𝐒𝐢𝐦𝐩𝐥𝐲 𝐌𝐞

𝐒𝐢𝐦𝐩𝐥𝐲 𝐌𝐞 »»————- 𝚒𝚗𝚏𝚒𝚗𝚒𝚝𝚢  ————-«« is Yours. Like the page and enjoy your social media life.

💚
24/04/2025

💚

RevolutionX Future Guidance Program & AICM Exclusive Program⭐️ Here, we will first conduct a unique Future Guidance Onli...
07/03/2025

RevolutionX Future Guidance Program & AICM Exclusive Program

⭐️ Here, we will first conduct a unique Future Guidance Online Program called "RevolutionX" for you, and we would like to inform you that the time you spend on this unique program will not be wasted, and may well be the most valuable time you spend on your future.

(මෙහිදී අප මුලින්ම ඔබ වෙනුවෙන් "RevolutionX" නම් සුවිශේෂී Future Guidance Online Program එකක් පවත්වන අතර මෙම සුවිශේෂී වැඩසටහන සදහා ඔබ වැය කරන කාලය කිසිසේත්ම ඔබට නිෂ්ඵල නොවන බවත්, බොහෝ විට එය ඔබගේ අනාගතය වෙනුවෙන් වැය කරන වටිනාම වෙලාවක් විය හැකි බවත් මෙසේ විශේෂයෙන් දැනුම් දෙනු ඇත.)

🧑‍🎓 Also, all these programs will be conducted by lecturers who conduct training programs in institutions and schools, by experts with many years of experience in the relevant fields, and under the management of a government-registered "Pvt Ltd Registered" organization.

(එසේම මෙම සියලු වැඩසටහන් ආයතන වල සහ පාසල් වල පුහුණු වැඩසටහන් මෙහයවන දේශකවරු මගින්ද, අදාළ ක්ෂේත්‍රවල වසර ගණනාවක අත්දැකීම් සහිත ප්‍රවීණයන් මගින් හා රජයේ ලියාපදිංචි "Pvt Ltd Registered ආයතනයක කළමනාකාරිත්වයෙන් පැවැත්වෙනු ඇත.)

◽️WhatsApp Community -
https://chat.whatsapp.com/BDIjSZx4z343E0XiLRcUPE

◽️Online Form -
https://forms.gle/Uk35FThnJSqQEhJL6

More Details👇
(සියලුම වැඩසටහන් Zoom ඔස්සේ Online පැවැත්වෙනු ඇත)

1. RevolutionX Future Guidance Program A valuable and unique one-day program you must attend, where you can properly plan your future to suit the modern world.
(ඔබගේ අනාගතය, නූතන ලෝකයට ගැලපෙන පරිදි, නිසි පරිදි සැලසුම් කර ගත හැකි, අනිවාර්යයෙන්ම ඔබ සහභාගි විය යුතු ඉතාමත් වටිනා සුවිශේෂී එක් දින වැඩසටහන)

2. IT, AI & Soft Skills Training Program (By AICM)
Skills training program that is not mentioned here, including information technology knowledge, but is certainly essential for your success in the future world

(This includes computer knowledge including MS Office, which is essential for university education and business activities, the knowledge required to complete assignments, projects and other tasks in the minimum time through new methods, and practical, up-to-date technology training, including computer knowledge, which is essential for jobs and businesses, is also included here)

(තොරතුරු තාක්ෂණ දැනුම ඇතුළු මෙහි සදහන් නොවන නමුත් අනාගත ලෝකය තුළ ඔබගේ සාර්ථකත්වය සදහා නිසැකවම ඔබට අත්‍යවශ්‍ය වන හැකියා පුහුණු වැඩසටහන)

(මෙමගින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහාද, ව්‍යාපාරික කටයුතු සදහාද අත්‍යවශ්‍ය වන MS Office ඇතුළු පරිගණක දනුමද, Assignments, Projects ඇතුළු කාර්යයන් නව ක්‍රමවේද ඔස්සේ අවම කාලයක් තුළ සිදු කර ගැනීමට අවශ්‍ය දැනුමද, රැකියා හා ව්‍යාපාර සදහා අත්‍යවශ්‍ය වන පරිගණක දැනුම ඇතුළු ප්‍රයෝගිකව භාවිතා වන යාවත්කාලීන තාක්ෂණ පුහුණුවක්ද අමතරව මෙහි අන්තර්ගත කර ඇත)

3. Skills & Entrepreneurship Training Program (By AICM)
2. IT, AI & Soft Skills Training Program (By AICM)required for online jobs and e-business, freelancing jobs like Fiverr, Upwork, and the knowledge necessary to start remote jobs and online businesses, the careers you choose based on your passion

This will include training on the computer skills required for online jobs and e-business, freelancing jobs like Fiverr, Upwork, and the knowledge needed to start remote jobs and online businesses

(ලෝකයේ ඉහළම වටිනාකමක් ඇති මාර්ගගතව සිදු කළ හැකි වෘත්තීන් (Industries) ඔබට හදුන්වා දී, ඔබගේ කැමැත්ත (Passion) මත තෝරාගන්නා වෘත්තියන්ට අදාලව කෙටි කාලයක් තුළ ඔබගේම සන්නමයක් ඔස්සේ මුදල් ඉපයීමේ හැකියාව ලැබෙන පරිදි ඔබව නිර්මාණය කරන අද්විතීය ව්‍යවසායකත්ව වැඩසටහන
මෙමගින් මාර්ගගත රැකියා හා ඊ-ව්‍යාපාර සදහා අවශ්‍ය පරිගණක දැනුම, Fiverr, Upwork වැනි Freelancing Jobs සදහාද, Remote Jobs හා Online Business ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ඇතුළත් පුහුණුවක්ද අමතරව මෙහි අන්තර්ගත වනු ඇත)

📁 Student Feedbacks
(සිසුන්ගේ ප්‍රතිචාර හා සිසුන්ගේ නිර්මාණ (Portfolio) පිලිබද තොරතුරු මේ සමග ඇති WhatsApp Community එක ඔස්සේ අප ඔබට ලබා දෙනු ඇත.)

