12/08/2026
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දිවයින වටා ඇති ඇතැම් මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (12) දහවල් නිකුත් කර ඇති අතර, එය හෙට (13) දින දහවල් 12.00 දක්වා පැය 24 ක කාලයක් පුරා වලංගු වේ.
මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.