Saranis's Diary

Saranis's Diary The Law of Attraction aligns your thoughts with your reality. ✨
Manifestor 🧘‍♀️

19/09/2025

📌 Caption:✨ Angel Number 111 = නව ආරම්භ 🌸 Universe එකෙන් ලස්සන signal එකක් ✨ Positive thoughts තියාගන්න 💫⸻📌 Hashtags:

13/09/2025

11:11 කියන්නේ දේවදූත අංකවලින් ගොඩක් බලවත් එකක් 🌸✨

📌 අර්ථ ගොඩක් තියෙනවා
• 👉 Spiritual Awakening – ඔබගේ ජීවිතය තුළ නව ආරම්භයක්.
• 👉 Universe එකේ සයින් එකක් – ඔබ හරියටම යන මග තමයි.
• 👉 Thoughts Become Reality – ඔබ සිතන දේ ඉක්මනටම අරමුණක් වෙන්න යනවා.
• 👉 Synchronicity – දේවදූතයෝ ඔබට කියනවා, ඔබගේ අතීතය, වර්තමානය, අනාගතය සම්බන්ධ වෙනවා කියලා.
• 👉 Make a Wish – 11:11 දකිනකොට ඉක්මනටම ඔබේ සිතේ තිබෙන එකක් කල්පනා කරන්න. Universe එක ඒකට පිළිතුරු දෙනවා කියලා විශ්වාසය තියෙනවා.

11/09/2025

📌 777 දේවදූත අංකයෙන් ලැබෙන මැසේජ්ස් 1. හරි මාර්ගයෙ ඉන්නවා 👉 ඔබ කරන වැඩ, තීරණ, මග – Universe එකෙන් confirm කරනවා. 2. Spiritual Awakening 🕊️ 👉 ආත්මීය දැනුම, inner wisdom, sixth sense වැඩි වෙලා තියෙනවා. 3. Divine Support 💫 👉 දේවදූතයෝ, Universe එක ඔයාට protection & guidance දෙන්න එක්ක ඉන්නවා. 4. Blessings Coming Soon 🌸 👉 අලුත් අවස්ථා, සාර්ථකත්වය, සතුට ඔබ වෙත ආසන්නයි. 5. Trust Yourself 🙏 👉 ඔයාගේ හදවතේ හඬ (intuition) විශ්වාස කරන්න, ඒක හරියි. 6. Positive Energy ✨ 👉 ඔයා දැන් attract කරනවා ලස්සන vibes, හොඳ කෙනා, හොඳ අවස්ථා. 7. End of Struggles 🌈 👉 ගොඩක් කාලෙ ඉන්න කഠිනතාවය අවසන් වෙලා, relief period එක ආසන්නයි.⸻🔖 Hashtags #777

රස්සාවයි ගැනු අපියි කවදාවත් රස්සාව අත් හරින්න එපා පවුල වෙනුවෙන් රස්සාව අත්හරින්න එපා දරුවෝ නිසා රස්සාව අත්හරින්න එපා හැම...
11/09/2025

රස්සාවයි ගැනු අපියි
කවදාවත් රස්සාව අත් හරින්න එපා

පවුල වෙනුවෙන් රස්සාව අත්හරින්න එපා

දරුවෝ නිසා රස්සාව අත්හරින්න එපා

හැමදේම හස්බන් දෙන නිසා රස්සාව අත්හරින්න එපා (මිනිස්සු වෙනස් වෙන්නේ නොහිතන තත්පරයට )

රස්සාව අපි කරන්න ඕනේ එකට හේතු ගොඩාක් තියනවා දරුවෝ එක්කම ගේ ඇතුලේ ඉන්න ජීවිතේ හිතන තරම් ලේසි නෑ දකින තරම් සුන්දර නෑ ඒ අම්මට මානසිකව හුස්ම ගන්න ඉඩක් ඕනේ (හැමෝටම නෙමේ)

ඉගෙන ගෙන පවුල නිසා රස්සාව අත්හරින්න එපා දවසක ඔයාට අඩුපාඩුවක් ඕන උනාම එකට බලන් ඉන්න වෙනවා (හැමෝටම නෙමේ)

ගැනු අපි වරද්ද ගන්න ලොකුම තැන මහත්තයා මට අඩුපාඩුවක් කරන්නේ නෑ ඒ නිසා මම රස්සාවෙන් අයින් උනා දවසක ජීවිතේ නොහිතපු දෙයක් උනොත් අසරණ වෙන්නේ ඒ ගැහැණිය. මොකද මිනිස්සුට වෙනස් වෙන්න යන්නේ හරි පොඩි වෙලාවයි (හැමෝටම නෙමේ)

