Prime News

Prime News Your Trusted Source for Reliable and Timely News Coverage.

තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කි...
25/12/2025

තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ.
අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින.

ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි.

එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය.

මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.

මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.


a

රජය විසින් පවත්වාගෙන යන ගොවිජන හෙළ බොජුන්හල කාර්ය මණ්ඩලවල මෙතෙක් පැවති නිල ඇඳුම් වෙනස් කිරීමට කටයුතු කර ඇත.මෙතෙක් කල් එම...
25/12/2025

රජය විසින් පවත්වාගෙන යන ගොවිජන හෙළ බොජුන්හල කාර්ය මණ්ඩලවල මෙතෙක් පැවති නිල ඇඳුම් වෙනස් කිරීමට කටයුතු කර ඇත.
මෙතෙක් කල් එම නිල ඇඳුම් කොළ පැහියෙන් තිබූ අතර මේ වන විට එය මෙරුන් පැහැයට හුරු පැහැයකට මාරු කර තිබේ.

කඩුවෙල වැලිවිට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ‘ගොවිජන හෙල බොජුන්හල’ නමින් හෙල ආහාර අවන්හල කඩුවෙල සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා, ජනමාධ්‍ය නියෝජ්‍යය ඇමති කෞෂල්යා ආරියරත්න මහත්මිය, කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා ඇතුලු පිරිසක් අතින් විවෘත කර ඇත.


a

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ...
25/12/2025

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීමේ දී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ඉතා ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.



ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology - SLINTEC), ශ්‍රී ලංකා ජෛව තාක්‍ෂණ ආයතනය (Sri Lanka Institute of Biotechnology - SLIBTEC), කාර්මික තාක්ෂණ ආයතනය (Industrial Technology Institute - ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution - SLSI) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.



මෙහි දී ඉහත ආයතන පරීක්ෂණ රසායනාගාර මගින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙන්ම ඉහත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු පරිමාවන් ඉහළ නැංවීම මෙන්ම ලබාදෙන ඖෂධ තත්ත්ව පරික්ෂණ වාර්තා පිළීබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැනනගින ගැටළු සහ අධීක්ෂණය කළ යුතු කරුණු ආදිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.



මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ව පරීක්ෂණ විද්‍යාගාරය තුළින් සිදු කර ගැනීමේ දී යම් සීමාවන් පවතින බව නිරීක්ෂණය වන බැවින් ඉදිරියේ දී එම කටයුතු තවදුරටත් විධිමත් හා පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීම සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවයි. ඒ සඳහා යම් කාලයක් ද ගත වන බැවින් රජයේ යටතේ පවතින ආයතන හරහා එම කටයුතු යම් ආකාරයකින් සිදු කර ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද සඳහන් කරනු ලැබීය.



ඖෂධ සැපයුම් ක්‍රියාවළියට බාධාවක් නොවන පරිදි මෙහිදී ගැටළු සහගත සහ ප්‍රශ්ණ සහගත ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙළේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් සියලු ආයතන එක්ව මෙම වැඩපිළිවෙල නිවැරදි දැක්මක් සහිතව ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.



මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම සහ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කේ.එම්.ජී.කේ බණ්ඩාර යන මහත්වරුන් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ වන ආයතන නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.


a

අක්කරපත්තුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර, මහින්දපුර හන්දිය ප්‍රදේශයේදී අනතුරට ...
25/12/2025

අක්කරපත්තුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර, මහින්දපුර හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සේරුනුවර පොලිසිය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 21 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


a

තමන්ගේ දෙවියා ප්‍රභාකරන් බවත් රණවිරුවන්ටද විරෝධාර රණවිරුවන් කියන්නට තමන්ට කොන්ද පණ ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්...
25/12/2025

තමන්ගේ දෙවියා ප්‍රභාකරන් බවත් රණවිරුවන්ටද විරෝධාර රණවිරුවන් කියන්නට තමන්ට කොන්ද පණ ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සඳහන් කරයි.
මාධ්‍ය ෙවත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

