්ට බනින්න හිතාගෙන ඉන්නවා නම් ඉස්සෙල්ලම ගිහින් මූලික ලිංගික දැනුම ලබාගෙන එන්න.සමරිසි වීම සහ ළමා අපයෝජකයෙක් වීම කියන්නෙ කාරණා දෙකක්.ඔය දෙක සමාන නෑ.ඔය පොඩි කෙ|ල්ලන්ව අපයෝජනය කරන පිරිමිත් ඉන්නෙ මේ රටේ ඕනේ තරම්. ඒ නිසා ඔය දේවල් එකක් කියලා හිතන්න එපා.Consent සහ legal age කියන වචන දෙක ගැනත් හොඳට ඉගෙන ගන්න.

අනික් කාරණය තමා මම මේ පෝස්ට් එක ලිව්වෙ එංගලන්තයේ වාර්තා උපයෝගී කරගෙන.ඒවා මම screenshots වල දාලා තියෙනවා.

Credits - Leocaldio De Alessandro

"It's rehasal time..... කියලා caption එකක් දාලා ලංකාවට එන්න බරටම සූදාන්ම් වෙන ශාරුක්...  මම ඇත්තටම දුකෙන් හිටියේ 2004 වෙ...
07/07/2025

"It's rehasal time..... කියලා caption එකක් දාලා ලංකාවට එන්න බරටම සූදාන්ම් වෙන ශාරුක්... මම ඇත්තටම දුකෙන් හිටියේ 2004 වෙච්ච සිදුවීමනිසා මෙයා ආයෙත් ලංකාවේ පස් පාගන්නෙ නැති වෙයි කියලා....
සතුටුයි පරන කෝන්තර හිතේ තියාගෙන ඉන්නෙ නැතුව ලංකාව දිහා positive විදිහට ආයෙත් හිතන්න ගත්තට... thank you 🙏 shahruk...❤❤❤❤

ඔබට බඩගිනි වූ විට, ඔබේ ශරීරය ඇතුළතින් පිරිසිදු වීමට පටන් ගනී! මෙම ස්වාභාවික ක්‍රියාවලිය Autophagy ලෙස හඳුන්වන අතර, එය අප...
04/07/2025

ඔබට බඩගිනි වූ විට, ඔබේ ශරීරය ඇතුළතින් පිරිසිදු වීමට පටන් ගනී! මෙම ස්වාභාවික ක්‍රියාවලිය Autophagy ලෙස හඳුන්වන අතර, එය අප සතුව ඇති බලවත්ම සුව කිරීමේ යාන්ත්‍රණයකි.

නිරාහාරව සිටීම හෝ කැලරි සීමා කිරීම අතරතුර, ඔබේ ශරීරය බිඳ වැටී හානියට පත් සෛල, වයස්ගත සංරචක සහ විෂ සහිත අපද්‍රව්‍ය ඉවත් කර ඒවා ප්‍රයෝජනවත් කොටස් බවට ප්‍රතිචක්‍රීකරණය කිරීමට පටන් ගනී.

එය ඔබව නිරෝගීව තබා ගන්නා, ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරන සහ පිළිකා සහ ඇල්සයිමර් වැනි රෝග වැළැක්වීමට පවා උපකාරී වන අභ්‍යන්තර විෂ ඉවත් කිරීමේ පද්ධතියක් වැනිය.

ඇත්ත වශයෙන්ම, මෙම සොයාගැනීම කෙතරම් වටිනවාද කියනවා නම් එයට 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි විය!
ඉතින් ඊළඟ වතාවේ ඔබට ටිකක් බඩගිනි දැනෙන විට, මතක තබා ගන්න - ඔබේ ශරීරය පිරිසිදු කිරීමේ මාදිලියට යන බව.

