Page Audit

Page Audit We audit Instagram, Facebook, TikTok and websites using a proprietary scoring system. New here? Learn more →
(2)

We help brands and creators get a complete, scored, and sequenced strategy in minutes through our 9-modules Growth Strategy System.

Apple, Amazon පවා කොපි කරන 70 දශකයේ ලෝගෝ ට්‍රෙන්ඩ් එක: අපිත් ට්‍රයි කරමුද? ලොකු කොම්පැනි එකපාරටම ඩිස්කෝ නටන්නේ ඇයි? මේකය...
08/06/2026

Apple, Amazon පවා කොපි කරන 70 දශකයේ
ලෝගෝ ට්‍රෙන්ඩ් එක: අපිත් ට්‍රයි කරමුද?

ලොකු කොම්පැනි එකපාරටම ඩිස්කෝ නටන්නේ ඇයි?
මේකයි හැංගුණු මාකටින් රහස!

ලෝකෙම දන්න ලොකු Brands කිහිපයක් පහුගිය දවස් වල තමන්ගෙ Logo එක ඩිස්කෝ (Disco), එහෙම නැත්නම් රෙට්‍රෝ (Retro) Style එකට Design කරල තිබුණ විදිය දැක්කම Social Media වල ඉන්න හැමෝගෙම අවධානය ඒකට යොමු වුණා. Page Audit අපිටත් මුලින්ම තිබුණ ප්‍රශ්නයක් තමයි ලෝක ප්‍රසිද්ධ Brands රැල්ලට වගේ මේ Style එක Copy කරන්න උනන්දු වුණේ ඇයි කියන එක. මේ Trend එක පිටිපස්සේ තියන කතාව මොකක්ද කියල අද අපි හොයල බලමු

ඇත්තටම මේ Trend එක හැදුණේ කොහොමද?

මේ Disco Logo Trend එකට කියන්නේ "Discomorphism" කියල. එකේ තේරුම වෙන්නෙ Disco Ball එකක ස්වභාවය හෝ පෙනුම කියන එක. Spotify, එයාලගේ අවුරුදු 20 ක සංවස්තරය වෙනුවෙන් තමයි මේ දේ මුලින්ම කළේ.

Surprise එක: කිසිම දැනුම් දීමක් නැතුව Spotify එයාලගේ සාමාන්‍ය කොළ පාට Logo එක වෙනුවට, දිලිසෙන 3D ඩිස්කෝ බෝලයක හැඩයට හදපු (Disco ball) එයාලගෙ Logo Design එකක් Instagram Account එකට Upload කළා.

අවධානය යොමු වීම (The Buzz): ඒ වෙලාවේ Social Media Browse කර කර හිටපු අය හිතුවේ මේක මේ App එක කැඩිලා, හරි Update එකක් වැරදිලා හරි වුණ දෙයක් කියලයි! Social Media වල හැමෝම මේ ගැන කතා කරන්න පටන් ගත්තේ අනෙත් Brands ටිකත් මේ Style එක Copy කලාට පස්සෙයි.

අනිත් අයත් කොපි කිරීම (The Viral Trend): මේක දැකලා ChatGPT එකත් එයාලගේ Logo එක ඩිස්කෝ බෝලයක් වගේ හැදුවා. ඊට පස්සේ අනිත් හැම Brand එකක්ම මේ "Discomorphism" Style එක Copy කරන්න පටන් ගත්තා!

මේකෙන් වුන දේ තමයි Spotify එකටයි අනෙත් Brands වලටයි සතයක්වත් වියදම් කරන්නේ නැතුව නිකම්ම FREE Marketing හැදුණ එක.

Disco Logo කලාව කියන්නේ මොකක්ද ?

නැටවෙන අකුරු: මේ Trend එකට යොදා ගත්තෙ 70-80 දශකයේ තිබ්බ ටිකක් මහත, රවුම්, ලස්සනට හැඩ වුණු Fonts සහ 3D Logo. Overall Design එක ගත්තම අකුරු ටික Dance කරනවා වගේයි පෙනුණේ.

Bright Colours: තද කහ, තැඹිලි, රෝස වගේ Bright Colours දකිනකොටම හිතට දැනෙන්නේ දීප්තිමත්, ක්‍රියාශීලී බවක් සහ කිසියම් වූ සතුටක්.