"මම ප්‍රභාකරන් මගේ දෙවියො කියලා කියනවා තමයි. ඒක නතර වෙලා නෑ. එහෙමයි කියලා මම හමුදාවෙ අයට රණවිරුවන් කියන්න බයවෙන්නෙත් නැහැ. රණවිරුවෝ කියලා කියන්න ලැජ්ජත් නෑ. රණවිරුවෝ කියලා කියන්න බැරි මේ ආණ්ඩුවේ අයටනේ. මට එහෙම ලෙඩක් නෑ. විරෝධාර රණවිරුවෝ කියලා කියන්න මට හොඳට කොන්ද පණ තියෙනවා. මේ රටේ ජාතීන් දෙකක් අතර ගැටුමක් තිබුණා. ඒක ඇත්ත. ඒත් දෙමළ හෝ සිංහල භේදයක් නැතුව අපේ ජීවිත බේරගන්න කැපවෙන මිනිස්සු දෙවිවරු නෙමෙයිද. මට එහෙම ජාති ආගම් භේදයක් නෑ. මම ළඟදී මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේලාත් මුණගැහෙන්න ගියා. අතේ පිරිත් නූලකුත් බැඳ ගත්තා. ඒක දැක්ක සමහරු මම සිංහල මිනිස්සුන්ට කඩේ යනවා කියලා කිව්වා. මම කිසිම වෙලාවක සිංහල ජනතාවට සංස්කෘතියට හෝ බුද්ධාගමට විරුද්ධ නැහැ. ඒත් අපිව මර්දනය කරන ආණ්ඩුව ගැන අපිට විවේචනයක් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා අපිට උදව් උපකාර කරන මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න හෝ ප්‍රසිද්ධියේ ඔවුන්ව අගය කරන්න බැරිකමක් මට නැහැ"


a

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ තිබේ.නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඒ මහතා මේ වන විට ර...
25/12/2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ තිබේ.
නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඒ මහතා මේ වන විට රැඳී සිටියි.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස පහසුකම රජය විසින් අහෝසි කිරීමෙන් පසු එතෙක් විජයරාම නිල නිවසේ හිටි මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස 11 වනදා ඉන් පිටව ගියේය.

තංගල්ල කාලට නිවසේ මෙම කාලය ගත කළ ඒ මහතා පසුගිය සතියේදී නැවතත් නුගේගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණ ඇත.

දේශපාලන කටයුතු හා වෛද්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පහසුව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මෙම නිවස ඒ මහතාගේ හිතවතකුට අයත් එකක් වන අතර බදු පදනම මත ලබාගෙන ඇත.


a

නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සිය ප්‍රදානයන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අම...
25/12/2025

නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සිය ප්‍රදානයන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වෙත භාර දෙනු ලැබීය.
මෙහිදී Kandy Spices Agro PVT Limited ආයතනය විසින් රුපියල් ලක්ෂ 40ක පරිත්‍යාගයක් ද, මිනින්දොරු සංගමය විසින් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් ද සිදු කරන ලදී. මීට අමතරව Orange ආයතනය විසින් රුපියල් මිලියන 15කට අධික විදුලි උපකරණ පරිත්‍යාගයක් ද බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

“නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ඉදිරියටත් සහයෝගය ලබා දෙන්න. මෙම අරමුදල් රජය ඉතා වගකීමෙන් යොදන නිසා ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා.

මේ දිත්වා සුළි කුණාටුවේදී පොදු ජනතාව ස්වේච්ඡාවෙන් උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒක අපේ ජානවලම තියෙන දෙයක්. සමහර රටවල ඒ තත්ත්වය දකින්න නැහැ. දැන් අපි මේ ආපදා තත්ත්වයෙන් යම් තරමකට මිදිලා හුස්ම ගනිමින් ඉන්නවා.”

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.


a

ජනතා පෙරමුණ මහරගම පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා හා නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා හා විදේශ කටය...
25/12/2025