📱More Details - 071 4059983 (WhatsApp)
(සියලු තොරතුරු ලබා ගැනීම සදහා ඉහත ලබා දී ඇති Online Form එක Submit කර ඉහත ඇති WhatsApp Community එකට අනිවාර්යෙන්ම සම්බන්ධ වන්න.

(සියලු විමසීම් සදහා "0714059983" යන WhatsApp අංකය භාවිතා කරන්න)

🧠මොළය වර්ධනය( Brain development)අවුරුදු 1 සිට අවුරුදු 3 දක්වාදිය යුතු ආහාර සහ කලයුතු කළ යුතු ක්‍රියාකාරකම්🔘දරුවෙකුට වයස ...
07/02/2025

🧠මොළය වර්ධනය( Brain development)
අවුරුදු 1 සිට අවුරුදු 3 දක්වා
දිය යුතු ආහාර සහ කලයුතු කළ යුතු ක්‍රියාකාරකම්

🔘දරුවෙකුට වයස අවුරුදු 3 ක් වන විට ඔවුන්ගේ මොළය 80% ක් වර්ධනය වේ. අවුරුදු 5 ක් වන විට මොළය 90% ක් වර්ධනය වේ. මුල් ළමාවියේ මොළයේ වර්ධනය දරුවාගේ හැසිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

🥗 දිය යුතු ආහාර සම්බන්ධයෙන්

පළමුව කිව යුතුයි අවුරුද්ද ඉක්ම වූ පසු අපි මුලින් ම දරුවාව පවුලේ ආහාර රටාවට හුරු කරගත යුතුයි.දරුවා වෙනුවෙන් සකස් කරපු ආහාර ලබා දෙන අතරම ඒ අතරට අපි ගන්නා ආහාරත් ටිකෙන් ටික දරුවාට ලබා දෙන්න.
🔹අපිට ඕනේ බොල බබෙක් නෙවෙයි නීරෝගීමත් බුද්ධිමත් ක්‍රියාශීලී දරුවෙක් ඒ සඳහා දිය යුතු ආහාර වර්ග කීපයක් මං සඳහන් කරන්නම්

🔹අවුරුද්ද ඉක්මවූ පසු දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබාදිය හැකි නමුත් ප්‍රමාණය ඉක්මවා ලබා දීම මොලය වර්ධනය අඩාල කරනවා.

🔹මොළය වර්ධනය සඳහා දරුවන්ට ලබා දිය යුතු වන්නේ ගුණාත්මක ආහාරයි. ඒ අතරට විශේෂයෙන්ම බිත්තර. වටු බිත්තර හා මාළු (සාලයෝ, හාල් මැස්සෝ, පරා පැටව්,සැමන් පරා, ලින්නෝ,වැව් මාළු, හැදැල්ලො, අමු හාල්මැස්සන් වැනි කුඩා මාළු ලබා දිය යුතුයි. කූනිස්සන් හා ඉස්සන් ද දිය හැක. දරුවාට මේවා කෑමට අපහසු යැයි හැඟේ නම් බැදලා කුඩු කරලා කෑම වලට එකතු කරන්න පුළුවන්.තලපත් තෝර මෝර මාලු අවමයෙන් ලබාදෙනවා නම් හොඳයි මොකද ඒවගේ රසදිය අඩංගුයි. )

🔹පලා වර්ග විශේෂයෙන්ම ගොටුකොළ සහ මුරුංගා කොළ (මතක ශක්තිය වර්ධනය කරන පලා වර්ග දෙකකි.)අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඒ අතරට මුකුණුවැන්න ,සාරන,තම්පලා, කතුරු මුරුන්ගා නිවිති සහ අපි කන ඕනෑම පලා වර්ගයක් ලබා දිය හැකියි.

🔹එළවළු වර්ග වලින් බටු, තලන බටු,බණ්ඩක්කා,දඹල, රාබු, බීට් රූට්,පතෝල,වට්ටක්කා,කැරට්,අර්තාපල් ,බෝංචි, පිපිඤ්ඤා, කැකිරි ,බ්‍රොකොලි වැනි එළවළු පෝෂණ ගුණයෙන් ඉහළයි. සතියේ දවස් 5 ට මේ එළවළු බෙදාගෙන වේල් තුනක් සමබර ව ආහාර ලබා දෙන්න.

🔹ඒ අතර ට ඔලිව් ඔයිල් ,බටර්(ඇස්ට්‍රා මාගරින් නෙමෙයි),එලගි තෙල්,තල තෙල් සහ සුදු පොල් තෙල් ඒවායින් දෙකක් වේල් තුනෙන් දෙකකට එකතු කරන්න.(ලොකු ප්‍රමානයක් නොව කුඩා ප්‍රමනයක් දෙන්න. දවසට මේස හැදි දෙකකට වඩා ඉක්මවා යන්න එපා.)

🔹අනිවාර්යෙන්ම සීරියල් කුඩු,රටකජු, කජු කුඩු, තල කුඩු කරලා තියාගෙන ඒවායෙන් යෝගට් හැඳි දෙකක් කෑමට එකතු කරන්න. හැකිනම් ආමන්ඩ් ඇට කුඩු කරලා තියාගෙන එකතු කරන්න සතියේ දවස් 5 ට වෙන්වෙන් වශයෙන් මේ කුඩු වලින් එක් වර්ගයක් දවසට එකතු කරන්න .

🔹රට කජු හා කජු යනු බුද්ධිය වර්ධනයට මහත් දායකත්වයක් ලබාදෙන ඇති වර්ගයකි .