Big Brands මේ Trend එක Follow කළේ ඇයි? (The Strategy)

පරණ මතකයන් අවුස්සන එක (Nostalgia): අලුත් දේවල්වලට වඩා පරණ කාලේ දේවල්වලට මිනිස්සු හරිම ආදරෙයි. රවුම්, නැටවෙන මේ Disco අකුරු, Logo දැක්කාම අපිට නිකම්ම පොඩි කාලේ මතක් වෙලා හිතට සතුටක් එනවා. හිත සතුටු වුණාම මිනිස්සු ඔයාගේ Brand එකට Emotionally Connect වෙනවා.

කැපිලා පේන එක (Scroll-Stopping Power): Facebook, Instagram ගියාම හැමෝම Use කරන්නේ හරිම Serious, කොටු හැඩයේ, කලු සුදු Professional Level Logo. ඒ ඔක්කොම එක වගේ. ඒ අල්ල පනල්ලේ ඔයාගේ Logo එක තැඹිලි පාටින්, Disco බෝලයක් වගේ දිලිසෙනවා දැක්කාම මිනිස්සුන්ගේ ඇඟිල්ල නිකම්ම Scroll වෙන එක නැවතිලා ඒ දිහා දෙපාරක් බලනවා.

"අපි Funny” කියලා පෙන්නන එක : Serious, Professional Logo එකකින් කියන්නේ "අපි ලොකු කොම්පැනියක්" කියලා. හැබැයි මේ වගේ Fun Type Logo එකකින් කියන්නේ "අපි හරිම Friendly, ඇවිත් බලන්න" කියන Marketing Message එකයි. මතක තියාගන්න, මිනිස්සු බඩු ගන්නේ Sales ම විතරක් Oriented Boring Company වලින් නෙවෙයි, එයාල එක්ක Emotionally Connect වෙන Company වලින්!

පොඩි Disco Feel එකක්: Logo එක වටේට පොඩි තරු (sparkles), ඩිස්කෝ බෝලයක හැඩය වගේ දේවල් එකට එකතු වුණාම "අපි හරි විනෝදකාමී, Freindly Brand එකක්" කියන එක මිනිස්සුන්ට දැනෙනවා.

Try this now - අදම කරලා බලන්න

ඔයාගේ Business එක දිහා බලලා මේ ප්‍රශ්න දෙක අහගන්න: "මගේ Business එක Sales ම විතරක් කරන Serious එකක්ද? නැත්නම් මිනිස්සුන්ට Fun එකක් දෙන, Educationas Tips දෙන, නිතරම වගේ ඒගොල්ලෝ එක්ක Connect වෙන්න හදන එකක්ද?" කියලා මේකට උත්තරේ ඔව් නම්, අනිවාර්යයෙන්ම ඔයාගේ Brand Logo එකට පොඩි ෆන් එකක් (retro vibe එකක්) එකතු කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න.

මේ වගේ Brand Logo එකක් හැදුවාම, ඒක නිකම්ම Profile Picture එකට දාලා නවතින්න එපා. ඔයා දාන Psot වල පාට, ඔයා Customers ල එක්ක Connect වෙන්න හදන විලාසය පවා ඒ Logo එක වගේම “Fr”iendly සහ “Fun” වෙන්න ඕනේ. ලෝගෝ එක Funny Disco, හැබැයි පෝස්ට් ලියන්නේ Serious Man වගේ නම් වැඩක් නැහැ!

07/06/2026

"Discomorphism" Explained!
Wait till Tomorrow to read the full text:

මේ Disco Logo Trend එකට කියන්නේ "Discomorphism" කියල. එකේ තේරුම වෙන්නෙ Disco Ball එකක ස්වභාවය හෝ පෙනුම කියන එක.

වැඩි විස්තර හෙට උදේම කියවන්න ලෑස්ති වෙන්න!

අබ ඇටේ සයිස් එකෙන් පටන් අරන් ලංකාව ම අද හොල්ලන බ්‍රෑන්ඩ්ස් 3ක්!"බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ ගණන් ඕනේ."ඔයා තවමත් එහෙම හිත...
07/06/2026

අබ ඇටේ සයිස් එකෙන් පටන් අරන්
ලංකාව ම අද හොල්ලන බ්‍රෑන්ඩ්ස් 3ක්!

"බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ ගණන් ඕනේ."
ඔයා තවමත් එහෙම හිතනවා නම් මේ කතාව කියවන්න.

අද ලංකාවේ මිනිස්සු ආදරේ කරන, සමාජ මාධ්‍යවල හොඳම පැවැත්මක් තියෙන බ්‍රෑන්ඩ්ස් ගොඩක් පටන් අරන් තියෙන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකින් නෙවෙයි. හොඳ අයිඩියා එ​කකින්, ගුණාත්මක නිෂ්පාදනයකින් සහ හරි Content Strategy එකකින්.