ජනතා පෙරමුණ මහරගම පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා හා නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා හා විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා මාධ්‍ය හමුව සඳහා සහභාගි විය.
එහීදි පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මාලිමා ආණ්ඩුව දැවැන්ත දේශපාලන පරාජයක් ලබමින් දේශපාලන පසුබැසීමකින් මේ වනවිට කටයුතු කරන බවය. එය සිදුවුයේ පසුගිය පළාත් පාලන ඡන්දයත් සමගය. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ජනතාව මාලිමාව ගැන තිබු අසීමිත බලාපොරොත්තු සීඝ්‍ර ලෙස කඩාගෙන වැටුනා. මාලිමාවට ඔවුන්ට බලාපොරොත්තු වුනු සභිකයින් සංඛ්‍යාව පත් කර ගන්න වුනේ නෑ.ඒ වගේම සභාවන්හි තනි බලය ලැබුනේත් නෑ. ඒ නිසා තනි බලය නොලබුන සභාවන් හි මාලිමාවේ පාපිසි නායකයින් පළාත් පාලන පනතේ වගන්ති අවභාවිතා කරලා විපක්ෂයට බහුතරයක් තිබුනත් ඒ සභාවන් හි බලහත්කාරයෙන් මාලිමා සභා පිහිටුවීම සිදු කලා.

ඒකට විශාල රුකුලක් වගේම වැරදි පූර්වාදර්ශයක් දුන්නා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා මැතිණිය. ඒ නිසා බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක ප්‍රාදේශිය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක විපක්ෂයේ මන්ත්‍රිවරුන් විවෘත ඡන්දයක් තියන්න කියද්දි පළාත් පාලන කොමසාරිස්තුමිය විසින් සිදු කලේ රහස් ඡන්දයන් තබමින් අභිමතය පරිදි නීතිය නවමින් කටයුතු කිරිමය. නමුත් අද මාලිමාවට එය පාරාවලල්ලක් වෙලා තියෙනවා. රහස් ඡන්ද තියලා පළාත් පාලන ආයතන පිහිටුවු සෑම ආයතනයකම වාගේ අයවැය පරාද වෙමින් පවතිනවා. මාලිමා ආණ්ඩුවේ දැවැන්තම පරාජය තමා කොළඹ නගර සභාවේ අයවැය පරාජය වීම. මේ කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂයට සුලුතරයක් තියෙද්දි විපක්ෂයේ බහුතරය විවිධ වරප්‍රසාද වරදාන ලබා දිලා ස්වාධින මන්ත්‍රිවරුන්ට දැඩි බලාපොරොත්තු ලබා දිලා අල්ලස් ලබා දීලා තමා මාලිමා ආණ්ඩුව විසින් කොළඹ නගර සභාවේ බලය තහවුරු කලේ. ඒත් අද මොකද වෙලා තියෙන්නේ. අද ඒ මන්ත්‍රි වරු ස්වාධින තීරණයක් අරගෙන තියෙනවා. රහස් ඡන්දයේ දී මාලිමා ආණ්ඩුවට උදව් කලාට අද ඔවුන් අයවැයේ දී විවෘතව අත උස්සලා කොළඹ නගර සභාව ඇතුළු නගර සභා ප්‍රාදේශිය සභා වල අයවැය දැන් පරාජය වෙමින් යනවා. ඒ නිසා දැන් මේතුලින් පෙන්නේ සමාජ දේශපාලන තත්ත්වය . ජනතාව දැඩි කළකිරීමක ඉන්නේ ඔවුන්ට දුන්නු එකම පොරොන්දුවක් වත් ඉෂ්ඨ කලේ නෑ. ජනතාව දැන් තමන්ගේ ප්‍රෙද්ශයේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට කියනවා ගිහිල්ලා ආණ්ඩුවට සහය දෙන්න එපා පළාත් පාලන ආයතන වල අයවැය පරාජය කරන්න කියලා. ඒ නිසා තමයි මන්ත්‍රිවරුන් ස්වාධිනව අත උස්සලා ඡන්දය දිලා මේ අයවැය පරාජය කරන්නේ.

