Lanka At Robbery ලංකාවේ කොල්ලය

Lanka At Robbery ලංකාවේ කොල්ලය Revealing The Truth of Mother Lanka.
ලක් මාතාවගේ සත්‍යය තොරතුරු ජනගත කිරීම.

ලකේ පංකාවේ හොර තක්කඩීස් හඳුනාගැනීම !!! =================================  හොඳට මතක තබාගන්න, මේ තමයි රන්ජන් රාමනායක ගේ මය...
03/03/2025

ලකේ පංකාවේ හොර තක්කඩීස් හඳුනාගැනීම !!!
=================================
හොඳට මතක තබාගන්න, මේ තමයි රන්ජන් රාමනායක ගේ මයික්‍රෆෝනයේ ප්‍රධානම ගෝලයෝ...." #බඩගෝස්තරවාදයේපෙරමුණ"
#බොරුවේඋපතඅසේලසම්පත්
==================================
🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🥵🥵🥵🥵🥵🥵
👍👍👍👍🎵🎵🎵🎵🎶🎶🎶🎶🌎🌎🌎🌎
රටේ පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනීසිටිනවා යැයි කියමින් කෙසේ හෝ ආදායමක් උපයා ගැනීමට සිහිනෙන් පවා සූත්තර අටවන තක්කඩියන් හඳුනාගැනීම සඳහා තවත් හොඳම උදාහරණයක් තමයි මේ.....

නූගත්කම ඉහවහා යෑම නිසා, තම කටට එන සියල්ල අග්‍ර ගන්‍ය පණ්ඩිත වාක්‍යයන් යැයි හැඟෙන දැනෙන, උමතු රෝගයෙන් විකාර රූපීවූ මේ ගංකබ්‍රාල් සන්නාසියා, දැන් "කුඩු/නයි" නාලිකාලාගේ කැමරා ඉදිරියේ මයික් ටයිසන් වීමට විශාල උත්සාහයක යෙදෙන්නේ, සිය මාසික වේතනය කෙසේ හෝ උපයා ගැනීමටයි.

පැති මාරුවී නින්දෙන් නැගිටින මේ රෝස් පාන් අලහොද්දා, දත-කට මැදීමකින් තොරවම කළින් දින රාත්‍රියේ ඉතුරුවූ පාන් වාටිය කටේ ඔබාගන්නවා ඒ උදෙසා........
ඉන්පසුව එම පාංවාටිය සපමින්, නන්නත්තාර බොරු තක්කඩි බයිලා දෙඩවීම නැවතත් අරඹන්නේ උදාවූ දිනයේදීද කෙසේ හෝ ගතමනාවක් උපයාගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන්.
🤣🤣🤣🤣😁😁😁😁🥵🥵🥵🥵
මේ නූගත් පොලොස් කොට්ටෝරුවාට නොතේරෙන, නොදන්නා, වටහාගත නොහැකි, සැබෑ නීතිමය කාරණාව තමයි මේ !!!
===================================
පහල අධිකරණයකින් තමන්ට එරෙහිව දුන් තීන්දුවකට එරෙහිව, ඉන්ධන බෙදාහරින්නෝ නැවත ඉහල අධිකරණයට ගොස් අභියාචනයක් සිදුකරන්නේ කළින් ලැබුණු තීන්දුව අත්හිටුවා ගැනීමක් වෙනුවෙන්.
නමුත් සිදුවන්නේ "වඳින්න ගිය දේවාලේ හිසේ කඩාවැටීමක්" පමණයි
🤣🤣🤣🤣😁😁😁😁🥵🥵🥵🥵
====================================
පහල අධිකරණය විසින් පෙර ලබාදුන් තීන්දුව බොහොම නිවැරදි බව සනාථ කරන ඉහල අධිකරණය, හැකි ඉක්මනින් එම තීන්දුව ක්‍රියාත්මක කළයුතු බවට එවක රජයේ තෙල් සංස්ථා බලධාරීන්ට නියෝගයක් නිකුත් කරනවා.
=====================================
නමුත් නරිවරිගේ පොනිල් රාජපස්ස සිය ආරක්ෂාව සහ පොහොට්ටු හෙන්චයියන්ගේ සුඛවිහරණයන් ගැන සිතමින් මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට කටුව ගසනවා, 2024 සැප්තැම්බර් දක්වාම.
පුනරුදයේ නව රජය දැන් මේ ක්‍රියාත්මක කිරීමට තීන්දු කර තිබෙන්නේ, වසර ගණනාවක් පැරැණි එම නඩු තීන්දුවයි. එය රජයේ අලුත්ම ගසාකෑමක් හෝ පාරිභෝගිකයන් සූරාකෑමක් නොවේ. අධිකරණයට හිස නැවීමක්, ගරු කිරීමක් පමණයි !!!
======================================
අධිකරණය ඉදිරියේ කුප්ප කුජීත වී, රෙදි ගලවා ගත් ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය තමන්ගේ කපෝතිය අහෝසි කරගැනීම වෙනුවෙන්ම අදින ඊළඟ අංචිය වන්නේ ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැලකී සිටීමයි.
තක්කඩීන්ගේ අවසාන තුරුම්පුවයි ඒ.....
ජනතාවට නැවතත් තෙල් පෝලිමක් නිර්මාණය වන්නේ මේ තීරණය හරහා බව පැහැදිලිව පෙනෙනවා.
======================================
මෙවැනි කාරණාවක් නිසි ආකාරයෙන් ඇසීමට, දැකීමට හා අවබෝධ කරගැනීමට සාමාන්‍ය දැනීමක් අවශ්‍ය වෙනවා මේ අපේ සමාජයේ ඕනෑම කෙනෙකුට.
මුදල් තන්හාවෙන් පෙළෙන තක්කඩි 2.5%ට නැත්තේද එම සරල සාමාන්‍ය දැනීම බව නැවතත් ඔප්පු වෙනවා, මේ අභූත චෝදනා/මොන්ගල් ප්‍රකාශ හා මාධ්‍යය නරිනාටක ඔස්සේ......
=======================================
අවසාන නිරීක්ෂණය : සසර වසන තුරාවටම සියලු තක්කඩීස් දැන් 1000% නන්නත්තාර වී සිටී !!!
=======================================
මීට අදාල Video Link එක අපගේ 1st Comment එකෙන් :
===================================
#අසේලසම්පත්
#බූරුවෝONSALE
====================================

