සිරිකත - Sirikatha Online

සිරිකත - Sirikatha Online Sri Lanka's number one women's newspaper 'Sirikatha'- Your source for Health Tips, Medicine and etc.

බෝනොවන රෝග සඳහා යෝග විද්‍යාවවර්තමාන සමාජයේ බහුල වශයෙන් ලොකු කුඩා සෑම අයකුම පාහේ බරපතළ ලෙස බටහිර ඖෂධ සඳහා වැඩි නැඹුරුවක් ...
18/10/2025

බෝනොවන රෝග සඳහා යෝග විද්‍යාව

වර්තමාන සමාජයේ බහුල වශයෙන් ලොකු කුඩා සෑම අයකුම පාහේ බරපතළ ලෙස බටහිර ඖෂධ සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. මෙය ඔබ විසින්ම ඔබට කරගන්න අති විශාල හානියක් ලෙස දැක්විය හැක. ඔබ ගන්නා සෑම ඖෂධයක්ම ඔබව සම්පූර්ණ වශයෙන් සුවපත් කිරීමට අසමත් වුවත් තවමත් අද සමාජය බටහිර ඖෂධ පසුපස හඹායන්නේ දිවියෙකු තම ගොදුර පස්සෙ හඹායන්නාක් මෙනි.

නමුත් මෙහි ඇති ඉතාම බිය දනවන කාරණය වන්නේ ඖෂධ කාලයක් තිස්සේ ලබා ගැනීම නිසා ඔබගේ සිරුරේ සම්පූර්ණ පද්ධතියම ඉක්මනින් වීනාශයට පත්වීමයි. උදාහරණයක් ලෙස අද සමාජයේ බොහෝ දෙනෙක්ට හා ඔබට සෑදෙන ඉතාම සාමාන්‍ය රෝගයන් ලෙස හිසේ රුදාව නැතිනම් ඔළුවෙ කැක්කුම හැන්විය හැක. මෙහිදී ඔබට ඉතාම සුළු නිල තෙරපීමක් මගින් ඔබගේ සාමාන්‍ය හිසේ රුදාවට පිළියමක් සොයා ගත හැක.

