Heshi’s Gallery

Heshi’s Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heshi’s Gallery, Digital creator, Colombo.

අපට නොමැත නීති රීතිසෙනෙහස පමණි...තවත් දිනක තවත් ලොවකඔබෙ අත ගනිමි...ඔබයි මමයි මැවූ සිහිනලොවම මැකී යයි...දෙඅත රැගෙන එකම දි...
26/09/2026

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි...
තවත් දිනක තවත් ලොවක
ඔබෙ අත ගනිමි...
ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි...
දෙඅත රැගෙන එකම දිනක
අප සමු ගන්නයි.....💔

එදා රෑ....🤍

#එදාරෑ

හැමදේම නෑ කියල හිතෙන වෙලාවට..පුංච් සැනසීමක් කියන්නේ.. ලොකු දේවල් නෙවෙයි...මල් සුවඳක්, නිහඬ හුස්මක්,හිතට ආදරේ කරන පුංචි ජ...
22/09/2026

හැමදේම නෑ කියල හිතෙන වෙලාවට..
පුංච් සැනසීමක් කියන්නේ..
ලොකු දේවල් නෙවෙයි...

මල් සුවඳක්,
නිහඬ හුස්මක්,
හිතට ආදරේ කරන පුංචි ජීවියෙක්...
🤍🌸🐾

✍️ heshi

🌸 🐾 🌸 🐈 🤍 🍃 🌸🐾

21/09/2026

Rain, wind & flowers....
everything changes with time...🌧️🍃🌸

සමහර කාලවල
අසීමිත සතුටක් ගෙනා දේවල් තියෙනවා...
ඒ දවස්වල ඒවා අපිට
අසීමිතව ඕනේ වුණා.
ඒත් කාලය ගතවෙද්දී
වැස්සට තෙමුණු අරලිය මලක්
හුළඟට සෙමින් සෙමින් ගිලිහෙනවා වගේ,
අපිත් ඒ දේවල්වලින්
සෙමින් ඈත් වෙනවා....

පුදුමයි නේද…
කාලයක් අපේ හිත පිරෙව්ව දේවල්ම
තවත් කාලයක
අපේ හිතට බරක් වෙන්න පුළුවන්.
වෙනස් වෙලා තියෙන්නේ
ඒ දේවල් නොවෙයි…
ඒවා දිහා බලන අපේ හිත.
වැස්ස නතර වෙනවා…
හුළඟ නිහඬ වෙනවා…
අරලිය මල් ආයෙත් පිපෙනවා…
ඒත් සමහර දේවල්
ආයෙත් අපිට ඕනෙ වෙන්නේ නෑ. 🤍🌧️🌼

✍️ Heshi

🌧️🍃🌸

ආදරය ද... සෙනෙහස ද... ❤️ආදරය කියන්නේ හිතට දැනෙන ලස්සන හැඟීමක්.ඒත් සෙනෙහස කියන්නේ ඒ හැඟීම හිතේ ගැඹුරටම මුල් බැසගත් විට ඇත...
19/09/2026

ආදරය ද... සෙනෙහස ද... ❤️

ආදරය කියන්නේ හිතට දැනෙන ලස්සන හැඟීමක්.
ඒත් සෙනෙහස කියන්නේ ඒ හැඟීම හිතේ ගැඹුරටම මුල් බැසගත් විට ඇතිවන බැඳීමක්.
ආදරය නිසා කෙනෙක්ව ළඟ තියාගන්න හිතෙනවා.
සෙනෙහස නිසා කෙනෙක් දුර ගියත්,
ඒ කෙනාගෙ සතුට වෙනුවෙන් නිහඬව ප්‍රාර්ථනා කරන්න හිතෙනවා.
ඒ නිසාම සමහර වෙලාවට
ආදරයට වඩා සෙනෙහස බරයි…
මොකද ආදරය අතහැරිය හැකි වුණත්,
සෙනෙහස අතහැරලා හිතෙන්ම මකා දාන්න අමාරුයි. 🥺🌸

සමහර වෙලාවට,අපිව තේරුම් ගන්න මේ ලෝකේ කාටවත්ම බැරි වෙනවා...ඉතින්, අපි කාටවත්අපේ නිහඬකම්වලට හේතු කියන්න ඕනෙ නෑ.කොහොම වුණත්...
11/09/2026

සමහර වෙලාවට,
අපිව තේරුම් ගන්න මේ ලෝකේ කාටවත්ම බැරි වෙනවා...
ඉතින්, අපි කාටවත්
අපේ නිහඬකම්වලට හේතු කියන්න ඕනෙ නෑ.
කොහොම වුණත්...
අන්තිමේදී මට ඉන්නේ මං විතරයි....💔
ඒ හැඟීම නොදැනෙන කෙනෙක් නම් ඔයා,
මේ භෞතික ලෝකයේ
ඇත්තටම වාසනාවන්තයෙක්… 🥀🤍

✍️ Heshi

11/09/2026

Like a bird that knows how to fly alone,
and a flower that blooms without asking to be understood…
I’m learning to be enough for myself. 🌸🐦🤍

“කුරුල්ලෙක් වගේ තනියම පියාඹන්නත්,
මලක් වගේ කිසිවෙකුගේ අවසරයක් නැතුව පිපෙන්නත්…
මම දැන් ඉගෙන ගන්නවා.” 🌸🐦🥀

✍️ Heshi

🌸🐦🤍

06/09/2026
Be kind, like a flower that leaves its fragrance wherever it blooms.💜️
06/09/2026

Be kind, like a flower that leaves its fragrance wherever it blooms.💜️



04/09/2026

Life, like a waterfall, has its falls,
But the beauty lies in continuing to flow.... 💦🌿✨

✍️ Heshi

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Heshi’s Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share