01/03/2025
ආබාධ  සහිත තැනැත්තන් අන්තර්කරණය සදහා වන පාර්ලිමේන්තු සංසදය නැවත ස්ථාපිත කරලීමට අදාළ 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලසුම ගරු ක...
01/03/2025

ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සදහා වන පාර්ලිමේන්තු සංසදය නැවත ස්ථාපිත කරලීමට අදාළ 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලසුම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ විසින් ඊයේ දිනයේ (පෙබරවාරි 27 ) දී පිළිගැන්වූවා.

එම අවස්ථාව සදහා ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලි පතිරගේ ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහභාගී වුණා.

එම සාකච්ඡාවේ දී ආබාධ සහිත තැනැත්තන් මුහුණපාන අධ්‍යාපන,සෞඛ්‍ය හා පුනරුත්ථාපන, පොදු ප්‍රවාහන හා පොදු ස්ථානවලට ප්‍රවේශය,දත්ත හා පර්යේෂණ, නීති හා ප්‍රතිපත්ති, සේවා නියුක්තිය යන කේෂ්ත්‍රවලදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටළු වගේම ඒ සම්බන්ධ තිරසාර විසදුම් සෙවීම සදහා වන ප්‍රවේශ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.
==================================

රනිල් සීයා ඥානා අක්කටත් ලක්ෂ 280ක් වන්දි දීලා!අරගල සමයේ දේපොළ හානි වූ මන්ත්‍රීවරුන්ට වන්දි මිලියන 1221ක් හිතවතුන්ට මිලිය...
01/03/2025

රනිල් සීයා ඥානා අක්කටත් ලක්ෂ 280ක් වන්දි දීලා!
අරගල සමයේ දේපොළ හානි වූ මන්ත්‍රීවරුන්ට වන්දි මිලියන 1221ක් හිතවතුන්ට මිලියන 1125ක්. බංකලොත් කරනො රටක ජනතාවදා දහ අතෙ.දුක් විඳිද්දි පාලකයෝ කිසිම හිරිකිතයක් නැතිව අසීමිත ලෙස වරප්‍රසද තමන්ට රිසි ලෙස බෙදාගෙන තිබේ.

අරගලය පැවැති 2022 වසරේ ගිනිගත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි මුදල් ලබාගත් තවත් ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

ඒ අනුව ඩබ්ලිව්. එම් ඥානවතී නොහොත් ඥානක්කා නම් කාන්තාවට රුපියල් ලක්ෂ 2800ක වන්දි මුදලක් ලබාදී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාට රු. ලක්ෂ 696ක වන්දි මුදලක් ලබාදී තිබේ.

ඒ අනුව එවක පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් නොවන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, සභාපතිවරුන්ට, හිතවතුන්ට, ආධාරකරුවන්ට යනාදී පුද්ගලයින්ට රුපියල් මිලියන 1,125ක මුදලක් ලබාදී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එවක මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුනට ලබාදුන් මුදල රුපියල් මිලියන 1,221කි.

