Shehi Perera

Shehi Perera Entertainment

රෝස විලාවේ අබිරහස - part 22(22)තවත් පුර පෝයක් ඇවිදින්නිලන්ති මා මසා දුන් අලුත් සුදු ගවුම සැඳගත්තාය. මම ඇගේ කොණ්ඩය කරල් ද...
12/01/2026

රෝස විලාවේ අබිරහස - part 22(22)

තවත් පුර පෝයක් ඇවිදින්

නිලන්ති මා මසා දුන් අලුත් සුදු ගවුම සැඳගත්තාය. මම ඇගේ කොණ්ඩය කරල් දෙකකට ගොනා සුදු පීත්ත පටියෙන් බැන්දෙමි. මම සුදු සාරියක් හැඳ ගත්තෙමි.

"යමුද?" කාමරය දොරකඩට ආ ශ්‍රියානන්ද ඇසුවේය. සුදු කලිසමෙන් හා කමිසයෙන් සැරසුණ ඔහුගේ මුහුණේ සිහින් සිනහවක් රැඳුණි. මගේ ජීවිතය වෙනස් කළ කුමාරයා!

අප තිදෙනා දැන් ජීවත් වන්නේ මහ විහාර පාරේමය. පන්සල් යාමට නම් අප රෝස විලාව පසු කර යා යුතුය. ශ්‍රියානන්ද කලින් නැවතී සිටි කාමරය අයිති අයගෙන්ම කුලියට ගත් ගෙයකය අප වෙසෙන්නේ. ශ්‍රියානන්ද බයිසී කලය විකුණා ස්කූටරය මිලදී ගත්තේය. උදේට නිලන්ති පාසැල් යන්නේ ඔහු හා ස්කුටරයෙනි.

කාලයක් මම ඇයට ගෙදරදීම ඉගැන්වූයෙමි. ඇයගේ එකොළොස් වෙනි උපන් දිනයද පසුවිය. ඇගේ උගැන්මට ඇති ධාරණ ශක්තිය, තුන්වැනි පන්තියේ දැරියකගේ බව අපට දැනගන්නට ලැබිණි. ඈ ඒ ගැන පැකිළීමකින් තොරව පන්තියට යයි.

මඳ ගොතයක් ඇතිමුත් ඈ අප හා විවෘතව කතා කරයි. ඈ මට අමතන්නේ අම්මා කියායි. ඒ ඇසෙන විට මට සතුටක් දනේ ශ්‍රියානන්දට ඈ කියන්නේ තාත්තා කියායි. නිලන්ති අපේ දුවණීයයි.

ඈ වරින් වර මතක් කරමින් කියන කතා මම උනන්දුවෙන්. උවමනාවෙන් අසා සිටිමි. ඈ ඉපිද ඇත්තේ රෝස විලාවේ මිය. වෙරෝනිකාගේ කුසෙන් බිහි වූ එකම දැරිය ඇයයි.

අපට ඇතැම් තොරතුරක් හෙළි කළේ ගිමාරාහාමිය. නිලන්තිව බොහෝ කාලයක් දරුකමට ගෙන හදාගෙන ඇත්තේ ඇයයි. එය සිදු වී ඇත්තේ, බාටින්ගේ මරණයෙන් පසුවයි.
ඛාටින් මිය ගියේ එඩ්මන් පිළියෙල කළ වසක් කෑමෙන් යැයි නිලන්තිද කීවාය. ඈ එය අඳුනෙන් බලා දැනගත් කරුණකි. අඳුනෙන් බලාගත් දෙයින් ඈ නොයෙකුත් තොරතුරු කීවාය. බාටින් කෝප වේදනාවෙන් හා වෛරයෙන් මිය ගොස් රෝස විලාවේම සැරිසරන බවටය ඈ දැන ගත්තේ. ඔහු වරෙක නාග දිස්ටියක් ගෙන ආවාලු. එඩ්මන්ගෙන් පළිගන්නට සුදුසු මොහොතක් එනතුරු බලා සිටි ඔහු අඳුන බැලු රාත්‍රියේදී ඒ පළිය ගත්තාලු.

එඩ්මන් නයාගේ විසෙන් මිය ගිය පසු නාගයා ඒ වත්තට ආවේ නැතැයි ගිමාරාහාමි කීවාය. බාටින්ගේ සැනසුණ ආත්මය වෙන භවයක් සොයා යන්නට ඇති යැයි මට සිතේ.

මා වරින් වර දුටුවේ බාටින් හා ඔහුගේ මව වූ රත්නතිලක හාමිනේගේ දිස්ටියයි. ඈ රැඳෙන්නට ඇත්තේ තම පුතා ගලවාගෙන මුදවාගෙන යාමටයි. එතෙක් ඇයද විලාවේ සැරිසරන්නට ඇති.

ඇතැම් රාත්‍රියක මාත් ශ්‍රියානන්දත් අපේ පුංචි ඉස්තෝප්පුවේ හිඳ කතාබස් කරන විට මේ දේවල් ගැන කතා කරමින් ආවර්ජනයක යෙදෙමු.

ශ්‍රියානන්ද මගේ ජීවිතයට පැමිණියේ මගේ පෙර වාසනාවකට යැයි මම නිතරම කියමි. ඔහු නිසා නොවී නම් අද මා තවමත් රෝස විලාවේ සිරකාරියක් වන්නට ඉඩ තිබිණි. එහෙම නම් නිලන්ති තවමත් එඩ්මන්ගෙන් බැට කමින් ගොළුවතරකිනු ඇති. ශ්‍රියානන්ද ගැලවුම්කරුවා ලෙසින් පැමිණියේ අප දෙදෙනාගේම වාසනාවටය.

සියල්ල සිදු වූයේ කෙතරම් කඩිනමින්දයි මට සිතේ. ශ්‍රියානන්ද පවසන පරිදි මේ සියල්ල විශ්වයේ කොතැනක හෝ ලියැවී ඇතිද?

මා රෝස විලාවට ගියේ සැබැවින්ම නිලන්තිගේ විමුක්තිය වෙනුවෙන් විය යුතුය. අනෙක් සියල්ල අතුරු ඵල වන්නට ඇත.

ශ්‍රියානන්ද පවසන පරිදි විශ්වයම ඉතා සංකීර්ණ ගැටලුවකි. එය මහා ගණිතමය ගැටලුවකි. එහි සමාන්තර ඉරි දෙක දෙපස
සියල්ල තුලනය වෙයි. එහෙත් ඒ තුලනය සිදුවන්නට නොයෙක් කර්ම ඵල, අතුරු ඵල ආදිය නිරතුරු සිදුවෙයි. මේ නිසා එය හැමවිටම තුලනය වෙන්නට තැත් කරන මහා ගණිකමය ගැටලුවක් පමණි. එයට අවසාන විසඳුමක් නොවේ. අප විසඳන්නේ ගැටලුවෙහි අපේ කොටස පමණි. එහෙත් ඒ කොටස විසඳන අතර අපි තවත් ගැටලුවක පැටලෙමු. ගැටලුව විසඳා ගැනීම අප සතුය. අනෙක් ගැටලු වලින්, අන් අයගේ ගැටලුවලින් මිදිමය අපහසු. ඒ ගැටලු වලද අපි පැටලෙමු. තණ්හාව නිසා, රාගය නිසා, මෝහය නිසා..."

කොණ්ඩඤ්ඤ හිමියන් කියා දෙන්නට තැත් කරන දේද මට මඳින් මඳ වැටහෙයි. වෙරෝනිකා බොහෝ කලකින් පන්සලට නොආ බව හාමුදුරුවන් කීය.

මමද වෙරෝනිකා බොහෝ කලකින් නොදුටුවෙමි. අවසාන වතාවට මා ඇයව දුටුවේ රෝස විලාවෙන් පිටව ආ දවසේය. එදිනද මාත්, නිලන්තිත් පිටව එන්නට කලින් ඇගේ කාමරයට වැදී දොර වසා ගත්තාය.

මටත්, නිලන්තිටත් ඒ ගෙදරින් ගෙන යන්නට කියා මහ දෙයක් තිබුණේ නැත. ශ්‍රියානන්ද කුලියට ගෙන ආ වෑන්රියෙන් අපි කලමනා පටවාගෙන අපේ අලුත් කුලී නිවසට ආවෙමු.

ඒ දැනට මාස කීපයකට පෙරාතුවය. එඩ්මන්ගේ මරණයෙන් හා අවමඟුලෙන් පසු මට රෝස විලාවේ තවදුරටත් රැඳීම උගහට විය. තාත්තා සමඟ පෙරළා අගලවත්තේ මහ ගෙදර යාමද කළ නොහැකි විය. මිනිහෙකුත් මරාගෙන වැන්දඹු වි ආයෙත් ආවා යැයි ලලි අක්කා ඇනුම්පද, අවලාද කියන්නට ඉඩ තිබිණි. ඈ හා එක වහල යට සිටීමේ කිසිදු ආශාවක් මා තුළ නොවීය.

මගේ ගණිතමය ගැටලුවේ එක විසඳුමක් වූයේ ශ්‍රියානන්ද හා ජීවිතය හවුල් කර ගැනීමය. එය මා සැබෑ ආදරයකින් කළ දෙයකි. ඔහුද ආදරයෙන් මා බාරගත්තා පමණක් නොව, නිලන්තිවද තමාගේම දරුවෙකු ලෙසින් බාර ගත්තේය. ඔහු අපේ ජීවිතයට කෙතරම් වාසනාවක්දැයි මට සිතෙන්නේ ඒ හෙයිනි.
සැබෑ ආදරය මා හඳුනා ගත්තේ ඔහුගෙනි. ඒ ආදරය ආත්මාර්ථයෙන් තොරය. අපගේ බැඳීම සුන්දරය. එහි වේදනාවක් නොවේ. අප එක්ව වේදනාවන් විඳී නම් එය හවුල් කරගන්නා වේදනාවකි. අපට එකිනෙකාගේ අත්වැල උදව්වෙයි.