🔹කඩල,කව්පි, මුං ඇට,බෝංචි ඇට, බඩ ඉරිඟු ඇට හා ග්‍රීන් පීස් වලින් සකස් කරගත් ආහාරයක් සතියේ දවස් පහට උදේ ආහාරය සඳහා පිළියෙල කර දෙන්න.සෑම විටම ඇට වර්ග ලබාදිය යුත්තේ උදෑසන ආහාරය සඳහා යි.

🔹මීට අමතරව රුලං,හබල පෙති, සහ කුරක්කන් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වර්ග තුනකි.ඕට්ස් ලබා දීමට හැකි නම් එයත් ගුණදායකයි.මේවායින් විවිධ කෑම වර්ග හදලා දරුවාට දෙන්න.

🔹පළතුරු වර්ග වලින් දරුවාට අනිවාර්යයෙන්ම දෙළුම් යුෂ,බෙහෙත් නෙල්ලි යුෂ,නාරං යුෂ අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි.ඊට අමතර ව අලිගැටපේර, පේර, බෙලි, දිවුල්,කොමඩු ,ඕනෑ ම කෙසෙල් වර්ගයක්,අඹ, ගස් ලබු ඒවායින් එක පලතුරු වර්ගයක් දිනක අමතර වේල් අතරට ලබා දීම අනිවාර්යයි.ඇපල් දොඩම්, මිදි ලබා දීම අවම කරන්න.( කල් තබා ගැනීම සදහා බෙහෙත් යොදන බැවින් දරුවන්ට එතරම් සුදුසු නොවේ ).

🔹හැකි සෑම සැමවිටම නැවුම් එළවළු සහ පලතුරු සොයාගන්න උත්සාහ කරන්න .

🔹 දරුවාට දිනපතා එක යෝගට් එකක්(යෝගට් ගෙදරම් හදාගෙන දෙන්න පුලුවන්නම් ගුණදායකයි.) ඒ වගේම කුඩා ප්‍රමාණයේ චොක්ලට් එක කැබැල්ලක් දිනකට ලබා දෙන්න. සතියකට දවස් දෙකක් චීස් කෑලල බැගින් දෙන්න.(දරුවාට කිරි සහිත ආහාර ලබා දෙනකොට කිසිවිටෙකත් එක දිනක වර්ග කීපයක් ලබා දෙන්න එපා. උදෑසන අතිරේක ආහාර වේලට චීස් කෑල්ලක් ලබා දුන්නා නම් සවස අතිරේක වේලට පළතුරු ලබා දෙන්න.උදෑසන අතිරේක වේලට යෝගට් එකක් දුන්නා නම් සවස අතිරේක වේලට ත්‍රිපෝෂ ගුලියක් දෙන්න.ඒ වගේමේ වගේ ආහාර වේල් සමබර කර ගන්න.)

🔹දරුවා අවුරුද්ද ඉක්ම වූ පසු ඔහුට දියර කිරි (freshmilk ) ලබා දිය හැකියි.

🔹දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා සතියකට දවස් දෙකක් ඉඟුරු කොත්තමල්ලි ,පස් පංගුවක,බෙලිමල්, රනවරා,ඉරමුසු මේවායින් එකක් තම්බා ලබාදිය යුතුයි(අවුරුද්ද ඉක්ම වූ දරුවකුට 100ml හෝ 150ml ක් හොඳටම ප්‍රමාණවත් වෙයි.)

🔹 බිස්කට්, ක්ෂණිකනුඩ්ලස්, විවිධ රසකාරක අඩංගු ආහාර හා විශේෂයෙන් පැනි බීම වර්ග කිසිසේත්ම දරුවාට සුදුසු නොවේ.ඒවා දරුවාගේ බර අඩාල කරන අතර මොලේ වර්ධනය ද අඩාල කරයි.දරුවාගේ බර වැඩ වීම පිනිස කියා චීස් හා පිටිවර්ග වලින් සෑදු ආහාර අධික ලෙස නිතර දරුවාට ලබා නොදෙන්න.අධික ලෙස පැණි රස ආහාර දරුවන්ට ලබා දීම දරුවන්ගේ අධි ක්‍රියාකාරීත්වයට හේතු වේ.

🔹තනිවම ආහාර ගන්න ඉඩ සලසා දෙන්න. හැන්දෙන හා අතින් යන දෙකෙන්ම.ඇට වර්ග දෙන්නෙ නම් ඉතා හොදින් පොඩි වෙන ආකරයට තම්බා ලබා දෙන්න. ඒ අතර එයා ගන්නා ආහාර ප්‍රමාණය ප්‍රරමානවත් නොවෙන්නම් එ අතරම කවන්න.(යෝගට් චීස් වැනි දෙවල් තනිවම කන්න ඉඩ දෙන්න) කා බී අවසන් වූ පසු බාජනය සින්ක් එක තුලට දමන්න දරුවාට හුරු කරන්න. කෑම ගැනීමට පෙර සහ පසු දරුවාට තනිවම දෑත් සෝදා ගන්න අවස්ථාවල සලසා දෙන්න.සෑම අවස්තාවදීම එය සිදු කිරීමට ඉඩ දීමෙන් පසු කාලීන්ව එය පුරුද්දක් බවට පත් වේ.

🔹වයස අවුරුද්ද පසු වු විගස ඔබ දරුවාට යම් දෙයක ලබා දෙන්නෙද අනිවාර්යයෙන් එයින් යම් කොටසක් (විශෙශ්ෂයෙන් කෑමක් වගේ දෙයක්) පවුලෙ අන් අයට දීමට හුරු කරන්න. පලමුව ඔබට කෑල්ලක් ඉල්ලා ගන්න දෙවනුව සහොදර සහොදරියන් සිටීමන් එ අයට දෙන්න හුරු කරන්න.කුඩා කල සිටම දරුවාට එවැනි පුරුදු මොලයට කා වැද්දීම තුලින් පසු කාලීන්ව ඇති වන්නා වු ආත්මාර්ථකාමී අදහස් පහව යයි.

