Thara's Memo

Thara's Memo No filters, just my life

18/08/2026

Monorail 🚝

Go back to 2025❤️🍀
18/08/2026

Go back to 2025❤️🍀

11/08/2026

🇱🇰🌊 ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කියන්නේ ස්වභාවධර්මයේ අපූර්වත්වය විතරක් නෙවෙයි… අපේ මුතුන්මිත්තන්ගේ දක්ෂතාවයත්, ඉතිහාසයත් එක්ක බැඳුණු උරුමයක්. ❤️

පොළොන්නරුවේ අහස යට, නිල් දියවරක් වගේ විහිදී ගිය පරාක්‍රම සමුද්‍රය අදටත් අපේ අතීතයේ විශිෂ්ටත්වය නිහඬව කියාපානවා. 🌊🌴

මහා පරාක්‍රමබාහු රජතුමාගේ යුගයේ නිර්මාණය වූ මේ මහා ජලාශය, අපේ පැරණි වාරි තාක්ෂණයේ විශිෂ්ටත්වයට අදටත් ජීවමාන සාක්ෂියක්. 🏛️✨

හිරු බැස යන වෙලාවක දිය මත වැටෙන රන්වන් ආලෝකය, සීතල සුළඟත් එක්ක නිහඬව විහිදෙන ජල තලය… මේ දසුන අපේ රටේ සුන්දරත්වය තවත් වෙනස් විදිහකට අපට මතක් කරලා දෙනවා. 🌅💚

මේ අපේ ශ්‍රී ලංකාව… සුන්දරත්වයෙන් පමණක් නොව, ඉතිහාසයෙන්ද පොහොසත් පුංචි දිවයිනක්. 🇱🇰❤️

---

The beauty of Sri Lanka is not only about the wonders of nature… it is also a heritage shaped by the brilliance, history, and vision of our ancestors. ❤️

Under the skies of Polonnaruwa, the vast waters of Parakrama Samudraya still stand as a silent reminder of the greatness of our ancient civilization. 🌊🌴

Built during the reign of King Parakramabahu the Great, this magnificent reservoir remains a remarkable testament to the advanced irrigation knowledge and engineering skills of ancient Sri Lanka. 🏛️✨

The golden reflections of the sunset across the calm waters, together with the gentle breeze, create a peaceful scene that beautifully captures another side of Sri Lanka’s natural charm. 🌅💚

This is our Sri Lanka… a little island rich not only in natural beauty, but also in history and heritage. 🇱🇰❤️

බඩ උස්සගන්න බැරි තරම් කාලා ඉස්මුරුත්තාවට ආවත් කමක් නෑ.... මේ ඇටයට අපි කන හැම එකකින්ම චුට්ටක් හරි ඕනි.ඒක මම දුන්නාට කන්නෙ...
10/08/2026

බඩ උස්සගන්න බැරි තරම් කාලා ඉස්මුරුත්තාවට ආවත් කමක් නෑ.... මේ ඇටයට අපි කන හැම එකකින්ම චුට්ටක් හරි ඕනි.

ඒක මම දුන්නාට කන්නෙත් නෑ. එයාගේ බොක්කේ ලව් එක අතින් කවෝ ගන්නත් ඕනි.

අනේ මලවිකාර😏

පුදුම ලව් එව්ව.

මම ගේනව පූසෙක් හිටපල්ලකෝ😒

09/08/2026

🇱🇰🌿 ශ්‍රී ලංකාවේ සුන්දරත්වය… සොබාදහමට ආදරය කරන හැම හදවතකටම වෙනමම කතාවක්. ❤️

මීදුමෙන් වැසුණු කඳු අතරින් හමන සීතල සුළඟ, නිහඬව දිවෙන මංපෙත්, කොළ පැහැයෙන් පිරුණු තණබිම් සහ වලාකුළු අතරින් පෙනෙන කඳු මුදුන්… 🌫️🏔️🍃

මේ හැම දෙයක්ම එකට එකතු වුණාම Horton Plains කියන්නේ නිකම්ම සංචාරක ස්ථානයක් නෙවෙයි… හිතට සැනසීමක් දැනෙන, සොබාදහමත් එක්ක මොහොතක් ජීවත් වෙන්න පුළුවන් අපූරු අත්දැකීමක්. 💚

