18/09/2024
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ තනතුරු දරන අඹුසැමියන් යුවළක් කර ගෙන ගිය ජාවාරමක හෙළි වෙයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සේවයේ නියුතු අඹු සැමි යුවළක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරමක් පිළිබඳ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මේ අතරින් සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශයේ සාමාන්‍යාධිකාරීවරයා වන අතර, බිරිඳ එම අංශයේ ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ලෙස කටයුතු කරන බව වාර්තා වේ. මොවුන් දෙදෙනා එක් ව සංක්‍රමණික කම්කරුවන්ගෙන් රුපියල් මිලියන ගණනක් වංචා කර ඇති බව තොරතුරු අනාවරණය වී ඇති බව සුදන්තතක මහතා සිය Volgger (වීඩියෝ බ්ලොග්) එකක් මගින් හෙළි කරයි.
ඔහු පවසන පරිදි, බලපත්‍ර ලබා ගැනීමට උත්සාහ කරන විදේශ නියෝජිතායතන කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් මෙම දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.
නියෝජිතායතන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසු, යම් ආයතනයක් ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවක දී අදාළ වින්දිත පාර්ශ්වය තම ගැටලුව ඉදිරිපත් කළ යුත්තේ මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙත වන අතර, එහි දී මොවුන් දෙදෙනා විශේෂ දූතයකු හරහා අදාළ වාර්ශ්වයන්ගෙන් කොමිස් මුදලක් හෝ ගාස්තුවක් ඉල්ලා සිටින බවට තොරතුරු හෙළි කරයි.
මේ හේතුව නිසා අදාළ නියෝජිතායතන දැඩි අපහසුතාවන්ට ලක් වී ඇති බවත්, මෙම ප්‍රමාද වීම් නිසා අදාළ ගැටලුකාරී තත්ත්වයන් බරපතළ වී ඇති බවත්, උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා අදාළ නියෝජිතායතන සිය සේවා දායකයින් ඉදිරියේ වංචනිකයින් බවට පත් ව ඇති බවත් සුදන්තතක මහතා පෙන්වා දෙයි.
Sri Lanka Bureau of Foreign Employment
RedTape.lk