🤾️කළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්

♦️වයස අවුරුදු 1 ත් 3 ත් අතර දරුවෙකු දවසට එකපාරක් අවම පැයක හෝ 2 ක නින්දක් අත්‍යවශ්‍යයයි. රාත්‍රියේදී පැය 10 ත් 12ත් අතර නින්දක් අවශ්‍යයි. දරුවා නිදා ගත යුතු සම්පූර්ණ පැය ගනන වෙන්නෙ අවම පැය 11 ක් හෝ උපරිම පැය14 කි. නින්ද තුලින් මොලයේ ස්නායු වර්ධනය වේ.

♦️පළමු ලිපියේ සඳහන් කළ ආකාරයටම ජංගම දුරකථන සහ wifi දරුවා නිදන අවස්ථාවේදී කාමරයෙන් ඉවත් කළ යුතුමයි.

♦️අවුරුදු තුනට අඩු දරුවන්ට කිසිවිටකත් දුරකථන භාවිතයට ඉඩ නොදිය යුතුයි.අවුරුද්දක් ඉක්ම වූ සහ අවුරුදු 3ට අඩු දරුවන්ගේ එක දිගට බලා සිටීම (screen time) දවසටම උපරිම පැයක් පමණයි. ඒ කියන්නෙ රූපවාහිනිය බලන්න දෙනවනම් උදයේ පැය බාගයක් පමන සහ සවසට පැය බාගයක් ලෙස නැරඹීමට ලබා දිය හැකියි.මවගේ පහසුව තකා දරුවාට එක දිගට රූපවාහිනිය හෝ ජංගම දුරකතනය ලබා දීමේදී දරුවා කිසිදු තේරුමක් නොමැතිව එහි එල්බ සිටි. එවාගෙ යන දේවල් හා පෙන්නවන දේවල් වල දැනුමක් ලබා ගැනීමට දරුවාට හැකියාවක් නොමැති බැවින් මෙය දිගින් දිගටම සිදුවීමේ දී දරුවා එයට ඇබ්බැහි වන අතර බොහෝ දරුවන් අධි ක්‍රියාකාරීත්වයට වගේම දරුවා කිසිදු කතාබහකින් තොරව දිගු වේලාවක් තිරය දෙස බලා සිටීම තුලින් කථන ප්‍රමාදය ඇතිවිය හැකියි ,දරුවාගේ හිතුවක්කාරී හැසිරීමටද මෙය මහත් බලපෑමක් ඇති කරයි වගේම දරුවාගේ නිර්මාණශීලී හැකියාව බොහෝ ලෙස යටපත් වේ .එබැවින් මෙය අපි නොදැනුවත්වම දරුවාව වලට ඇද දැමීමක් වැනි ය.සෑම විටම මවගේ අධීක්ෂණය යටතේ දරුවාට රූපවාහිනිය නැරැඹීමටත් සහ ජංගම දුරකතනය ලබා දීමට වගබලා ගන්න .(ලමා ගීත, සින්දු, rymes, කතන්දර වැනි දේ පමනක් නැරඹීමට දරුවාට ඉඩ සලසා දෙන්න ඒවා නරඹන අවස්ථාවේ දී ද මව ළඟ සිටීම අවශ්‍යයි අනිවාර්යයෙන්ම ඒවායේ යන දේවල් දරුවාට විස්තර කරමින් කියලා දීම අත්‍යවශ්‍යයි එවිට දරුවාගේ මොලේ වර්ධනය භාෂාමය හැකියාව වර්ධනය වේ එසේම එය කථන හැකියාව වර්ධනය කිරීමට මහත් රුකුලක් වේ.(ඒවා වුවත් පෙන්නවා නම් දවසටම පැය 2 ඉකමවා යන්න එපා.)

♦️මවක් වශයෙන් අපගේ ප්‍රදාන කාර්යය වන්නේ දරුවාගෙ හැඟීම් පාලනය කිරීමට, තීරණ ගැනීමේ හැකියාව, අවධානය යොමු කිරීම, අනුවර්තනය වීමේ හැකියාව සහ දරුවා දිනපතා කරන බොහෝ දේවල් පාලනයක් ඇතුව කිරීමට ඉඩ සලසන මානසික ක්‍රියාවලීන් හරියාකාරව සම්බන්දීකරනය කර ගැනීමට ඉඩ දරුවාට සලසා දීමයි.

♦️දරුවාට අවුරුදු 2 ක ඉක්මවූ පසු ස්වාධීන වීමට කියල දිය යුතුයි.එසේ දරුවාව හුරු කර ගත් කල මවට පසුවට දරුවා සම්බන්ධව ගැටලු ඇතිවනවා අවමයි.(දරුවකුට ස්වාධීනත්වය හුරු කළ යුත්තේ කුඩා කල මිස ලොකුවුනාම නොවේ.)