උපුටා ගැනිමකී
ස්තුතියි මුල්හිමිකරුට

අලුත් ලේලිඇගේ පතේ අමාරුවට කියලා දවාලෙ  ඩිංගිත්තක් හාන්සි වුනු   රත්නාවලී හාමිනේ  කුස්සිය පැත්තෙන් ඇහුනු මහා හිනා සද්දෙට ...
29/06/2025

අලුත් ලේලි

ඇගේ පතේ අමාරුවට කියලා දවාලෙ ඩිංගිත්තක් හාන්සි වුනු රත්නාවලී හාමිනේ කුස්සිය පැත්තෙන් ඇහුනු මහා හිනා සද්දෙට ගැස්සිලා ඇහැරුනා.

ගෙදර අත් උදව්වට ඉන්න මුතූගෙ හිනා සද්දෙ...

කුස්සි අම්මා ලිලියන්ගෙ හිනා සද්දෙ......

ඊලඟට ඩ්‍රයිවර් සිරිදාසගෙ හිනා සද්දෙ.....

මේ සිරිදාසත් ගෑනු අස්සෙ රිංගගෙන මක්කොරනවද?

අනික් අතට වෙනදට ලිලියන්ට සිරිදාස නිකං නයාට අදුකොල වගේ. සිරිදාස ඒ පැත්තට ගියත් වැරදියි මේ පැත්තට ගියත් වැරදියි. රණ්ඩු, රණ්ඩු, රණ්ඩු! අද මොකක්ද මේ වෙනස?

​ සිරිදාසගෙ කොලොප්පං තමා ඔක්කොටම මුල. සිරිදාස ලිලියන් කෝප ගන්නන්න ලිලියන්ට ආච්චියේ කියනවා.ලිලියන්ගෙ වයස ගැන හිතුවම ආච්චි තමා. ඒත් ලිලියන් සිරිදාසට සහසුද්දෙන්ම කියලලු තියෙන්නෙ ලිලියන් නැන්දා කියන්න.සමහරදාට රත්නාවලී හාමිනේ මැදිහත් වෙලා තමයි රණ්ඩු බේරන්නේ. ඒත් අද කවදාවත් නැතුව ලිලියනුත් හොක හොක ගගා සිරිදාසගේ හිනාවට එකතු වෙනවා.

ඔන්න ආයෙත් මුතූගෙ හිනා සද්දෙ...

මේ මොන විගඩමක්ද කියලා බලන්න හිතාගෙන රත්නාවලී හාමිනේ ඇඳෙන් නැගිට ගත්තා. ඒ එක්කම වෙනදට කුස්සියට නුපුරුදු කටහඬක් කුස්සිය පැත්තෙන් ගලා ආවා.

"ඔන්න ආයෙත් එහෙම සිරිදාසයි ලිලියන් නැන්දායි රණ්ඩු වෙන්න බෑ. රණ්ඩු වුනොත් බලා ගන්න පුලුවන්!"

අලුත් ලේලි!

අලුත් ලේලි දැන්මම ගෙදර අයට නීති පනවන්න පටං අරන්!

කොහෙන් ආව ලොකු කමක්ද ඒ?

"හොඳයි පුංචි නෝනා!"සිරිදාසගෙ හඬ ඇහුනා.

"හොඳමයි සුදු නෝනෙ!"ඒ ලිලියන්!

හෑ! සුදු නෝනෙ? කොහෙ තියන සුදක්ද? මේ ගෑණිගෙ ඇස් පොට්ටද?

"ඔය දෙන්නා බබාල නෙමේනෙ රණ්ඩු කරන්න. සිරිදාස බොරු විහිලු නවත්තන්න. ලිලියන් නැන්දාත් පොඩ්ඩ ඇත්තං ඇවිලෙන්නැතුව ඉන්න."ඒ අලුත් ලේලි!

"හොඳමයි!"

ආයෙමත් මහ හිනා සද්දෙ!

මෙච්චර කලක් නිස්කලන්කෙ හිටියා. දැං ඒකත් නැතිවෙන්න වගේ. රත්නාවලී හාමිනේ තරහෙන් හිතුවා.