මෙන්න ඒකට හොඳම උදාහරණ 3ක් 👇

🍰 Bakes by Bella
ගෙදර කුස්සියකින් පටන් ගත් කේක් ව්‍යාපාරයක්. ලොකු කඩයක්වත්, විශාල Marketing Budget එකක්වත් තිබුණේ නැහැ. හොඳ Product Photos, ලස්සන Presentation සහ Social Media හරහා තමයි Brand එක ගොඩනැගුණේ. අද එයාලා Colombo's premium café brands අතර ඉහළින්ම ඉන්නවා.

🧈 Butter Boutique
සති අන්ත Good Market එකේ පොඩි stall එකකින් ආරම්භ වුණ ව්‍යාපාරයක්. තමන්ගේ Product Quality එක, Ingredients සහ Customer Experience එක Social Media හරහා දිගට ම share කරමින් Community එකක් ගොඩනැගුවා. අද ඔවුන්ට ශක්තිමත් retail presence එකක් තියෙනවා.

🦐 Isso
සරල Concept එකක්. ඉස්සෝ ආශ්‍රිත කෑම විතරක්. ලොකු Advertising Campaigns නැහැ. හැබැයි රස පෙනෙන Visuals, Creative Content සහ Consistent Branding හරහා මිනිස්සුන්ගේ අවධානය දිනාගත්තා. අද එයාලා ලංකාවේ ජනප්‍රියම restaurant brands එකක්.

💡 මේ හැම Brand එකක්ම කළේ එකම දේ.
❌ දවසට Post 10ක් දැම්මේ නැහැ.
❌ ලක්ෂ ගණන් Ads ගැහුවේ නැහැ.
✅ Quality Content නිර්මාණය කළා.
✅ තමන්ගේ Product එක ලස්සනට පෙන්නුවා.
✅ Consistency එක රැකගත්තා.

උදාහරණයක් විදිහට හිතන්න...
රෑ 10ට Facebook හෝ Instagram බලන කෙනෙක්ට, උණු චොකලට් කේක් එකක් උඩින් chocolate drip වෙන වීඩියෝ එකක් දැක්කොත්?

ඊළඟ දවසේ Order එකක් එන අවස්ථාව බොහොම වැඩියි.
අන්න ඒක තමයි Social Media Marketingවල ඇත්තම බලය. Strategic Content Creation සහ presentingවල ඇත්තම බලය.

📌 අදම කරන්න තියෙන Homework එක:
"Bakes by Bella" වගේ Brand එකක Page එකකට ගිහින් එයාල​ගෙ මුල්ම Posts ටික බලන්න.

ඔයාට පෙනෙයි අද successful Brand එකක් වෙලා තිබුණත්, ආරම්භයේ දී එයාලත් සාමාන්‍ය small business එකක් වුණු බව.

ඔයා Audit කරන, Consult කරන, නැත්නම් Manage කරන පොඩි Business එකත් හෙට දවසේ එතනට යන්න පුළුවන්.

ප්‍රශ්නය Budget එක නෙවෙයි.
ප්‍රශ්නය Strategy එක. 🎯

ඒ ගැ​න දැන ගන්න කැමතිද? ඔයාගෙ Brand එක Build කර ගන්න හැටි උදාහරණ එක්ක ම දැක ​ගන්න ඕනෙද? එහෙනම් https://www.facebook.com/Weaudityourpage එක පැත්තට පොඩ්ඩක් ඇවිත් යන්න. අපි මොකක්ද මේ කරන්නෙ කියල බලන්න. එතනින් ඔයාලගෙ Facebook Marketing, Digital Marketing, Business Growth එකට වගේම Content Strategy එක අප් කර ගන්න ඔයාල​ට උදවුවක් කරන එකථ මඟ පෙන්නන එක තමයි අපේ එක ම අරමුණ.

06/06/2026

දවස ගානේ සල්ලි නාස්ති කරලා ඇඩ් දාන එක දැන්වත් නවත්තමුද? ඔයාගේ Page එකට ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා දැනගන්න පොඩි Audit එකක් කරගමු.

Page එකේ ලයික්ස් තිබ්බට සේල්ස් නැද්ද? අපි ඔයාගේ පේජ් එක මුල ඉඳන්ම වෙනස් කරමු. හරියටම Engagement එන විදිහට වැඩේ ගොඩදාගන්න විදිහ බලන්න.