♦️අවුරුදු එකහමාර ඉක්මවූ පසු අනිවාර්යෙන්ම දරුවාට නිසි ලෙස වැසිකිළි භාවිතය (potty train) පුරුදු කළ යුතුයි. දරුවාට මුත්‍රා කිරීමට අවශ්‍ය දැයි විමසිල්ලෙන් බලන්න.ඒ අවස්ථාවලදී දරුවාව වැසිකිළියෙන් හෝ බාත්රූම් එකෙන් තබන්න දරුවා නිවස තුළ මලමුත්‍රා කරන්නේ නම් එය කිරීම හොඳ නැති බව නිතර ම දරුවාට පවසන්න. (අනේ දරුවා චූ කලානේ කියලා රෙදි කෑල්ලක් දාලා පැත්තකට වෙන්න එපා). උදෑසන අවදි පසු දරුවාව potty එකෙන් තියෙන්න. දරුවා බිම මළ මුත්‍රා කරන වාරයක් පාසාම එසේ කිරීම සුදුසු නැති බව එයාට ආදරණීය වචන වචනවලින් පවසන්න. එවිට බිම මලමුත්‍රා කිරීම සුදුසු නොවන බව දරුවාගේ මොළයට යනවා.අවුරුදු එකා මාර ඉක්මවූ පසු ඩයිපර්ස් භාවිතයෙන් ඉවත් වෙනවා නම් ගොඩක් හොඳයි. එවිට අදාළ කෘත්‍ය කිරීමට දරුවාට සංයමයක් ඇති වෙයි.

♦️ඔබේ දරුවාගේ මොළයේ වර්ධනය ගැන සිතීම කිසි විටෙකත් ඉක්මන් නොවේ. දරුවන් එකවර යමක් ඉගෙන ගන්නා අතරතුර ඔවුන්ට ඔවුන්ගේ සෙල්ලම් බඩු සමඟ විනෝද විය හැකිය. මොළය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් සඳහා අවසාන ඉලක්කය වන්නේ ක්‍රීඩාව තුළින් ඉගෙනීමයි. දරුවන් සඳහා මොළය උත්තේජනය කරන සෙල්ලම් බඩු සිට ඔබේ දරුවා සඳහා ගැටළු විසඳීමේ ක්‍රියාකාරකම් දක්වා විනෝදය සහ ඉගෙනීමේ හැකියාව නිමක් නැති බැවින් දරුවාට ඒ සදහා වාතාවරණය සකසා දීම අපේ වගකීමයි. එය ඔබේ දරුවා දක්ශ බුද්ධිමත් දරුවෙකු බවට පත් කරනවා.

♦️වයස අවුරුදු 2 හෝ 2 මාරක් වන විට නිසැකවම දරුවාට සෙරප්පු සහ සපතතු නිවැරදිව දැමීමට හැකි විය යුතුය. එසෙ නොමැති නම් දරුවාට එය නිවැරදිව දැමීමට කියා දිය යුතුය. බොහෝ ලමුන් කෙතරම් කියා දුන්නත් වැරදියටම දමයි. ඒ ඔවුන් නිවැරදිව පැති හදුනා ගැනිමට අපහසු අයයි. නිතර නිතර තනිවම පැති හදුනා ගැනීමට උනන්දු කිරීම තුලින් එය නිවැරැදි වේ. (සෑම විටම පාවහන් පැලදීමේදී නිවැරදිව පාවහන් යුගල තබා දෙන්න දරුවා විසින්ම පැලද ගැනීම සිදු කල යුතුය).

♦️අවුරුදු 2 ට වැඩි සෑම දරුවකුම අනිවාර්යයෙන් ඔබ ආහාර සකස් කරන සෑම අවස්තාවකදීම සහයට ගන්න ආහාර වර්ග හදුන්වා දෙන්න. කපන හැටි,හැදි ගාන හැටි අනන හැටි මිරිකන හැටි ඔවුන්ට පෙන්වන්න කියාදෙන්න.(බිත්තර වැනි දේ තම්බා තනිවම එය සුද්ද කිරීමට ඉඩ සලසා දෙන්න දිනපතා එය සිදු කලත් ගැටලුවක් නෑ.එය ඇගිලිතුඩු වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරයි.එය මොලය වර්ධනය කරයි.) දරුවාටත් ඔබ කරන දෙය කිරීමට ඉඩ සලසා දෙන්න.ඒ තුලින් අප හා දරුවා අතර හොද අනතර් සම්බන්ධතාවයක් ගොඩ නැගෙන අතර ඔවුන්ව යම් කිසි කාල පාරසයක් තුල එක තැන රදවා තබා ගැනීමට හුරු කර ගන්නා එක ක්‍රමයක් වේ. දරුවන් අප අනුකරණය කිරීමට කැමතියි! මේවා පසු කාලීන හැසීරීම පාලනය කිරීමට රුකුලක් වේ.

♦️උනු සහ සීතල යනු කුමද්ද යන්න දරුවාට හදුන්වා දෙන්න. තරමක් දුම් එන උනු වතුර ගන්න. අයිස් කැට දැමූ සීතල වතුර ප්‍රමාණයකුත් ගන්න. එ දෙකෙ වෙනස හදුනා ගන්න එයාට ඉඩ දෙන්න. දුම් දමන්නේ උනුවතුර බවත් එවට පිච්චෙන බවත් කියල දෙන්න. මේ සියල්ල දරුවාගෙ මොලය වර්ධනය සදහා අවශ්‍යය.ඔවුන් මේ තුලින් අන්තුරු වෙන්නෙ මොනාගෙන්ද යන්න අවබෝධයක් ලබනවා. එවිට දැරුවා අනතුරින් ඈත් වෙන්න ඉගෙන ගන්නවා.