මේ අතර මෙම කථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලවකවානුවේ ජනාධිපති විමර්ශන කොමිෂම් වෙනුවෙන් රජයේ මුදල් වියදම්කළ ආකායර පිළිබඳවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.

2016 වසරේ සිට ජනාධිපති විමර්ශන කොමිෂන් 14ක් ලබාදී ඇති බවත්, ඉන් රාජ්‍ය දේපොළ අවභාවිතාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙනුවෙන් රුපියල් ලක්ෂ 662.34ක් වියදම් කර ඇති බව පැවසීය.

එමෙන්ම පාස්කු විමර්ශන වාර්තාවට රුපියල් ලක්ෂ 1,063ක්ද,
දූෂණ විරෝධී කාර්යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා රුපියල් ලක්ෂ 350ක්ද, 2015 සිට 2019 දක්වා වසරවල දේශපාලන පළිගැනීම් වාර්තා සඳහා රුපියල් ලක්ෂ 842ක්ද වියදම්කර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව සමස්තයක් ලෙස ජනාධිපති කොමිෂන් සභා 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5,301ක් වැයකර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් මෙම කොමිෂන් වාර්තා අතරින් වේගවත්ව ක්‍රියාත්මක වූයේ 13 වැනි කොමිසම වූ අරගල සමයේ විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා 2022 පිහිටවපු කොමිසම පමණක් බවද මෙහිදී පැවසීය.

01/03/2025
06/02/2025
ඉතිහාසය පුරා ශ්‍රී ලාංකේය සමාජය වඩා යහපත් තැනකට ගෙන ඒමට ජනමාධ්‍යවේදින් කළ මැදිහත්වීම්වලට ස්තූති කරමින්, ඝාතනයට ලක් වූ - ...
05/02/2025

ඉතිහාසය පුරා ශ්‍රී ලාංකේය සමාජය වඩා යහපත් තැනකට ගෙන ඒමට ජනමාධ්‍යවේදින් කළ මැදිහත්වීම්වලට ස්තූති කරමින්, ඝාතනයට ලක් වූ - අතුරුදහන් කළ - පහරදීම්වලට බඳුන් වූ සහ විවිධ තාඩන පීඩන අත්විඳි ජනමාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය ඉටු කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහතික වූයේ දින හතකට පෙරය. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

ඉන් දින හතක් ගතව යෑමටත් පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුව හා සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස නීතිපතිවරයාගේම අත්සනින් යුතු ලිපියක් අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත. සාමාන්‍යයෙන් එවැනි ලිපියක් යොමු කරන්නේ අදාළ පරීක්ෂණ ගොනුව බාර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියාගේ අත්සනින් වුවත් මෙහිදී නීතිපතිවරයාම මැදිහත්වීම සුවිශේෂය.

නීතිපති යනු රජය නියෝජනය කරන නීතිඥවරයාය. ඔහු ගන්නා තීරණ රජයේ තීරණයයි.

එසේනම් සතියකට පෙර නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මාධ්‍යවේදින් ඉදිරියේ තබාගෙන බොරු කිව්වාද? නැත්නම් රජය සහ ආණ්ඩුව සිටින්නේ අදහස් දෙකකද? එසේත් නැත්නම් මෙයින් කියැවාන්නේ ඉතිහාසයේ සුවිශාලම ජනවරම ලබාගත් ආණ්ඩුවට රාජ්‍ය පාලනය කිරීමේ හැකියාව නොමැති බවද?

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, නීතිපතිවරයා කැඳවා දැඩි උපදෙස් දුන් බවට පසුගිය දිනක වාර්තා විය. මෙලෙස සමාජයම කම්පනය කළ, සුවිශේෂි අපරාධවලට අදාළ නඩු පවා විසිවන්නේ ඒ දැඩි උපදෙස්වලට අනුවද? මින් පෙර මහර බන්ධනාගාරයේ සිදුවු ඝාතන සම්බන්ධ නඩුවද නීතිපති උපදෙස් අනුව විසිවිය.

වත්මන් නීතිපතිවරයා පත්කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඇත්තය. ඔහු තවදුරටත් සේවය කරන්නේ රනිල්ලාට වැනි නිදහසට කාරණාද අතරින් පතර ඇසෙන්නේය.

ජනතාව ජාතික ජන බලවේගයට සහ දිසානායක ජනාධිපතිවරයාට සුවිශාල ජනවරමක් ලබාදෙන්නේ එවැනි බාධක ඇත්නම් ඒවා ඉවත් කර ‘වැඩේ හරියට’ කිරීමට මිසක එලෙස නාහෙන් ඇඬීමට නොවේ.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී !!!)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Address

Colombo
001000

Telephone

+94757579677

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka At Robbery ලංකාවේ කොල්ලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka At Robbery ලංකාවේ කොල්ලය:

Share