12/01/2026
රෝස විලාවේ අබිරහස - part 22(22)
තවත් පුර පෝයක් ඇවිදින්
නිලන්ති මා මසා දුන් අලුත් සුදු ගවුම සැඳගත්තාය. මම ඇගේ කොණ්ඩය කරල් දෙකකට ගොනා සුදු පීත්ත පටියෙන් බැන්දෙමි. මම සුදු සාරියක් හැඳ ගත්තෙමි.
"යමුද?" කාමරය දොරකඩට ආ ශ්‍රියානන්ද ඇසුවේය. සුදු කලිසමෙන් හා කමිසයෙන් සැරසුණ ඔහුගේ මුහුණේ සිහින් සිනහවක් රැඳුණි. මගේ ජීවිතය වෙනස් කළ කුමාරයා!
අප තිදෙනා දැන් ජීවත් වන්නේ මහ විහාර පාරේමය. පන්සල් යාමට නම් අප රෝස විලාව පසු කර යා යුතුය. ශ්‍රියානන්ද කලින් නැවතී සිටි කාමරය අයිති අයගෙන්ම කුලියට ගත් ගෙයකය අප වෙසෙන්නේ. ශ්‍රියානන්ද බයිසී කලය විකුණා ස්කූටරය මිලදී ගත්තේය. උදේට නිලන්ති පාසැල් යන්නේ ඔහු හා ස්කුටරයෙනි.
කාලයක් මම ඇයට ගෙදරදීම ඉගැන්වූයෙමි. ඇයගේ එකොළොස් වෙනි උපන් දිනයද පසුවිය. ඇගේ උගැන්මට ඇති ධාරණ ශක්තිය, තුන්වැනි පන්තියේ දැරියකගේ බව අපට දැනගන්නට ලැබිණි. ඈ ඒ ගැන පැකිළීමකින් තොරව පන්තියට යයි.
මඳ ගොතයක් ඇතිමුත් ඈ අප හා විවෘතව කතා කරයි. ඈ මට අමතන්නේ අම්මා කියායි. ඒ ඇසෙන විට මට සතුටක් දනේ ශ්‍රියානන්දට ඈ කියන්නේ තාත්තා කියායි. නිලන්ති අපේ දුවණීයයි.
ඈ වරින් වර මතක් කරමින් කියන කතා මම උනන්දුවෙන්. උවමනාවෙන් අසා සිටිමි. ඈ ඉපිද ඇත්තේ රෝස විලාවේ මිය. වෙරෝනිකාගේ කුසෙන් බිහි වූ එකම දැරිය ඇයයි.
අපට ඇතැම් තොරතුරක් හෙළි කළේ ගිමාරාහාමිය. නිලන්තිව බොහෝ කාලයක් දරුකමට ගෙන හදාගෙන ඇත්තේ ඇයයි. එය සිදු වී ඇත්තේ, බාටින්ගේ මරණයෙන් පසුවයි.
ඛාටින් මිය ගියේ එඩ්මන් පිළියෙල කළ වසක් කෑමෙන් යැයි නිලන්තිද කීවාය. ඈ එය අඳුනෙන් බලා දැනගත් කරුණකි. අඳුනෙන් බලාගත් දෙයින් ඈ නොයෙකුත් තොරතුරු කීවාය. බාටින් කෝප වේදනාවෙන් හා වෛරයෙන් මිය ගොස් රෝස විලාවේම සැරිසරන බවටය ඈ දැන ගත්තේ. ඔහු වරෙක නාග දිස්ටියක් ගෙන ආවාලු. එඩ්මන්ගෙන් පළිගන්නට සුදුසු මොහොතක් එනතුරු බලා සිටි ඔහු අඳුන බැලු රාත්‍රියේදී ඒ පළිය ගත්තාලු.
එඩ්මන් නයාගේ විසෙන් මිය ගිය පසු නාගයා ඒ වත්තට ආවේ නැතැයි ගිමාරාහාමි කීවාය. බාටින්ගේ සැනසුණ ආත්මය වෙන භවයක් සොයා යන්නට ඇති යැයි මට සිතේ.
මා වරින් වර දුටුවේ බාටින් හා ඔහුගේ මව වූ රත්නතිලක හාමිනේගේ දිස්ටියයි. ඈ රැඳෙන්නට ඇත්තේ තම පුතා ගලවාගෙන මුදවාගෙන යාමටයි. එතෙක් ඇයද විලාවේ සැරිසරන්නට ඇති.