වෙරෝනිකා තමා කෙරෙහි ඇල්මක් දක්වන්නට වූ බවක්ද ඔහු හෙළි කළේය. මට නොදැනෙන්නටය ඈ ඔහුට ඇල්ම කළේ. එහෙත් එය මට නොහැඟුණා නොවේ. ඈ කෙරෙහි මා තුළ උපදින්නේ සංවේදී අනුකම්පාවකි.

අයථා සම්බන්ධයකින් ඈ ලද එකම දරුවා ඈ පිළිකෙව් කරන්නට ඇත්තේ කිනම් උමතුවකින්ද? තමා වරදක් කළාය යන සිතුවිල්ල ඇගේ මනස ඉහවහා ගියාද? ඈ නිලන්තිව අමතක කර දැම්මේ එඩ්මන්ගේ බලපෑමෙන්ද? ඔහුගේ උමතුව වියරු කාමාග්නියයි. එයින් දැවෙන විට ඔහුට ද දරු දුක අමතක වන්නට ඇත. ඔහුගේ ගිනි යවුල රත් වූයේ නිලන්තිට පහරදීමෙනි. ඔහු රත් කළ ගිනිගල ඇයයි. ඔහු මුවත් කළ ගිනිගල ඇයයි. ඇයට පහරදීමෙන් කුපිත වෙන ඔහු රාගයෙන් අවදිවන වියරුව බොහෝ ඈතක සිට ඔහුගේ සෛල වලම ඒ ආසාවන් තැන්පත්ව තිබෙන්නට ඇතැයි මට සිතේ. කඩ කාමරයේ අසම්මත ආකාරයේ අසම්මත තැනක ඔහු අවදි වූයේ ඒ ආසාවන් නිසාය. මම ඔහුගේ අත කොලුව වීමි. ඔහුගේ ගිනිගල වීමි. මෙවන් මිනිසුන් තවත් කොතෙක් ලෝකයේ ඇතිද? ඒ නිසාම නිහඬව දුක් විඳින ගැහැණුන් කොයි තරම් ලෝකයේ ඇතිද ?

වෙරෝනිකා උමතුවෙන් ඇගේ ලෝකයේ දොරටු ඔහු වෙතින් වසා දැමුවාට පසුව ඔහු මා සොයා ආවේ. මගේ තාත්තා ඔහුට කැමති වූයේ ඔහුගෙන් ගත් ණයක් නිසා බව මට පසුව වටින් ගොඩින් දැන ගන්නට ලැබිණි. එය ලලී අක්කා අයියාට කියූ කතාවකි. කොහෙන් කොහෙන් හෝ ඒ කතාව මා සවන වැටුණි. එහෙත් තාත්තාගෙන් එහි ඇත්ත නැත්ත මම නැසුවෙමි.

මගේ ජීවිතයේ දැන් සතුට ඇති බැවින් අනුන්ගේ ඕපාදූප, කේලාම් මගේ ප්‍රශ්නයක් නොවේ. මගේ සතුට ශ්‍රියානන්ද හා නිලන්තිය. ඇගේ ජීවිතය ඒ ශෝචනීය තත්වයෙන් මුදවා ගැනීමට මට අවස්ථාව ලැබීම ගැනද මම සතුටු වෙමි.
භද්‍රජි මහින්ද ජයතිලක

బిల్లిరి టైంచి 63 6d రవి అయిరి టెయండి. ඇයව එයින් මුදවා ඇයට පියාසර කර යන්නට උදව් කරන්නට ලැබීම ගැන මම හැමදාමත් සතුටුවෙමි. ඈ දැන් සී ගයන්නීය. ඒ ගීතය සුන්දර ජීවන ගීතයකි. එහි වෙිදනා මතක නැතුවා නොවේ. ඒ ගීතය වඩාත් සුන්දර වන්නේ ඒ වේදනා මතක නිසාමය.

අපි තිදෙන ගෙයින් මිදුලට බැස්සෙමු. නිලන්සිගේ අතමල් වට්ටියකි. එහි රෝස මල්, අරලිය මල්, පිච්ච මල් විය. මා අත තෙල් බෝතලය, හඳුන්කූරු. මම ශ්‍රියානන්දට ළංව ඇවිද යද්දී නිලන්ති අපට ඉදිරියෙන් ඇවිද ගියාය.

හිරු එළිය රන්වන්ය. තව මඳකින් එය දම් පැහැයකි.

විය. අප රෝස විලාවට ළං වෙන විට කෙමෙන් අඳුර ගලන්නට

රෝස විලාව අඳුරේය. පෙරොන්සිනා පහන් දල්වනවා ඇතැයි මම සිතුවෙමි. රෝස විලාවේ තාප්පය හා බිත්ති රෝස පැහැයෙන් අඳුර මැද නැගී සිටියේය. ගිමාරාහාමි කී කතාව මට සිහිපත් විය. හුනුවලට ලේ කලවම් කරපු නිසයි බිත්ති රෝසපාට!"

ඒ කතාව ඇත්තක් ඇද්ද? කාගේ ලෙයද? එඩ්මන්ගේ මුල් බිරිඳ සැබැවින්ම මිය ගියේ දරු ප්‍රසූතියකදීද? ඒ නැත්නම් වෙරෝනිකාගේ කුහක කමකින්ද?

එක්වනම රෝස විලාව දෙසින් පියානෝවක වාදන හඬ නැගී එන්නට විය. තාලය මම හැඳින්නෙමි.

"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා”

වෙරෝනිකා ඇගේ කාමරයේ හිඳ පියානෝව වයනවා ඇති. නිලන්ති ගීතයේ පද යන්තමට මිමුණුවාය.

මම තාප්පයට ඉහළින් බැලුවෙමි. පොරොන්සිනා ඉස්තෝප්පුවේ එල්ලන ලාම්පුව දල්වාගෙන ඇතුළු ගෙයින් ආවාය. ඈ කුඩා බංකුවක නැගි ලාම්පුව වහලයේ කොක්කෙහි එල්ලුවාය.

ශ්‍රියානන්ද මගේ අත අල්ලා ගත්තේය. අනෙක් අතින් ඔහු මට ඈත නැගී එන පුරසඳ පෙන්වීය.
රිදී සඳක් රෝස විලාවේ වහල් තලවලට ඉහළින් මතු විය. දන්නෝ බුදුන්ගේ සිහින් හඬින් වැයිණි. ඒ සියල්ල - රෝස විලාව වෙරෝනිකා, එඩ්මන්, බාටින්, රත්නතිලක හාමිනේ, ගිමාරාහාමි සියල්ල සිහිනයක් මෙනි.

ඒ සිහිනය දැන් මාගේ ජිවිතයෙන් අවසන්ය. මම ඒ සිහිනයෙන් අවදිවී සිටියෙමි. මාගේ යථාර්ථය. මගේ ජීවිතය මා හා ගමන් කරන ශ්‍රියානන්ද හා නිලන්තය.

වෙරෝනිකා රෝස විලාවේ අනිත් භූතයින් අතර වෙසෙතතවත් භුතියක්ම පමණි. එහි පහන් දල්වන පොරොන්සිනා රෝස විලාවේ බාරකාරියයි. ඒ කිසිවක් මට අයිති නොවේ.

"දන්නෝ බුදුන්ගේ පියානෝවේ නැගී එන්නට විය. ඈ එකම තාලයක අතරමං වී ඇතුවා සේය. ඈ අවසන් නොකළ චිත්‍රය මට සිහිවිය. ඈ යම්කිසි දිනෙක එහි නිමාවක් දකිනු ඇද්ද?

මම පුර සඳ දෙස බලමින් ශ්‍රියානන්දගේ අත තරකොට අල්ලා ගතිමි.

End.

රෝස විලාවේ අබිරහස - part 21(22)අපි ඉස්තෝප්පුවෙහි බිම එලූ පැදුරු මත හිඳ සිටියෙමු. මම, එඩ්මන්, ශ්‍රියානන්ද, ගිමාරා හාමි, න...
12/01/2026

රෝස විලාවේ අබිරහස - part 21(22)

අපි ඉස්තෝප්පුවෙහි බිම එලූ පැදුරු මත හිඳ සිටියෙමු. මම, එඩ්මන්, ශ්‍රියානන්ද, ගිමාරා හාමි, නිලා, වෙරෝනිකා. පොරොන්සිනා, පද්මසිරි, මත්තප්පු - අපට ඉදිරියෙන් බංකුව මත අඳුන විය. ඒ ඉදිරියෙන් ඒ දෙස බලා සිටියේ තිලකය. ඒ අසලම කර්නේලිස් ගුරුන්නාන්සේ. මල්වල හා දුම්වල සුවඳ අවට විය. අද රෑ ඉස්තෝප්පුවේ චිමිනි ලාම්පුව දැල් වී නොතිබිණි. එළියකට තිබුණේ අඳුන ඉදිරියේ වූ පොල්තෙල් මැටි පහනම පමණි.

තිලක උවමනාවෙන් කළු අඳුන දෙස බලා සිටියේය.

"ආං වඳුරු රාජයා ඇවිත් ගියා ' තිලක කීවේය. ඔහු ඇතැම් දේවල් මතුරමින් කියද්දී මට කිසිවක් පැහැදිලි නොවීය.