ධීරගෙයි සඳුනිගෙයි මගුල් ගේ අරං දැනට සතියක්! දවසක් ලොකු හෝටලේක ඉඳලා දෙවෙනි ගමන ගත්තා. ඊට පස්සෙ හනි මූං කියලා ආයෙ දවස් පහකට එළියට ගියා.කවුද යකෝ දෙසැරයක් හනිමූං යන්නෙ?අනික මේ මහ සාගරයක් වගේ ගෙදරක් තියනවා. හනිමූං බැරිනං ඕනෙ එකක් බැරියැ ගෙදර ඇතුලෙ!

හනිමූං ඉවරවෙලා ගෙදර එනකොට ඊයෙ රෑ එකත් පහුවෙලා!

"අම්මා නිදි වගේ!" කොල්ලා කියනවා ඇහුනා. අලුත් ලේලි සඳුනි වචනයක්වත් කීවෙ නෑ. නිකමට කාමරේට එබිකං කරල් බලපං. ඒත් නෑ. රත්නාවලී හාමිනේ කොච්චර වෙලාවක් බොරුවට නිදි වගේ බලාගෙන හිටියද?

ඊට පස්සෙ පහුවදා උදේ කෑමට එනකොටත් ධීරගෙ කාමරේ දොර වහලා.

"අලුත් ජෝඩුව තාම නිදි වගේ!" ලිලියන් රහසින් වගේ කීවා.

අනේ සංසාරේ! ගෑනු ඔහොමත් පස්ස පැත්තට එළිය වැටෙනකල් නිදා ගන්නවද?

"මෙන්න අම්මගේ අනාගත ලේලි!"ධීර දවසක් සඳුනිව ගෙදර එක්කන් ඇවිල්ල අඳුන්නල දෙනකොට රත්නාවලී හාමිනේගෙ ඇස් උඩ ගියා.

මේ තොරොම්බල් කරත්තෙ මගේ පුතාට?

කැමති කෙනෙක් හොයා ගන්න කියලා පුතාට කීවා තමයි. මොකද දැං කාලෙ එවුවන්ට වැඩිහිටියො හොයන ඒවා හරියන්නෙ නෑනෙ. ඒත් කවුද හිතුවෙ මේ වගේ තේඋඩිච්චියක් හොයා ගනී කියලා.

කලියමේ හත් අට පොලක් ඉරිලා.වැරහැල්ලක් වගේ. වෙන කොහෙද ආ ගමන් ධීර ඇදගෙන ආවලු!කොහෙ යන්න වුනත් ඔහොම අඳිනවද? අනික බඳින්න යන එකා වුනත් කතා කල පළියට ඔහොම චාරයක් නැතුව ගෙවල් වලට එනවද? සිරිත් විරිත් කියලා දෙයක් තියනවා නොවැ.අම්මා තාත්තට සල්ලි බාගෙ තිබුණට චාලිත්තර නං අන්තිමයි.

මගුලට ඉස්සරලා සඳුනි තුන් හතර පාරක්ම ඔය ආවෙ!කොණ්ඩෙ එක එක දවසට එක එක පාට​! ගවුම දනිහට අඩියක් විතර උඩින්. සායක් දිගට ඇන්ද දාට හැට්ටෙ කර කපලා ඇගෙං බාගයක් පේන්න. මගුල් ගෙදර දාත් එහෙමනෙ. උඩරට විදිහට ඇන්දට සාරි හැට්ටෙ නොසෑහෙන්න කොටයි. කර කැපිලත් වැඩී. අනේ මෙහෙමත් නරි නාටක​!

පෙකනිය නොදක්වා
සළු ඇද බොළට දක්වා
නොපව තන සක්වා
සිනා නොමසන් දසන් දක්වා... එහෙමයි රත්නාවලී හාමිනේලා ඉගන ගත්තේ.

