27/08/2026
ටිකට් නැතුව ස්විස්ටර්ලඩ් වලට සවාරියක් එක්කගෙන යන්නද මේක නිකම් සවාරියක් නෙමයි සමනල්ලු පිරුණු ලෝකක ලස්සන ආදර කතාවක් බලන්න යන සවාරියක්. 🙂💫
මේ පොත ගැන මට කියන්න වචන මදි . මේක ඒ තරම්ම ලස්සන පොතක්.මට මේක කියවද්දි හිතුණේ මම දැන් ඇත්තටම ඉන්නෙ ස්ව්ස්ටර්ලන්ඩ් ග්‍රීන්ඩල්වෝල්ඩ්වල අතරමං වෙලා කියලා. මේක මටනම් තනිකරම disney එකක් බැලුවා වගේ.මේ කතාවේ ලස්සන තැන් ගැන කියන්න ගියොත් කියල ඉවර කරන්න වෙන්නෙ නැති වෙන නිසා මම ඒ තැන් වලින් මට වැදුණු ටිකක් ඔයාල එක්ක බෙදාගන්නම්.
එලියස් සහ සුමිගේ ආදර කතාව නිමා නිමා වෙද්දි . සුමිගේ දැවෙමින් තියෙන ඒ හදවතේ ඇති වේදනාව විරහව සුමි එයාගෙ පෑනෙන් කවි කරද්දි ඒ විරහ කවි වලට හිත නිමෙන ලෙස පිළිතුරු කවි ලියන ඒ ලස්සන කොලු ගැටයා හා සුමි කවි වලින්ම මුණගැසුන විදිය මාරම ලස්සනට මේ කතුවරයා ලියලා තියෙනවා.
"ආදරේ කියන සුන්දර හැඟීම විදපු ඕනෑම කෙනෙක් මේ පොත කියවන්නම ඕන . මොකද මේ පිටු අතර කොතැනක හරි ඔයාගෙ කතාවත් හැංගිලා ඇති .. "
ඒ ඇම්බර් පාට ඇස් දෙක ,අයිගර් කදුවැටිය ග්‍රීන්ඩල්වෝල්ඩ් නගරය මට කවදාවත් අමතක වෙන එකක් නැති වෙයි . ❤️
"ඔයාගේ හිත හරියට පින්සලක් වගේ. ඒකෙන් ලස්සන චිත්‍රයක් අදිනවද හිත නිවෙන කවියක් ලියනවද එහෙමත් නැත්තම් අදුරුපාට ගාලා ඔක්කොම අවලස්සන කරනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔයාමයි ..'
හදිසියේවත් කායින් මේ කතාවෙ ඉදියෙ නැත්තම් කායින්ගෙ fantasy ලෝකයේ මේදියට සුමී අතරමං වෙන එකක් නෑ ඒක මේ කතාව කියවගෙන යනකොට ලස්සනටම තේරුම් ගන්නවා.
සුමී කොච්චියට හැපෙන්න යන සිදුවීම ඒකමාරම ලස්සනයි එතනදි සුමීව බේරගන්නෙ කව්ද කියලා දැනගන්න වෙන්නෙත් අන්තිමට කතාවේ කුතුහල නිසා මේක එකදිගට හිමීට නිදහස් වෙලාවක කියවන්න ඕනේ කතාවක් .. 📖
කතාව කොච්චරලස්සන වුනත් අවසානය නම් දරාගන්නම වෙනවා . 🥺 මම හිතුවෙ නෑ මේක මෙහෙම ඉවර වෙයි කියලා. කොහොම වුනත් ආයේ පාරක් නෙමෙයි ආයේ කියවන්න කියවන්න ආස හිතෙන පොතක් මේකනම් මට නම් ඒතරමට මේ කතෘගේ මායාකාරි වචන , කවි ,සිද්ධි හරි ලස්සනට ගැළපීම මේ දේවල් හිතට වැදුණා .
"ඉතිං දවසක ලෝකේ කොහේ හරි කෙළවරක ඉඳන් ඔයා මේ පිටු පෙරලුවොත් ඔයාගෙ හදවතට දැනේවි මේ ලියව්ලා තියෙන්නේ කාගෙවත් නෙමෙයි අපේම කතාව කියලා ..
පුලුවන්නම් Ear Buds දෙකක් දාගෙන හැම පරිච්ඡේදයකම යෝජනා කරන සංගීතයට ඔයාගෙ ඇස් පියාගෙන සවංදෙන්න එතකොට ඔයාට ඇත්තටම හිතෙයි මම මේ ඉන්නේ කෝපි සුවඳ තැවරුණ වින්ටේජ් ප්‍රේමයක් ඇතුලේ නේද කියලා....❤️
මේ දියට මායාකාරි වචන වලින් මාව වෙනස්ම ෆැන්ටසියක් ඇතුළට එක්කගෙන ගියාට කායින්ටත් සුමිටත් වගේම චරිත ඔක්කොටම ස්තූතියි.
කතාව කියවලා ඉවර වෙලා නිකන් යන්න එපා අන්තිම පිටුවේ තියෙන QR එකත් scan කරලා කායින් ගැන තවත් මතක ගොඩක් බලාගෙන යන ගමන් පොට ගැන මට වගේම ඔයාට හිතුන අදහසත් ලියාගෙනම යන්න.
කෝපි සුවඳ තැවරුණ වින්ටේජ් ප්‍රේමයක අරුමැසිය 💫
📖Butterfly
✍️Upekshana Anuhas
Mathaka Publishers