" තව මොනවද පුතා පේන්නෙ?" කර්තේලිස් ගුරුන්නාන්සේ කරුණාබර හඬකින් ඇසුවේය.

" කෙසෙල් ගස් වගයක් පේනවා. වත්ත පල්ලෙහා. මායිමක් තියෙනවා. එතන යට - එතන යට - වළලලා තියෙනවා - ඒක - ඒක ගොඩ ගන්න ඕනෑ. පහන් පැල ළඟ - පහන් ගුල ළඟ කී තිලක කතාව නතර කර කට හැර බලා සිටින්නට වුණේය.

" ඇයි තිලකයො ? " ගිමාරාහාමි කීවාය.

" ලොකු නෝනා කියනවා " තිලක කීය. ලොකු නෝනා ආවා. යන්න බෑ

"ඇයි ?" කර්තේලිස් ගුරුන්නාන්සේ ඇසීය.

ළමයා දාලා යන්න බෑ කියනවා. මේක ඉවරයක් වෙන කල් යන්න බෑ කියනවා "

"මොකක් ඉවර වෙන කල්ද? එඩ්මන් ඇසුවේය.

"මේක ඉවරයක් වෙන කල් බෑ" තිලක දැඩි ස්වරයෙන් යළිත් කීය.
හදිසියේම මා අසල හිඳ සිටි වෙරෝනිකා" භානේ!" කීවාය. එය හුස්ම හිරවීමකී හඬකි. අනතුරුව ඈ එක්වනම නැගිට්ටාය. ගිරිය යටින් හුවක් තිබ්බාය. ඉහළ බලද්දී මට පෙනුණේ. දර දඬු වූ දෑත් දෙපසත් කරගත් ඇගේ ඍජු රුවයි. සුදු සාරිය සුදු හැට්ටය - ඇගේ රන් වළලු.

ඈ එක්වනම පැදුර අසලින් පහන් පැල අතට යන්නට වුණාය.

" අනේ මේ - මාව නවත්ත ගන්න - නවත්ත ගන්න ' ඈ කැ ගැසුවාය.

හැමදෙනාගේම අවධානය ඈ වෙතය. "දනවා - දනවා * ඈ කෑ ගැසුවාය.

* ඇයි වෙරෝනිකා ඇයි ? * එඩ්මන්ද පෙරළා කෑ ගැසුවේය.

ඇගෙන් එක එල්ලේ පිළිතුරක් නොවීය. ඈ කෑ ගසමින් පහන් පැල අතට දිව්වාය. පහන් පැලෙහි පහන දැල්වෙමින් තිබිණි. එතැනට ගිය ඈ දෑත් එකතු කරගෙන "දෙවියනේ. දෙවියනේ කීවාය. අපි සැම දෙනාම මෙන් ඒ අතට දුව ගියෙමු.

ඉස්තෝප්පුවෙන් මිදුලට බහින්නට මා තුළ බියක්, චකිතයක් විය. අඳුන බැලූ තිලක, ගුරුන්නාන්සේ, හැමදෙනාමත් වෙරෝනිකා දෙස දෑස් දල්වාගෙන බලා සිටියහ. එතැන අඩු වූයේ නිලන්ති පමණි. මම හැරී බැලුවෙමි.

නිලන්ති අඳුනට දෑස් දල්වාගෙන එහි දිලිසෙන කළුව දෙස බලා සිටියාය. මම ඈ අතට දුව ගියෙමි.

"නිලන්ති "

"පේනවා - මට පේනවා " මොනවද නිලා ? "

"වඳුරා..... - වඳුරා...."

ඒ අතරේ වෙරෝනිකාගේ කෑ ගැසීම උත්සන්න විය. ඈ පරලයකින් මෙන් පහන් පැල ළඟ හැසිරුණේ. අතපය විසිකරමින් ඈ නැටුමක යෙදුණාය. ඇගේ කෙස් රළ මුහුණ වටා විසිරුණි. පහන් එළියට ඇගේ ඩා බිඳු මුහුණේ මුතු කැට සේ විය.
"නිලන්ති, මොනවද පේන්නෙ නිලන්ති? මම ඇසුවෙමි.

" සේරම - සේරම ' නිලන්ති ඉතාම උනන්දුවෙන් අඳුනට දෑස් යොමා කීවාය.

එක්වනම වෙරෝනිකා හඬ නගාගෙන පහන් පැල අසල බිම ඇද වැටුණාය.

එඩ්මන් දුවගොස් ඈ අල්ලා ගත්තේය.

" අනේ - මාව කාමරේට ගෙනියන්න. මාව මගේ කාමරයට ගෙනියන්න ' වෙරෝනිකා දඟලමින් කෑගැසුවාය.

එඩ්මන් හා ශ්‍රියානන්ද ඇයව ඔසවා ගත්තෝය. ආපසු ඉස්තෝප්පුවට එනවාට වඩා මිදුල පැත්තෙන්ම ඇගේ කාමරයට යාම පහසුය. ගිමාරාහාමි විදුලි පන්දම දැල්ලුවාය.

පොරොන්සිනාද, කර්තේලිස් ගුරුන්නාන්සේ ද, පද්මසිරිද. මත්තප්පුවද, තිලකද හැමදෙනාම ඒ පසු පසින් ගියහ.

එඩ්මන් හා ශ්‍රියානන්ද වෙරෝනිකාව ඔසවාගෙන ඇගේ කාමරය අතට යද්දී මම නිලන්ති සිටි තැනට ගියෙමි.

ඇගේ දෑසෙහි කදුළුය.

" දරුවට ගැහුවා " ඈ කීවාය. "දරුවට ගහන්න හොඳ නෑ. දරුවට ගැහුවා - දරුවට මොනව තේරෙනවද?"

"කවුද දරුවා නිලන්ති? '

" නිලන්ති "

"නිලන්තිද දරුවා "

"ඔව් - නිලන්ති '

පද්මසිරි ඉස්තෝප්පුවෙන් දුව අවුත්, පෝටිකෝවට ගියේ බයිසිකලයට නැගීමටයි.

කොහෙ යන්නද පද්මසිරි?" මම ඇසුවෙමි.

"මං යනවා කුලී කාරෙකක් ගේන්න. නෝනව වෙද ගෙදර ගනියන්න - නැත්තං ඉස්පිරිතාලෙට

පද්මසිරි බයිසිකලයේ නැගී පාරට යද්දී මම නිලන්තිව තනි කරමින් වෙරෝනිකාගේ කාමරය අතට දුව ගියෙමි. මා එහි "මං නං හිතන්නෙ ඉස්පිරිතාලෙට ගෙනියන එක හොදයි "

"මාත් හිතනවා"

"ෂොක් එකක් වගේ..."

" මදැයි අඳුන් බැලුවා

"එයාට කාව හරි ආවේස වුණා... ටික වෙලාවකට "

කවුද?"

"කවුද දන්නේ?"

මොනව වෙයිද ශ්‍රියා

ඒවා අපිට කියන්න බැහැ - හේමා. හැම දේම තුලනයක තියෙන්නෙ. හරියට ගණිත විසඳුමක් වගේ. එකයි - එකයි දෙකයි. ඵලයට ප්‍රතිඵලයක් තියෙනවා. හැම දේකින්ම මොකක් හරි තව දෙයක් සිද්ධ වෙනවා. කැරකි කැරකි යන රෝදයක් වගේ.

ඒක හරි යැයි මම සිතුවෙමි. අඳුන ගෙන ආවායින් වෙරෝනිකාට නරකක් වුණා නම් එයින් වූ හොඳකුත් ඇත. නිලන්ති අඳුනෙන් දුටු දේ සියල්ල පැහැදිලි කෙරෙන හොඳක් විය හැකිය. තෙල් පහනේ මඳ එළියෙන් දිලිසෙන ඇගේ වුවනත්, දෑසත් දෙස මම මඳ වෙලාවකට බලා සිටියෙමි. ඇගේ වේදනා සෝදා හැරියාක් මෙන් පෙනුමක් එහි විය.

පද්මසිරි ඇණවුම් කළ කුලී රිය තාප්පය අසලින් වත්තට හැරවිණි.

තව මඳ වේලාවකින්, එඩ්මන්ට වත්තන් වී ගෙන වෙරෝනිකා ඉස්තෝප්පුවට ආවාය. ඈ රියට නැංගේ ඔහුගේත්, ශ්‍රියානන්දගේත් උදව්වෙනි.

ඒ දෙදෙනාම වෙරෝනිකා සමඟ ගමනට සහභාගී වූහ. කළුතර රෝහලට යාම වඩාත් සුදුසු බව එඩ්මන් තීරණය කර තිබිණි.

කර්තේලිස් ගුරුන්නාන්සේ ද ඒ රියේම කළුතර අතට යන්නට සිතුවත් පොරොන්සිනා කිවේ ඔහුට කෑම ටිකක් කා රැ නැවතී නිවිහැන්නේ යන ලෙසය.
මත්තප්පුත්, පද්ම සිරිත් කුලී රිය පිටව ගිය පසු කෑම කා පිටව ගියහ. එඩ්මන් හා ශ්‍රියානන්ද පෙරළා එනතෙක් කෑම ගැනීමට මට සිත් දුන්නේ නැත. ගුරුන්නාන්සේ පොරොන්සිනා බෙදා දුන් බත මැද මිදුලේ හිඳ කා ඈ හා කතාවට වැටුණේය.

මම නිලන්තිට කෑම බෙදා දුන්නෙමි. ඈ කෑවට පසු මම ඈ කාමරයට කැඳවා ගියෙමි.