ඔයාගේ බිස්නස් එකත් Social Mediaවල Viral යවන්න ආසද? කිසිම මහන්සියක් නැතුව ඔයාටම ගැලපෙන ග්‍රෝත් ප්ලෑන් එකක් අපි හදලා දෙනවා.

ඔයාගේ ටාගට් කස්ටමර්ස්ලා ඉන්නේ කොහෙද කියලා හරියටම දැනගන්න ඕනෙද? Data පාවිච්චි කරලා ඔයාගේ බිස්නස් එක දියුණු කරන විදිහ අපි කියලා දෙන්නම්.

ඔයාගේ පේජ් එක කොච්චර සාර්ථකද කියලා කවදාහරි මැනලා බැලුවද? දැන්ම ඔයාගේ Growth Score එක බලාගන්න. වැරදි හදාගෙන ඉස්සරහට යන්න මේක තමයි හොඳම වෙලාව!

Check Your Score at - https://www.facebook.com/Weaudityourpage/

Stop guessing and start growing. Get a professional audit of your social reach with our proprietary scoring system. Unlo...
06/06/2026

Stop guessing and start growing. Get a professional audit of your social reach with our proprietary scoring system. Unlock your true potential today!

Enroll for your Page Audit - https://www.facebook.com/Weaudityourpage/

ෆේස්බුක් ඇඩ්ස් (Ads) වලට හැමදාම සල්ලි පුච්චන එක පොඩ්ඩකට නතර කරලා, මේක විනාඩියක් කියවන්න!ලංකාවේ ගොඩක් බිස්නස් කරන අය, කඩ ...
03/06/2026

ෆේස්බුක් ඇඩ්ස් (Ads) වලට හැමදාම සල්ලි පුච්චන එක
පොඩ්ඩකට නතර කරලා, මේක විනාඩියක් කියවන්න!

ලංකාවේ ගොඩක් බිස්නස් කරන අය, කඩ හිමියන් සහ ස්ටාර්ටප් කරන අය හිතන් ඉන්නේ සල්ලි දීලා Post Boost කරපු ගමන්ම සේල්ස් (Sales) ගලාගෙන එයි කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඔයත් හැමදාම රුපියල් දහස් ගණන් දීලා ඇඩ්ස් දානවා, හැබැයි එකම එක බඩුවක්වත් විකුණගන්න බැරිද? පේජ් එකට මැසේජ් එකක්වත් එන්නේ නැද්ද?

වැරැද්ද තියෙන්නේ ඇඩ්ස්වල නෙවෙයි, ඔයාගේ බිස්නස් පේජ් එක ඇතුළේ පර්ෆෝමන්ස්වලයි! கස්ටමර් කෙනෙක් ඇඩ් එකක් දැකලා ඔයාගේ පේජ් එකට ආවම, පේජ් එක පිළිවෙළක් නැත්නම්, විශ්වාසවන්ත පෝස්ට් නැත්නම් එයාලා බඩු ගන්නේ නැතුවම යන්න යනවා. පේජ් එක හරියට හදලා නැතුව ඇඩ්ස් දැම්මොත් වෙන්නේ හරියට පතුල හිල් වෙච්ච කලෙකට වතුර පුරවනවා වගේ වැඩක්. ඔයා වියදම් කරන සල්ලි අපරාදේ!

බිස්නස් එකක් විදිහට අපේ ටාගට් එක වෙන්න ඕනේ නිකන්ම Followers ලා ගොඩගහගන්න එක නෙවෙයි, අපෙන් බඩු ගන්න සල්ලි තියෙන සැබෑ කස්ටමර්ස්ලාව පේජ් එකට ගෙන්න ගන්න එකයි. ඔයාගේ අතේ සල්ලි බිංදුවයි නම්, ඇඩ් දාන්නේ නැතුව ඇත්තම කස්ටමර්ස්ලා ඕගනික් (Organic) විදිහට ගේන සුපිරි ක්‍රමයක් මම කියලා දෙන්නම්.

සල්ලි නැතුව පේජ් එකට කස්ටමර්ස්ලා ගේන රහස් පියවර 3:

ෆේස්බුක් ගෲප් (Facebook Groups) පාවිච්චි කරන්න: ඔයාගේ ටාගට් කස්ටමර්ස්ලා ඉන්න ලංකාවේ ඇක්ටිව් ගෲප් 3කට අදම එකතු වෙන්න. (උදා: ඔයා විකුණන්නේ කේක් නම්, "කෑම හදන රහස්" වගේ ගෲප්).