♦️අවුරුද්දක් වයස ඇති දරුවන් බොහෝ විට ඔවුන්ගේ සෙල්ලම් බඩු විසි කිරීමට, අතහැර දැමීමට හා සොලවන්නට පටන් ගනී. ඒවා තේරුම් ගැනීම සඳහා ඔවුන් විවිධ ක්‍රියා නැවත කිරීමට උත්සාහ කරයි. ඒ ඔවුන්ගේ මොලය ක්‍රියාකාරී වීම විවිධාකාර වේ.දරුවා දන ගැනීමට පටන් ගත් අවධියේ පටන් අවට ඇති බඩු මුට්ටු කිසිවිටකත් ඉවත් කර තබන්න එපා.ගෙදර තියෙන බඩු ඒ විදිහටම එයාලට ගන්න ඉඩ සලසා දෙන්න.එයින් ඔවුන් තුළ තුල කුතුහලය සහ උනන්දුව වර්ධනය වේ.(ගොඩක් අම්මලා කරන දේ තමයි දරුවා දණ ගාන්න පටන් ගත් විගස හා ඇවිදීමට උත්සහ කරන කාලේයදීම ගේ තුල ඇති බඩු මුට්ටු ඔක්කොම අයින් කරනවා. ඉතින් දරුවා උනන්දු වෙන්නෙ මොනා ගන්න යන්නද මොනා බලන්නද එසේ කිරීම තුලින් ඔවුන්ගෙ අවදානම් වලට මූන දීමෙ ශක්තිය හීන වෙනවා.සෑම විටම දරුවා කිරීමට උත්සාහ කරන දෙයට දිරිය වෙන්න.එයා උඩ නගින්න හදනවා නම් එයාට උඩ නගින්න දෙන්න හැබැයි එයාට වැටෙන්න නොදෙන්න ඔබ වග බලා ගන්න. එයාට උඩ තියෙන යමක් ගන්නට අවශ්‍යයි නම් නැගිට ඇවිත් එය ගන්නට අවස්ථාව සලසා දෙන්න එය ගන්නට එපා කියා එය ඉවත් කිරීම සිදු නොකරන්න.( එය ගැනීම තුළින් දරුවාට අනතුරක් සිදු වෙන්නේ නම් එය හිතකර දෙයක් නොවේ නම් පමනක් ඉවත් කලට ගැටලුවක් නෑ නමුත් එහි අනතුරුදායක බව දරුවාට කියා දෙන්න). දරුවාට එය අත්හදා බැලීමට ඉඩ ලබා දෙන්න.ඒ තුළින් දරුවාගේ මොළය සියලු කොටස් වර්ධනය වීමක් සිද්ධ වෙනවා.

♦️දරුවාට අවුරුදු එකාමාර වූ පසු වූ පසු අනිවාර්යයෙන්ම පාට හා විවිධ හැඩතල හදුන්වා දීමට පටන් ගන්න .එසේම එකම වර්ගයේ රූප ගැලපීමට කියල දෙන්න.(එකම රූපය ඇති කාඩපත් දෙක බැගින් ගන්න. bristle board එකක් ගෙන කාඩ්පත් දෙකෙන් එකක් බෝඩ් එකේ අලවන්න එවැනි රූප පහක් දහයක් පමණ අලවන්න.ඉන්පසු බෝඩ් එක මත ඇති රූපය හා සමාන අනිත් කාඩ්පත් ගලපා ඒ රූපය මතින් තියන්න කියලා දෙන්න.)

♦️කුඩා කල සිටම ළමයින් බෝල කෙරෙහි වැඩි ඇල්මක් දක්වයි. බෝල මගින් සෙලලම් කිරීම තුලින් ඔවුන්ගේ දෑස් පන්දුව අනුගමනය කරයි.
ඔබත් දරුවා සමඟ පන්දුව පෙරළා පෙරළා සෙල්ලම් කරන්න. පන්දුව චලනය වන විට, ඔවුන් දුරින් ගවේෂණය කරන්නේ ඔවුන්ගෙන් පන්දුව කොතරම් දුරද යන්න තීරණය කිරීමෙනි. ඔවුන් අත් සහ අක්ෂි සම්බන්ධීකරණය ද පුහුණු කරයි. මෙය දරුවා වැඩෙත්ම ඔවුන් දිගටම ආදරය කරන එක් ක්‍රියාකාරකමක් වේ.

♦️අවුරුදු දෙකාමාර පසු වූ පසු දරුවාට විවිධාකාරයේ puzzles (ස්ංකීරන ඒවා නොවේ). ලබාදෙන්න. puzzles අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන්. නැති නම් රූප කාඩ්පත් කීහිපයක් ගෙන ඒවා දෙකට කපන්න පසුව දරුවාට එම රූපය ගොඩනැගීමට ඉඩ සලසා දෙන්න.(පින්තූරය කැපීමේදී එ දී එය විවිධ හැඩයට කැපිය යුතුය එනම් කෙළින් අතට දික් අතට කවාකාරව වගේ ඒ සම්බන්ධව පින්තූරයක් පහළින් පළකරන්නම්) එය දරුවා ගේ සිතීමේ හැකියාව වර්ධනය කරයි. (වයස අවුරුදු 3 න් පසු දරුවා වැඩෙත් ම එය තුනට වුවත් කපා රූපය නැවත ගොඩනැගීමට ඉඩ සලසා දිය හැකිය).

♦️දරුවාට අවුරුද්ද පසු වූ විගස විවිධ වර්ගයේ පෘෂ්ඨ හඳුන්වා දෙන්න(texturs). එනම් මෘදු, රලු, ලොම් සහිත, වැනි දරුවාට අතින් අල්ලා ඒවා අධ්‍යනය කිරීමට අවස්තාව සලසා දෙන්න.

♦️බේසම්ක් ගෙන එයට ජලය දමන්න ඉන්පසු එයට විවිධ වර්ණ වලින් යුත් කුඩා බෝල හෝ තරමක් ලොකු හැන්දකින් ගත හැකි පාවෙන ඕනම දෙයක් එයට දමන්න දැන් දරුවාට හැන්ද ලබාදී එහි ඇති දේවල් හැන්දෙන් අරගෙන වෙනත් භාජනයකට දමන්න කියලා දෙන්න.

♦️තරමක ලොකු අල ගෙඩියක් ගෙන එය වටේට tooth picks ගහන්න කියල දෙන්න.