අපිට ආරංචි කොළඹ නගර සභාවේ පසුගිය නගර සභාව පිහිටුවන අවස්ථාවේ ඒ සඳහා සම්පුර්ණ සක්‍රිය දායකත්වය දුන්නේ වටගල ශුරින්. නමුත් වටගල ශුරින්ට මේ පාර බේරගන්න බෑ මොකද වටගල ශුරින් දුන් පොරොන්දු ඉටු කරනැති නිසා මේ පාර මේ වැඩේ අතට ගත්තේ ජනාධිපතිතුමන්ය. ජනාධිපතිතුමන් සමහර මන්ත්‍රිවරුන් කැදවලා නත්තල් තෑගි දීලා, පිටට තට්ටුවක් දාලා කන්න බොන්න දීලා අපි බලාගන්නම් සහෝදරයා කියලා එතුමා උත්සහා කලා කොහොමහරි කොළඹ නගර සභාවේ අයවැය ජයග්‍රහණය කරන්න. හැබැයි ජනාධීපතිතුමා දන්නේ නෑ එතුමාගේ බොරු වලට මේ රටේ ජනතාව රැවටුනු කාලය ඉවරයි කියලා. ඒ නිසා තමයි කොළඹ නගර සභාවේඅයවැය පරාජය කරන්න හැකි වුනේ. ඒ නිසා ජනාධිපතිතුමන්ට කියනවා සාගරිකා තියරිය දැන් ඉවරයි. බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධිව පිහිටවපු පළාත් පාලන ආයතන වල අයවැය දිනන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමන්ට කරන්න වෙන්නේ පළාත් පාලන පනත සංශෝධනය කරලා අයවැයේ දී කැමති නම් ඡන්දය රහද් ඡන්දයක් ලෙස පාවිච්චි කල හැකිය කියලා ඇතුලත් කිරීම පමණි. අන්න එහෙම නම් පුළුවන් ඔබතුමාට වරදාන වරප්‍රසාද දෙනවා කියලා අයවැය ගොඩදාගන්න . එහෙම නැති වුනොත් මෙය සම්පුර්ණයෙන්ම බලහත්කාරයෙන් සභා පිහිටවපු තැන් වල අයවැය පරාජය වීම නවත්තන්න බෑ. මේ තමයි "බල සුභ නිමිති පෙරමග සළකුණු " කියන්නේ. මේ රටේ 76 වසරක සාපය අවසන් කරන්න බලයට ආපු මාලිමාවේ කරුමය තව අවුරුද්දක් වෙසක් පෝයක් වැනි කාලයක් තුල අවසන් වෙනවා යැයි කියන සුබ පණිවිඩය තමා මේ පළාත් පාලන අයවැය පරාජය විම තුලින් අපිට පෙන්නේ.

නමුත් වසන්ත සමරසිංහ අමාත්‍යතුමා කියනවා අයවැය පරාජය වුනාට කමක් නෑ අපි දෙවන පාරත් අයවැය ගේනවා ඒ වගේම පනත අනුව අපි කටයුතු කරනවා කියලා. ඒ හින්දා ජනාධිපතිතුමනි සදාචාරාත්මකව ලැජ්ජ විය යුතුයි. අයවැය පරාජය වුනානම් ඒ සභාපතිවරු,නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕන. විපක්ෂයට බහුතරයක් ඇති තැන්වල ඒ විපක්ෂයේ සභාපතිවරු නගරාධිපතිවරු පත් කරගෙන කටයුතු කරන්න දෙන්න ඕන. දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව ඉන්න සභාවල් වල අද තත්ත්වය ඉතාමත් ශෝකජනකයි. අයවැය පරාජය වුනු මාලිමා ආණ්ඩුවේ පාපිසි හාල් කෑලි අයින් කරලා විපක්ෂයේ සිටින විශ්වාසය දිනා ගන්නා ලද නායකයින්ට සභාවේ කටයුතු කරගෙන යන්න ඉඩදෙන්න කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි දැක්කා සිස්ටම් වෙනස් කරන්න ආපු මාලිමා පාපිසි 159 දෙනා නීතිය නමනවා ලොවෙත් නැති වෙන්න. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටයි. විපක්ෂයේ අයටයි විතරයි. මාලිමාවේ පාපිසි 159 දෙනාටත් පළාත් පාලන මන්ත්‍රිවරුන්ටත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. තාමත් රන්වල මහත්තයා සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. රන්වල මහත්තයා බීලා ගිහින් අහිංසක කාන්තාවක් හප්පලා,දරුවන්ගේ ඔලු පලලා,මෙච්චර අපරාධයක් කරලා තියෙද්දි මේ රටේ පොලිසිය හැසිරුණේ හරිම ලැජ්ජ සහගත ලෙස. තම තනතුරේ ගරුත්වය වත් ආරක්ෂා කරගන්න බැරි වුන පොලිස්පති ඉන්න රටක්. තමන්ගේ දෙපාර්තමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගන්න බැරි වුන පොලිස්පතිවරයෙක් . පොලිස්පතිතුමා ඉතාමත් පක්ෂග්‍රාහි ලෙස තමා මේ සිදු වීමේ දී කටයුතු කරලා තියන්නේ අපිට ලැබුණු තොරතුරු අනුව දැන ගන්න ලැබිලා තියෙන්නේ.