වටිනා පෝස්ට් එකක් දාන්න: කවදාවත් ඔයාගේ පේජ් එකේ පෝස්ට් ගෲප් වලට ශෙයාර් (Share) කරන්න එපා. කිසිම බිස්නස් ලින්ක් එකක් නැතුව, මිනිස්සුන්ට වැදගත් වෙන පොඩි ටිප් එකක් කෙලින්ම ගෲප් එකේ ටයිප් කරලා දාන්න. (උදා: "බටර් කේක් එකක් හදද්දී පිපෙන්නේ නැතුව යන්න ප්‍රධානම හේතු 3ක් මෙන්න.")

Invite Button එකේ මැජික් එක: ඔයා දාපු පෝස්ට් එකට මිනිස්සු ලයික් කරාට පස්සේ, ඒ ලයික් ගාණ (Likes Count) උඩ ක්ලික් කරන්න. එතකොට එන ලිස්ට් එකේ හැම නමක් ගාවම තියෙන "Invite" බට්න් එක ඔබන්න. එතකොට එයාලට ඉබේම ඔයාගේ පේජ් එකට ලයික් කරන්න කියලා නොටිෆිකේෂන් එකක් යනවා. මේක තමයි දවසට ෆලෝවර්ස්ලා 10-20 ගානේ නොමිලේම වැඩි කරගන්න තියෙන ප්‍රායෝගිකම ක්‍රමය!

ඇඩ්ස්වලට නිකරුණේ දිය කරලා හරින සල්ලි ඉතුරු කරගෙන, පේජ් එකේ Metrics (පෙනුම, පෝස්ට්, කස්ටමර් විශ්වාසය සහ ඇල්ගොරිතම) මෙන්න මේ විදිහට හරියට හදාගත්තොත්:
ඇඩ්ස් වලට යන වියදම බාගෙකින් අඩු කරගන්න පුළුවන්.
ඇඩ් එකක් නොදැම්මත් පේජ් එකේ රීච් එක නිසා කස්ටමර්ස්ලා එන්න ගන්නවා.
පේජ් එකේ පර්ෆෝමන්ස් වැඩි වෙනවා වගේම, මැසේජ් කරන අය බඩු නොගෙන යන්නේ නැහැ.

ඔයාගේ පේජ් එකේ දැනට තියෙන අඩුපාඩු මොනවාද කියලා බලලා, "Page Audit" එකකින් ලැබෙන උදව්ව ගැන ඔයා දන්නවද? දන්නෙ නැත්නම් ඒ වැඩේ කරන හැටි නියමෙටම කියලා දෙන්න අපි ලෑස්තියි!

ඔයාගේ බිස්නස් එක ලාභ ලබන තැනකට ගන්න උදවු දෙන්න, මග පෙන්නන්න අපිට පුළුවන්. දැන්ම පහළ ලින්ක් එකෙන් අපට පණිවිඩයක් එවන්න. නැත්නම් WhatsApp හරි Messengerවලින් හරි පණිවිඩයක් එවන්න. අපි ඔයාගේ පේජ් එකේ අඩුපාඩු ඔක්කොම හදා ගන්න හැටි ගැන සම්පූර්ණ ගයිඩ් එකක් දෙන්නම්!

https://www.facebook.com/Weaudityourpage/

කඩේ දොර ඇරලා තිබ්බට, කස්ටමර්ස්ලා එන්නේ නැත්තෙ ඇයි? නිකමට හිතන්න ඔයා පාර අයිනේ ලස්සනට කඩයක් දාලා තියෙනවා. හැබැයි ඒ කඩේ බෝ...
03/06/2026

කඩේ දොර ඇරලා තිබ්බට, කස්ටමර්ස්ලා එන්නේ නැත්තෙ ඇයි?

නිකමට හිතන්න ඔයා පාර අයිනේ ලස්සනට කඩයක් දාලා තියෙනවා. හැබැයි ඒ කඩේ බෝඩ් එක කැඩිලා, බඩු ටික අපිළිවෙලට තියලා, කඩේ ඇතුළ කිසිම එළියක් නැතුව පාළුයි වගේ නම් කස්ටමර්ස්ලා කඩේට එයිද? නෑ නේද? අන්න ඒ වගේ තමයි ඔයාගේ Facebook හරි Instagram හරි Business Page එකත්. හොඳ Product එකක් ගෙනත් එක ගැන ලොකුවට කිව්වත් වැඩක් නැහැ ඔයාගේ FB Page එකත් අර කලින් කිව්ව කඩේ වගේ පාළුවට ගිහින් නම්.

