සල්ලි නතිං - Salli Nothing

සල්ලි නතිං - Salli Nothing සල්ලි නතිං …. මල්ලි ඉතිං…

පෝන් එකක් කැමරාවක් FB එකක් තිබ්බ පළියට හැමදේම FB එකෙ දාල වීරකමක් මහ ලොකු වැඩක් කියලා හිතලා වැඩ කරන්න එපා...... නිවන් සුව...
09/09/2025

පෝන් එකක් කැමරාවක් FB එකක් තිබ්බ පළියට හැමදේම FB එකෙ දාල වීරකමක් මහ ලොකු වැඩක් කියලා හිතලා වැඩ කරන්න එපා...... නිවන් සුව ලැබේවා 💐

පව් අහිංසකයා 😢හරිම කණගාටුයි 😒

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බසයක ගමන් කිරීමේදී නින්ද ගොස් මහ රාත්‍රියේ වැරදි ප්‍රදේශයක බැස්ස අයකුට සො රකු යැයි සිතා ගම්වාසීන් විසින් පහ රදී එය වීඩියෝ කර සමාජ මාධ්‍යයේ දැමීම නිසා ලැජ්ජාවට පත් එම පුද්ගලයා ගෙ ල වැ ලලා ගෙන දිවින සා ගෙන ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.
මිනිසුන්ගේ වැරදි ක්‍රියාවක් නිසා මෙසේ තම ජීවිතයට සමුදී ඇත්තේ රොච්චයිල්වත්ත වයි. ආර්. සී. කොටසේ පදිංචිව සිටි රාමචන්ද්‍රන් පුවනේස්වරන් (මුරලි) නමැති තිස් හතර හැවිරිදි අවිවාහකයෙකි.මොහුගේ මව හා පියා මි යගොස් ඇති අතර එකම සහෝදරිය විවාහ වී පිට ප්‍රදේශයක පදිංචියට යෑම සමඟ මොහු ද රැකියාවක් සොයා කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බව අනාවරණය වී ඇත.තනිව ජීවත්වන මොහු නිවාඩුවක් ලද විගස රොච්චයිල්වත්ත නිවසට පැමිණ ඇත්තේ සිය නෑයන් හා යහළුවන් හමුවීමටය. මේ ආකාරයට පසුගිය 6 වැනිදා රාත්‍රියේ කොළඹ සිට පැමිණ ඇති මොහුට බසයේ නින්ද ගොස් ඇති අතර බසයෙන් බැසීමට තිබූ රොච්චයිල්වත්ත පසුකොට බොහෝ දුරක් ගොස් නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී අවදි වී බසයෙන් බැස තිබේ.ඒ වන විට රාත්‍රී දෙක පමණ වී තිබීමත් යළි නිවසට යෑමට බසයක් නොමැති වීමත් නිසා රම්බෝඩ ප්‍රදේශයේ ආර්. සී. කොටසේ සිටින තම මවගේ නැගණියක් (පුංචි අම්මාගේ) නිවස මතක් වී එහි යෑමට පිටත්ව තිබේ. වසර ගණනාවකින් එම නිවසට ගොස් නොමැති මොහුට රාත්‍රියේ මාර්ගය අමතක වීම නිසා හමුවූ නිවසක දොරට තට්ටු කර ඇත්තේ එම ඉසව්ව සොයාගැනීම සඳහාය. නමුත් එම නිවැසියන් ‘මෙන්න හො රෙක් ගෙට ආවා’ කියමින් කෑගැසීම නිසා අවට පදිංචිකරුවන් පැමිණ මෙම තරුණයා අල්ලා බැ ඳ ප හර දී තිබේ. තමාට සිදුවූ අකරතැබ්බය කියා සිය පුංචි අම්මා හා බාප්පා ගැන කියූ පසු මෙම පිරිස ඔවුන් ද මෙම ස්ථානයට කැඳවා තිබේ.එම බාප්පා හා ඔහුගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට පැමිණිය ද අල්ලාගෙන සිටින පුද්ගලයා හඳුනන්නේ නැතැයි පැවසීම නිසා මේ පිරිස මොහුට තවත් ප හ ර දී කොත්මලේ පොලිසියට භාරදී තිබේ. කොත්මලේ පොලිසිය ඔහුගේ අනන්‍යතාව හෙළි කරගෙන ඔහු පැවසූ බාප්පා හා පුංචි අම්මා ඥාතීන් බව ද හඳුනාගෙන පසුව රොච්චයිල් ප්‍රදේශයේ ඥාතීන් හා යහළුවන් කැඳවා මොහු පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් ද කොට සො රකමක් අනාවරණය නොවූයෙන් පොලිස් ඇප දී ඥාතීන්ට භාරදී තිබේ.ඒ අනුව මොහුගේ මිතුරන් ත්‍රිරෝද රථයකින් මොහු යළි ගමට ගෙනයන අතරතුර මොහු දැඩි කලකිරීමට පත්ව සිටි බව පැවසේ. පසුව මුරලි ඔහුගේ නිවස තුළ ගෙ ල වැ ලලා ගෙන දිවින සා ගෙන සිට තිබේ