ඇඳුං වලට එහා කතා කරන විලාසෙ.

"හායි ආන්ටි!" රත්නාවලී හාමිනේව ඇහැ ගැහුන හැටියෙ ඈත තියා කෑ ගහනවා. බඳින්න ඉන්න මිනිහගෙ අම්මට කටපුරා අම්මා නොකියා ආන්ටි කියන රටක් තියනවද?

ඒ මදිවට ඕනෙ එකයි එපා එකයි එක්කත් කට පුරා හිනා වේගන කතාව. ධීරගෙ යාලුවන්ගෙ කරේ. බලන්න ඔනෙ උං ආවම තියන සිරික්කිය. රත්නාවලී හාමිනේ ඉක්මණට කාමරේට රිංගගන්නෙ මේ නරි නාටක බලං ඉන්න බැරි කමට. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න රත්නාවලී හාමිනේ කවදත් කැමති නෑ. තමාගෙ පාඩුවේ හිටියම ඉවරයි!අනේ මෙච්චර ඉගන ගත්ත ධීර මේ සක්කරවට්ටමට අහුවුනා නොවැ!

රත්නාවලී හාමිනේ කල්පනා ලෝකෙන් මිදුනේ දොරට තට්ටු කරන සද්දෙට!

"ලොකු හාමිනේ කෑම ලෑස්තියි!"මුතූගේ හඬ!

"කාමරේට ගෙනෙං"රත්නාවලී හාමිනේ ටිකක් සද්දෙට කීවා.

"කන්න ගියා නං එයි ' හායි ආන්ටි' ගාගෙන මගේ ලේ කෝප කරවන්න!"රත්නාවලී හාමිනේ තමාටම කියා ගත්තා.

ටික වෙලාවකින් දොරට ගහන සද්දෙ ඇහුනා.

"දොර ඇරගෙන වරෙං!"

දොර ඇරෙන සද්දෙ ඇහුනා. ඒ එක්කම නාමල් සුවඳක්!

රත්නාවලී හාමිනේ දොර දිහාට හැරුනා.

සඳුනි දොරකඩ. ඒ සැරේ කොට කලිසමක්!

"අනේ මෙහෙමත් නැහැදිච්ච ගෑනු දරුවො!"රත්නාවලී හාමිනේට හිතුනා.

"අම්මෙ එන්න කෑම කන්න!"සඳුනි කටහඬ අවදි කලා.

අම්මෙ!කවදාවත් නැතුව සඳුනි අද අම්මෙ කීවෙ මොකද? හිතට දැනුන හීං සතුටට ඉඩ නොදී රත්නාවලී හාමිනේ කල්පනා කලා.බාග වෙලාවට ධීර කියන්න ඇති!

"අම්මෙ යං!"සඳුනි ආයෙමත්!

"මුතූට කියන්න මගේ කෑම එක කාමරේට ගේන්න කියලා!"රත්නාවලී හාමිනේ මිමිනුවා.

"ඒ මොකද? එහෙම පුලුවන් ද? බෑ බෑ එහෙම බෑ! අම්මත් අපි එක්ක කන්න ඕනෙ!"මෙන්න සඳුනි පොඩි දරුවෙක් වගේ රත්නාවලී හාමිනේගෙ අතින් අදිනවා.

"මොකක්ද ළමයො. මං තව ටිකෙන් වැටෙනවා!" ඒ සැරේනං රත්නාවලී හාමිනේටත් නොදැනිම හිනාවක් ගියා.

සඳුනි රත්නාවලී හාමිනේව කාමරෙන් එළියටම තල්ලු කරගෙන ගියා!

"අත අරින්න ළමයෝ මං එන්නං."

රත්නාවලී හාමිනේ කෑම කාමරේට යනකොට ධීරත් කෑම මේසෙට වාඩිවෙලා බලගෙන ඉන්නවා.