හරිනම් රන්වල මහත්තයා රෝහලේ නෙමේ ඉන්න ඕන හිරේ. රන්වල මහතා බීමත් ව රිය පැදවීම සිදු කර ඇද්ද යන්න නොබැලුවේ හිතා මතාමය. ඒ නිසා අපි කියන්න කැමති ජනාධිපතිතුමනි මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න. ඒ වගේම ශාන්ත පත්මකුමාර මහතාට ගංජා වවන්න හොදයි .එය පොලිස් කොස්තාපල් වරයෙක් ගිහිල්ලා ඇල්ලුවාම ඔහුට පහර දෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ඒ පොලිසියේ මහත්තයාට පහර දීලා මරන්න හදලා තියෙද්දි ඒ මහත්තයාගේ වැඩ තහනම් කරලා පොලිස්පතිතුමා. තමන්ගේ දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කර ගන්නේ නැතිව එතුමා කරලා තියෙන්නේ මේ පාපසි ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයාව ආරක්ෂා කර ගැනීම. පොලිස්පතිතුමා කොහොමත් රතුපාට යට කලිසමක් අදින බව මුළු රටම දන්නවා. ඒ නිසා කොහොමත් අපි එය දැනගෙන දන්නෑ වගේ ඉන්නම්. නමුත් ඔබතුමා එය පෙන්නන්න එපා. මොකද සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම නීති පද්ධතිය බිද වැටුනොත් මේ රාජ්‍ය වැටෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ පාපිසි 159 දෙනාම අද දේව ශාසයකට ලක් වෙලා තියෙනවා. එදා දළදා හාමුදුරුවන්ව මැතිවරණය වෙනුවෙන් යොදා ගත්ත මේ මාලිමා ආණ්ඩුව දන්නේ නෑ අද මොනාද කරන්නේ කියලා. අපි ජනාධිපතිතුමන්ට කියන්න කැමති අනේ තව වෙසක් පෝයක් යනතුරුවත් මේ පිස්සු බල්ලෝ මෙන් කටයුතු කරන පිරිස බැදලා තියන්න. නැතිනම් ලොකු ව්‍යසනයකට මුහුණ දෙන්න වෙනවා.

ඒ වගේම අපි දැක්කා අගමාත්‍යතුමිය මේ දිට්වා ව්‍යසනය කළමනාකරණය කිරීම කරලා තවම වහපු පාසල් ටික වත් ඇරගන්න බැරිව ලතවෙ විදිහ. තාම පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇදුම් ටික දි ගන්න බැරි වුනා. පොත් ටික දී ගන්න බැරි වුනා. රු 10,000 දෙනවා කිව්වා එය නිසි පරිදි ක්‍රියාත්මක නෑ. හැබැයි අගමාත්‍යතුමිය යුහුසුළුව කටයුතු කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව . අපි දන්නවා ඔබතුමියගේ න්‍යාය පත්‍රයේ අංක 01 ලිංගික අධ්‍යාපනය. අපේ අනාගත පරම්පරාවට ඔය බටහිර සංස්කෘතිය දෙන්න කලින් බදුල්ල බණ්ඩාර වෙල පස්සර නාය ගිහින් ඇදි වත පමණක් ඉතුරු වුනු දරුවන්ට අවශ්‍ය ඇදුම් පොත් ටික දෙන්න. ජනාධිපතිතුමා පොරොන්දු වුන දීමනා ටික දෙන්න. පාසල් ටික ප්‍රතිසංස්කරණය කරන්න. ඒ ඔක්කොම තියෙද්දි එතුමිය උත්සහා කරන්නේ දේදුණු හීනය ඉදිරියට ගේන්න. නමුත් අපි විපක්ෂයේ ඉන්න ක්‍රියාකාරින් විදිහට ඔය දේදුණු හීනය පරාජය කරනවා . ඒ වගේම එතුමිය කියනවා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ගේනවලු .ඊට ප්‍රථම ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමියට අපි කියන්න කැමති මේ මාස 14 කරුමෙන් මේ රට බේරා ගන්න පලාත් සභා පනත ගෙනල්ලා පළාත් සභා ඡන්දය තියන්න කියලා.