ඇතැම් රාත්‍රියක මාත් ශ්‍රියානන්දත් අපේ පුංචි ඉස්තෝප්පුවේ හිඳ කතාබස් කරන විට මේ දේවල් ගැන කතා කරමින් ආවර්ජනයක යෙදෙමු.
ශ්‍රියානන්ද මගේ ජීවිතයට පැමිණියේ මගේ පෙර වාසනාවකට යැයි මම නිතරම කියමි. ඔහු නිසා නොවී නම් අද මා තවමත් රෝස විලාවේ සිරකාරියක් වන්නට ඉඩ තිබිණි. එහෙම නම් නිලන්ති තවමත් එඩ්මන්ගෙන් බැට කමින් ගොළුවතරකිනු ඇති. ශ්‍රියානන්ද ගැලවුම්කරුවා ලෙසින් පැමිණියේ අප දෙදෙනාගේම වාසනාවටය.
සියල්ල සිදු වූයේ කෙතරම් කඩිනමින්දයි මට සිතේ. ශ්‍රියානන්ද පවසන පරිදි මේ සියල්ල විශ්වයේ කොතැනක හෝ ලියැවී ඇතිද?
මා රෝස විලාවට ගියේ සැබැවින්ම නිලන්තිගේ විමුක්තිය වෙනුවෙන් විය යුතුය. අනෙක් සියල්ල අතුරු ඵල වන්නට ඇත.
ශ්‍රියානන්ද පවසන පරිදි විශ්වයම ඉතා සංකීර්ණ ගැටලුවකි. එය මහා ගණිතමය ගැටලුවකි. එහි සමාන්තර ඉරි දෙක දෙපස
සියල්ල තුලනය වෙයි. එහෙත් ඒ තුලනය සිදුවන්නට නොයෙක් කර්ම ඵල, අතුරු ඵල ආදිය නිරතුරු සිදුවෙයි. මේ නිසා එය හැමවිටම තුලනය වෙන්නට තැත් කරන මහා ගණිකමය ගැටලුවක් පමණි. එයට අවසාන විසඳුමක් නොවේ. අප විසඳන්නේ ගැටලුවෙහි අපේ කොටස පමණි. එහෙත් ඒ කොටස විසඳන අතර අපි තවත් ගැටලුවක පැටලෙමු. ගැටලුව විසඳා ගැනීම අප සතුය. අනෙක් ගැටලු වලින්, අන් අයගේ ගැටලුවලින් මිදිමය අපහසු. ඒ ගැටලු වලද අපි පැටලෙමු. තණ්හාව නිසා, රාගය නිසා, මෝහය නිසා..."
කොණ්ඩඤ්ඤ හිමියන් කියා දෙන්නට තැත් කරන දේද මට මඳින් මඳ වැටහෙයි. වෙරෝනිකා බොහෝ කලකින් පන්සලට නොආ බව හාමුදුරුවන් කීය.
මමද වෙරෝනිකා බොහෝ කලකින් නොදුටුවෙමි. අවසාන වතාවට මා ඇයව දුටුවේ රෝස විලාවෙන් පිටව ආ දවසේය. එදිනද මාත්, නිලන්තිත් පිටව එන්නට කලින් ඇගේ කාමරයට වැදී දොර වසා ගත්තාය.
මටත්, නිලන්තිටත් ඒ ගෙදරින් ගෙන යන්නට කියා මහ දෙයක් තිබුණේ නැත. ශ්‍රියානන්ද කුලියට ගෙන ආ වෑන්රියෙන් අපි කලමනා පටවාගෙන අපේ අලුත් කුලී නිවසට ආවෙමු.
ඒ දැනට මාස කීපයකට පෙරාතුවය. එඩ්මන්ගේ මරණයෙන් හා අවමඟුලෙන් පසු මට රෝස විලාවේ තවදුරටත් රැඳීම උගහට විය. තාත්තා සමඟ පෙරළා අගලවත්තේ මහ ගෙදර යාමද කළ නොහැකි විය. මිනිහෙකුත් මරාගෙන වැන්දඹු වි ආයෙත් ආවා යැයි ලලි අක්කා ඇනුම්පද, අවලාද කියන්නට ඉඩ තිබිණි. ඈ හා එක වහල යට සිටීමේ කිසිදු ආශාවක් මා තුළ නොවීය.