"මෙතනින් එක කරි එකක් හැදුවේ මම! අම්මා පුලුවන්නම් ගෙස් කරන්න!"
" මට උයන්න පුලුවන්!"
"හෙට මං අලුත් කෑමක් ට්‍රයි කරන්න ඉන්නේ!" සඳුනි රත්නාවලී හාමිනේ ළඟින් හිටගෙන රත්නාවලී හාමිනේගෙ පිඟානට බත් බෙදන ගමන් තොරතෝන්චියක් නැතුව කියවනවා!

වෙනදට වඩා ගේ පිරුණු ගතියක් රත්නාවලී හාමිනේට දැනුනා. හැමතැනම අමුතුම සිරියාවක්!

"මම බෙදා ගන්නං. දුවත් වාඩි වෙලා කන්න!"රත්නාවලී හාමිනේ සෙනෙහසින් කෙඳිරුවා.

Credits - ශ්‍රීපාලි

පින්තූරය අන්තර්ජාලයෙන්!

ඔබ කවදා හෝ ඔබේ සුරතල් බල්ලා නිදා සිටින විට, එයාගෙ පාද වෙව්ලනවා, කෙඳිරිගානවා, නැත්නම් හූ කියනවා දැකලා තියෙනවද? එහෙම නම්, ...
27/06/2025

ඔබ කවදා හෝ ඔබේ සුරතල් බල්ලා නිදා සිටින විට, එයාගෙ පාද වෙව්ලනවා, කෙඳිරිගානවා, නැත්නම් හූ කියනවා දැකලා තියෙනවද? එහෙම නම්, බොහෝ විට එයා මිහිරි සිහිනයක් දකිනවා විය හැකියි!

විද්‍යාඥයන් පවසන්නේ බල්ලන් මිනිසුන් වගේම REM නින්දේදී සිහින දකින බවයි. ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරකම්, අවදිව සිටින විට මෙන්, විශේෂයෙන් චලනය වන ක්‍රියාකාරකම් වලදී දක්නට ලැබෙන රටා වලට සමාන වන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.

හාවඩ් පර්යේෂකයන් යෝජනා කරන්නේ බල්ලන් තම අයිතිකරුවන් සමඟ ශක්තිමත් චිත්තවේගීය බැඳීම් ඇති කර ගන්නා නිසා, ඔවුන්ගේ සිහින ඔවුන් සමඟ ගත කළ ප්‍රීතිමත් අවස්ථා වලින් පිරී ඇති බවයි.

බෝලයක් පසුපස එලවාගෙන යෑම, ඔබ සමඟ ඇවිදින්නට යෑම, නැත්නම් ඔබේ පැත්තෙන් නිදාගෙන සිටීම වගේ දේවල් මේ සිහින වලට ඇතුළත් වෙන්න පුළුවන්.

දඩයම් කිරීම, කෑම ගැනීම, වෙනත් බල්ලන් සමඟ සෙල්ලම් කිරීම වැනි ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් ගැනත් ඔවුන් සිහින දකිනවා.

ඔවුන්ගේ ප්‍රියතම ආහාර, ඇවිදින මාර්ග හෝ ඔවුන් කැමති ස්ථාන ද සිහින වලට ඇතුළත් විය හැකියි.

මිනිසුන්ට මෙන්, බල්ලන්ට ද නරක සිහින දැකීමට හෝ බියජනක අත්දැකීම් සිහිනෙන් අත්විඳීමට පුළුවන.

සිහිනෙන් දුවනවා වගේ දැනෙන විට ඔවුන්ගේ පාද වෙව්ලන්න පුළුවන්. මෙය "නින්දේදී හාවන් පසුපස හඹා යාම" ලෙස සමහරු හඳුන්වති.

ඔවුන්ගේ ඇස් පියවී තිබුණත්, REM නින්දේදී ඇස් වේගයෙන් එහා මෙහා යනවා ඔබට දැකගත හැකියි.