Customer කෙනෙක් ඔයාගේ Business Page එකට ආවම, එයාට ඒ Page එක ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඕනෙ. නැත්නම් ඒක හරහා ඔයාට Business ගලා ගෙන එන්නෙ නෑ. අන්න ඒ විශ්වාසය ගොඩනංවන කරුණු කිහිපයක් ගැන තමයි Page Audit අපි අද කියන්න යන්නේ.

පළවෙනි එක තමයි "About" Section එක හිස්වීම: ඔයාගේ Business එකට අයිති Address එක (වෙන වෙන Unrelated Address නම් දාන්නම එපා) , Business එක Open කරන වෙලාව, Close කරන වෙලාව, Customer කෙනෙක්ට Call පුළුවන් always on Number එක About Section එකේ පැහැදිලිව නැත්නම්, Customer හිතන්නේ මේක සල්ලි අරන් මාරු වෙන Fake Page එකක් කියලයි.

අනිත් එක තමයි මාස ගාණකින් Page එක Update නොකිරීම: Customer කෙනෙක් Page එකට ඇවිත් බලද්දී අන්තිම Post එක දාලා තියෙන්නේ මාස 2 කට එහෙමත් නැත්නම් 3 කට කලින් නම්, එයා හිතන්නේ "දැන් මේ Business එක වහලා ඇති" කියලයි. මේකෙන් වෙන්නේ එයාලා නිකන්ම වෙන Competitor Page එකකට ඇදිලා යන එකයි.

ඔයාගේ Business Page එකේ Customer Reviews නැතිකම මීට අමතරව බලපානවා: කලින් බඩු ගත්ත Customers ලගේ හොඳ Comments හරි, හොඳ Reviews හරි වෙනමම Post හරි UGC Reel එකක් විදියට හරි Page එකේ පේන්න නැත්නම් අලුත් Customer කෙනෙක් සල්ලි දීලා Products ගන්න කලින් දෙපාරක් හිතනවා. කස්ටමර්ස්ලා හැමතිස්සෙම හොයන්නේ මේ Business එක Reliable ද, අනිත් Customers ල Products, එහෙම නැත්තම් Services ලබාගෙන තියෙනවද කියන එකයි.

Auto-Reply (ඉබේ යැවෙන මැසේජ්) නැතිකම: හිතල බලන්න Customer කෙනෙක් රෑ 10 ට විතර Product Post එකක් දැකලා “Price Plz?” කියලා ඇහුවම, ඔයා උදේට Reply කරද්දී එයා වෙන Competitor කෙනෙක්ගෙන් ඒ Product එක අරගෙන ඉවරයි.

Customer ගේ ප්‍රශ්නෙට Product එක Connect නොකිරීම: පෝස්ට් වල නිකන්ම බඩුවේ ගාණයි නමයි විතරක් දාලා වැඩක් නෑ. ඒකෙන් කස්ටමර්ට ලැබෙන වාසිය මොකක්ද කියලා හරියටම ලියලා තියන්න ඕනේ.

Customer ල කවදාවත් “Products” ගන්නේ නෑ, එයාලා සල්ලි දීලා ගන්නේ එයාලගේ ප්‍රශ්නෙකට තියෙන “Solution’’ එකක්. ඔයා Product එකේ නමයි, ගාණයි දැම්මම Customerට ඒකෙන් එයාගේ ප්‍රශ්නෙට තියෙන විසඳුම පේන්නේ නෑ. අන්න ඒ නිසා අපි Product Post එකක් ලියද්දි, ඒ Product එක නිසා Customer ගේ ජීවිතේ ලේසි වෙන විදිහ (වාසිය) හරියටම පෙන්නලා, එයාගේ හිතේ තියෙන ප්‍රශ්නෙට Connect කරන්න ඕනේ.

උදා:- බස් එකේ දුර ගමනක් යද්දී සින්දුවක් අහන්න ගියාම ෆෝන් එකේ බැටරිය බහිනවද? කරන්ට් එක නැති වුණත් ෆෝන් එක 3 පාරක්ම ෆුල් චාජ් කරගන්න පුළුවන් මේ Power Bank එක අදම ගෙදරට ගෙන්න ගන්න. සම්පූර්ණ ගාස්තුව රු. 4500යි."

Post එකේ Missing වෙන “Call to Action" : Page එකේ Product එක ගැන ලස්සනට විස්තරේ ලිව්වට, "දැන්ම මිලදී ගන්න මේ නම්බර් එකට කතා කරන්න" එහෙමත් නැත්නම් "මිල දැනගන්න මෙතන Click කරන්න” කියලා හරි පැහැදිලිව කියන්නේ නැත්නම්, Customer අනිවාර්යයෙන්ම Confuse වෙලා උඩට පහළට නිකන්ම Scroll කරලා ආපහු යනවා.