ඉතිං නිලන්ති කියන්නකො මට " ඇයව ඇඳෙහි හිඳුවා ඈ අසල හිඳ මම විමසුවෙමි.

" මං පොඩි කාලෙ.... දවසක එඩ්මන් බාප්පා.... මට ගැහුවා..."

"එඩ්මන් බාප්පා?"

" ඔව් බාප්පා තමයි. එදා තමයි මගේ කන ඇහෙන්නෙ නැතුව ගියේ

මට මඳකට කතා කරගත නොහැකි විය. ඉක්කාවක් මෙන් මා මුවින් පිට වූ එකම වදන" ඇයි? " යන්නය.

* මන්දා ඉන්නවා මං දැක්කා එඩ්මන් ඛාප්පා අම්මත් එක්ක

" අම්මා?"

" ඔව් අම්මා "

" කවුද - අම්මා?"

"වේ - වේ - වේ - වෙරෝනිකා"

"වෙරෝනිකා ! "

ඈ දොඩ වන්නේ සැබෑවක්මද?

වෙරෝනිකා ඇගේ අම්මාලු!

"මොකද වුණේ නිලන්ති?"

"මං අඳුනෙන් දැක්කෙ....... එඩ්මන් මගේ බාප්පා නෙවී "

"එහෙනං?"

"මගේ තාත්තා "
මොනවද මේ කෙල්ල කියන්නේ? පිස්සු මනස්ගත !"

බාටින්ගෙ ළමයෙක් නෙමෙයි මම. බාටින්ට ළමයි නැහැ. එඩ්මන් වෙරෝනිකා එක්ක යාළුයි. මං ඉපදුණේ එහෙමයි. ඒ වුණාට ඒ දෙන්නම මට ආදරේ නැහැ

ඒ මොකද නිලන්ති ? *

" මන්දා. මං ලජ්ජාවක් වෙන්න ඇති. වේ - වේ - වේ. වෙරෝනිකාට පිස්සු වගේ වුණා.... බාටින් මැරුණාම - බාටින් මැරුණෙ නෑ...... මැ - මැරුවා"

" මැරුවා? කවුද?"

"එඩ්මන්"

"එඩ්මන් බාටින්ව මැරුවා?"

මෙය අදහා ගත හැකිද? ඈ මනෝමය ලෝකයක මවා ගන්නා කතාවක්ද මේ?

"ඔව්. එඩ්මන් බාටින්ව මැරුවා"

" කොහොමද නිලන්ති ඒක වුණේ ?"

"මං අඳුනෙ දැක්කා - එයා බෙහෙතක් හදලා දුන්නා - වස - ඒක බීලා බාටින් මැරුණා "

" ඔය ඇත්තමද නිලන්ති?'

විය. " බොරු මොකටද? ඇගේ කට හඬට අමනාපයක් එකතු

ඇයට දොඩවන්නට හැර මම අසා සිටියෙමි

මං අඳුනෙ දක්කා. මට ඒක පෙන්නුවෙ ආච්චි. ඒ කිව්වේ බාටින්ගෙ අම්මා. බාටිනුයි. ආච්චියි දෙන්නම තාම වත්තෙ ඉන්නවා

ඒ මොන එහෙකටද නිලන්ති?

පළිගන්න - එඩ්මන්ගෙන් පළිගන්න - බාටින්ව මැරුවට වෙරෝනිකා එක්ක බුදියෙව්වට.... මං ඉපදුණාට ... මට ගැහුවට - මගේ කන පැලෙන්න ගැහුවට

"කන පැලෙන්න? "
"ඔව්. මං දන්නා ඒ දෙන්නා එකට - එකට ඉන්නවා. මං එතකොට පොඩියි - එඩ්මන් මාව දක්කා මට ගැහුවා කම්මුලට. සේරම් දෙදරලා ගියා. ඊට පස්සෙ මට ඇහෙන්නෙ නැතුව ගියා. මම ඊට පස්සෙ කතා කෙරුවෙ නැහැ"

" දැනුත් රිදෙනවාද නිලන්සි? '

"නෑ රිදෙන්නෙ නෑ. සැරින් සැරේ... මට ඇහෙනවා. ඒ වුණාට මං කතා නොකර ඇරියා "

"ຊາຜີ?"

එතකොට ලේසියි - කරදර අඩුයි. මට හැම දේම ඇහෙනවා. තේරෙනවා - නැන්දා "

ඈ මට නැන්දා යැයි මුලින්ම ඇමතුවේ මේ මොහොතේය. මගේ ඇසට කදුළු නැඟුණි. ඇගේ දෑස්ද කඳුලෙන් පිරිලාය.

" මගේ වේදනාව ආච්චි අම්මට තේරුණා. ආච්චි අම්මා මාව බලා ගන්නවා. ඒක මට තේරෙනවා

" නිලන්ති මමත් ආච්චි අම්මව දැකලා තියෙනවා. බාටින්වත් දැකලා තියෙනවා "

බාටින්ට ඕනෑ පළිගන්න. ආච්චි අම්මා ඒකට කැමති නෑ. ඒ වුණාට බාටින්ට පළිගන්න කල් යන්නෙ නෑ. එතකල් ආච්චි අම්මා යන්නෙත් නෑ "

රත්නතිලක හාමිනේත්, බාටිනුත් යම්කිසි සුළියකට හසුවී එයින් මිදී යාමට නොහැකිව සිටිය කියායි මට හැඟුණේ. එඩ්මන් හා වෙරෝනිකා තවත් සුළියක පැටලී කැරකෙයි. මා මෙතැනට කඩා වැටුණේ මොන කරුමයකටද?

එඩ්මන් හා වෙරෝනිකාගේ සහයෝගයෙන් උපන් දැරියකි නිලන්ති. එහෙම නම් ඇයව අතරමං කළේ, ඇයට අවසත්කාර කරන්නේ ඇයි? මට වටහාගත නොහැක.

" නිලන්ති, ඇයි ඔයාගෙ අම්මා, තාත්තා ඔයාට ඔය විදියට සලකන්නේ ? "

" මන්දා - මට කියන්නේ නිලන්ති නෙවි. නිලා නිලා කියලා. මාව පොඩි කාලෙ ඉදලම බලා ගත්තේ ගිමාරාහාමි"
" ගිමාරාහාමි?"

" ඔව් ගිමාරාහාමි තමයි මාව බලාගත්තේ තිලක මගෙ අයිය වගේ. ඒ වුණාට මං කතා කෙරුවෙම නෑ නැන්ද එන කල් බාටින් මැරුණට පස්සෙ වෙරෝනිකාට පිස්සු වුණා. එඩ්මන් ළඟටවත් එනවට කැමති වුණේ නෑ. ඒකයි, ඒකයි...."

වෙරෝනිකා ඇගේ ලෝකයේ තනි වූ ආකාරය මට දන් පැහැදිලි වන්නට විය.

නිලන්ති කී දෙයින් කොපමණ තරමක් ඈ අඳුනේ දුටුවාද, කොපමණ තරමක් ඈ හැබැහින් දුටුවාද මම නොදනිමි. මේ සියල්ල පිළිබඳ වඩාත් දන්නේ පොරොන්සිනා හා ගිමාරාහාමිය. එහෙත් ඒ දෙදෙනාද තවත් සුළියක කැරකෙමින් නිහඬ වත රකිති. දෙදෙනාම එඩ්මන්ගෙන් යැපෙන්නෝය. ඔවුන් කතා කළොත් ඔවන්ගේ ජීවිතය වෙනස් වෙයි. ඉහට හෙවණක් පවා නැතිව යයි. ඔවුන් ගොළුවත රකින්නේ ඒ හෙයිනි. වෙරෝනිකා යන එනමං නැති නිසා ඇගේ කාමර ලෝකයේ හිරවෙලාය. එඩ්මන්ට ළංවිය නොහැකි සේ ඈ උමතුවක් මවාගෙනය. මා ආවේ ඔහුගේ අඩුව පිරිමහන්නටය. ඔහුගේ ආසාවන් සපුරන්නටය. රෝස විලාවේ අබිරහස විසඳන්නට නොවේ.

" මට කවුරුවක් නෑ නැන්දෙ මං ඉන්නවට ඉන්නවා නිලන්ති මට තුරුළුව හඬන්නට වුණාය." නැන්දා ආවට පස්සෙ මං මුලදි තවත් බය වුණා. ඒ වුණාට නැන්දා මට උදව් කරනවා කියලා දැනගත්තාම..." ඇයට කදුළු වාවාගත නොහැකි විය.

" අඬන්න එපා දුවේ අඬන්න එපා * මම ඇගේ හිස පිරිමැද්දෙමි. " මං ඉන්නවා ඔයාව බලාගන්න"

" මාව අතරමං කරලා නම් යන්න එපා නැන්දෙ මට වෙන කවුරුවත් නැහැ "

"මං වෙන කොහේ යන්නද දුවේ?"

" මං නැන්දගෙ වළල්ල හොරකං කෙරුවෙ නෑ. ඒක ගත්තෙ....."

" මං දන්නවා, මං දන්නවා..."

" නැන්දා දන්නවනං මට ඒ ඇති.මට සතුටුයි " ඇගේ කටහඬ නිදිබර වන්නට විය. ඈ ඇඳෙහි ඇලවුණාය.

"දුව ඔහොම නිදා ගන්නකො දුව....

ඈ වියන් ඇඳෙහි පාමුල මෙන් වකුටුව වැතිරුණාය. මමත් කල්පනාවෙන් නින්දට වැටුණෙමි.

