16/09/2026
පුංචි හිතකට දරන්න වුණු ලොකුම කැපකිරීම...❤️👶🍼
පවුලට දෙවෙනි පැටියෙක් එකතු වෙනවා කියන්නේ ලොකුම වෙනස සිද්ධ වෙන්නේ අපේ ලොකු දරුවගේ ජීවිතේ...
ඊයේ වෙනකම්ම එයා විතරක් වින්ද අම්මගෙයි තාත්තගෙයි ආදරේ, අවධානය අද ඉඳන් බෙදාගන්න වෙනවා. එයා විතරක් නිදාගත්ත අම්මගේ ලඟින් පුංචි පැටියට ඉඩ දීලා අයිනකට වෙන්න වෙනවා. එයා ආසම සෙල්ලම් බඩු, එයාගෙම කියලා තිබුණු පුංචි ලෝකය තව කෙනෙක් එක්ක share කරගන්න වෙනවා.
ඒ පුංචි වයසට නොතේරුණාට, එයා ඒ දරන්නේ ලොකුම ලොකු කැපකිරීමක්... එයා ඒ පුරුදු වෙන්නේ අසීමිත ඉවසීමක්... 🥹✨
"ඔයා දැන් ලොකු එක්කෙනෙක්නේ" කියන එක වචනෙන් එයාගේ පුංචි කරපිට වැටෙන ඒ බර, කිසිම කෙනෙකුට නොදැනෙන තරම් නිහඬයි.
පවුලේ දෙවෙනි පැටියා එනවා කියන්නේ, ලොකු දරුවා එකපාරටම හිතින් ගොඩක් ලොකු වෙනවා කියන එක. ඒ පුංචි හිතේ තියෙන කැපකිරීමට, ආදරේට වෙන කිසිම දේකින් වන්දියක් ගෙවන්න බැහැ.
අපේ පළමු ආදරේ... වෙනදාටත් වඩා ආදරෙන්, පරිස්සමෙන් අල්ලගෙන ඉන්න ඕනේ ඒ නිසයි! ❤️🩹👑