මෘදු ලෙස කෙඳිරිගෑම, හූ කීම, හෝ මෘදුව බිරීම වැනි ශබ්ද පිටකිරීම සාමාන්‍යයි.

පර්යේෂණවලින් පෙනී යන්නේ බල්ලන්ගේ සිහින වල වාර ගණන සහ කාලය ඔවුන්ගේ ප්‍රමාණය හා වයස අනුව වෙනස් වන බවයි:

* කුඩා බල්ලන් නිතර නිතර කෙටි සිහින දකිනවා (මිනිත්තුවක් පමණ).

* විශාල බල්ලන් සිහින පෙනෙන්නේ අඩු වාර ගණනක් වුවද, ඒවා දිගු විය හැකියි (මිනිත්තු 5-10ක් පමණ).

* බලු පැටවුන් දිනපතා අලුත් දේවල් විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්නා නිසා, ඔවුන්ට රාත්‍රියේදී සැකසීමට බොහෝ තොරතුරු තිබෙන බැවින්, වැඩිපුර සිහින දකිනවා.

බල්ලන්ට අප මිනිසුන්ට මෙන් සියලු වර්ණ නොපෙනේ. ඔවුන්ට ප්‍රධාන වශයෙන් නිල් සහ කහ වර්ණ මෙන්ම අළු පැහැයේ විවිධ වර්ණ පෙනේ. එම නිසා, ඔවුන්ගේ සිහින ද ඔවුන් දකින සීමිත වර්ණ පරාසය තුළ විය හැකි බව විශ්වාස කෙරේ.

ඔබේ බල්ලා සිහින දකින බවක් පෙනේ නම්, විශේෂයෙන් නරක සිහිනයක් දකිනවා යැයි ඔබට හැඟේ නම්, ඔහුව හදිසියේ අවදි නොකිරීමට උත්සාහ කරන්න. එය ඔවුන්ව බිය ගැන්විය හැකි අතර, අනපේක්ෂිත හෝ ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවකට තුඩු දිය හැකියි. "නිදා සිටින බල්ලන්ට නිදා ගැනීමට ඉඩ දෙන්න" යන කියමන මෙහිදී ඉතා වැදගත් වේ.

ඔබේ සුරතලා මිහිරි සිහින ලෝකයක සැරිසරන විට, ඔවුන්ට සුවසේ නිදා ගැනීමට ඉඩ දෙන්න. මොකද, සමහර විට ඔවුන් සිහිනෙන් ඔබ සමඟ සෙල්ලම් කරනවා විය හැකියි! ❤️

Credits - Madhu Weerasooriya

ගැහැණු vs පිරිමි මොළය.මාර්ක් ගන්ගර් කියන motivational speaker (අභිප්‍රේරණ කථිකයා).. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපලේ ඉහලම ...
25/06/2025