මා හදිසියේම ඇහැරුණේ එඩ්මන්ගේ කටහඬ අසමිනි. ඔහු වියන් ඇඳ ළඟ සිටගෙන සිටියේය.

"එඩ්මන්! කෝ වෙරෝනිකා?"

" නවත්තලා ආව ඉස්පිරිතාලෙ " ඔහුගේ කටහඬ දියාරුය. බීමතින් මෙනි.

" කෝ ශ්‍රියානන්ද ?

"ອີຜາ..."

"ඔයා කාලා නෑ නේද?"

"බඩගිනි නෑ "

" කීයද වෙලාව?"

" මං කොහොමද දන්නේ?" නොරිස්සුම් හඬකි. මේකි මෙතන මොනව කරනවද ?" අපේ ඇඳේ?"

ඔයාගෙම දුව නේදැයි කියන්නට සිතුණත් මගේ දිව නොනැමුණි.

" ඔයා බීලා නේද එඩ්මන්?"

ඒ ප්‍රශ්නය මා ඇසිය යුතු නැති ප්‍රශ්නයක් වන්නට ඇත. ඔහු මට පිළිතුරක් නොදුන්නේය. ඔහු අත්ල ඔසවා නිලන්තිගේ පසුපසට පහරක් දුන්නේය.

නිලන්ති වේදනාවෙන් හඬාගෙන අවදි වුණාය. ඒ වහාම ඔහු රුව දැකදෝ ඇගේ හැඬුම ගොළු විය. ඔහු ඇයව ඇඳෙන් බිමට හෙළීය.

මා එපා කියද්දී ඔහු ඇයට පහර දුන්නේය.

නිලන්ති කාමරයෙන් පිටතට දිව්වාය. ඈ ගැන සොයන්නට යන්නට මට වරමක් නොවීය. ඔහු පැමිණ මා තුරුළු කොට මා සිප ගන්නට වුණේය. ඔහුගේ වියරු ආශාවන් පුබුදු වුණා සේය. ඔහු මා ඇඳ මත හෙළුවේය. මම හඬ නොනගා හිඳින්නට තැත් කළෙමි. පොරොන්සිනා - මත්තප්පු ඔවුන් දෙදෙනාම ගෙයි පසු කොටසේ නිදි ඇති. ඒ කොටසට යන කෑම කාමර දොර අගුල්ලා ඇති හෙයින් ඔවුන්ට ගෙට ආ නොහැක. මම මේ රෝස විලාවේ සිර වෙලාය.

නිලන්තිගේ ඉකි බිඳුම් එහා කාමරයෙන් ඇසෙන්නට විය. මා ඇයව රැක ගන්නා බවට පොරොන්දු වුණා නොවේද? එහෙත් මම ද දැන් ඔහුගේ ග්‍රහණයේ අසරණියක් වුණෙමි. ඔහුගේ යටි බඩින් නැගී එන්නේ රත් යවුලකි. මට එයින් මිදී යා නොහැක.

ඔහු ප්‍රාණවත් වී ඇත්තේ මධුවිතෙන්ද? තමාම හදාගත් කසායෙන්ද? ඒ නැත්නම් නිලන්තිට දුන් පහරවල ආවේගයෙන්ද? ඒත් නැත්නම් ඒ තුනෙහිම සංකලනයකින්ද ඔහුගේ කාම වියරුව ඇවිස්සුණේ?

මට ඔහුගෙන් ගැලවී යා නොහැකි විය. මම ඔහුට අවනතවුණෙමි. මා ඔහුව සැනසිය යුතුය. ඔහුගේ පිපාසාව සංසිඳවිය යුතුය. එහෙත් කෙසේ හෝ මා මෙතනින් පලා යා යුතුය. ඔහුගේ සිරුරෙන් මා තෙරපන අතර මම ශ්‍රියානන්දගේ වුවන සිතෙහි මවා ගත්තෙමි. ඒ සිනහව - ඒ සෙනෙහස ඒ දයා කරුණාව. ඔහු පිළිබඳව මතකයක මම එඩ්මන්ට අවනතවුණෙමි.

මා ඒ ගත කළ අඩ හෝරාව කල්පයක් තරම් දිගු විය. කවුදෝ මා දෙස බලා ඉන්නාක් මෙනි මට හැඟුණේ. රත්නතිලක හාමිනේ - බාටින් - ඔවුන් එඩ්මන්ගේ උරහිසට උඩින් බලා සිටින්නාක් වැන්න. අන්තිමේදී එඩ්මන් තෘප්තියේ හඬක් නඟමින් මගෙන් ඈත් වුණේය. මම දහදියෙන් නැහැවී සිටියෙමි. ඔහුද දහදියෙන් නැහැවිලාය.

යමුද. නාගන්න * ඔහු ඇසුවේය.
....... දහදිය අතර මගේ නෙත කඳුළුද මතු වේ.

* යමුද නාගන්න කෙල්ලෙ ?

" ඔයා යන්න - මේ රෑ? "
"රෑ වුණාම මොකද? මේ අපේ ගෙදරනෙ? අපේ රෝස විලාව" ඔහු මගේ කෙස් රළක් ගෙන අතැඟිල්ලක කරකැවීය.

"ඔයා ගිහින් නාගෙන එන්න එඩ්මන්

ඔහු නැගිට සරම හිණ දවටා ගත්තේය.

වෙරෝනිකාව තව දවසක් දෙකක් තියාගනිවී හොස් පිටල් එකේ ඔහු බෝල කුඩුවෙන් තුවාය ගෙන කරලා ගත්තේය. මං නාගෙන එනවා "

ඔහුගේ පිට වී යාම මට සහනයක් විය. ඔහු පසු අතට යන දොරගුළු හැරගෙන යනු අසා සිටි මම ඇඳෙන් නැගිට නිලන්තගේ කාමරයට ගියෙමි. ඈ ඇගේ ඇඳෙහි වැතිර ඉකිබින්දාය.

නිලන්ති......දුවේ "

ඈ කතා නැත. මුනින්තලාව වැතිර හිඳියි.

මම ඈ අසල හිඳ ඇගේ හිස පිරිමැද්දෙමි.

දුව මා එක්ක තරහද ? "

"නූ" ඈ හිස අනෙක් අතට හැරෙව්වාය.

දුවේ......අපි මෙතනින් යන්න ඕනෑ කවදා හරි කොහොම හරි

"අදම යමු.......අදම යමු ඈ කෙඳිරිය අතරින් කීවාය.

නෝනා නෝනා!" කෑ ගසන්නේ පොරොන්සිනාය.

ඈ නිලන්තිගේ කාමර දොරකඩ සිට සැලෙන්නීය.

මේ මොකද පොරොන්සිනා?"

" මහත්තයා - අතන මැද මිදුලෙ වැටිලා

" ඒ මොකද?"

"නයා ගැහුවලු - නයා ගැහුවලු

"නයා ගැහුවලු? "
මම පොරොන්සිනා අනුව දුවන්නට වුණෙමි. මැද මිදුල අසල කුප්පියක් දල්විණි. ඒ එළියේ මට පෙනුණේ මැද මිදුලේ වැටී සිටින එඩ්මන්නේය. ඔහුගේ කකුලේ ඇස් වටය ළඟ ඉදිමිලාය. නිල් වෙලාය.

"මාව කැවා - හේමා! ඌ මාව කෑවා! ඔහු අපහසුවෙන් කියන්නට විය.

කෝ කර්නේලිස්?''

* පාරට දිව්වා වෙද ගෙදර යන්න පොරොන්සිනා කීවාය.

උඩ කාමරේ..උඩ කාමරේට යන්න හේමා - ලාච්චුවෙ. ලාච්චුවෙ ඇති - බෙහෙත් එඩ්මන් අපහසුවෙන් කතා කරන්නට වුණේය. "මට හුස්ම ගන්න අමාරුයි.... අම්මේ.....

" නයි විසට බෙහෙත් ඇති නෝන වෙද කාමරේ - උඩ -උඩ " පොරොන්සිනා වෙව්ලමින් කීවාය.

වෙරෝනිකාගේ කාමරය අඳුරුය. මම එඩ්මන් අසල වැටී තිබුණ විදුලි පන්දම ගෙන අට්ටාල කාමරය අතට ගියෙමි. කිරි කිරි ගානා පඩි පෙළ හැකි ඉක්මනින් නැංගෙමි. දුඹුරු පැහැ දොර හැරගෙන කාමරයට ඇතුළු වුණෙමි.

ලාච්චුවෙ - මේස ලාච්චුවෙ...මට කිසිවක් හොයාගතනොහැක. එය ලට්ට ලොට්ට වලින් පිරිලාය. මම පහළට දුව ආවෙමි. නිලන්ති කෑම කාමරයට යන දොරකඩ බිරාන්තව හිඳ සිටියාය. ඇගේ මුහුණ හැඟීම් රහිතය. කුප්පි එළිය ළා රතට අවට විහිදෙයි. එය මූසල යක් එළියකි.

පොරොන්සිනා රෙදිකඩක් ගෙන එඩ්මන්ගේ කකුල තදකර බත් කෙණ්ඩ අසලින් බැන්දාය.

ඔහු හුස්ම හෙලන්නේ අපහසුවෙනි. කකුල කෙමෙන් ඉදිමෙමින් නිල් වෙලාය.

මොකක්ද බෙහෙත එඩ්මන් ?" මම වෙව්ලමින් ඇසුවෙමි.