පෝන් එකක් කැමරාවක් FB එකක් තිබ්බ පළියට හැමදේම FB එකෙ දාල වීරකමක් මහ ලොකු වැඩක් කියලා හිතලා වැඩ කරන්න එපා...... නිවන් සුව ලැබේවා 💐

Copied

ඇල්ලේ බස්රථ අනතුර වෙලාවේඑකතු උන, ඒ වෙලාවෙ උදව් කරපු ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම අහසටත් ඉහළින්. අසරණ උන වෙලාවට ජීවිතය කැ...
09/09/2025

ඇල්ලේ බස්රථ අනතුර වෙලාවේ
එකතු උන, ඒ වෙලාවෙ උදව් කරපු ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම අහසටත් ඉහළින්.

අසරණ උන වෙලාවට
ජීවිතය කැප කරලා උදව් කරන මිනිස්සු අපිට ඉන්නේ.

ඒ වගේම මේ කතාවේ
අපි හැමෝම හදාගන්න ඕන කොටසක් තියනවා කියලා මට හිතෙනවා.

බස් රථයේ තිරිංග දෝෂයක් තිබුනු බව මගීන් සහ කොන්දොස්තර මහතා පැහැදිලිව කියනකොට, ඉතාම අනතුරු දායක වංගුවකින් බස් රථය පහළට ගිහින් තියනකොට,

තමන්ගේ මංතීරුවේ ආපු බව දැනට පේන්න තියන
Range Rover රථය ඉලක්ක කරන පෝස්ට් සැලැකිය යුතු ප්‍රමාණයක් තිබුනා.
ඒවා වලට තිබුනේ ඉහළ ප්‍රතිචාර.

මතක තියාගන්න, යම් දවසක ඒ රථයේ රියදුරු ඔබ වෙන්නත් පුලුවන්.

ජීවිත 15ක් නැති උන එකට, රටක් ඇගිල්ල දික් කරනකොට ඔබට එන මානසික පීඩනය ලේසි එකක් නෙවෙයි.

100%ක් හරි වැරැද්ද කියන්න
අපි කිසිම කෙනෙක් ලග තොරතුරු නෑ.

නමුත් අපි කියවාගන්න ඕන වැදගත්ම සාධකය තමයි,

"සමාජය තුළ ධනය උපයන මනුස්සයා ගැන වපුරලා තියන වෙරය"

හොරකමක් දූෂණයක් නොකරපු කෙනෙක් හැර,

මේ මිනිස්සු එතනට එන්න කරන කැපකිරීම, මහන්සිය ගැන හිතාගන්නවත් බෑ" මෙහෙම වාහනයක් ගන්න ඔබ දිවා රෑ වැඩ කරන්න ඕන ජීවිතේ යම් කාලෙක හරි. මනස වෙහෙසවන්න ඕන"

අපිට දියුණුව එක්ක තරහක් තියනවා.

ඉපදුන දවසෙ ඉදන් සල්ලිකාරයා එක්ක ඊර්ෂ්‍යාවක් හදලා තියනවා.
අනෙකා ඉහළට යනකොට හිත ඇතුලේ නොදැනීම වේදනාවක් ගොඩ නැගෙනවා.
විවේචනය කරන්න, කතාවක් නිර්මාණය කරන්න හිතනවා.

අපි හදන්න ඕන දියුණුව දකින්න ආස මිනිස්සු ඉන්න රටක්.
අනෙකා දිහා බලලා තමන් තවත් උත්සහවන්ත වෙන මිනිස්සු.

අමතක කරන්න එපා අපිට තාම
ඉන්නේ ව්‍යවසායකයෝ 2%කට නොවැඩි ප්‍රමාණයක්.