නමුත් අවාසනාවන්ත කමක මහත.අද ඔබ බටහිර වෛද්‍ය ක්‍රමයේ පැරසිටමෝල් පෙත්තට හුරුවී හමාරය.ඔබ ට හිස රුදාව සෑදෙන සෑම අවස්ථාවකම ඔබ මොනතරම් නම් පැරසිටමෝල් භාවිතකර ඇතිද. එය ඔබගේ මොළයේ ස්නායු හිරිවැට්ටවීමක් මගින් තාවකාලික සුවයක් ලබා දෙනවා මිස වේදනාව සම්පූර්ණයෙන් සුවපත් නොවේ. නමුත් ඔබ ගන්නා පෙත්ත නිසා ඔබගේ වකුගඩු සඳහා වන බලපෑම ඔබ මීට පෙර කවදාවත් සිතා නොමැති විය හැක. මෙය ඉතාම සුළු රෝග අවස්ථාවක් පමණි.
නමුත් ඔබට ඇත්තේ වෙනත් රෝග තත්ත්වයක් නම්, ඔබේ රු‍ධිර සීනි මට්ටම ඉහළ හෝ පහළ යනව නම් රුධිර පීඩනය අඩු හෝ වැඩි තත්ත්වයක් නම් මානසික අවපීඩනය වෙනත් මානසික ගැටලු කාන්තාවන්ගේ PCOD PCOS ග්‍රැස්‍ට්‍රරයිටිස්, හුස්ම ගැනීමේ අපහසුතා, හදවත් රෝග, වකුගඩු රෝග, අග්න්‍යාශ රෝග, අක්මාවේ රෝග, පාකින්සන් වැනි රෝග තත්වයන්මෙ වැනි රෝග හා තව බොහෝ රෝග සදහා ඔබ කොපමණ නම් ඖෂධ ලබා ගන්නවා ඇද්ද.
ඔබ දැන සිටියාද බොහෝ රෝග සඳහා අපගේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළත් ඉන්දියාවෙන් අපේ රටට ලැබුණත් යෝග විද්‍යාව තුළත් බොහෝ බෝ නොවන රෝග සදහා ඖෂධ සහ ආසන ක්‍රම ඕනෑ තරම් ඇති බව. තවද ප්‍රාණායාම ක්‍රම තුළින් පමණක් ඔබගේ රුධිර සීනි මට්ටම සේම අධි රුධිර පීඩනය පාලනය කිරීමට හැක. නමුත් මා පෙර කීවා සේම, තරම, අද බොහෝමයක් දුවන්නේ pharmacy සහ clinic මධ්‍යස්ථාන සොයාගෙනයි. ප්‍රාණායාම ක්‍රම (යෝග වල හුස්ම ගැනීම පිට කිරීමේ ක්‍රමය) ආසන ක්‍රම බන්ධන ක්‍රම නෙත්‍ති ක්‍රම භාවනා ක්‍රම යෝග ප්‍රතිකාර සහ තවත් බොහෝ ක්‍රම ඇත.
මේ සෑම දෙයකින්ම ඔබට ඉතාම පහසුවෙන් ඔබගේ ලෙඩ රෝග සදහා පාලනය කිරීමක් මෙන්ම සම්පූර්ණයෙන් සුවපත් භාවටයටද පත්විය හැක. මෙයින් කිහිපයක් මම ඔබට ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි.
පවන් මුඛ්ථ ආසනය ග්‍රැස්‍ට්‍රරයිටිස් හුස්ම ගැනීමේ අපහසුතා හදවත් රෝග සඳහා බෙහෙවින් උපකාර වේ. නවුකාසන ආමාශයේ රෝග අග්න්‍යාශ රෝග සඳහා ඉතාම සුදුසු ආසන්‍යකි.
සේථු බන්දාසනය කොන්දේ වේද්නාව බෙල්ලේ අපහසුතා ශ්‍රවණ අපහසුතා සඳහා ගුණ දේ.
සර්වාංග ආසන යෝග වල සදහාන් වන පරිදී සියයක් රෝග සඳහා බෙහෙවින් ඉවහල් වන ආසනයකි. (ගුරුවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතු වේ)
භාවාසනය කාන්තාවන්ගේ අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීම තයිරොයිඩ ග්‍රන්ථයේ තයිරොක්සීන හෝමෝන ක්‍රමවත්ව ක්‍රියා කරවීම ගර්භාශය නිරෝගී කිරීම ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරවීම ප්‍රාණායාම චන්ද්‍ර බේදන ප්‍රාණායාම සූර්ය බේදන ප්‍රාණායාම නාඩි ශෝදන ප්‍රාණායාම මින් අතරින් නාඩි ශෝදන ප්‍රාණායාමය ප්‍රධාන වනවා සේම ලොකු කුඩා ඕනෑම අයකුට ගුණ දෙන ප්‍රාණායාම ක්‍රමයකි.
අපගේ ශරීරයේ නාඩි හැත්තෑ දෙදහසක් පමණ ඇති බව යෝග හදාරන ඕනෑම අයකු දන්නා කරුනකි. සුෂුම්නා නාඩිය, ඉඩා නාඩිය හා පින්ගලා නාඩිය ඉන් ප්‍රධාන වේ. නාඩි ශෝදන ප්‍රාණායාම මගින් මේ සෑම නාඩියක්ම ක්‍රියාත්මක කරවීමේ හැකියාවක් පවති. අමතරව හොඳ ධාරණ ශක්තියක්, මතක ශක්තියක, මානසික ඒකාග්‍රතාවය,රුධිර ඔක්සිජන් ප්‍රමාණය පාලනය, ස්නායු පද්ධතිය පුනර්ජනනය කිරීම,හෝමෝන සමබර කිරීම හා වයසට යෑම පාලනය කිරීම වැනි බොහෝ දෑ ඔබට කායික ව හා මානසිකව අත්විඳිමට පිළිවන.

