Ceylon Courtroom

Ceylon Courtroom Ceylon Courtroom is a registered institute dedicated to skill development for professionals, undergraduates, and school leavers.

We offer specialized courses in English, HR, and Industrial Law, along with corporate training tailored to industry needs.

22/06/2025

English language එකට බය වෙලා opportunities miss කරගත්ත කාලේ දැන් ඉවරයි.
මෙන්න ඔයාගෙ English ටික සුපිරියටම හදාගන්න පුලුවන් තැනක්
Ceylon Courtroom

💬Unlock These Benefits
✅ Improve your speaking & writing for professional settings
✅ Build confidence in meetings, emails, and interviews
✅ Learn workplace vocabulary and communication skills
✅ Get real-life practice through role plays and scenarios
✅ Receive personalized feedback from expert instructor
✅ Develop essential AI literacy for the modern workplace

074 071 6881 - Register Now
Mode : Online | Every Wednesday | 8.00 PM onwards

your path to professional success starts here.🚀

AI Down උනාට ඔයා  down නොවෙන්න හරියට basics හදාගන්න! 🤞AI tools වලට හුරු වෙන්න ඕන වගේම, 100% AI  මත depend වෙන එක profess...
10/06/2025

AI Down උනාට ඔයා down නොවෙන්න
හරියට basics හදාගන්න! 🤞

AI tools වලට හුරු වෙන්න ඕන වගේම, 100% AI මත depend වෙන එක professional කෙනෙක් විදියට ඔයාගේ career growth එකට එච්චර හොඳ දෙයක් නෙවේ. මොනවා කරත් basics හරියට ඉගෙන ගෙන තියෙන්න ඕන.

Don't overly depend on AI. It's a helper not a replacement. 💪

074 071 6881 - More Details
Mode : Online | Every Wednesday | 8.00 PM onwards

📢 Stay connected with us!
Ceylon Courtroom - your path to professional success starts here.🚀

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️Ceylon Courtroom
10/06/2025

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️
Ceylon Courtroom

මේ පාර සෙට්වුන Job Interview එකත් අවුල් යයි කියල බයෙන්ද ඉන්නේ ?confidence පිට interview එකකට face කරන්න industry level එ...
10/06/2025

මේ පාර සෙට්වුන Job Interview එකත් අවුල් යයි කියල බයෙන්ද ඉන්නේ ?
confidence පිට interview එකකට face කරන්න industry level එකේ mock interview වලින් පුරුදු කරන ලංකාවේ හොඳම තැන

Ace your next job interview with our expert-led mock interview training!

074 071 6881 - More Details
Mode : Online | Every Wednesday | 8.00 PM onwards

📢 Stay connected with us!

Ceylon Courtroom - your path to professional success starts here.🚀

Technical Skills කොච්චර තිබ්බත් English බැරි හින්දා හැමදාම හිරවෙනවද?You may be smart and super skilled, but without clea...
10/06/2025

Technical Skills කොච්චර තිබ්බත් English බැරි හින්දා හැමදාම හිරවෙනවද?
You may be smart and super skilled, but without clear and confident communication, it’s easy to be overlooked.

💬Unlock These Benefits
✅ Improve your speaking & writing for professional settings
✅ Build confidence in meetings, emails, and interviews
✅ Learn workplace vocabulary and communication skills
✅ Get real-life practice through role plays and scenarios
✅ Receive personalized feedback from expert instructor
✅ Develop essential AI literacy for the modern workplace

074 071 6881 - More Details

Mode : Online | Every Wednesday | 8.00 PM onwards

📢 Stay connected with us!
Ceylon Courtroom - your path to professional success starts here.🚀

English අවුල් හින්දා Job එකේ එකම තැන පල් වෙනවද?හරියටම හරියන්න හොඳම තැනින් practically ඉගෙන ගන්න.Confident English for a ...
09/06/2025

English අවුල් හින්දා Job එකේ එකම තැන පල් වෙනවද?
හරියටම හරියන්න හොඳම තැනින් practically ඉගෙන ගන්න.

Confident English for a Confident Career! 🧑🏻‍💼

රාජ්‍ය අංශයේ පුද්ගලික අංශයේ රැකියාවේ නියුතු ඔබ සඳහාම ප්‍රයෝගික වැඩසටහන

More Details 👇🏼
074 071 6881

Stay connected with us!
Ceylon Courtroom - your path to professional success starts here.🚀

13/04/2024

PATH TO BE AN ATTORNEY-AT-LAW ! 👨‍⚖️

Join us for a free seminar on the Sri Lanka Law College Special Entrance Examination conducted by Thineth Korasagalla, empowered by Ceylon Courtroom. Gain valuable insights and tips to excel in this crucial examination, ensuring your success in entering the legal profession. Don't miss this opportunity to prepare effectively and confidently for your future career in law.

