Ahangama TV

Ahangama TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ahangama TV, News & Media Website, .

20/07/2026

FIFA පාපන්දු කුසලානය රැගෙන ස්පාඤ්ඤය
ගෙදර ආව හැටි

08/06/2026

ආණ්ඩුවට අමාරු වෙද්දි
එලියට එන අලුත් පියාපත්

"නීතිය ක්‍රියාත්මක වෙද්දී මේ ඇයි මේ නටන්නේ?"

08/06/2026

පාස්කු ප්‍රහාරය ගැන යළි මතක් කරපු මොනාෂා
"මං අහනන්නේ ඒ මිනිස්සු පව් නැද්ද?"

06/06/2026

ඉන්දියාවේ කොඩිය දෙකට ඉරලා
විරෝධය පෑ අමෙරිකා තරුණයා

06/06/2026

ඇමති සමන්ත තණකොල කපලා සුද්ද කරපු බදුල්ල දුම් රිය ස්ථානයේ වත්මන් තත්ත්වය

05/06/2026

Ice Age නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කෙරේ

සියඹලාණ්ඩුව මොණරාගල මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් තිස් එක හංදිය ප්‍රදේශයේ දී මොණරාගල සිට සියඹලාණ්ඩුව දෙසට ධා...
29/05/2026

සියඹලාණ්ඩුව මොණරාගල මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් තිස් එක හංදිය ප්‍රදේශයේ දී මොණරාගල සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද පස්වරුවේ දි අනතුරක් සිදු වී තිබේ.

එම අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයන් විසිහය දෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර මාස පහක කුඩා බිලිදෙකුද තුවාලකරුවන් අතර වේ.

ලංගම බස් රථයේ රියදුරුට එක් වර සිදු වූ අසනීප තත්වයක් සමග බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇත.

තුවාල ලැබූවන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

2025 - 2029 දක්වා වු වත්මන් රජයේ  මුල් වසර පහ තුළ හෙද සේවාවට 13600ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, අද ලබා දෙන පත්වීම් සමඟ...
29/05/2026

2025 - 2029 දක්වා වු වත්මන් රජයේ මුල් වසර පහ තුළ හෙද සේවාවට 13600ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, අද ලබා දෙන පත්වීම් සමඟ එම ඉලක්කයෙන් 30%ක් සම්පූර්ණ වූ බවත්, ලබන ඔක්තොම්බර් මාසයේ ලබා දීමට නියමිත හෙද පත්වීම් 2867 සමඟ එම ඉලක්කයෙන් 50%ක් සම්පූර්ණවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කරනු ලැබුවේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිණි.

පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේ දී අද (29) දින පෙරවරුවේ සිදු කෙරිණි.

III ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස සේවයට බඳවා ගන්නා ලද මෙම නිලධාරීන් රජයේ විශ්වවිද්‍යාල මඟින් විද්‍යාවේදී ගෞරව හෙද උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර ශ්‍රී ලංකා හෙද සේවා ව්‍යවස්ථාවට අනුව හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව (Nursing Orientation and Coordination Training) දිවයින පුරා ස්ථාපිත රජයේ රෝහල් 31 ක දී සාර්ථකව හදාරා ඇත.

දිවයින පුරා මධ්‍යම රජය යටතේ පාලනය වන ජාතික රෝහල්, ශික්ෂණ රෝහල් සහ දිස්ත්‍රික් මහ රෝහල් තුළ පවතින පුරප්පාඩු ප්‍රමාණය සහ සේවා අවශ්‍යතාවය පිළිබඳව සළකා බලා මෙම හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ වනවිට ක්‍රමාණුකූලව මෙරට හෙද සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරමින් සිටින බවත්, පසුගිය වර්ෂයේ හෙද විදුහල්වලින් පුහුණුව අවසන් කළ 3441 දෙනෙකුට පත්වීම් ලබා දීමට කටයුතු කළ බවත් පැවසීය. එය මෑත කාලයේ හෙද සේවාවට බඳවා ගත් විශාලතම කණ්ඩායම බවත්, අද දින පත්වීම් ලබන මෙම 515 දෙනා සමඟ 3956 දෙනෙක් ගෙවුණු වසරක කාලය තුළ සේවාවට ඇතුළත් කරගෙන ඇති බව ද සඳහන් කළේ ය.

එළැඹෙන ඔක්තොම්බර් මාසයේ දී තවත් 2867දෙනෙක් හෙද සේවාවට ඇතුලත් කර ගන්නා බවත්, ඒ අනූව 2025 සහ 2026 යන වර්ෂවලදී අළුතින් හෙද සේවාවට 6823ක් ඇතුළත්වන බවද අමාත්‍යවරයා සඳහන්කර සිටියේය.

ඊට අමතරව මේවන විට තවත් 1949ක කණ්ඩායමක් 2028 වර්ෂයේ දී සහ 2920 කණ්ඩායමක් 2029 වර්ෂයේ මැද භාගයේ දී පත්වීම් ලබා ගැනීමට නියමිත බවත් සදහන්කළ අමාත්‍යවරයා ක්‍රමාණුකූලව හෙද විදුහල් වලිනුත් විද්‍යාවේදී උපාධිධාරීන් හැටියට විශ්ව විද්‍යල වලිනුත් බදවා ගැනීම් සිදුකර අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේ ය.

නිෂ්චිත ඉලක්කයන් සහිතව මෙරට සෞඛ්‍ය සේවාව පුළුල්වන ආකාරටය නව සේවාවන් ඇති කිරිම මෙන්ම ලෝකයේ නිර්ණායකයන් ද සලකමින් ඉදිරි වසර කිහිපය සදහා ඉලක්ක සකස්කර ඇති බව සදහන්කළ අමාත්‍යවරයා අමාත්‍යාංශය එම ඉලක්ක අනූව කටයුතු කරමින්යන බවද පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් හෙද සේවාව මෙරට අද්විතීය සේවාවක් බවත් එම සේවාව දැඩි විනයක් සහිතව සිදුවන සේවාවක් බව දශක ගණනාවක සිට නිරීක්ෂණය වී ඇති බව පැවසීය.

වෙසක් සැමරුම නිමිත්තෙන් කිරිබත්ගොඩ මෙවර ඉදිකෙරුනු තොරණ අසල වියළි ආහාර මලු බෙදා දීමේ දන්සලක් අද (29) පැවැත්විණි.. කිරිබත්...
29/05/2026

වෙසක් සැමරුම නිමිත්තෙන් කිරිබත්ගොඩ මෙවර ඉදිකෙරුනු තොරණ අසල වියළි ආහාර මලු බෙදා දීමේ දන්සලක් අද (29) පැවැත්විණි..

කිරිබත්ගොඩ සිංහල වෙළෙඳ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුනු අතර මීට සමඟාමීව සිංහල වෙළෙඳ සංගමයේ සභාපති කේ ජී තිලකසිරි මහතා විසින් සල්ලි දන්සලක්ද පවත්වා ඇත.

මෙම සල්ලි දන්සල ඒ මහතාගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් රුපියල් දහස බැගින් වියළි ආහාර පාර්සල් ලබා ගන්නා ජනතාවට බෙදා දී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන්කර සිටියේ..

Address


Alerts

Be the first to know and let us send you an email when Ahangama TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ahangama TV:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share