රස්සාව මානසික නිදහසට හිර වෙලා ගෙවන ජීවිතේට හයියක් වෙන්න
ආදරණීය සැමියට හයියක් වෙන්න ආර්ථිකව ගැහැණිය ශක්තිමත් විය යුතුමයි අඩු තරමේ තමගෙනම සුලු අදායම් මාර්ගයක් හදා ගන්න

රස්සාව මානසික නිදහස වෙනුවෙන් අත්හරින්න එක ඔයාලගේ කැමැත්ත 🙏

චාතී
21-11-24

මං කිසිම දවසක "මං කවුද" කියන්න ලැ|ජ්|ජා|වෙන කෙනෙක් නෙවෙයි.මට ලැබුණු හැමදෙයක් ගැනම මං කරන හැමදෙයක් ගැනම මං යන්න හැම හීනයක...
10/09/2025

මං කිසිම දවසක "මං කවුද" කියන්න
ලැ|ජ්|ජා|වෙන කෙනෙක් නෙවෙයි.

මට ලැබුණු හැමදෙයක් ගැනම
මං කරන හැමදෙයක් ගැනම
මං යන්න හැම හීනයක් ගැනම ගොඩක්
ආ|ඩ|ම්|බ|ර වෙන කෙනෙක්.

කෙනෙක් මගේ අ|ඩු|පා|ඩු විතරක්ම දැක්කත් අ|ඩු|පා|ඩු ගැන විතරක්ම කතා කළත් හැමදාම මං ඉන්නෙ මං ගැනම සතුටින්.

සමහර දේවල් ම|ඟ|හැ|රු|ණ|ත්
සමහර දේවල් ඉදිරියේ ද|රු|ණු|ව|ට|ම
ප්‍ර|ති|ක්|ෂේ|ප වුණත් මං ඉන්නෙ මං ගැනම දැනෙන ආදරයකින්.

මං එක්ක ඉන්නෙ කවුද මං එක්ක ඉස්සරහට යන්නෙ කවුද කියලා හිතන්නෙ නැ|ති|ව මං ඉන්නෙ මං ගැනම දැනෙන ආත්ම විශ්වාසයකින්.

මොකද මං හැමදාම මං ගැන කතා කරන්නෙ හරි ආ|ඩ|ම්|බ|රෙ|න්. 💫

✍️_මියැසි_

සුදු සමනලයෙක් දැකීම අපේ සංස්කෘතියේත්, ආගමික සංකල්ප වලත්, ආකර්ෂණීය ආත්මීය පණිවිඩයක් ලෙස ගෙනයනවා කියලා කීව හැකියි 🌸🦋.👉  1....
07/09/2025

සුදු සමනලයෙක් දැකීම අපේ සංස්කෘතියේත්, ආගමික සංකල්ප වලත්, ආකර්ෂණීය ආත්මීය පණිවිඩයක් ලෙස ගෙනයනවා කියලා කීව හැකියි 🌸🦋.

👉
1. ශාන්ති සහ සුභ පණිවිඩ – සුදු පැහැය සාමාන්‍යයෙන් පවිත්‍රත්වය, නිවන්සන්සුන් බව සහ ආරක්ෂාව නියෝජනය කරනවා.
2. අලුත් ආරම්භයක් – සමනලයම පරිවර්තනයේ ලකුණක්. ඔබේ ජීවිතේ අලුත් අධ්‍යායයක්, හෝ වෙනසක් එනවා කියන්න පුළුවන්.
3. ආත්මීය සන්නිවේදනය – සමහර විට විශ්වාසය තියෙන්නේ ඔබේ මරණයට ගිය ආදරණීයයෙක් ඔබට ආරක්ෂාව, ආදරය හෝ මතක් කරන්න එන්නේ කියලා.
4. ලොව නව දෑ පරීක්ෂා කරන්න කියන ලකුණක් – ඔබේ සිහින, අදහස් සහ ඉදිරියට යන්න ඕනෑ මග ගැන හොඳ පණිවිඩයක්.

Saranis diary

✨ 11:11 – දේවදූත අංකයේ අරුත ✨ඔයාට නැරඹූ විට 11:11 දකිනව නම්, ඒක සෘජුම ලකුණක් 🪽💫 ඔබේ සිතනවා, කෙරෙනවා, මනසට ගෙන ආවා ඒවා ඉක...
06/09/2025

✨ 11:11 – දේවදූත අංකයේ අරුත ✨

ඔයාට නැරඹූ විට 11:11 දකිනව නම්, ඒක සෘජුම ලකුණක් 🪽
💫 ඔබේ සිතනවා, කෙරෙනවා, මනසට ගෙන ආවා ඒවා ඉක්මනින්ම සැබෑ වෙන්න යනවා කියන දෙවියන්ගේ මතක් කිරීමක්.