♦️ඔබේ දරුවාට විශාල හා මෘදු විවිධ වර්ණ වලින් යුතු blocks ලබා දෙන්න.(building blocks) එවා එකිනෙක සම්බන්ධ කරන්නට කියල දෙන්න.එවා මගින් වර්ණ වුවත් කියා දීය හැකිය.

♦️දරුවාට වයස අවුරුදු තුන වන විට, ප්‍රහේලිකා( puzzles) සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සමඟ වඩාත් විනෝද වනු ඇත.එම නිසා දරුවාට එවැනි උපකරන සෙල්ලම් බඩු ලබා දෙන්න. කිමද දරුවා සෙල්ලම් බඩු මත ඔවුන් ඉගෙන ගත් දේ ප්‍රගුණ කිරීමෙන් ඔවුන් සතුටට පත් වනු ඇත.

♦️සාමාන්‍යන් දරුවාට සිදුවීම්වල අනුපිළිවෙල සහ ඒ වගේම සෙල්ලම් බඩු එකට දමා ඒවා වෙන්කර ගැනීමට තේරුම් ගැනීමට පටන් ගනන අවදියයි. එම නිසා විවිධාකාර සෙල්ලම් බඩු එක්ට දාල ඒව වෙන් කිරීමට ඔවුනට ඉඩ සලසා දෙන්න. බෝල, blocks,puzzles , වැනි දේවල් එකට කූඩයක්ට දමා එවා නැවත වෙන් කරමින් කූඩ වලට දමන්න කියල දෙන්න.

♦️පොම්පම් බෝල මේසයක් මත තබා එවා මේසයෙන පිටතට යන සේ පිඹින්න කියල දෙන්න.එසේම ඉටිපන්දමක් පිඹීම. බුබුලු පිඹීම. පිහාටු වලට පිඹින්න. කුඩා පිං වීල් පිඹීම. නූලකට සවි කර ඇති කඩදාසි සමනලයෙකුට් පියාසර කරනවා මෙන් පේන්න පිබින්න කියල දෙන්න.කුඩා පිහාටු (කුකුල පිහාටු) වලට පිබින්න වගේ එවා දෙන්න.

♦️කුඩා සෙල්ලම් බඩුවක් ගෙන ඔබේ හස්තයේ සඟවන්න. ඔබේ දරුවාට ඇඟිලි 2 ක් පෙන්වන්න සහ සෙල්ලම් බඩුවක් සැඟවී ඇත්තේ කුමන අතකින්දැයි අනුමාන කරන්න.පෙට්ටි 3 න් එකක සෙල්ලම් බඩුවක් සඟවා සෙල්ලම් බඩුවක් කොහේදැයි අනුමාන කිරීමට දරුවෙකුගෙන් ඉල්ලා සිටින්න.

♦️කතාවක් ගොඩ නැගිය හැකි රූප කාඩ්පත් කීපයක් දරුවා ඉදිරිපිට තබන්න, මෙම කාඩ්පත් එකිනෙකට සම්බන්ධ වන අයුරින් විකාර කතාවක් කියන්න. කතාව වඩාත් විකාරයකි,නමුත් වඩා හොඳ - එය දරුවාට මතක තබා ගැනීම පහසුය.එසේම පින්තූර කතා පමණක් අඩංගු පොත් පෙන්වමින් නිතරම දරුවාට කතන්දර කියල දෙන්න(මේ කතා කියලා දෙන විට දරුවාට සිත් ගන්නා සුළු ආකාරයට හැඟීම් ප්‍රකාශ කරමින් කියලා දෙන්න).මේවා තුළින් දරුවාගේ භාෂාමය කුසලතාවය කථන හැකියාව වැඩි දියුණු කළ හැකි ය.

♦️දරුවාට අවුරුදු දෙක පසුවු පසු -විවිධ රූප සහිත කාඩ්පත් 3 ක් හෝ 4 ක් ගෙන දරුවා ඉදිරි පසින් තබන්න.පසුව එවා නම් කරන්න. ඊට පස්සේ කාඩ්පත් ටික අනෙක් පිටපෙරළා ඔබ එ රූප කාඩ් පතක නමක් කියා ඒ කාඩ් එකක් කොහේදැයි දරුවා ගෙන් විමසන්න.( ඒ කියන්නෙ මම බැලූන්, මෝටර් රථයක්, මලක් සහ බළලෙකු .සහිත කාඩ්පත් 4 ක් තබම්.එවා දරුවාට හදුන්වා දුන් පසු මම ඒවා මිශ්‍ර නොකර, පෝලිමට අනෙක් පිට පෙරළා තබමි, පසුව මම දරුවාට කියනවා “මල කොහේදැයි මට පෙන්වන්න”.එවිට දරුවා කාඩ්පතක් පෙරළන අතර ඇය එය නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කරයි. වැරදී නම් අනේක් කාඩ්පත පරීක්ෂා කරයි එසෙ දරුවා එය නිවැරදි ලෙස ලබා ගත් පසු අත්පුඩියක් ගසා දිරිමත් කර එම කාඩ්පත පැත්තක තබා වෙනත් පින්තුරයක් එනම් බළලෙකු සොයා ගන්නා ලෙස ඉල්ලා සිටින්න.) මෙය සිතීමෙ හැකියාව සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ක්‍රියාකාරකමකි.

♦️දරුවාට ලොකු කුඩා රූප හඳුනාගැනීමට අවස්ථාව දෙන්න. කාඩ් බෝඩ් වල ලොකු සහ කුඩා පින්තුර ඇද කපන්න නැතිනම් අලවන්න. එවා එකිනෙක හදුන්වා දී ලොකු එවා හා පොඩි එවා පෙන්නන යයි දරුවාගන් ඉල්ලා සිටින්න.