ලෝකයේ කොහේ ගියත්, අපේ පුංචි දිවයිනේ තියෙන මේ වගේ සුන්දරත්වය හැමදාමත් විශේෂයි. 🇱🇰✨

අපේ සොබාදහම විඳිමු… ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් එය රැකගනිමු. 🌿💚

---

The beauty of Sri Lanka… a different story for every heart that loves nature. ❤️

The cool breeze flowing through mist-covered mountains, peaceful trails, endless green landscapes, and mountain peaks hidden among the clouds… 🌫️🏔️🍃

When all these beautiful elements come together, Horton Plains becomes more than just a tourist destination. It is a peaceful experience where you can slow down, breathe in the fresh air, and spend a moment surrounded by the beauty of nature. 💚

No matter where we travel in the world, the natural beauty of our little island will always hold a special place in our hearts. 🇱🇰✨

Let’s enjoy the beauty of our nature… and protect it for the generations to come. 🌿💚

🇱🇰

Return එක විදිහට එයා හැපුවම තමයි හැබැයි තරු පේන්නේ😩
04/08/2026

Return එක විදිහට එයා හැපුවම තමයි හැබැයි තරු පේන්නේ😩

🥲
04/08/2026

🥲

Breaky @ Lakewood Residence, Kandy Sri Lanka ❤️
20/06/2026

Breaky @ Lakewood Residence, Kandy Sri Lanka ❤️

20/06/2026

Kandy❤️ Lakewood Residence, Kandy Sri Lanka

බ්ලැක් කොෆී Chapter 01:කොළඹ නගරයේ කාර්යබහුල පාරක කෙළවරේ තිබුණු පුංචි කෝපි හලට නම තිබුණේ "Senuri's Brew" කියලා.ඒක අයිති ව...
12/06/2026

බ්ලැක් කොෆී
Chapter 01:

කොළඹ නගරයේ කාර්යබහුල පාරක කෙළවරේ තිබුණු පුංචි කෝපි හලට නම තිබුණේ "Senuri's Brew" කියලා.

ඒක අයිති වෙලා තිබුණේ විසි හය හැවිරිදි, සරල ජීවිතයක් ගත කරන, ලස්සන හිනාවකින් හැමෝම පිළිගන්න ගන්න සෙනුරිට.

ඇගේ ජීවිතය ලොකු සිහිනවලින් පිරුණු එකක් නෙවෙයි. ඇයට ඕන වුණේ තමන් ආදරෙන් හදන කෝපි කෝප්පයක් බොන මිනිස්සුන්ගේ මුහුණේ සතුට දැකීම විතරයි.

හැමදාම උදේ හතට කඩේ අරින සෙනුරි, පිරිසිදු table mats අතුරමින් වැඩ පටන්ගත්තා.

"නදී... අද weekend එක නිසා crowd එක වැඩි වෙයි නේද?" ඇය තම සේවිකාව වූ නදීට කිව්වා.

"අනිවාර්යයෙන්ම අක්කා. අද උදේ ඉඳන් reservation තුනක්ම තියෙනවා."

සෙනුරි හිනාවෙලා හිස වැනුවා.

ඒ අතරේ, ලංකාවේ ප්‍රසිද්ධතම shopping mall chain එකක හිමිකරු වූ රිද්ම තමන්ගේ කාර් එකේ ඉඳගෙන traffic එකේ හිර වෙලා හිටියා.

අවුරුදු තිහක් වෙන රිද්ම, ව්‍යාපාර ලෝකයේ සාර්ථක මිනිහෙක්. මුදල්, බලය, ප්‍රසිද්ධිය අතින් ඔහුට කිසි අඩු නෑ.

ඒත් ඔහුගේ ජීවිතේ තිබුණේ අමුතු හිස්කමක්.

හැමෝම ඔහුට ළං වුණේ ඔහුගේ සල්ලි නිසාද, නැත්නම් ඇත්තටම ඔහුට ආදරේ නිසාද කියන ප්‍රශ්නය ඔහුව නිතරම වද දුන්නා.

"Sir, meeting එකට තව විනාඩි විස්සයි."

ඔහුගේ assistant කතා කළා.

"Cancel කරන්න."

"Sir?"

"මට ටිකක් නිදහසේ ඉන්න ඕන."

කියලා රිද්ම කාර් එක අතුරු පාරකට හරවලා යන්න පටන් ගත්තා.

එතකොට තමයි ඔහුගේ ඇස ගියේ "Senuri's Brew" කියන බෝඩ් එකට.