🙏 ඒක කියන්නේ ඔබේ සිතිවිලි වලට අවධානය යොමු කරන්න.
❤️ සදා සතුට, ආදරය, ගෞරවය, විශ්වාසය මතක තබා ගන්න.
🌈 11:11 ඔබට නව ආරම්භයක දොරටුවක් විවෘත වෙන ලකුණයි.

ඔයාලාත් මේ දේවදූත අංකය දකිද්දී කෙසේ දැනෙයිද? 🥰
කොමෙන්ට් එකෙන් මට කියන්න. 💌

ගැහැණියක් නතර වෙන්න ඕනි,පිරිමියෙක් තමන්ව පරිහරණය කරන තැනක නෙවෙයි.පිරිමියෙක් තමන්ව සීරුවට විදින තැනක.ගැහැණියකගෙන් වෙන යුත...
06/09/2025

ගැහැණියක් නතර වෙන්න ඕනි,

පිරිමියෙක් තමන්ව පරිහරණය කරන තැනක නෙවෙයි.
පිරිමියෙක් තමන්ව සීරුවට විදින තැනක.

ගැහැණියකගෙන් වෙන යුතුකම් වෙනුවෙන් බලාගෙන ඉන්න තැනක නෙවෙයි,
ගැහැණිකගේ අයිතිවාසිකම් රැකල දෙන තැනක.

තමන්ට හීන දකින්න ඉඩ දීල නිදහස් වෙන තැනක නෙවෙයි,
තමන්ගෙ හීන ලස්සනට පාට කරන්න උදව් වෙන තැනක.

ගැහැණියව වාරුවක් කරගෙන ජීවත් වෙන තැනක නෙවෙයි.
ගැහැණියකට වාරුවක් වෙන්න පුළුවන් ශක්තිමත් තැනක.

ගැහැණුකම දුර්වල කමක් කියල හිතල අනුකම්පා කරන තැනක නෙවෙයි,
ගැහැණුකම ආභරණයක් කියල හිතන ඒකට විටිනාකමක් දෙන තැනක.

එහෙම තැනක් තමයි ගැහැණියකට නවත්වන්න පරිස්සම්ම තැන.

-රුවා
Ruwa-රුවා ගේ පන්හිද.

පුතාලා ඉන්න අම්මලා මහන්සි වෙන්න ඕනා පුතෙක් මනුස්සයෙක් කරන්න.... මේ ලෝකෙ මිනිස්සු ලඟ අඩුවෙන්ම දකින්න ලැබෙන මනුස්සකම වැඩිය...
04/09/2025

පුතාලා ඉන්න අම්මලා මහන්සි වෙන්න ඕනා පුතෙක් මනුස්සයෙක් කරන්න....

මේ ලෝකෙ මිනිස්සු ලඟ අඩුවෙන්ම දකින්න ලැබෙන මනුස්සකම වැඩියෙන් තියෙන පුතෙක් හදන්න අම්මලා මහන්සි වෙන්න ඕනා....

පුතෙක් කියන්නෙ එක අම්මා කෙනෙක්ගෙ දරුවෙක් විතරක් නෙමෙයි,
පුතෙක් කියන්නෙ මේ ලෝකෙ ඉපදෙන,ඉපදුණු හැම ගැහැණියකගේම ගෞරවය ආරක්ෂා කරන මනුස්සයෙක් වෙන්න ඕනා....

පුතෙක් කියන්නෙ අම්මගෙ දුක,සතුට,මහන්සිය,පීඩනය,තරහ, තනිකම මේ හැම හැඟීමක්ම තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕනා,
පුතෙක් කියන්න අම්මගෙ ජීවිතේ වගේම අනෙක් අම්මලාගෙත්,ඒ අම්මලා මේ ලෝකෙට බිහි කරන දරුවන්ගෙත් ආරක්ෂකයා වෙන්න ඕනා....

පුතෙක් කියන්නෙ තව ගැහැණියකට ආදරේ කරන ආදරණීය පිරිමියෙක් වෙන්න ඕනා....
පුතෙක් කියන්නෙ ලෝකෙම දූලට ආදරේ කරන තාත්තා කෙනෙක් වෙන්න ඕන...
පුතෙක් කියන්නෙ කරුණාවන්ත සහෝදරයෙක් වෙන්න ඕනා...

පුතෙක් කියන්නෙ ගැහැණියකගේ ගෞරවය ආරක්ෂා කරන ආදරණීය මිනිසෙක් වෙන්න ඕනා....