"ලාච්චුවෙ බං ලාච්චුවෙ !" ඔහු කෑ ගැසීය. බුදු අම්මේ මාව මරන්නෙ නැතුව ගෙනං... ලාච්චුවෙ දකුණු පැත්තෙ පිටිපස්සෙ මුල්ලෙ මුලක් ඇති - මුලක්!"
මම යළිත් පඩිපෙළ නගින්නට වුණෙමි. මගේ දෑත. දෙපා වෙව්ලන්නට විය. කාගේ වුණත් ජීවිතයක් නොවේද? මා ඔහුට උදව් කළ යුතුය. මා පලායාමට පෙර ඔහුගේ ජීවිතය ගලවා ගතයුතුය. හතුරෙකුගේ වුව වේදනාව උසුලන්නේ කොහොමද ?

මම ලාච්චුව හැරියෙමි. එහි පිටුපස දකුණු පැත්තේ ඇති දරණ ගැසූ මුල් කෑල්ලක් මට හමුවිය. මම එය රැගෙන දොර අතට හැරුණෙමි.

දොරකඩ මේ සිටගෙන සිටින්නේ කවුද? බාටින්! ඔහු හි නැහෙයි. මට එකවර දොර හැරගත නොහැක.

" මේ..... මට යන්න අරින්න. මට යන්න අරින්න' මම හුස්ම යටින් කීවෙමි.

ඔහු දොර හැරියේය.

" දැන් පලක් නෑ " ඔහු සිනාසෙමින් කියයි. "සේරම හරි මං යනවා - මං යනවා ' ඔහු මට ඉදිරියෙන් පඩිපෙළ බසින්නට වුණේය.

අඳුරතට ඇවිද ගිය ඔහු හිණි පාමුල නතර වුණේය. මා සිතුවේ එතැන පොරොන්සිනා බලා සිටිනවා කියායි. එහෙත් ඒ පොරොන්සිනා නොවේ. රත්නතිලක හාමිනේය.

ඈ බාටින්ගේ අතක් අල්ලාගෙන පිළිකන්න අතට ඇවිද

ගියහ.

මා මැද මිදුල වෙතට යන විට පොරොන්සිනා එඩ්මන්ගේ සිරුර අසල නැමී සිටියාය. මා ළංවත්ම ඈ මහා විලාපයක් නගාගෙන එතැනින් ඈත් වුණාය. මම වෙව්ලන සිරුරින් නැමී බැලුවෙමි. ඔහුගේ දෙනෙත පියවිලාය.

මුළු සිරුරම ඉදිමුනාක් වැන්න. ඔහු නොසෙල්වෙයි. යන්තම් උණුසුමක් සිරුරෙහි විය. එහෙත් එහි ජීවයක් නොවේ.

මට දරාගත නොහැකි විය.

"එඩ්මන් ! " මම මහ හඬින් කෑ ගැසුවෙමි. පිළිතුරක් නොවීය.

මගේ විලාපය පෙරොන්සිනාගේ විලාපයට කලවම් විය. ඒ අතර නිලන්ති ඉකි බින්දාය.

රෝස විලාවේ බිත්ති අතර අපේ හඬ දෝංකාර දුන්නේය.

රෝස විලාවේ අබිරහස - part 20(22)ඊළඟ දෙදින මම නිලන්තිට ගවුම් දෙක මසා දුන්නෙමි. ඇයට අකුරු කියා දුන්නෙමි. ඈ හෙමින් හෙමින් පො...
09/01/2026

රෝස විලාවේ අබිරහස - part 20(22)

ඊළඟ දෙදින මම නිලන්තිට ගවුම් දෙක මසා දුන්නෙමි. ඇයට අකුරු කියා දුන්නෙමි. ඈ හෙමින් හෙමින් පොත් පියවන්නට පටන් ගත්තාය. වඩා හඬ නැගෙන්නට නොවේ. මට පමණක් ඇසෙන්නටයි.

පොරොන්සිනාට ඉවුම් පිහුම් වලට අමතරව එඩ්මන්ගේ කසාය හැළි ළිප තියන්නට සිදු විය. පද්ම සිරිත්, මත්තප්පුත් බෙහෙත් වර්ග සොයාගෙන ආවෝය. කලවම් වූ අල, මුල්, කොළ තැම්බෙන සුවඳ මුළු ගෙය පුරාම විය. වෙරෝනිකා ඇගේ කාමරයට වැදී දොර වසා ගත්තාය. ඈ කෑම කෑවේද ඇගේම කාමරයේ හිඳගෙනය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ එඩ්මන් කෑවේ තැම්බුම් හොදි හා බත් පමණි. රෑ නින්දට යාමට පෙර ඔහු පොරොන්සිනා හදා දුන් බෙහෙත් වතුර බිව්වේය. පසුවදා රාත්‍රියේ අඳුන බලන්නට කර්තේලිස් ගුරුන්නාන්සේ පැමිණෙන බව ශ්‍රියානන්ද මෙදින තහවුරු කොට තිබිණි.

මෙදින රාත්‍රියේ කසාය බීමෙන් පසු එඩ්මන් ඉක්මණින් නින්දට වැටුණේය. එය කසාය නිසා සිදුවූවක්දැයි මම නොදනිමි. මට නම් මේ රැයේ නිදා ගැනීම අපහසු විය. අන්තිමේදී නින්දට වැටුණ පසු මම අමුතුව සිහිනයක් දුටුවෙමි.

පාර අද්දර තාප්පය ළගින් කෙනෙක් මතු විය. එය අඳුරු රුවක් පමණි. ඒ තැනැත්තා තාප්පයෙන් පැන වත්තට ඇතුළු වුණේ බළලෙකු ආකාරයෙනි. බළලෙකුගේ ගමනින් ඒ රුව ගෙය අතට එන්නට විය. මම ඉස්තෝප්පුවෙහි බලා සිටියෙමි. ඒ දෑස ගිනි පුපුරු දෙකක් සේ රතුවට දිලිසුණි. අනෙක් සියල්ලම අඳුරු කළුවක් විය. තව මඳකින් හෙතෙම පහන් පැල අතට ගොස් මා දෙසට හැරුණේය.

සේරම ඉවරයක් වෙන්නයි යන්නෙ " ඔහු රහසින් මෙන් කීය. ඒ කටහඬෙන් "ස් ස් වැනි හඬක් නැගුණි. මට සිහිපත් වුණේ නාගයෙකි. අනතුරුව දිස් ප්තිමත් ආලෝකයකින් මට සියල්ල නොපෙනී ගියේය.

මම සිහින් දහදිය ගලන සිරුරින් අවදිව ගත්තෙමි. එඩ්මන් ගොරවමින් නිදිය. මම නැගිට ගුරුලේත්තුවෙන් චතුර වක්කරගෙන බිවෙමි. නින්දට යන්නට පෙර ලොකු ඔර්ලෝසුවේ එකේ කණිසම නාද වෙනු ඇසිණි.

පුරුදු පරිදි මා උදයේ අවදි වෙන විට එඩමන් වැඩට ගොසිනි. පොරොන්සිනා මට තේ සාදාගෙන ආවාය.

"අද අඳුන බලනව නේද? ඈ ඇසුවාය. මේ ගෙදරට කොයි තරම් තොවිල් පවිල් කරල තියෙනවද? ඒ වුණාට හරියකට කිසි සෙතක් වෙලා නෑ නෝනා"

බලමුකො අඳුනෙන් මොනවද කියවෙන්නේ කියලා

"මහත්තයා ආං මොකක්ද ලැයිස්තුවක් තියල ගියා සමහර මල් පලතුරු වත්ත පල්ලෙහායින් හොයා ගන්න ඇහැකි කිවා. අනිත්වා පද්ම සිරියි, මත්තප්පුයි හොයන් ඒවි"

" මට පුළුවන් නිලා එක්ක ගිහින් වත්ත පහළ මල් පලතුරු හොයන් එන්න "

ඒක හොඳයි නෝනා. පල්ලෙහා නමිනං ගහක් ඇති. ජම්බු ගහ නං වත්ත ඉස්සරහ ඇති. පල්ලෙහා ඇඹරැල්ලා ගහක්, අඹ ගස් හෙම ඇති. මල් ජාතිත් කැළේට වැවෙනවා සමහරක්වා. ඉස්සරහ නං ඉතිං තියෙන්නෙ වැඩිපුර රෝස මල් තමයි ''

මම උදේ තේ බී නිලන්ති සමඟ වත්ත පහළට ගියෙමි. ඈ මා මසා දුන් අලුත් ගවුමකුත් හැඳගෙනය. අප යන විට වෙරෝනිකා ළිඳ ළඟ නාන හඬ ඇසිණි. ඈ බෙලෙක්කයෙන් හිසට වතුර වත් කරගන්නා හැඬය ඒ.

නිලන්ති වත්ත පහළට යන තෙක් කතා නොකළාය. ඇ කතා කිරීම අප දෙදෙනා අතර රහසක්ම පමණක් විය. ගස් මත වඳුරන්ගේ බුකු බුකුව ඇසෙද්දී ඈ ඉහළ බලා පහත් හඬින් " වඳුරා" කීවාය. " ඔව් නිලන්ති වඳුරා...... වඳුරා කියා ඔයාට ලියන්න පුළුවන්ද?" ඔව් කියන්නට ඈ හිස වැනුවාය.

" අද පාඩමේදී මං ඔයාට අපි හොයන් එන මල්, පලතුරුවල නම ලියන හැටි කියල දෙනවා. හොඳද?"

" හොඳා "

" ඔයා කාටද බය නිලන්ති? '

"ම්..... හැමෝටම "

" මටත් බයද?"

" න් නෑ " කියා ඈ සිනාසුණාය.