ගැහැණු vs පිරිමි මොළය.
මාර්ක් ගන්ගර් කියන motivational speaker (අභිප්‍රේරණ කථිකයා).. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපලේ ඉහලම ඉල්ලුමක් තියෙන විවාහය හා පවුල පිළිබඳ දේශන පවත්වන්නෙක්.
ඔහුට අනුව ස්වභාවයෙන්ම පිරිමි මොළය සකස් වෙලා තියෙන්නෙ පෙට්ටි (box) විදිහට.. ඒ කියන්නෙ එයාලගෙ ඔලුවෙ තමන්ගෙ ජීවිතේට අදාළ හැමදේකටම වෙන්වෙච්ච පෙට්ටියක් තියෙනව.
බිරිඳට එකක්, පවුලට එකක්, අම්මට එකක්, රැකියාවට එකක්, ලිංගික ජීවිතේට එකක්, විනෝදාංශවලට එකක් වගේ එකී නොකී හැම එකකටම එක ගානෙ.
ඔය ඔක්කොම බොහෝම පරිස්සමට එකකට එකක් නොගෑවෙන්න තැන්පත් කරලයි තියෙන්නෙ ඔය ඔළුගෙඩිය ඇතුලෙ.
මොකක්හරි එක කාරණාවක් සම්බන්ධ දෙයක් වෙනකොට එයා ඒ අදාල පෙට්ටිය බොහෝම පරිස්සමට එලියට අරන් විවෘත කරගන්නවා.
ඒකට අදාල රාජකාරිය කරනවා.
ආයෙත් පරිස්සමට වහල ඇතුලට දානව.
කිසිම වෙලාවක පෙට්ටි දෙකක් එකපාර අරින්නේනම් නැත.
ඔය නිසා තමයි අපි ගෙවල් වල වෙන ඔය පුංචි පුංචි රංඩු සරුවල් වැඩි හරියක් වෙන්නෙ.
"බිරිඳ : ඇයි ඔයා ඔෆිස් ගියාම මට කෝල් කරන්නෙ නැත්තෙ..?"
ඉතිං හත්දෙවියනේ සාධාරණයිනෙ... මිනිහ රැකියා පෙට්ටිය ඕපන් කරගෙන ඉන්න වෙලාවට අනිත් පෙට්ටි ගැන අවධානයක් නෑනෙ.
ඒක තමයි හැටි..
අනිත් වැදගත්ම කාරණය.
ඔය පෙට්ටි අතරෙ මෑන්ස්ට තියෙන ලොකුම හොඳම සහ වඩා කැමතිම පෙට්ටිය තමයී.
ඔයා.. 😂 අපෝ නෑ..
එයාලට තියෙනව මුකුත්ම නැති හිස් පෙට්ටියක්. Nothing box. ඒක තමයි එයාලගෙ ෆේවරිට්.
TV එක දාගෙන remote control එක අතට අරගෙන ඔහේ කිසිම හැඟීමකින් තොරව channel මාරු කර කර ඒ දිහා බලං ඉන්න හස්බන්ඩ් ල දැකල ඇති නේද.
ආන්න ඒකයි කතන්දරේ.
ඒ හස්බන්ඩ් වෙන කෙනෙක් ගැන හෝ ඔයාට කියන්න කැමති නැති දෙයක් හිතනව නෙමෙයි.. එයාලට පුළුවන් කිසිම දෙයක් නොහිතා ඔහේ හිස් හිතකින් වෙලාව ගත කරන්න.
අඩුමගානෙඅපිට හිතන්නවත් පුළුවන්ද මුකුත්ම දෙයක් නොහිතා ඉන්න එක තප්පර 30 ක් ගැන? ඔට්ටුයි බෑ 😂 ඒ මේන්න මේ නිසා.
ගැහැණු මොළේ කියන්නෙ හරියට ලොකූ පැටලුනු නූල් බෝලයක් වගේ.
හැමදේම හැමදේටම සම්බන්ධයි.
අම්ම, තාත්තා, හස්බන්ඩ්, ළමයි, පවුල, යාලුවො, අධයාපනික වැඩ වගේ ඔක්කෝම එකකට එකක් connected.
හැමවෙලාවම එකක් උඩින් එකක් මොනවමහරි සිතුවිල්ලක් වැඩ කරනව.
වැඩ කර කර ඉන්න වෙලාවට ගෙදර දේවල් වගේ.
ඔෆිස් ගියාට පස්සෙ ළමයි ක්ලාස් එකෙන් ගන්න ඕන කියල අම්මට මතක් වෙන්නෙත් තාත්තට මතක් නොවෙන්නෙත් ඕකයි.
ප්‍රධානම දේ තමයි ගැහැණු මොළය වැඩ කරන energy source එක එහෙම නැත්තම් බලශක්ති මූලය වෙන්නෙ emotions ඒ කියන්නෙ හැඟීම්.
ආන්න ඒකයි ගැහැණුන්ට හැමදේම මතක හිටින්නෙ.
කතාවනම් දිගයි තමා.
හැබැයි අවබෝධයෙන් තේරුම් ගත්තොත් වටිනවා.