ඔබත් උත්සහ කරන්න ✌️
දියුණුවට ආදරේ කරන්න ✌️
ධනය ජනිත කරන්න මහන්සි වෙන්න ✌️
සතුටෙන් ඉන්න ✌️

(Range Rover එක වැරදිනම් ඒක නීතිය තීරණය කරයි)

උපුටා ගැනීම - Tharuka Ranaweera

08/09/2025
They need your help!
04/09/2025

They need your help!

🤬🤬🤬
01/09/2025

🤬🤬🤬

31/08/2025

මෙය ගෞරවනීය ලෙස වෘත්තියක් ලෙස කරන සියලුම ත්‍රිරෝද රථ රියදුරන්ට ගෞරවයක් වේවා. ත්‍රිරෝද රථ පදවන මැරයන්ට සහ මංකොල්ලකරුවන්ටද මෙය පාඩමක් වේවා.

ලංකාවෙ school van කියන්නෙ කිසිම වගකිවයුතු බලධාරියෙක්ගෙ හෝ ආයතනයක නියාමනයකට යටත් නොවුන කර්මාන්තයක්. සාමාන්‍යයෙන් වෙනත් රට...
27/08/2025

ලංකාවෙ school van කියන්නෙ කිසිම වගකිවයුතු බලධාරියෙක්ගෙ හෝ ආයතනයක නියාමනයකට යටත් නොවුන කර්මාන්තයක්. සාමාන්‍යයෙන් වෙනත් රටවල පාසල් ලමුන් ප්‍රවාහනයට යොදාගන්නෙ ඒ සදහා විශේෂයෙන් සකස් කල ඉතාම ආරක්ශිත බස්. ඒවගේ විශේෂ පැති කණ්නාඩි, රියදුරුට පාලනය කලහැකි ආරක්ශිත දොරවල්, ලමුන් රථයෙන් පිටවෙනකොට දැල්වෙන විශේෂ අනතුරු සංඥා, අනතුරක් උනොත් ලමුන්ව ආරක්ශා වෙන විදිහේ වැරගැන්වුම්, ලමුන්ට බසයේ ඉදිරිපසින් පාර මාරු වෙන්න බැරි විදිහට විශේෂ බාධක, බසය පෙරලුනොත් ඉන් ආරක්ශා වීමට හැකි බොඩිය, ශක්තිමත් තිරිංග වගේ විශේෂ විදිහට standard වලට හදලා තියෙනවා.
ඒ විතරක් නෙමේ. මේ school bus එලවන්න විශේෂ බලපත්‍ර ඕනෙ. හැම රියදුරෙක්ටම මේ වාහන එලවන්න බෑ. ඒ සදහා වෙනම පුහුණුවක් ලබා දෙනවා.

ඒ උනත් ලංකාවෙ වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. සාමාන්‍යයෙන් වෙන කිසිම වැඩකට ගන්න බැරි අබලන්ම වාහන යොදා ගන්නෙ school van වලට කියලා හොදට බැලුවොත් පෙනෙයි. ඒ වාහන වල ටයර්, තිරිංග, තියෙන්නේ අන්තිම අඩියේ. ඒ විතරක් නෙමේ, මේ වාහන එලවන්නෙත් කිසිම සුදුසුකමක් නැති රියදුරන්.

මීට අවුරුදු 15කට 20කට කලින් අපි පාසල් යනකොටත් ගියේ ඔය වගේ කුකුල්ලු පටවලා වගේ . CTB එකෙන් දාන school bus උනත් වැඩි වෙනසක් නෑ. මේ වාහන වල සිසුන් පාසල් යනකොට යන්නෙ බාගෙට මැරිලා. ආයෙ හවසට ගෙදර එන්නෙ හෙම්බත් වෙලා. ඉතින් කොහොමද අපි නිරෝගිමත් උද්‍යෝගිමත් ළමයි පිරිසක් බිහි කරන්නෙ? කොහොමද ඔවුන්ට ඉගෙනගන්න සුදුසු වටපිටාවක් හදන්නෙ?

හොදම දේ ලමයින්ට කිව්වට ලංකාවෙ school van වලදි වෙන්නෙ නරකම දේ ලමයින්ට දෙන එක. බලධාරින්ගෙ දරුවෝ මේ van වල නොයන නිසා ඔවුන්ට මේ පිලිබද කිසිම උනන්දුවක් නෑ. මොක්ද ඔවුන්ගෙ දරුවො පාසල් යන්නෙ අමාත්‍යාංශ වලින් දෙන වාහන වල සැප පහසුවට.