අපි නමිනං ගහෙන් ගෙඩි කඩා ගත්තෙමු. අඹ ගහක පහතඅත්තකින් ගෙඩි කඩා ගත්ත්තෙමු. නිල් කට්රොල් මල්, සමන් පිච්ච මල්, වද මල් නෙලා ගත්තෙමු.

" ඇඹරැල්ලා ගහේ ගෙඩි කඩන්න තං පොලු ගහන්න වෙයි " මම කීවෙමි. " බලමුද ?"

"හොං " ඈ සිනාසුණාය.

මා අත ගෙන ආ වේවැල් පෙට්ටියක් විය. අපි නෙළාගත් මල්ද, පලතුරු ද එහි පිළිවෙලට තබා ගත්තෙමු. නිලන්ති බිමින් අහුලාගත් ගස් අත්තක් ඇඹරැල්ලා ගසට එල්ල බලා විසි කළාය. පලක් නොවීය. මමද ඇඹරැල්ලා වලුවලට එල්ල බලා පොලු ගැසුවෙමි.අපේ වැඩයට අප දෙදෙනාටම සිනා! තවම නම් කඩාගත් ඇඹරැල්ලාවක් නැත.

කොහෙන්දෝ මතු වුණේ තිලකය!

"නෝ - නා කඩා දෙන්නද?"

"හා තිලක"

තිලක නිලන්ති අත වූ පොලු කෑල්ල අරගත්තේය. ඔහු එල්ලය බලා එය ඉහළට විසි කළේ එකවරකි. ඇඹරැල්ලා ගෙඩි තොගයක්ම බිම ඇද වැටුණි.

තිලකත්. නිලන්තිත් සිනාසෙමින් ඇඹරැල්ලා අහුලන්නට වූහ. දෙදෙනා අයියා - නගෝ ලෙසිනි මට පෙනෙන්නට වූයේ.
කිලක ඉදුණු ඇඹරැල්ලාවක් නිලන්තිට පෑවේය. නිලන්ති එය ගෙන මා අතට දුන්නාය.

"නිලන්ති කන්න

"නිලන්ති? '' තිලක කීවේ ප්‍රශ්නයක් මෙනි.

"නැ නෑ නිලා - නිලා. ආ නිලා කන්න" මම වෙනස් කළෙමි. නිලන්තිගේ රහස මා හැමගෙන් රැකගත යුතු බව මට පසක් වුණේ මේ මොහොතේය.

නිලන්ති සිනාසුණා මිස එයින් පසු කතා නොකළාය.

මමද ඇඹරැල්ලා ගෙඩියක් ගෙන කන්නට වුණෙමි.

තිලක අද අඳුන බලන්න එනවද?" මම ඇසුවෙමි.

" අඳුන? "

" අම්ම කිව්වේ නෑ?"

" අඳුන.... මංදා..... රෝස විලාවේ රෑ කෑම"

" හරි හරි රෑ කෑම තමා "

අඳුන පිළිබඳ හරිහැටි වැටහීමක් ඔහුට නැති බව මට තේරුම් ගියේය. ඇතැම් විට ඔහු නොදැනුවත්වම අඳුන බලා දකින දේ කියනවා ඇති. මන්ද බුද්ධික වුවද ඔහුගේ සිතුවිලි පිවිතුරු වෙතැයි මම සිතුවෙමි.

"අද රෝස විලාවට එන්නකො තිලක" මම කීවෙමි. අම්මත් එක්ක එන්න හොඳේ"

"හොං"

මමත්, නිලන්තිත් එකතු කරගත් පලතුරු හා මල් පැසෙහි ලාගෙන එන විට දවත් බත ඉදෙමින් තිබුණි. වඳුරන්ගේ බුකු බුකුව තවමත් ගෙය අසල ගස් මතින් ඇසිණි.

" වඳුරා " යළිත් නිලන්ති රහසින් මෙන් කිවාය.

අප පිළිකන්න අතට ඇවිද එද්දී මම සිටි තැනම නතර වුණෙමි. අර නාගයා වෙරෝනිකාගේ කාමරය පසුකර දොර ළඟින් ළිඳ අතට ඇදී යනු මට පෙනුණි. නිලන්තිද බිරාන්තව බලා සිටියාය.
අද රාත්‍රියේ නාගයා පිළිබඳ තොරතුරු අඳුනේ දැකගතහැකිවෙතැයි මට සිතුණි.

දහවල කෑමෙන් පසු මම නිලන්තිව කාමරයට කැඳවා ඇයට අකුරු ලියන්නට, කියවන්නට කියා දුන්නෙමි. වෙරෝනිකා හා පොරොන්සිනා නින්දේය. නිලන්තිට පැයක් පමණ පාඩම් කියාදුන් මම නින්දට වන්නෙමි. ඇයට තනිවම " වඳුරා" කියා ලියන්නට හැකිවිය.

නමිනං - ඇඹරැල්ලා - සමන් පිච්ච - අඹ - ජම්බු - අරලිය රෝස - ගිමාරා තිලක මෙවන් වචන කීපයක් ඈ මගේ උදව්වෙන් ලිව්වාය.

පාඩමෙන් පසු නින්දට වැටුණු මා ඇහැරුණේ හවස තේ වේලාවටය. මඳ වේලාවකට පසු වෙරෝනිකා දොර හැරගෙන ඇගේ කාමරයෙන් පිටතට ආවාය. මා සිටියේ තේ මේසය අසලය.

" නංගි දැන් ලස්සනට මහනවනෙ. අර කෙල්ලට මහපු ගවුම් කොච්චර ලස්සනද? පුළුවන්ද මගෙ මේ හැට්ටෙ අත් ටිකක් කොට කරල දෙන්න?" ඈ අත ලේස් හැට්ටයක් විය.

" අපොයි පුළුවන් අක්කෙ”

" මං හිතුවෙ අද හැන්දෑවට මේක අඳින්න. ශ්‍රියානන්ද දැන් එනවත් ඇති අර අඳුන බලන කර්තේලිස් ගුරුන්නාන්සෙත් එක්ක"

ඈ හැඩ වෙන්නේ ශ්‍රියානන්ද වෙනුවෙන්ද? අඳුන බලන්නද? අඳුනෙන් අපේ හදවත්වල හැඟුම් හෙළි වෙයිද?

"කෝ දෙන්න අක්කෙ මං මහල දෙන්න. කියන්න කොච්චර කොට වෙන්න ඕනෑද අත් දෙක?"
"නෝනාටත් තේකක් හදන්නද නෝනා? * පොරොන්සිනා විත් වෙරෝනිකාගෙන් ඇසුවාය.
" ඔව් ඔව් කාමරේටම ගේන්න පෙරොන්සිනා. යමුද නංගි?"
මේ භවස ඇ සතුටිනි. කට හඬ උතුරා යන දිය දහරක් මෙනි. ඒ සතුට මටද දනේ. මම ඈ සමඟ ඇගේ කාමරයට ගියෙමි. ඈ බාගෙට ඇඳි චිත්‍රය එහෙමම මුල්ලක. ඇගේ පියානෝව - ඇගේ පොත් - සඟරා - වියන් ඇඳ.

ඈ හැඳ සිටි හැට්ටය ගලවා ලේස් හැට්ටය හැඳ කන්නාඩිය අසල සිට ගත්තාය. අනතුරුව අතකින් අනික් අතේ හැට්ට අතකැමති තරමට නැව්වාය. "මෙන්න මෙච්චර විතර

" ඉන්න මං අල්පෙනෙත්තකින් මෙතන නවපු තැන ලකුණු කරගන්න.

ඔය මේසෙ උඩ ඇති නංගි" ඈ කථා කරන්නේ ඉතා ඇගැලිකමකිනි.

" ශ්‍රියානන්ද අඳුන ගේන එක කොච්චර හොඳද නේද නංගි? මෙතන මේ වෙන්නෙ මොනවද කියල අපිට දැනග නැති *

මා දුටු සිහිනයන්, මා දුටු අත්භූත චරිතයන් ගැන ඇයට හෙළි කරන්නට මට තවමත් සිත් නොදුන්නේය. ඈ කෙතරම් කුළුපග වුවත් තව හෝරාවකින් ඇගේ සිතුම්, හැඟුම් ක්‍රියාවලිය වෙනස් වන්නට පුළුවන.

" මගේ නැතිවෙච්ච දේවල් සොයා ගත හැකි වේවි. පසුගිය දාකත් මගේ වළල්ලක් නැති වුණා ඈ කීවාය. " මං කාටවත් කියන්න ගියෙ නැහැ. හිටපු ගමන් මෙතනින් අන්තරස්දාන වෙලා තව තැනක මතු වෙනවා. මෙතන කවුදෝ සෙල්ලමක් කරනවා

අක්කා කියන්නෙ මගෙ වළල්ලත් ගන්න ඇත්තෙ එහෙම දිස්ටියක් වෙන්නැති කියලද?

"ඔව් නංගි වෙන්න පුළුවන් "

"එහෙනං නිලා ගුටිකෑවෙ අපරාදෙ "

"ඒකට කමක් නෑ නංගි. නිලා ගුටිකෑවට කමක් නැ. කාටවත් ඒකෙ වරදක් වුණේ නෑනෙ හොඳක් මිසක් "

"ඇයි අක්කෙ එහෙම කියන්නෙ? "
වෙරෝනිකා නිහඬව සිනාසුණාය. ඈ හදිසියේම යළි ගුඪ බැල්මක් දෙනෙතෙහි මවා ගත්තාය. ගොළුවුණාය.

මම ඇගේ හැට්ට අත නැවූ තැන අල්පෙනෙති ගසා ලකුණු කරගත්තෙමි.