නිරෑපණය - ශමිලා වර්ණකුල

සටහන - කසුනි විජේසිංහ

සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?මම උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශීෂ්‍යයෙක්. සිතේ පවතින ගැටලුකාරී තත්වයක් නිසා මම ම...
18/10/2025

සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශීෂ්‍යයෙක්. සිතේ පවතින ගැටලුකාරී තත්වයක් නිසා මම මානසික පීඩනයකින් ඉන්නේ. මට පාඩම් කරන්න ආශාවක් නැහැ. මම ගෙවල් ළඟ අයියා කෙනෙක් සමග කුඩා කාලේ ඉඳලම සමලිංගික ඇසුරක් පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධය මට දැන් පීඩාකාරී දෙයක් වෙලා. මේ සමලිංගිකත්වය ලෙඩක් ද? මට බෙහෙත්වලින් එය සුව කර ගන්න පුළුවන් ද?
මේ දරුවා කියන විදියට ඔහු සමලිංගික දරුවෙක්. සමලිංගික වර්ග දෙයාකාරයෙන් පවතිනවා.
කාන්තාවන් හා කාන්තාවන් ලෙසිබියන් ලෙසත්,
පිරිමි හා පිරිමි Gay ලෙසත් එම දෙයාකාරය හඳුන්වන්න පුළුවන්. වර්තමානයේදී මනෝ විද්‍යාවේ කිසිම තැනක මෙම සම්බන්ධතා දෙක මානසික රෝගයක් වශයෙන් ගැනෙන්නේ නැහැ.
නමුත් 1977 වගේ කාලය වන තෙක් මෙම තත්වය පිළිගත්තෙ මානසික රෝගයක් වශයෙන්. නමුත් මේ වනවිට කිසිම වෙලාවක මෙය මානසික රෝගයක් ලෙස පිළි ගැනෙන්නෙ නැහැ. මෙය සාමාන්‍ය ක්‍රමයක්.
නමුත් අපේ රටේ මෙය පිළිගන්නේ නැහැ. එම නිසා අපි දැකලා තියෙනවා. සමරිසි පුද්ගලයින් මානසික රෝගීන්වනබව. පාසල් දරුවන් මේ වගේ තත්වයන්ට බහුලව යොමුවෙනවා. එම තත්වයෙන් මිදීමට මේ අයට අපි උදව් කරන්න අවශ්‍යයි. මේ අය බොහෝ විට සබඳතා ගෙනියන්නේ හොර රහසේ. එයට හේතුව වී ඇත්තේ එවැනි අය සමාජයෙන් කොන් කිරීම නිසයි.
සමරිසි අයට ඇතිවන රෝග ලක්ෂණ මොනවද?
සමරිසි සබඳතා පවත්වන පිරිමි අයට එක් සහකරුවෙකු නැහැ. ඒ නිසා මොවුන් පිරිමි සහකරුවන් බොහෝමයක් ආශ්‍රය කරනවා.
මොවුන් ගුද මාර්ගය හරහා සංසර්ගයේ යෙදීම සිදුකරන අතර එක සහකරුවෙකුට වඩා සහකරුවන් බොහෝමයක් ආශ්‍රය කිරීමත් HIV වැනි රෝග බෝ වීමට ඉඩ තිබෙනවා. (ඔබ එවැනි කෙනෙක් නම් ලිංගාශ්‍රිත රෝග සායනවල නිතර නිතර පෙනී සිටින්න)
පෞරුෂ අක්‍රමිකතා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා සිය දිවි නසා ගැනීම.
සමාජයෙන් කොන් වීම මත විෂාදය වැනි මානසික රෝගයන්ට ගොදුරු වෙනවා. (මේ නිසා සියදිවි නසා ගැනීම පවා සිදුවන අවස්ථා තිබෙනවා)
සමලිංගිකත්වයට ප්‍රතිකාර තිබෙනව ද?
බොහෝ අය එනවා මේ සමලිංගිකත්වය මෝහනයෙන් ඖෂධ ප්‍රතිකාරවලින් හෝ මනෝ ප්‍රතිකාරවලින් මේ තත්වය නැති කර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහගෙන. ඉතින් මෙම තත්ත්වය ඖෂධ මඟින් නැති කරන්න බැහැ. මෙය ලෙඩක් නෙවෙයි. සාමාන්‍ය දෙයක්. උපදේශනය මඟින් උදව් කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් සාමාන්‍ය පුද්ගලයන් සමග සමාජ ගත කිරීම. තුළින් මෙය නැති කරන්න පුළුවන්. අවසානයට කියන්න ඕනේ සමරිසි සබඳතා යනු මානසික රෝගයක් නෙවෙයි. එහෙත් මෙවැනි සම්බන්ධතා තිබෙන අය කනස්සල්ලෙන් ඉන්නවනම් ඒ අයට පුළුවන් මනෝ උපදේශනයට යොමු වි එයින් මිදෙන්න.