🔻Registration link in first comment.

ප්‍රවණතාවක් ලෙස බොහෝ අපරාධ වලට මුල් වන ඉඩම් සම්බන්ධ ආරවුල් වලදී ඔබගේ අයිතීන් ද රැකගෙන සාමය ආරක්ෂා කර ගන්නේ කෙසේද ?🔴අද රා...
02/04/2024

ප්‍රවණතාවක් ලෙස බොහෝ අපරාධ වලට මුල් වන ඉඩම් සම්බන්ධ ආරවුල් වලදී ඔබගේ අයිතීන් ද රැකගෙන සාමය ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

🔴අද රාත්‍රී 9.15 සජීවීව.

02.04.2024

16/03/2024
15/03/2024

අංක 22

💢 T-56 ස්වංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ 15

[ CA/HCCA/0365/2017 (Decided on 2023.12.15) ]

2010 යනු ශ්‍රී ලංකාවේ අවුරුදු 30ක පමන කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමා වී රට යතා තත්වයට පත් වෙමින් තිබූ කාල වකවානුවකි.

2010 දෙසැම්බර් මස 23 වන දින පොලීසියට ලද තොරතුරක් මත මෙම නඩුවේ අභියාචක තැනැත්තා සැකකරුවෙකු ලෙස අත්තඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔහු විසින් පොලීසියට කරන ලද ප්‍රකාශයකට අනුව නිත්‍යානුකූල නොවන බලපත්‍ර රහිත ආයුධ “පට්ටකාඩු” ප්‍රදේශයේ සගවා තිබූ ස්ථානයකින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නඩුව, වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව බලපත්‍ර නොමැතිව T-56 වර්ගයේ ස්වංක්‍රීය ගිනි අවියක් සහ ජීව උණ්ඩ 15 ක් සන්තකයේ තබා ගැනීම (possession) යන වරදවල් දෙක මත අධිචෝදනා පත්‍රයක් වව්නියාව මහාධීකරණයේ විභාග වී අවසන්ව චූදිතයා හට මරණ දඩුවම ලබා දෙමින් දුන් තීන්දුව අභියෝග කරමින් ඉදිරිපත් වූ අභියාචනාවකි.

පළමු චෝදනාව - (Firearm Ordinance) ගිණි අවි ආඥා පනතේ 22(3) වන වගන්තිය සමග කියවිය යුතු එකී පනතේම 1996 අංක 22 සංශෝධිත පනතේ 22(1) වගන්තිය.

දෙවන චෝදනාව - (Explosive Ordinance) 1956 අංක 21 දරණ පුපුරණත් ද්‍රව්‍ය ආඥා පනතේ 9(2) (1996 අංක 33 හා 2005 අංක 18 මගින් සංශෝධිත) Explosive Acts

දිනය 2010 දෙසැම්බර් 23

2010 දෙසැම්බර් 23 වන දින පොලීසියට ලද තොරතුරක් මත මෙම අභියාචකව සැකකරුවෙකු ලෙස යාපනයේ වාදුකොඩායී ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන ඇති අතර දෙසැම්බර් 24 ඔහුව වව්නියාව පොලිස් ස්ථානයට රැගෙන විත් සාක්ෂි ආඥා පනතේ 27(1) වගන්තිය ප්‍රකාරව සැකකරුගෙන් සටහන් කරගන්නා ප්‍රකශයකට අනුව “පට්ටකාඩු” වල සගවා තිබී T-56 ස්වංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ 15 සොයාගත් බව පොලීසිය විසින් ගරු අධිකරණය වෙත කරුණු වාර්ථා කර ඇත. තවද පරීක්ෂණ වලදී හෙලී වී ඇත්තේ මෙම ගිනි අවිය පුදුකුඩුඉරිප්පු හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුගෙන් සොරකම් කෙරූ එකක් බවයි.

මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන හා මංකොල්ල කෑම් සිදු කිරීම් සම්බන්ධව සැකකරුවෙකු ලෙස උවමනා වී සිටින පුද්ගලයෙකු ලෙසත් කරුණු අනාවරණය වී ඇති බවත් කරුණු වාර්තා කර තිබුනි.

මහාධිකරණ තීන්දුව

පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් 4 දෙනෙකුගේ සාක්ෂි මෙහෙයවමින් නඩු භාණ්ඩ 6ක් නම් කරමින් පැමිණිල්ලේ නඩුව අවසන් කර ඇති අතර විත්තිකරු සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි (Dock Statement) ලබා දෙමින් විත්තියේ නඩුව අවසන් කර ඇත.

පසුව මහාධිකරණ විනිසුරුතුමන් විසින් පළමු චෝදනාවට මරණ දඩුවමත් දෙවන චෝදනාවට අවුරුදු එකක කාලයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ද ලබා දෙමින් තීන්දුව ලබා දෙන ලදී.

අභියාචකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රාකාර “ප්‍රකාශය” සාක්ෂියක් ලෙස යොදා ගැනීමට නොහැකි බවත්, ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් ලබා දී ඇති තීන්දුව කිසිදු සාක්ෂිමය හේතු කරුණු දැක්වීමකින් තොරව නිගමනයකට එලබ ඇති බවත් ය.

අභියාචණාධිකරණ තීන්දුව

ගරු අභියාචණාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් විනිසුරුතුමා විසින් පෙන්වා දී ඇත්තේ, සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අභියාචනාකරුගෙන් ලබා ගත් ප්‍රකාශය මත සොයා ගන්නා ලද ස්වංක්‍රීය ගිණි අවිය සහ උණ්ඩ සම්බන්ධව නඩු විභාගයේදී පැමිණිලි පාර්ශව විසින් ඊට අදාලා ප්‍රකාශය හා සොයා ගත් ගිණි අවිය සහ උණ්ඩ අතර පවතින සම්බන්ධතාවය සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond Reasonable Doubt) ඔප්පු කල යුතු බවත් ය.

අභියාචක විසින් පොලීසියට ලබා දී තිබූ ප්‍රකාශයේ සොයාගත් ආයුධය වලට අදාල කොටස වූයේ..

පරිවර්තනය කරන ලද මහාධිකරණ නඩු ගොනුවේ 39 වන පිටුවේ, නඩුව විභාගයේදී පැමිණිල්ල විසින් p1 ලෙස සලකුණු කර තිබූ කොටස 👇

" එය පට්ටකාඩු වල අගලක් යට සගවලා තියෙනවා. එම ස්ථානය මට පොලීසියට සොයාදෙන්න පුලුහන්"

ගරු අභියාචණාධිකරණය තවදුටත් පෙන්වාදී ඇත්තේ මෙම නඩුවේ තිබෙන එකම සාක්ෂිය මෙය බවත්, මෙහි කිසිදු ස්ථානයක සොයාගත් "T-56 ස්වයංක්‍රීය ගිණි අවිය හා උණ්ඩ" සම්බන්ධව අභියාචක විසින් සදහන් කර නොමැති බවත්, අභියාචක හා මෙම අපරාධය අතර ඇති සම්බන්ධතාවය වෙනත් කිසිදු සාක්ෂියකින් හෝ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවත් ය.

තවද උගත් මහාධිකරණ විනිසුරුතුමන්ගේ තීන්දුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 283(1) වගන්තිය ප්‍රකාරව සපුරාලිය යුතු අංග නොමැති බවත් අභියාචණාධිකරණය පෙන්වාදෙන ලදී.

එනම් තීන්දුව ලබා දීමේදී නිශ්චය කළ යුතු වූ කරුණ හෝ කරුණු ද ඒ පිළිබද තීරණය ද ඒ තීරණයට හේතු ද එහි ඇතුලත් විය යුතු බවයි. මේ සම්බන්ධව අභියාචණාධිකරණය තවදුරටත් පහත නඩු තීන්දු හා ලිපිය පෙන්වාදෙමින් විග්‍රහ කර ඇත.

Moses v The State 1993 3 SLR 401
Ibrahim v Inspector of Police Rathnapura 59 NLR 235
Article - “The Art of Writing Judgment” by Justice Sunil Ambwani

ඒ අනුව ගරු අභියාචණාධිකරණය අභියාචනාවට අවසර ලබා දෙමින් ඒකමතිකව තීරණය කර ඇත්තේ ගරු මහාධීකරණය විසින් 1 හා 2 චෝදනාවලට පිළිවෙලින් ලබා දුන් මරණ දණ්ඩනය හා එක අවුරුදු බරපතල වැඩ සහිත සිරදඩුවම ඉවත්කර නිදොස් කොට නිදහස් කරන ලදී.

තවද මෙම නඩුව නැවත නඩු විභාගයක් (Re-Trial) සදහා යොමු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් පෙන්වා දෙන ලදී.

✍️ නීතිඥ තිනෙත් කොරසගල්ල.

ලංකාවේ ජනපති මෙච්චර බලවත්ද ?නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා හා  ජනිත වැලිකලගේ මහතා  විසින්  ජනපති බලතල ගැන කෙරෙන පුළුල් විග්‍...
28/02/2024

ලංකාවේ ජනපති මෙච්චර බලවත්ද ?
නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා හා ජනිත වැලිකලගේ මහතා විසින් ජනපති බලතල ගැන කෙරෙන පුළුල් විග්‍රහය

Ceylon Courtroom | Episode 03

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon Courtroom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Courtroom:

Share