WhatsApp/Contact Button නැතිකම: Products ගන්න ආස හිතුණත්, ඉක්මනට ඔයාව Contact කරගන්න Button එකක් Page එකේ උඩ නැත්නම් Customerට contact details ම හොයන්න ගිහින් එපා වෙනවා.

මෙන්න මේ පොඩි දේවල් ටික අදම හදාගත්තොත්, ඔයාගේ Facebook Business Page එකට එන Customer 15 දෙනෙක්ගෙන් Customer ලා 3 දෙනෙක්වත් අනිවාර්යයෙන්ම Message එකක් දාන්න පුළුවන්. ඒකෙන් ඔයාට Sales වැඩි කරගන්නත් පුළුවන්.

ඔයාගේ Business Page එක Customer ට විශ්වාසය හිතෙන විදිහටද හැදිලා තියෙන්නේ කියලා සැකයි නම්, Page Audit අපිට "CHECK" කියලා Message එකක් දාන්න. අපි විනාඩි 5න් Business Page එක බලලා, හදාගන්න ඕනේ අඩුපාඩු ටිකත් නොමිලේම කියලා දෙන්නම්.

31/05/2026

Is your brand’s social reach hitting a wall? 🛑📉

We just finalised a comprehensive Page Audit and Full Growth Strategy for a recent client. We dug deep into what was killing their reach and built a 90-day roadmap to position them as the #1 authority in their industry.

Here is a sneak peek at the executive brief:
Profile Optimisation: Rebuilding the bio, link strategy, and visual identity for instant authority.

Content Pillars: Shifting to highly targeted, value-driven content and a community-powered UGC loop.

Conversion & Monetisation Roadmap: A phased approach moving from audience engagement to scalable revenue streams and premium offerings.

Your audience is waiting. Your strategy shouldn't be.
Book your Page Audit → DM us now! 📩

සෑම දෙනාටම කරුණාව, දානශීලී බව සහ ප්‍රඥාව පිරිආශිර්වාදමත් සහ සාමකාමී වෙසක් දිනයක් වේවා! 🌸✨අපගේ  "වෙසක් දන්සලක්" ලෙස,We Au...
30/05/2026

සෑම දෙනාටම කරුණාව, දානශීලී බව සහ ප්‍රඥාව පිරි
ආශිර්වාදමත් සහ සාමකාමී වෙසක් දිනයක් වේවා! 🌸✨

අපගේ "වෙසක් දන්සලක්" ලෙස,
We Audit Your Page වෙතින්:

ඔබේ සමාජ ජාල මාධ්‍ය වේදිකාවලට Page Audit එකක් නොමිලේ!

අදම ඔබගේ නොමිලේ විගණනය ලබා ගන්න!
සීමිත අවස්ථා ප්‍රමාණයක් පවතී.

https://www.facebook.com/Weaudityourpage/

#වෙසක්_දන්සල

බර්ගර් එක 10/10!💔 Page එක 0/10! මේක ශානකගේ කතාවයි, ඔයාගේ කතාවයි දෙකම වෙන්න පුළුවන්…!ඔන්න ශානක කියලා කොල්ලෙක් හිටියා. පොර...
28/05/2026

බර්ගර් එක 10/10!💔 Page එක 0/10!

මේක ශානකගේ කතාවයි, ඔයාගේ කතාවයි දෙකම වෙන්න පුළුවන්…!

ඔන්න ශානක කියලා කොල්ලෙක් හිටියා. පොරට තිබ්බේ මාරම "පිස්සුවක්". ඒ තමයි තනිකරම ගෙදර ඉඳන්, උපරිම කොලිටියට, Premium විදිහට බර්ගර් හදන එක.