මගේ ගණිතමය ගැටලුවේ එක විසඳුමක් වූයේ ශ්‍රියානන්ද හා ජීවිතය හවුල් කර ගැනීමය. එය මා සැබෑ ආදරයකින් කළ දෙයකි. ඔහුද ආදරයෙන් මා බාරගත්තා පමණක් නොව, නිලන්තිවද තමාගේම දරුවෙකු ලෙසින් බාර ගත්තේය. ඔහු අපේ ජීවිතයට කෙතරම් වාසනාවක්දැයි මට සිතෙන්නේ ඒ හෙයිනි.
සැබෑ ආදරය මා හඳුනා ගත්තේ ඔහුගෙනි. ඒ ආදරය ආත්මාර්ථයෙන් තොරය. අපගේ බැඳීම සුන්දරය. එහි වේදනාවක් නොවේ. අප එක්ව වේදනාවන් විඳී නම් එය හවුල් කරගන්නා වේදනාවකි. අපට එකිනෙකාගේ අත්වැල උදව්වෙයි.
වෙරෝනිකා තමා කෙරෙහි ඇල්මක් දක්වන්නට වූ බවක්ද ඔහු හෙළි කළේය. මට නොදැනෙන්නටය ඈ ඔහුට ඇල්ම කළේ. එහෙත් එය මට නොහැඟුණා නොවේ. ඈ කෙරෙහි මා තුළ උපදින්නේ සංවේදී අනුකම්පාවකි.
අයථා සම්බන්ධයකින් ඈ ලද එකම දරුවා ඈ පිළිකෙව් කරන්නට ඇත්තේ කිනම් උමතුවකින්ද? තමා වරදක් කළාය යන සිතුවිල්ල ඇගේ මනස ඉහවහා ගියාද? ඈ නිලන්තිව අමතක කර දැම්මේ එඩ්මන්ගේ බලපෑමෙන්ද? ඔහුගේ උමතුව වියරු කාමාග්නියයි. එයින් දැවෙන විට ඔහුට ද දරු දුක අමතක වන්නට ඇත. ඔහුගේ ගිනි යවුල රත් වූයේ නිලන්තිට පහරදීමෙනි. ඔහු රත් කළ ගිනිගල ඇයයි. ඔහු මුවත් කළ ගිනිගල ඇයයි. ඇයට පහරදීමෙන් කුපිත වෙන ඔහු රාගයෙන් අවදිවන වියරුව බොහෝ ඈතක සිට ඔහුගේ සෛල වලම ඒ ආසාවන් තැන්පත්ව තිබෙන්නට ඇතැයි මට සිතේ. කඩ කාමරයේ අසම්මත ආකාරයේ අසම්මත තැනක ඔහු අවදි වූයේ ඒ ආසාවන් නිසාය. මම ඔහුගේ අත කොලුව වීමි. ඔහුගේ ගිනිගල වීමි. මෙවන් මිනිසුන් තවත් කොතෙක් ලෝකයේ ඇතිද? ඒ නිසාම නිහඬව දුක් විඳින ගැහැණුන් කොයි තරම් ලෝකයේ ඇතිද ?
වෙරෝනිකා උමතුවෙන් ඇගේ ලෝකයේ දොරටු ඔහු වෙතින් වසා දැමුවාට පසුව ඔහු මා සොයා ආවේ. මගේ තාත්තා ඔහුට කැමති වූයේ ඔහුගෙන් ගත් ණයක් නිසා බව මට පසුව වටින් ගොඩින් දැන ගන්නට ලැබිණි. එය ලලී අක්කා අයියාට කියූ කතාවකි. කොහෙන් කොහෙන් හෝ ඒ කතාව මා සවන වැටුණි. එහෙත් තාත්තාගෙන් එහි ඇත්ත නැත්ත මම නැසුවෙමි.
මගේ ජීවිතයේ දැන් සතුට ඇති බැවින් අනුන්ගේ ඕපාදූප, කේලාම් මගේ ප්‍රශ්නයක් නොවේ. මගේ සතුට ශ්‍රියානන්ද හා නිලන්තිය. ඇගේ ජීවිතය ඒ ශෝචනීය තත්වයෙන් මුදවා ගැනීමට මට අවස්ථාව ලැබීම ගැනද මම සතුටු වෙමි.
