Monara

Monara Welcome to Monara - your digital heart, Sri Lanka's premier digital entertainment channel. We offer a diverse array of Sri Lankan's content.

Join us on a journey around the Sri Lanka, exclusively on Monara.

11/09/2026

වසර 50කට පසු පළමු වරට ඓතිහාසික බෝවතැන්න ජලාශයේ සම්පූර්ණ නඩත්තු කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.

කලාවැව ප්‍රදේශයේ ජනතාවට සහ ගොවිතැනට වැදගත් ජල මූලාශ්‍රයක් වන බෝවතැන්න ජලාශයේ ජලය ඉවත් කර ජලාශය පිරිසිදු කිරීම සහ අලුත්වැඩියා කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනවා.

වසර ගණනාවක් පුරා ජලාශ පතුලේ එකතු වූ රොන්මඩ සහ වැලි නිසා ජලාශයේ ජලය රඳවා ගැනීමේ හැකියාව විශාල ලෙස අඩු වී තිබුණා. මුලින් ජලය ඝන මීටර් මිලියන 56ක් පමණ රඳවාගත හැකිව තිබූ අතර, එය මේ වනවිට ඝන මීටර් මිලියන 23ක් දක්වා අඩුවී තිබෙනවා.

විශේෂයෙන්ම කලාවැවට ජලය ගෙන යන උමං මාර්ගය සහ විදුලි උත්පාදන පද්ධතිය ආශ්‍රිතව රොන්මඩ තැන්පත් වීම නිසා ගැටලු ඇතිව තිබූ බව සඳහන්.

මේ සඳහා ජලාශයෙන් ඉවත් කරන ජලය කණ්ඩලම, කලාවැව සහ ඉබ්බන්කටුව ජලාශවල ආරක්ෂිතව ගබඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 4ක පමණ වියදමින් සති තුනක කාලයක් මෙම නඩත්තු කටයුතු සිදු කිරීමට නියමිතයි.

නඩත්තු කටයුතු අවසන් වූ පසු කොත්මලේ ජලාශයේ ජලය භාවිත කරමින් බෝවතැන්න ජලාශය නැවත පිරවීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ඉවත් කරන වැලි රජයේ අවශ්‍යතා සඳහා ලබාදීමටද කටයුතු කරන බව සඳහන්.

ජලාශය හිස්ව පවතින කාලය තුළ පතුලේ ඇති ගැඹුරු රොන්මඩ සහිත ප්‍රදේශ අනතුරුදායක විය හැකි බැවින්, එම ප්‍රදේශ නැරඹීමට යාමෙන් හෝ ජලජ සතුන් අල්ලා ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව නැවත වැඩි කර ගැනීමටත්, ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය වඩාත් හොඳින් ලබාදීමටත් හැකි වනු ඇති බව බලධාරීන් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී වෛද්‍ය පීඨයේ විශිෂ්ටතම දක්ෂතා දැක්වූ වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි මහත්මිය ...
11/09/2026

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී වෛද්‍ය පීඨයේ විශිෂ්ටතම දක්ෂතා දැක්වූ වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි මහත්මිය රන් පදක්කම් 16ක් දිනාගෙන විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.

ඇය සිය MBBS උපාධි කණ්ඩායමේ Valedictorian ලෙස කටයුතු කර ඇති අතර, අවසන් MBBS පරීක්ෂණය ඇතුළු අධ්‍යයන ක්ෂේත්‍ර පහේම ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථ ලබාගැනීමට සමත්ව තිබෙනවා.

වෛද්‍ය අභ්‍යාසලාභී පත්වීම් සඳහා වන MBBS උපාධිධාරීන්ගේ සමස්ත ලංකා කුසලතා ලැයිස්තුවේ පළමු ස්ථානයද හිමිකරගත් ඇය, අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය ද දිනාගෙන තිබෙනවා.

උපාධි අපේක්ෂක කාලය පුරාම Dean’s List Awards දිනාගත් ඇය, Mitsubishi UFJ Foundation ශිෂ්‍යත්වය ද හිමිකරගෙන තිබෙනවා.