එයා හදන 'Double Cheese Burger' එකක් එක පාරක් කාපු කෙනෙක් ආයෙත් අනිවාර්යයෙන්ම ඕඩර් කරනවා. ඒ තරමටම ප්‍රොඩක්ට් එක සුපිරි. ජූසි ගතිය, රස, සුවඳ... තේරෙන භාෂාවෙන් කිව්වොත් පට්ටම 10/10 Product එකක්! 💯🍟
යාළුවෝ හැමෝම කිව්වේ, "මචන්, මේක මෙහෙම තියාගන්න එපා. පේජ් එකක් දාලා ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් එකේ විකුණපන්, මාර මාකට් එකක් තියෙන්නේ" කියලා. යාළුවන්ගේ ගැම්මට ශානකත් "Hurry Burgers" (නම කාල්පනිකයි) කියලා පේජ් එකක් හැදුවා. 🚀

හැබැයි, හැමෝම හිතපු සුරංගනා කතාව එතනින් පටන් ගත්තේ නැහැ... 😥
හරියටම මාස 3යි. ශානක බිස්නස් එක අනාගත්තා. ඕඩර්ස් ආවේ නැති තරම්. අන්තිමට ශානක හිතුවේ "ෆේස්බුක් එකෙන් දැන් බිස්නස් කරන්න බෑ, මිනිස්සු කොලිටි බඩු අඳුරන්නේ නෑ" කියලා.

ඇත්තටම වැරැද්ද තිබ්බේ කොතනද? 🤔

ශානකගේ බර්ගර් එක සුපිරි වුණාට, එයාගේ Social Media Page එක "තිත්ත" වුණා. ඒක අසාර්ථක වෙන්න ප්‍රධාන හේතු 3ක් තිබ්බා:

1️⃣ "කළු තැම්බුම" වගේ ෆොටෝ: ශානක බර්ගර් එකේ ෆොටෝ ගැහුවේ රෑට, කාමරේ ලයිට් එළියෙන්, ෆෝන් එකේ ෆ්ලෑෂ් එක දාලා. පට්ටම ජූසි, රස පාටට තිබ්බ බර්ගර් එක ෆොටෝ එකෙන් පෙනුනේ නිකන් වේලිච්ච පාන් ගෙඩියක් වගේ. (මිනිස්සු ඕඩර් කරන්නේ ඇහෙන් දැකලා!) 📸❌

2️⃣ "No Brand Identity" (කිසිම පිළිවෙලක් නෑ): පේජ් එකේ Art Direction එකක් තිබ්බේ නෑ. දවසක් රතු පාට බැක්ග්‍රවුන්ඩ් එකක්, තව දවසක් නිල් පාටක්. පේජ් එකට ආපු කස්ටමර් කෙනෙක්ට මේක එකම බිස්නස් එකක්ද කියලවත් හිතාගන්න බැරි වුණා.

3️⃣ "Inbox for Price" සෙල්ලම: කස්ටමර්ස්ලා මිල අහද්දී "Inbox එන්න" කිව්වා මිසක්, කෙනෙක්ට ලේසියෙන් ඕඩර් එකක් දාගන්න පැහැදිලි Call-to-Action (CTA) එකක් හෝ WhatsApp බටන් එකක් පේජ් එකේ තිබ්බේ නැහැ.

💡 පාඩම (The Reality Check)
ශානක හිතුවේ බිස්නස් එක අනාගත්තේ Facebook නිසා කියලා. හැබැයි ඇත්ත වැරැද්ද ප්‍රොඩක්ට් එකේ නෙවෙයි, පේජ් එකේ Presentation එකේ! 🤦‍♂️

ඔයාගේ නිෂ්පාදනය ලෝකෙම රසම එක, හොඳම එක වුණත් වැඩක් නැහැ, ඒක මිනිස්සුන්ගේ ඇහැට යන විදිහ (Digital Presentation) සවුත්තු නම්! වැරදි විදිහට කරන සෝෂල් මීඩියා ප්ලෑන් එකකින් වෙන්නේ ඔයාගේ කාලයයි, සල්ලියයි දෙකම අපතේ යන එක විතරයි.

🤔 ඔයාගේ බිස්නස් එකටත් මේ දේමද වෙලා තියෙන්නේ?
ප්‍රොඩක්ට් එක පට්ට වුණත් පේජ් එකෙන් ඕඩර්ස් එන්නේ නැද්ද? හැමදාම Ad Boost කළත් රිසාල්ට් එකක් නැද්ද?

අපි උදව් කරන්නම්! 🤝

ඔයාගේ බිස්නස් පේජ් එකේ තියෙන අඩුපාඩු, වැරදි කලර් පැලට් සහ ඔප්ටිමයිස් වෙන්න ඕන තැන් අපි නොමිලේ බලලා දෙනවා.

👇 ඔයාගේ Business Page Link එක පල්ලෙහායින් කමෙන්ට් කරන්න. පළවෙනි 10 දෙනාට සම්පූර්ණ Page Audit එකක් නොමිලේ!

https://web.facebook.com/Weaudityourpage

#බිස්නස් #මාකටිං

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Page Audit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share