කරන්න පුලුවන් දේවල් ටිකක් තියෙනවා. මුලින්ම පාසල් මට්ටමින් හොද සංගණනයක් කරලා ඒ ඒ පාසලෙන් ඒ ඒ ප්‍රදේශ වලට යන සිසුන් ගණනය කරලා ඒ ප්‍රදේශයට අවශ්‍ය සැපපහසු පාසල් බස් රථ පාසල තුල ස්ථානයකින්ම පටන් ගන්න පුලුවන්. ඊට පස්සෙ ඒ ඒ පාසල් වලින් පටන් ගන්න බස් රථ අදාල නගරවල විශේෂ ඩිපෝවකට හෝ ස්ථානයකට ගමනාන්තය දාලා, ඒ තැන් වලින් ඕනෙනම් ගෙදර දක්වා කුඩා පාසල් වෑන් දාන්න පුලුවන්. මේකෙන් කොලඹ නගරයේ රථවාහන තදබදයත් අඩු වෙනවා. ලමුනට නිදහසේ පාසල් යන්නත් පුලුවන් වෙනවා. දෙමව්පියන්ගෙ බරත් නිදහස් වෙනවා. තව ඕනෙනම් ලමයට වෙනම QR කෝඩ් එකක් දීලා පාසලෙන් බසයට, බසයෙන් පිටතට එම තැන් වලදි ඒක scan කරලා දෙමව්පියන්ගෙ phone වලට sms එකක් යවන්නත් පුලුවන්.

කරනවනම් ඕනෙ තරම් වැඩ තියෙනවා.

Copied ( credits to owner : 1st Comment)

සැකසහිතව unlock කරන්න ආපු phone එකක්මෙම phone එකේ සැබැ අයිති කරුවෙකු සිටිනම් තහවුරු කරන්න. iphone 11Contact076 237694107...
25/08/2025

සැකසහිතව unlock කරන්න ආපු phone එකක්
මෙම phone එකේ සැබැ අයිති කරුවෙකු සිටිනම් තහවුරු කරන්න. iphone 11
Contact
076 2376941
075 5238 733

Copied (24th Aug 2025)

වෙලාව රෑ 9.30ට විතර ඇති. කුරුණෑගල ඉඳන් රෑ 8.40ට නිකවැරටියට යන NB - 9739 CTB බස් එක. අවු.20ක විතර (පෙනුමෙන් කීවෙ 🤐) ගෑණු ...
23/08/2025

වෙලාව රෑ 9.30ට විතර ඇති. කුරුණෑගල ඉඳන් රෑ 8.40ට නිකවැරටියට යන NB - 9739 CTB බස් එක. අවු.20ක විතර (පෙනුමෙන් කීවෙ 🤐) ගෑණු ළමයෙකුට බහින තැන පහු වෙලා දුවගෙන ඉස්සරහට ආවා. පාදෙණියෙන් බහින්න ඉඳල තියෙන්නෙ, බස් එක අවුලේගමට ඇවිත්. ආපහු පාදෙණියට යන්න බස් එකක් නෑ.
ඊට පස්සෙ බස් එකේ driver මහත්තයම ඒ ළමයගෙ අම්මට කතා කරලා බස් එක තියෙන තැන කියල එක්කන් යන්න එන්න කිව්වා. බස් එකේ සෙනඟත් හිටියා 60කට වැඩිය. Driver මහත්තයා ඒ ගෑණු ළමයව රෑ පාළු පාරෙ දාල ගියෙ නෑ විනාඩි 10ක් විතර ඒ ළමයගෙ අම්මා එනකම් බස් එක නවත්තගෙන හිටියා ❤️
බස් එකේ මිනිස්සුත් දාඩිය පෙර පෙර හිටියා මිසක් වචනයක්වත් කීවෙ නෑ ❤️

ඒ driver මහත්තයාට 🫡🌹
එහෙව් මිනිස්සුත් රජයේ සේවයේ ඉන්නවා ❤️

ඒ ගෑණු ළමයා මේක දැක්කොත් ඒ driver මහත්තයට thanx කරල යන්න 😌

~Copied

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සල්ලි නතිං - Salli Nothing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share