‘කැමැත්ත’ ඇතිවෙන්න ප්‍රතිකාර තියෙනවාදිනක් විවාහක කාන්තාවක් එනවා මා හමුවෙන්න. ‘‘මම නයනි, වයස අවුරුදු 38යි. දුවලා දෙන්නෙක්...
18/10/2025

‘කැමැත්ත’ ඇතිවෙන්න ප්‍රතිකාර තියෙනවා

දිනක් විවාහක කාන්තාවක් එනවා මා හමුවෙන්න.
‘‘මම නයනි, වයස අවුරුදු 38යි. දුවලා දෙන්නෙක් ඉන්නවා. අපි විවාහවෙලා අවුරුදු 15යි. මට දැන් සැමියා එක්ක ලිංගිකව හැසිරෙන්න හිතෙන්නෙ නැහැ. මහත්තයාගේ කිසිම වරදක් නැහැ. මටත් කිසිම රෝගයක් නැහැ. නමුත් මට මහත්තයා ළඟට යන්න රුචියක් නැහැ”.
ඉතින් මේ කාන්තාවට මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ ඇයි?
අපි අද බලමු මේ තත්ත්වය ඇතිවෙන්න හේතු සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර මොනවාදැයි කියා,
කිසියම් කෙනෙකුට ලිංගිකව යමෙක් හා එක්වීමට මුලින් ලිංගිකත්වය පිළිබඳව යම් කැමැත්තක්, රුචිකත්වයක් තිබිය යුතුයි. මේ සඳහා එම පුද්ගලයා හෝ එම පුද්ගලයාගේ ලිංගික සහකරු ලබා දෙන ආකර්ෂණය ද බලපෑම් කරනවා.
හේතු මොනවාද?
බොහෝවිට මේ සඳහා ලිංගික සහකරුවන් දෙදෙනාගේ පවතින අන්තර් සම්බන්ධතාව නොතිබීම.
ලිංගික සංසර්ගයේදී දෙදෙනා තුළ අදහස් හුවමාරුව තිබිය යුතුයි. දෙදෙනාගේම අදහස්, ආසාවන්, අකමැති දේවල් දෙදෙනාම හුවමාරු කරගත යුතුයි.
දෙදෙනා පිළිබඳව දෙදෙනා තුළ පවතින ආකර්ෂණයේ ස්වභාවය
බොහෝ පිරිස් විවාහයට පෙර ආකර්ෂණීය ලෙස සිටියත් විවාහයෙන් පසු ලස්සනට සිටීම සහ පිළිවෙළට ලස්සනට ඇඳීම අතහරිනවා. ඉතින් ප්‍රියමනාපබව නැති වුණාම ලිංගික ආසාව, නැතිවෙනවා. මේ තත්ත්වය දෙපාර්ශ්වයටම පොදුයි.
දෙදෙනාගේ කායික සහ මානසික තත්ත්වය
දෙදෙනාගේම කායික මානසික නිරෝගීතාව ද මෙම තත්ත්වයට බලපානවා. උදාසීන ගතියකින් සිටියොත් එම ක්‍රියාවලියට අවතීර්ණය අපහසු යි. ඒ වගේම මානසික නිදහස අනිවාර්යයෙන්ම අවශ්‍ය සාධකයකි.
මෙවැනි අයට කළහැකි ප්‍රතිකාර
ඖෂධීය ප්‍රතිකාර ලබාදීම හා මනෝවිද්‍යාත්මක ක්‍රම තුළින් පුද්ගලයන් තුළ පවතින නිශේධාත්මක සිතුවිලි කෙරෙහි ප්‍රතිකාර කිරීම සිදුකොට හීනව ඇති ලිංගික කැමැත්ත ඇති කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූලික අවධානය යොමු කිරීමට පුළුවන්.