භද්‍රජි මහින්ද ජයතිලක
బిల్లిరి టైంచి 63 6d రవి అయిరి టెయండి. ඇයව එයින් මුදවා ඇයට පියාසර කර යන්නට උදව් කරන්නට ලැබීම ගැන මම හැමදාමත් සතුටුවෙමි. ඈ දැන් සී ගයන්නීය. ඒ ගීතය සුන්දර ජීවන ගීතයකි. එහි වෙිදනා මතක නැතුවා නොවේ. ඒ ගීතය වඩාත් සුන්දර වන්නේ ඒ වේදනා මතක නිසාමය.
අපි තිදෙන ගෙයින් මිදුලට බැස්සෙමු. නිලන්සිගේ අතමල් වට්ටියකි. එහි රෝස මල්, අරලිය මල්, පිච්ච මල් විය. මා අත තෙල් බෝතලය, හඳුන්කූරු. මම ශ්‍රියානන්දට ළංව ඇවිද යද්දී නිලන්ති අපට ඉදිරියෙන් ඇවිද ගියාය.
හිරු එළිය රන්වන්ය. තව මඳකින් එය දම් පැහැයකි.
විය. අප රෝස විලාවට ළං වෙන විට කෙමෙන් අඳුර ගලන්නට
රෝස විලාව අඳුරේය. පෙරොන්සිනා පහන් දල්වනවා ඇතැයි මම සිතුවෙමි. රෝස විලාවේ තාප්පය හා බිත්ති රෝස පැහැයෙන් අඳුර මැද නැගී සිටියේය. ගිමාරාහාමි කී කතාව මට සිහිපත් විය. හුනුවලට ලේ කලවම් කරපු නිසයි බිත්ති රෝසපාට!"
ඒ කතාව ඇත්තක් ඇද්ද? කාගේ ලෙයද? එඩ්මන්ගේ මුල් බිරිඳ සැබැවින්ම මිය ගියේ දරු ප්‍රසූතියකදීද? ඒ නැත්නම් වෙරෝනිකාගේ කුහක කමකින්ද?
එක්වනම රෝස විලාව දෙසින් පියානෝවක වාදන හඬ නැගී එන්නට විය. තාලය මම හැඳින්නෙමි.
"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා”
වෙරෝනිකා ඇගේ කාමරයේ හිඳ පියානෝව වයනවා ඇති. නිලන්ති ගීතයේ පද යන්තමට මිමුණුවාය.
මම තාප්පයට ඉහළින් බැලුවෙමි. පොරොන්සිනා ඉස්තෝප්පුවේ එල්ලන ලාම්පුව දල්වාගෙන ඇතුළු ගෙයින් ආවාය. ඈ කුඩා බංකුවක නැගි ලාම්පුව වහලයේ කොක්කෙහි එල්ලුවාය.
ශ්‍රියානන්ද මගේ අත අල්ලා ගත්තේය. අනෙක් අතින් ඔහු මට ඈත නැගී එන පුරසඳ පෙන්වීය.
රිදී සඳක් රෝස විලාවේ වහල් තලවලට ඉහළින් මතු විය. දන්නෝ බුදුන්ගේ සිහින් හඬින් වැයිණි. ඒ සියල්ල - රෝස විලාව වෙරෝනිකා, එඩ්මන්, බාටින්, රත්නතිලක හාමිනේ, ගිමාරාහාමි සියල්ල සිහිනයක් මෙනි.
ඒ සිහිනය දැන් මාගේ ජිවිතයෙන් අවසන්ය. මම ඒ සිහිනයෙන් අවදිවී සිටියෙමි. මාගේ යථාර්ථය. මගේ ජීවිතය මා හා ගමන් කරන ශ්‍රියානන්ද හා නිලන්තය.
වෙරෝනිකා රෝස විලාවේ අනිත් භූතයින් අතර වෙසෙතතවත් භුතියක්ම පමණි. එහි පහන් දල්වන පොරොන්සිනා රෝස විලාවේ බාරකාරියයි. ඒ කිසිවක් මට අයිති නොවේ.
"දන්නෝ බුදුන්ගේ පියානෝවේ නැගී එන්නට විය. ඈ එකම තාලයක අතරමං වී ඇතුවා සේය. ඈ අවසන් නොකළ චිත්‍රය මට සිහිවිය. ඈ යම්කිසි දිනෙක එහි නිමාවක් දකිනු ඇද්ද?
මම පුර සඳ දෙස බලමින් ශ්‍රියානන්දගේ අත තරකොට අල්ලා ගතිමි.
End.