වෛද්‍ය අධ්‍යයනයට අමතරව පර්යේෂණ ක්ෂේත්‍රයටද දායක වී ඇති වෛද්‍ය හසිනි, ගැබිනි කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය සහ ස්ක්‍රබ් ටයිෆස් රෝගය හඳුනාගැනීමේ සලකුණු පිළිබඳ පර්යේෂණ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම ඩෙංගු සහ පෙනහළු ආශ්‍රිත රෝග පිළිබඳවද ඇය තවදුරටත් පර්යේෂණ කටයුතුවල නිරතව සිටින බව සඳහන්.

කොළඹ විශ්වවිද්‍යාලයේ MBBS වැඩසටහන සඳහා පිරිනැමූ රන් පදක්කම් 32න් 16ක්ම හිමිකරගැනීම ඇගේ කැපවීම සහ අධ්‍යයන විශිෂ්ටත්වය පෙන්නුම් කරන සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි මහත්මියට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

11/09/2026

බුත්තල කතරගම මාර්ගයේ දෙවිහාමුදුරුවන්ගේ ඇතා ලෙස සැලකෙන ස්කන්ධ රාජා කැලේ සිට පාන්දරින්ම වාහනයකට දාපු හයිරම

2001 සැප්තැම්බර් 11 වැනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුල් අදියරේදීම එම ස්ථානයට පැමිණි ගිනි ...
11/09/2026

2001 සැප්තැම්බර් 11 වැනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුල් අදියරේදීම එම ස්ථානයට පැමිණි ගිනි නිවන කණ්ඩායම් අතර FDNY Ladder Company 3 ද සිට තිබේ.

කැප්ටන් පැට්‍රික් “පැඩී” බ්‍රවුන්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමේ සාමාජිකයන් 11 දෙනෙකු උතුරු කුළුණට ඇතුළු වී ජනතාව බේරාගැනීමේ මෙහෙයුමට එක්ව ඇති අතර, කුළුණ කඩා වැටීමෙන් ඔවුන් සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම මෙහෙයුමට පැමිණි Ladder 3 ගිනි නිවන රථයද කඩා වැටීමෙන් දැඩි ලෙස හානි වී ඇත.

අද වන විට එම ඓතිහාසික ගිනි නිවන රථය නිව්යෝර්ක් නගරයේ 9/11 Memorial & Museum හි ප්‍රදර්ශනය කර ඇති අතර, එය එදින දිවි පිදූ ගිනි නිවන භටයන්ගේ කැපවීම සහ ඛේදවාචකය සිහිපත් කරන සුවිශේෂී මතක සටහනක් බවට පත්ව තිබේ.

NASA ආයතනය සිය Deep Space Network (DSN) සන්නිවේදන ජාලයට නවීන දැවැන්ත ඇන්ටෙනාවක් එක් කරමින් ජාලයේ ධාරිතාව වැඩි කර තිබෙනවා...
11/09/2026

NASA ආයතනය සිය Deep Space Network (DSN) සන්නිවේදන ජාලයට නවීන දැවැන්ත ඇන්ටෙනාවක් එක් කරමින් ජාලයේ ධාරිතාව වැඩි කර තිබෙනවා.

ඒ අනුව, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Goldstone Deep Space Communications Complex හි Deep Space Station 23 (DSS-23) නමින් මීටර් 34ක් පළල නව ඇන්ටෙනාවක් ස්ථාපනය කර තිබෙනවා. එය අගෝස්තු 3 වැනිදා සිට මෙහෙයුම් සඳහා යොදාගෙන ඇති අතර, Chandra X-ray Observatory ඇතුළු ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සමඟ සන්නිවේදනයට දැනටමත් එක්වී තිබෙනවා.

NASA පවසන්නේ මෙම ඇන්ටෙනාව මගින් අඟහරු, බ්‍රහස්පති, චන්ද්‍රයා සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට සිදුකරන මෙහෙයුම් සඳහා සන්නිවේදන හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවයි. DSN ජාලය දැනට ලොව පුරා ස්ථාන තුනක ඇති දැවැන්ත ඇන්ටෙනා හරහා අභ්‍යවකාශ යානා 40කට වැඩි සංඛ්‍යාවකට සහාය දක්වනවා.