සිරිකත වෙබ් අඩවිය ඇසුරින්

ගන්න කියවන්න දිනන්න සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚  සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න අලුත්ම සිරිකත හ...
16/10/2025

ගන්න කියවන්න දිනන්න
සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚
සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න

අලුත්ම සිරිකත හෙට සිට වෙළඳපොළේ

⭕Follow us
Web - www.sirikatha.lk
Facebook- https://www.facebook.com/sirikathaonline?mibextid=LQQJ4d
Instagram- https://instagram.com/sirikatha_official?igshid=NzZlODBkYWE4Ng==
Twitter- https://x.com/sirikatha_mag?s=21&t=zvJymDpMwHJCZrG2J8F_AA
Tiktok - https://www.tiktok.com/?_t=8gO12aDnoUk&_r=1
YouTube- https://www.youtube.com/

ලෝක ආහාර දිනය අදයි....සිරිකත පුවත් පතේ E-Paper   එක මිලදී ගන්න මෙතැනින් පිවිසෙන්න - https://www.magzter.com/LK/Wijeya-Ne...
16/10/2025

ලෝක ආහාර දිනය අදයි....

සිරිකත පුවත් පතේ E-Paper එක මිලදී ගන්න මෙතැනින් පිවිසෙන්න -
https://www.magzter.com/LK/Wijeya-Newspapers-Ltd./Sirikatha/Women%27s-Interest/All-Issues

Follow us

🔴Web - www.sirikatha.lk

🔴Facebook- https://www.facebook.com/sirikathaonline?mibextid=LQQJ4d

🔴Instagram- https://instagram.com/sirikatha_official?igshid=NzZlODBkYWE4Ng==

🔴Twitter- https://x.com/sirikatha_mag?s=21&t=zvJymDpMwHJCZrG2J8F_AA

🔴Tiktok - https://www.tiktok.com/?_t=8gO12aDnoUk&_r=1

🔴YouTube- https://www.youtube.com/

දවසේ තේරවිල්ලසිරිකත පුවත් පතේ E-Paper   එක මිලදී ගන්න මෙතැනින් පිවිසෙන්න - https://www.magzter.com/LK/Wijeya-Newspapers-...
16/10/2025

දවසේ තේරවිල්ල

සිරිකත පුවත් පතේ E-Paper එක මිලදී ගන්න මෙතැනින් පිවිසෙන්න -
https://www.magzter.com/LK/Wijeya-Newspapers-Ltd./Sirikatha/Women%27s-Interest/All-Issues