එහෙම පුතෙක් කවදාවත් අම්මා කෙනෙක්ගෙ දුවක් අමානුෂීය විදිහට අතවර කරලා මරලා දාන එකක් නෑ..
ගැහැණියකගෙ ජීවිතයට සතුට මිසක් දුකක් දෙන එකක් නෑ..

" ඇයි ඔයා එයාගෙන් අයින් උනේ ... හැමෝම කියනවා එයා හොද මනුස්සයෙක් කියලා " මං ටික වෙලාවක් බලාගෙන හිටියා. ගැඹුරු හුස්මක් අරන...
02/09/2025

" ඇයි ඔයා එයාගෙන් අයින් උනේ ... හැමෝම කියනවා එයා හොද මනුස්සයෙක් කියලා "

මං ටික වෙලාවක් බලාගෙන හිටියා. ගැඹුරු හුස්මක් අරන් මෙහෙම කිව්වා.

" හැමෝටම හොද මිනිස්සු අපිටත් ඒ විදිහටම හොද වෙන්නෙ නෑ ...
කෙනෙක් තව කෙනෙක් ගැන කියන්නෙ එයා ගැන තමන්ට තියෙන අත්දැකීම් අනුව. ඉතිං තමන්ට තියෙන අත්දැකීම්ම අනිත් මිනිස්සුන්ටත් ඇතියි කියලා හිතාගෙන මිනිස්සු ජීවත් වෙනවනම් ,
පැහැදිලි කරන්න යනවට වඩා නිහඬව ඉන්න එක හරියි කියලා මං හිතනවා "

" හ්ම්ම් .. ඒක හරි "

" ආයෙමත් මං කියන්නම් ... ලෝකෙටම හොද මනුස්සයෙක් උනත් අපිට හොදින් සලකන්නෙ නැත්තන් ඒ බැදීමේ තේරුමක් නෑ. මොකද අපි තනි වෙද්දි ලෝකයා උනත් ගන්නෙම අර එයාලට හොදයි කියලා හිතෙන මනුස්සයගෙ පැත්ත "

සෑම කාන්තාවක්ම සුදුසු වන්නේ,"ඔබට කොහොමද මම උදව් කරන්නේ?" කියා අසන පිරිමියෙකුට මිස, "ඔබට හොඳක් වෙයි" කියා පවසන අයෙකුට නොව...
03/08/2025

සෑම කාන්තාවක්ම සුදුසු වන්නේ,
"ඔබට කොහොමද මම උදව් කරන්නේ?" කියා අසන පිරිමියෙකුට මිස, "ඔබට හොඳක් වෙයි" කියා පවසන අයෙකුට නොවේ.

ලෝකයක් බර ඔබ මත තිබෙනු දැක එය නොදැක්කා සේ සිටින පිරිමියෙකුට නොව, ඉදිරියට පැමිණ, ඒ බරෙන් කොටසක් ඔබෙන් ඉවත් කර, ඔබ තනි වී නැති බව මතක් කර දෙන පිරිමියෙකුටය.

එයයි සැබෑ සහයෝගීතාවය. එයයි සැබෑ ආදරය! ❤️

ගෙදරක් නිවසක් වෙන්නේ භාර්යාව නිසා.හ  වු  ල ක්  පවුලක් වෙන්නේ භාර්යාව නිසා.පිරිමියෙ ක්  පියෙක් වෙන්නේ භාර්යාව නිසා.සැමියා...
29/07/2025

ගෙදරක් නිවසක් වෙන්නේ භාර්යාව නිසා.
හ වු ල ක් පවුලක් වෙන්නේ භාර්යාව නිසා.
පිරිමියෙ ක් පියෙක් වෙන්නේ භාර්යාව නිසා.

සැමියා කොඳු නාරටිය නම් භාර්යාව මස්තිෂ්කය වෙනවා.
සැමියා වනස්පති වෘක්ෂයක් නම් භාර්යාව මුදුන් මුල වෙනවා.
සැමියා මන්දිරයක් නම් භාර්යාව කැණිමඬල වෙනවා.

මි නි හෙ ක් ලෝකෙම දිනලා ආවත් වැඩක් නෑ, තමන්ගේ ගෙදර බැලන්ස් නැත්නම් ඒ ජීවිතේ හිස් කියලා මං හිතනවා.

ඒක කාටත් පොදුයි.

ගෑ*ණි*ට තැන දෙන එක පිරිමිකමට ලැජ්ජාවක් නෙවෙයි.
ඒක තමයි රියල් පිරිමිකම.

- ෂෙනාල් ගුණසේකර -

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Saranis's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saranis's Diary:

Share