"මං මේක අක්කට අතේ මහලා දෙන්නං, මැසීමක් ඕනැ නෑ "

" අනේ හොඳයි නංගි " එහෙත් ඇගේ කටහඬෙහි මිතුරු බව මැකී යන සෙයක් දැනුණි. ඈ හැට්ටය ගලවා මා අතට දෙන විට ඇගේ මුහුණෙහි වුයේ තේරුම් ගත නොහැකි අද්භූතබැල්මකි.

මම ඇගේ හැට්ටය රැගෙන මගේ කාමරයට ආවෙමි. ඇයට වුවමනා පරිදි මා හැට්ට අත් කොට කර මස අවසන් වෙන විටම මෙන් ශ්‍රියානන්ද කර්තේලිස් ගුරුන්නාස්සේ සමඟ ඇවිත් සිටියේය.

වෙරෝනිකාට හැට්ටය දී මම ඉස්තෝප්පුවට ආවෙමි. ශ්‍රියානන්ද සුදු කලිසමෙන් හා කමිසයෙන් සැරසිලාය. ගුරුන්නාන්සේද සුදු සරමක් හා බැනියමක් හැඳලාය. ඔහු ලොකු උඩු රැවුලක් හා ලොකු බඩක් ඇති උස මහත මිනිසෙකි.

" අඳුන බලන ළමයෙක් ඉන්නවා කිව්වා නේද?" මා දකිත්ම ගුරුන්නාන්සේ ඇසීය.

" ඔව් වත්ත පහළ - තිලක - ඇයි?"

" ගුරුන්නාන්සේ අර ගෑනු ළමයා එක්ක ඇවිත් නැහැ ශ්‍රියානන්ද කීය. ඒ ළමයා කොටහලු වෙලාලු. මං කිව්වා කොයිකටත් ඇවිත් මෙහෙ ඉන්න ළමයගෙන් බලමු කියලා. නැත්තං මේ වැඩේ තවත් කල් යනවනෙ?"

"ඔව්. මේ වැඩේ කල් ඇරලා බැහැ " මම කීවෙමි." ඉන්න මං දුවලා ගිහින් තිලකව එක්කන් එන්න

" කොච්චර දුරද ? " ශ්‍රියානන්ද ඇසීය.

" දුර නෑ. මේ වත්ත පල්ලෙහා"
" මමත් එන්නද?"

"යමු "

" එතකන් මහත්තයා මං මේ සේරම ලෑස්ති කරන්න. ගුරුන්නාන්සේ කීය. "මේ ඉස්තෝප්පුව කමක් නෑ නේද?"

* කමක් නැහැ - කැමති තැන" මම කීවෙමි.

මමත්, ශ්‍රියානන්දත් වත්ත පහළට ඇවිද යන්නට වුණෙමි. හවස හිරු පැතිරූ රන් එළිය අවට පරිසරය වසාගෙනය. අප ඇවිද යන අඩි පාර අවට ගස් අතු කුරුලු හඬ ඇසිණි. ඒ හැරෙන්නට ලෝකය නිසල විය. ඔහු මට ඉදිරියෙන් යන්නට හැර මා පසුපසින් ඇවිද ආවේය. වරින් වර මම ඔහු දෙස හැරී බැලුවෙමි. ඒ මුහුණෙන් කරුණාව උතුරයි. හිරු එළිය වැටී ඒ සිනහව තවත් උද්දීපනය වෙයි. මගේ හෘද ස්පන්දනය වේගවත් වුයේ කඩිනම් ගමන නිසාම පමණක් නොවේ.

" ඔය කියන ළමයා කලින් අඳුන බලලා තියෙනවද? ඔහුගේ කට හඬ මට හුරු පුරුදු හිතවත් බවකින් ඇසිණි.

" ගිමාරාහාමි කිව්වෙ එහෙමයි '

"කවුද ගිමාරාහාමි? ආ හරි හරි එදා ඉස්තෝප්පුවෙ හිටියෙ..."

ඔහු කතා කරන්නේ හිතවත්කමකිනි. එඩ්මන්ගේ කට හඬ කොතරම් වෙනස්ද ?

"එදා ඔයා කිව්ව නේද - තාප්පෙ ළඟ මමයි. එඩ් මනුයි කතා කරන කොට තව එක්කෙනෙක් අපි ළඟට ඇවිත් ගියා කියලා?"

"ඔව්"

" අපිටත් ඒ වෙලාවෙ ගඳක් දැනුණ "

" අපිට පේන්නෙ නැති දේවල් කොච්චර තියෙනවද නේද?"

" කවුරු වෙන්න පුළුවන්ද?"

" මං හිතන්නෙ එක් කෙනෙකුට වැඩිය..... " කී මම සිටි තැනම නතර වුණෙමි.
මා සිටි තැනට තරමක් දුරින් මහ පතරංග නාගයෙක් අඩිපාර හරහට බලා සිටියේය. මට ඉබේම කෑගැසුණි. ආපසු හැරුණ මම නොසිතාම ඔහුගේ ඇගේ එල්ලුණෙමි. මගේ මුළු ගතම සැලෙන්නට විය. ඔහු මා දැඩි කොට අල්ලා ගත්තේය.

" ඇයි හේමා?"

නාගයා පෙණය පුප්පා මඳ වේලාවක් බලා සිටියේය. දිව ඇද්දේය.

"හෙලවෙන්න එපා * මා බදාගත් ඔහු කීය.

ඔහුගේ උණුසුමෙහි, තුරුල්ලෙහි මගේ බිය සංහිඳී ගියේය.

ඔහු මට නොතේරෙන යමක් මතුරන්නට වුණේය. මොහොතකින් නාගයාගේ පෙණය හැකිළුණි. ඌ අපෙන් වමතට බඩගා යන්නට ගියේය.

" මට නං මේකෙ යන්නත් බයයි " මම තවමත් ඔහුගේ තුරුල්ලේ රැඳී කීවෙමි.

" මං ඉන්නකං බය වෙන්න එපා හේමා "

" ආපු දවසෙම මං ඒකව දැක්කා

" වත්තට අරක් ගත්තු එකෙක්"

" එහෙම තමයි කියන්නෙ "

" ඉක්මනට යං කරුවල වෙන්න කලියෙන්' ඔහු අතකින් මගේ මුහුණට වැටුණ කෙස් රළක් සකස් කළේය. " මේ.... ඔයාට හොඳටම දාඩියත් දාලා "

මේකෙ අපායක් වගේ තැනක් ශ්‍රියා" මට කියැවිණි. මට කඳුළු නවතාගත නොහැකි විය.

ඔහු මගේ කම්මුලක කඳුළු අතැඟිල්ලෙන් පිසඳමිය.

" අඬන්න එපා. අඬන්න එපා හේමා - අපි මේකට විසඳුමක් කරමුකො "

" මං විතරක් නෙමෙයි අර අහිංසක කෙල්ලත් දුක් විඳිනවා. මෙතන "
අපි බලමුකො - අද මොකද වෙන්නෙ කියලා"

ඈත ගිමාරාහාමි යමක් කියනු ඇසිණි. හඬ ආවේ ඇගේ පැල්පත දෙසිණි. මම ඔහුගෙන් මිදුණෙමි. කෙස් රළ සකසා කඳුළු පිසදා ගත්තෙමි.

" යමු - හේමා - පස්සෙ - පස්සෙ කතා කරමුකො "

අප යනවිට ගිමාරාහාමි මිදුලේ ලොකු බේසමක් තබාගෙන තිලකව නාවමින් සිටියාය. ඇඟපත ලොකු මහත් වුවද තිලක තවම දරුවෙකි. නොමේරුවෙකි. රතු ඉරි සරම් කඩ පමණක් හැඳ සිටි ඔහුගේ සිරුර දොදොලක් මෙනි.

"අනේ නෝනා - මහත්තයා මං මේ කොලුවට නාවලා

එක්කන් එන්න හිටියෙ. කොහෙද කලවැද්දෙක් වගේ ගස් බඩගාන එකනෙ දවසෙම කරන්නේ ඈ ඔහුගේ ඇඟ උලා වතුර වත් කරන්නට වුණාය.

තිලක නෑවේ කැමැත්තකින් නොවේ.

" අපි ආවේ තිලකව එක්කන් යන්න * ශ්‍රියානන්ද කීය.

'' රෑ කෑමකටද?" තිලක බයාදුව ඇසුවේය.

" ඔව් ඔව් තිලක රෑ කෑමකට තමා " මම කීවෙමි. "පොරොන්සිනා රසට කෑම හදනවා "

" කරවල බැදුමක් තියෙනවද?"

"නෑ කොලුවො, අද බැදු කන්න බෑ " ගිමාරාහාමි කීවාය.

" ඒ මොකද?" කී තිලක තොල පෙරළා ගත්තේය.

" අද කෙම්මුර දවසක් " ගිමාරාහාමි ගත්කටටම කීවාය. අප හා සිනාසුණාය. ශ්‍රියානන්ද මා දෙස බලා සිනාසුණේය. මටද සිනා නොවී සිටිය නොහැකි විය.

තිලකව ලෑස්ති කරවාගෙන අප ආපසු එන විට අඳුර වැටෙමින් තිබිණි. ගිමාරාහාමි තිලකව ඉස්සර කරගෙන ගියාය. ඈ අත විදුලි පන්දමද විය. මම ඒ පසුපසින් ශ්‍රියානන්ද සමග ආවෙමි. කලින් නාගයා සිටි තැන පසු කරද්දී ඔහුගේ අතැඟිලි මගේ අතැගිලි හා පැටලිණි.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Shehi Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share