කවදාවත් නොදැකපු තැනක්.

ඔහු කාර් එක නවත්තලා ඇතුළට ගියා.

දොර ඇරෙනකොටම ආපු කෝපි සුවඳක් මුළු හිතම පුරවලා දැම්මා.

"Welcome Sir"

ඒ ඇහුණු මෘදු හඬට ඔහු හැරිලා බැලුවා.

එතන හිටියේ සෙනුරි.

සුදු පාට apron එකක් ඇඳගෙන, කොණ්ඩේ පොනිටේල් එකකට බැඳගෙන, ලස්සන හිනාවකින් ඇය ඔහුව පිළිගත්තා.

තත්පර කිහිපයක් ඔවුන් දෙන්නාම එකිනෙකා දිහා බලන් හිටියා.

"Sir මොනවද order කරන්නේ?" සෙනුරි ඇහුවා.

රිද්මට උත්තරයක් දෙන්න තත්පරයක් ගියා.

"ආ..... cappuccino එකක්."

"හරි..."

ඇය කෝපි හදන්න ගියා.

රිද්ම පුදුම වුණේ ඇය ඔහුව හඳුනන්නේ නැති එක ගැන.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වුණත්, ඇගේ මුහුණේ කිසිම විශේෂ හැඟීමක් තිබුණේ නෑ.

නදී නම් ටික වෙලාවකින් ඔහුව හඳුනාගත්තා.

"අනේ අක්කා... ඒ රිද්ම පෙරේරා නේද?"

සෙනුරි රහසින් බැලුවා.

"කවුද ඒ?"

"අර R&R shopping mall chain එකේ owner."

"අහ්... ඇත්තද?"

ඇය නැවත වැඩේට ගියා.

රිද්මට ඒක අහම්බෙන් ඇහුණා.

ඒ වචන ටික ඔහුට අමුතු සතුටක් ගෙනාවා.

"මේ කෙල්ල මාව දන්නේ නෑ... මගේ සල්ලි ගැන හිතන්නෙත් නෑ."

විනාඩි කිහිපයකින් සෙනුරි කෝපි කෝප්පය ඔහුගේ මේසයට ගෙනාවා.

"Enjoy."

රිද්ම කෝපි එක බීලා බැලුවා.

"මේක.... මේ cafe එක හරිම ලස්සනයි."

"Thank you."

"ඔයා නේද owner?"

"ඔව් සර්."

"Business එක කොච්චර කාලෙක ඉඳන්ද?"

"දැන් අවුරුදු තුනක්."

"හොඳට කරගෙන යනවා වගේ."

සෙනුරි සිනාසුණා.

"මේක තාම ලොකු business එකක් නෙවෙයි. ඒත් මම ආදරෙන් හදන තැනක්."

ඒ වචන රිද්මගේ හිතට වැදුණා.

"ආදරෙන් හදන තැනක්..."

ඔහු කවදාවත් තමන්ගේ shopping malls ගැන එහෙම හිතලා තිබුණේ නෑ.

දවස් ගණන් ගත වෙද්දී රිද්ම දිනපතාම කෝපි හලට එන්න පටන් ගත්තා.

ඒත් ඔහු කවුද කියලා සෙනුරිට කියන්නෙ නැහැ.

ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩනැගුණා.

හිනාවන්, කතාබස්, කෝපි කෝප්ප අතරින්.

එක දවසක් සෙනුරි වැස්ස බලමින් කවුළුව අසල හිටියා.

"ඔයා දන්නවද?" ඇය ඇහුවා.

"මොකක්ද?"

"මට හිතෙනවා වැස්ස ආදරේ වගේ කියලා."

"ඇයි ඒ?"

"ඒක එනකොට කාටවත් නවත්තන්න බෑ."

රිද්ම ඇගේ ඇස් දිහා බැලුවා.

ඒ මොහොතේ තමන්ගේ හිතට අමුත්තක් දැනුණා. ඒක නිකං පොඩි කිතියක් වගේ.... නැත්තම් බඩේ සමනල්ලු පියාඹනවා වගේ....

ඒකට ඔහු ටිකක් බය වුනා.

මොකද...

රිද්ම, සෙනුරිට ආදරේ කරන්න පටන් අරන් තිබුනා...

-chapter 2 අරන් ඉක්මනට එන්නම්-

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Thara's Memo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share