♦️වයස අවුරුද්ද ඉක්මවූ පසු දරුවාට වර්ණ හඳුන්වා දිය යුතුය. විවිධ වර්ණ සහිත බෝල මගින් විවිධ වර්ණ සහිත blocks හා කාඩ්පත් මගින් දරුවාට හෝ දරුවා ප්‍රිය කරන ඕනෑම දෙයක් මගින් වර්ණ පහසුවෙන් ඉගැන්විය හැකිය.

♦️දරුවාට විවිධ වර්ගයේ කඩදාසි ලබාදෙමින් ඉරන්නට පුරුදු කරන්නමුලින් ටිෂූ කඩදාසි සව්කොළ වැනි ඝනකමින් අඩු කඩදාසි භාවිතා කරන්න.ඉන් පසු A4 කඩදාසි, පත්තර, සඟරා කොල වැනි දේ ලබා දෙන්න.මුලින් දරුවා විශාල කැබලි වලට ඉරයි.පසුව ඉරූ කැබලි නැවත දරුවාට ලබා දෙන්න එමගින් දරුවා කුඩා කෑලි ඉරන්නට පුරුදු වෙයි. ඒ අතරම ඔබට පුළුවන් ඔය කඩදාසි ගුලි කරන්නට කියල දෙන්න ගුලි කිරීමේදී ශබ්දයක් ඇහෙන පේපර්ස් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි උදාහරණයක් විදිහට ග්ලාස් පේපර්ස් ගන්න පුළුවන්.(ඒවා ගුලි කරනකොට සද්දයක් ඇහෙනවා.)

♦️දරුවා අවුරුද්ද ඉක්මවූ පසු විවිධ කලා මාධ්‍යයන් ගවේෂණය කිරීමට කැමතියි. විනෝදජනක ලෙස චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම වැනි කලාව ගවේෂණය කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දීම ඔවුන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමට උපකාරී වේ.මොලයේ වර්ධනයේ ප්‍රධාන අංගයක් වන painting activities සදහා අපි යොදා ගත් යුත්තෙ food colours හෝ water colours ය. ඔබට පුලුවන් cotten buds කීපයක් ගෙන එය ගැට ගසන්න රබර් බෑන්ඩ් එක්ක් දාන්නත් පුලුවන් දැන් පීරිසියකට පාට දමා එය තුලට cotten buds මිටිය ඔබා කොලය තුල පින්තාරු කරන්න කියල දෙන්න. එ වගෙම බන්ඩක්ක, පොඩි ස්පොන්ච් කෑල්ලක්, අලපිති, මඤ්ඤොක්කා බඩ කෑලි, ගෑරුප්පුව, වැනි දෙවල් කීපයක් ගෙන ඒවා තුලින් පින්තාරු කිරීමට ඉඩ සලසා දෙන්න.

♦️කඩා ඉවත් කල බිත්තර කටු( කුඩා හිලක් සාදා බිත්තරය ඉවත් කරන්න එවිට අපිට සම්පූර්ණ හිස් කට්ට ගන්න පුලුවන්) එය හොදින් සෝදා වේලා එවායේ මිනිස් රූප අදින්න(අම්මා තාත්තා බබා අය්ය අක්ක වගෙ). දැන් එවා ඇගිලි වලට දමා ඒ මගින් සින්දුවක් කියන්න. ( eg: daddy finger daddy finger where are you here i am here i am how do you do). මීට අමතරව අපිට මේ කටු එයාට පොඩි කරන්න දෙන්නත් පුලුවන්. බිත්තර කටු පාට කරල රෝල් කරමින් විවිධාකාරයේ සෙල්ලම් ගොඩ නැගිය හැකියි.

♦️අවුරුද්ද ඉක්ම වූ පසු දරුවා සමඟ අනිවාර්යයෙන් වැලි සෙල්ලම් කරන්න.විවිධ භාජන ගෙන හැඳි ගෙන වැලි පුරවන්න විවිධ දෑ ගොඩනඟන්න කියල දෙන්න.

♦️දරුවාට ගඳ හා සුවඳ අතර වෙනස කුමක් දැයි හඳුනා ගැනීමට ඉඩ සලසා දෙන්න

මේ ආකාරයේ විවිධ දේවල් තුලින් අපිට අපේ දරුවා ගේ මොලය වර්ධනය විධිමත් කළ හැකි ක්‍රියාකාරී කළ හැකියි .එය ඔහුගේ කායික සහ මානසික වර්ධනයට බොහෝ රුකුලක් වනු ඇත.

මේ සියල්ලම මා ඉගෙන ගත් දේවල්, වෛද්‍ය සාකච්ඡා, ලිපි,පොත් හා අන්තර්ජාලය හරහා ලබා ගත් දැනුම තුලින් අනිත් සියලුම දෙනා හා එ දැනුම බෙදා ගැනීමට කැමති නිසයි එ දේවල් ගැන ලියන්න.
ත්වත් බොහෝ දේ ඇති මුත් ලිපිය දීර්ඝ වීම ඔයාලට කීයවීමට කාලය වැය වන නිසා අවුරුදු 3 සිට 5 දක්වා මොලයේ වර්ධනය සම්බන්ධ ලිපිය ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

-හොෂීණි මහෙශිකා-
ඩිප්ලෝමාධාරී
පෙරපාසල් ගුරුවරියක්.

🙏 උපුටා ගැනීමකි

📷 අන්තර්ජාලයෙන්

Now that's how you watch the Mummy 🤩🐫🏺
03/12/2024

Now that's how you watch the Mummy 🤩🐫🏺

South Asian countries capital city's metro 🚇✨                      © incredible asia
27/11/2024

South Asian countries capital city's metro 🚇✨



© incredible asia

🛫❤️✨
27/11/2024

🛫❤️✨

27/11/2024

😂

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐒𝐢𝐦𝐩𝐥𝐲 𝐌𝐞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share