Follow us

🔴Web - www.sirikatha.lk

🔴Facebook- https://www.facebook.com/sirikathaonline?mibextid=LQQJ4d

🔴Instagram- https://instagram.com/sirikatha_official?igshid=NzZlODBkYWE4Ng==

🔴Twitter- https://x.com/sirikatha_mag?s=21&t=zvJymDpMwHJCZrG2J8F_AA

🔴Tiktok - https://www.tiktok.com/?_t=8gO12aDnoUk&_r=1

🔴YouTube- https://www.youtube.com/

ලියන්න බැරි නම් කියන්නගන්න කියවන්න දිනන්න සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚  සම්පුර්ණ විස්තරය මෙතනින්...
16/10/2025

ලියන්න බැරි නම් කියන්න

ගන්න කියවන්න දිනන්න
සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚
සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න

⭕Follow us
Web - www.sirikatha.lk
Facebook- https://www.facebook.com/sirikathaonline?mibextid=LQQJ4d
Instagram- https://instagram.com/sirikatha_official?igshid=NzZlODBkYWE4Ng==
Twitter- https://x.com/sirikatha_mag?s=21&t=zvJymDpMwHJCZrG2J8F_AA
Tiktok - https://www.tiktok.com/?_t=8gO12aDnoUk&_r=1
YouTube- https://www.youtube.com/

බබාගේ කෙල ගැටළුවක්ද? ගන්න කියවන්න දිනන්න සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚  සම්පුර්ණ විස්තරය මෙතනින් ...
16/10/2025

බබාගේ කෙල ගැටළුවක්ද?

ගන්න කියවන්න දිනන්න
සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚
සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න

⭕Follow us
Web - www.sirikatha.lk
Facebook- https://www.facebook.com/sirikathaonline?mibextid=LQQJ4d
Instagram- https://instagram.com/sirikatha_official?igshid=NzZlODBkYWE4Ng==
Twitter- https://x.com/sirikatha_mag?s=21&t=zvJymDpMwHJCZrG2J8F_AA
Tiktok - https://www.tiktok.com/?_t=8gO12aDnoUk&_r=1
YouTube- https://www.youtube.com/

ඔබටත් මේ ලක්ෂණ තියෙනවද? ගන්න කියවන්න දිනන්න සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚  සම්පුර්ණ විස්තරය මෙතනි...
16/10/2025

ඔබටත් මේ ලක්ෂණ තියෙනවද?

ගන්න කියවන්න දිනන්න
සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚
සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න

⭕Follow us
Web - www.sirikatha.lk
Facebook- https://www.facebook.com/sirikathaonline?mibextid=LQQJ4d
Instagram- https://instagram.com/sirikatha_official?igshid=NzZlODBkYWE4Ng==
Twitter- https://x.com/sirikatha_mag?s=21&t=zvJymDpMwHJCZrG2J8F_AA
Tiktok - https://www.tiktok.com/?_t=8gO12aDnoUk&_r=1
YouTube- https://www.youtube.com/

කාන්තාවන්ට වැදගත්ගන්න කියවන්න දිනන්න සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚  සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්...
16/10/2025

කාන්තාවන්ට වැදගත්

ගන්න කියවන්න දිනන්න
සිරිකත මෙවර අලුත්ම කලාපයෙන් ඔබට වටිනා විස්තර ගොඩක් 📚
සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න

⭕Follow us
Web - www.sirikatha.lk
Facebook- https://www.facebook.com/sirikathaonline?mibextid=LQQJ4d
Instagram- https://instagram.com/sirikatha_official?igshid=NzZlODBkYWE4Ng==
Twitter- https://x.com/sirikatha_mag?s=21&t=zvJymDpMwHJCZrG2J8F_AA
Tiktok - https://www.tiktok.com/?_t=8gO12aDnoUk&_r=1
YouTube- https://www.youtube.com/

Address

No 08, Hunupitiya Cross Road, Colombo 02
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when සිරිකත - Sirikatha Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share