මෙය NASA 2009දී ආරම්භ කළ Deep Space Network Aperture Enhancement Project වැඩසටහනේ කොටසක් වන අතර, ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ Canberra මධ්‍යස්ථානයට තවත් ඇන්ටෙනාවක් එක් කිරීමෙන් 2029දී ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නියමිතයි.

11/09/2026

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගොලාගාට් ප්‍රදේශයේ වල් අලියෙකුගේ ගෙල වටා ට්‍රැක්ටර් ටයරයක් සිරවී තිබියදී හමුවී තිබේ.

නියුමලිගාර්හි බොකියල් ප්‍රදේශයේ තේ වත්තක් ආසන්නයේදී මෙම අලියා දැක ඇති අතර, සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ වන සංරක්ෂණ නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කසිරංගා ප්‍රදේශයෙන් ගෙන්වාගත් පශු වෛද්‍ය විශේෂඥයන් සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් එක්ව ගෙලේ සිරවී තිබූ ටයරය ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධියෙන් වනජීවී ප්‍රදේශවලට අතහැර දමන ටයර් ඇතුළු අපද්‍රව්‍ය සතුන්ට ඇති කරන අවදානම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී ගායනා කළ, මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ ගීත වාණිජ අරමුණින් නැවත ගායනා කිරීම, ප්‍රතින...
11/09/2026

අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී ගායනා කළ, මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ ගීත වාණිජ අරමුණින් නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම සහ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත ‘කැපිටල් සිටි ලෝ’ නීතිඥ සමාගම නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

ඒ අනුව එම ගීත ‘කවර් වර්ෂන්’ ලෙස නැවත පටිගත කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංගවලදී වාණිජ අරමුණින් ගායනා කිරීමත් තහනම් වනවා.

එමෙන්ම වාණිජ අරමුණින් එම ගීත මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන ආකාරයෙන් භාවිත කිරීමත් නීති විරෝධී බව එම නිවේදනයේ සඳහන්.

මෙම ගීත සම්බන්ධ බුද්ධිමය සහ වාණිජ අයිතිය මීට පෙර අධිකරණ මගින් තහවුරු කර ඇති බැවින්, එම අයිතීන් උල්ලංඝනය කරන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව සිවිල් සහ අපරාධ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිඥ සමාගම පවසනවා.

කෙසේ වෙතත්, පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල වාණිජ නොවන අධ්‍යාපනික කටයුතු සඳහා ගායනා කිරීම මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල ආධුනික ගායනා තරග සඳහා මෙම තහනම අදාළ නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීම සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කර...
11/09/2026

ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීම සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විදුලි ජනනය සඳහා වැයවන වියදම යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වූ බවයි.

ඒ හේතුවෙන් ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, විදුලි බිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ලබන වසරේ මුල් මාස තුන සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිට බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

වැඩි වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ විදුලි ජනන වියදම් පාලනය කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

11/09/2026

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා අද (11) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබෙනවා.

ඉන්දියාව මෙවර BRICS සමුළුව සැප්තැම්බර් 12 සහ 13 යන දෙදින තුළ නවදිල්ලියේ Bharat Mandapam හිදී පවත්වන අතර, සාමාජික රටවල නායකයන් ඊට එක්වීමට නියමිතයි.

පුටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත අතර, වෙළෙඳාම, ආයෝජන, බලශක්තිය, ආරක්ෂක සහයෝගීතාව ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

11/09/2026

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථයක් පාදුක්ක, ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.

අද (11) අලුයම 3ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම නිවසට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර, සැකකරු ත්‍රීරෝද රථයකින් පැමිණෙන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණි.

පොලීසිය සඳහන් කළේ, සැකකරු නිවසේ දොරට තට්ටු කිරීමෙන් පසු නිවැසියන් දොර විවෘත කළ අවස්ථාවේදී නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර ඇති බවයි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 11 සහ 17 වන පිරිමි දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එමෙන්ම ඔවුන්ගේ 55 හැවිරිදි පියාගේ පාදයකටද තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මියගිය දරුවන්ගේ පියාට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදුකර ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදා වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Monara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share