Copied

🌿 ඔබේ ගෙවත්තේ ශාකවලින් හගවන භාෂාව දැනගන්න 🌿💧 වැඩිපුර ජලය අවශ්‍යයිලු...සංඥාව: 👉 කොළ මැලවී, දුර්වල ලෙස හෝ මැකී ගොස් ඇති බව...
24/06/2025

🌿 ඔබේ ගෙවත්තේ ශාකවලින් හගවන භාෂාව දැනගන්න 🌿

💧 වැඩිපුර ජලය අවශ්‍යයිලු...

සංඥාව: 👉 කොළ මැලවී, දුර්වල ලෙස හෝ මැකී ගොස් ඇති බව පෙනේ.

ප්‍රතිකාරය.: ⚠️️ ජලය දැමීමේ වාර ගණන වැඩි කරන්න. පසෙහි තෙතමනය නිතිපතා පරීක්ෂා කරන්න.

🌤️ සෙවන අවශ්‍යලු....

සංඥාව: 👉 පත්‍ර කෙළවර පිළිස්සී ඇති බව දිස්වේ. සාමාන්‍යයෙන් දුඹුරු හෝ කළු පැහැයට හැරේ.

ප්‍රතිකාරය : ⚠️️ ශාකය වක්‍ර ආලෝකය සහිත ස්ථානයකට ගෙන යන්න හෝ සෙවනක් සපයන්න.

☀️ හිරු එළිය අවශ්‍යලු...

සංඥාව: 👉 සජීවී බවක් නොමැති සුදුමැලි බවක් කහ-කොළ වර්ණයක්..

ප්‍රතිකාරය : ⚠️️ඔබේ ශාකය වඩාත් සෘජු හෝ මද හිරු එළිය සහිත දීප්තිමත් ස්ථානයක තබන්න.

🚱 අඩු ජලය අවශ්‍යලු..

සංඥාව: 👉 කහ පැහැති කොළ, බොහෝ විට හෝ ශාඛයේ මුල සිට ආරම්භ වේ.

ප්‍රතිකාරය : ⚠️️ ජලය දැමීම යුතු අතර පස වියළීමට ඉඩ දී නිසි ජලාපවහනයක් සපයන්න

🍄 දිලීර ආසාධිතලු....

සංඥාව: 👉 කොළ මත රවුම් කහ හෝ දුඹුරු පැහැ ලප ඇතිවේ.

ප්‍රතිකාරය : ⚠️️ බලපෑමට ලක් වූ ප්‍රදේශ කප්පාදු කරන්න( erumidew ), වායු සංසරණය වැඩි දියුණු කරන්න. එවැනි කොළ තෙත් කිරීමෙන් වළකින්න.

🐛 කෘමීන්ගේ ග්‍රහයක්ලු..

සංඥාව : 👉 කොළ වල සිදුරු හෝ හපන ලද කොටස් දිස්වේ.

ප්‍රතිකාරය : ⚠️️ දළඹුවන් හෝ කුරුමිණියන් වැනි පළිබෝධකයන් සඳහා ස්වාභාවික විකර්ෂක හෝ කෘමිනාශක සබන් දියර භාවිතා කරන්න.

🌱 වැඩිදුරටත් උපදෙස්:

නිරෝගී කොළ සජීවීව ඒකාකාරව වර්ණයෙන් යුතු අතර ලප හෝ හානිවලින් තොරයි. එම නිසා ඔබේ ගෙවත්තේ ශාක නිතිපතා පරීක්ෂා කිරීමෙන් කුඩා ගැටළු විශාල ගැටළු බවට පත්වීම වලක්වා ගත හැක...

පරිවර්තන සැකසුම ✍️©️ Herath Vithanage

Address


Alerts

Be the first to know and let us send you an email when Mayam.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share