a

තවදුරටත් මෙම දිට්වා සුළි කුණාටුවෙන් ආපහු අප හැරවිය න‍ොහැකිය යන කියන පණිවිඩය ජනතාව විසින් දෙමින් සිටින බව අමාත්‍ය වසන්ත ...
25/12/2025

තවදුරටත් මෙම දිට්වා සුළි කුණාටුවෙන් ආපහු අප හැරවිය න‍ොහැකිය යන කියන පණිවිඩය ජනතාව විසින් දෙමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව, ගොවි ජනතාව කුඹුරුවලට ගොස් නැවත ගොවිතැන් ආරම්භ කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන සූදානම සහිතව ගම්බිම් සූදානම් කරමින් සිටින බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


a

ජනතාවට නොගැළපෙනවා නම් හෝ ජනතාව කිව් දේ ඉටු නොවෙනවා නම්, ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන ලෙස රටේ ජනතාවට ප්‍රකාශ කරන බව සමගි ජන බල...
25/12/2025

ජනතාවට නොගැළපෙනවා නම් හෝ ජනතාව කිව් දේ ඉටු නොවෙනවා නම්, ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන ලෙස රටේ ජනතාවට ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

ඒ අනුව, අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව තවත් ‘පෝය දෙකකින්’ ගෙදර යැවීමට හැකි බවත්, ජනතා එකමුතුව පෙළ ගැසෙමින් ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

කොළඹ නගර සභාවේ අයවැය ද මාස 06 කින් පරාජයට පත් වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව එවකට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් ප්‍රකාශයක් ගැනීම...
25/12/2025

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව එවකට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රහාරය සිදු වූ කාලයේදී යුද හමුදා බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය සහ වගකීම් බෙදීයෑම පිළිබඳ කරුණු කිහිපයක් තහවුරු කරගැනීම මෙහි අරමුණ වී තිබේ.

මෙම විමර්ශනවලට අදාළව පසුගිය සතියේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන්ද ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද මේ පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබාගෙන ඇත. කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන්ගේ බිරිය බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇති සාරා මියගිය බව තහවුරු කිරීමට අවස්ථා 3කදී ඩීඑන්ඒ පරීක්ෂණ කිරීම බරපතළ සැකයට තුඩු දී ඇත.


a

මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන  ආචාර්ය මහින්ද පතිරණට එරෙහ...
25/12/2025

මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
ඒ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් ඒ මහතාට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි.

කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා මහින්ද පතිරණ මහතාගෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පතිරණ මහතා තමාටත් තම දේශපාලන ව්‍යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදුකර ඇති බවටසුනිල් වටගල මහතා අධිකරණයට කරුණු සැලකර තිබේ.

මහින්ද පතිරන මහතා 2025 සැප්තැම්බර් මාසයේ දිනක ප්‍රසිද්ධකරන ලද ෆේස්බුක් පළකිරීමක් මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාට කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපාභාගී නිවාසයක් ඇති බවට අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවත් එම නිවාසය මිලදී ගැනීම සදහා මුදල් සොයාගත් ආකාරය සැක සහිත බවත්, එය අල්ලසක් විය හැකි බවටත් ආදී වශයෙන් කරුණු දක්වා තිබූ බවත් ඒ සියල්ල මුළුමනින්ම අසත්‍ය හා සාවද්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා තම පැමිණිල්ලෙන් දක්වා තිබේ.

තවද මහින්ද පතිරණ මහතා සචින් රත්වත්තේ නමැති පුද්ගලයෙකුගේ ෆේසුබුක් ගිනුමක් උධෘත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත්, එම ෆෙස්බුක් ගිණුම සත්‍ය එකක් ද නැත්ද යන්න පවා සැක සහිත බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා තම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

මහින්ද පතිරණ මහතාගේ පළකිරීම බොහෝ සේ සමාජ ගතව ඇති බවත් එයින් තම කීර්ති නාමයට බලවත අපහාසයක් සිදුව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා එම පැමිණිල්ලෙන් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්තරවාසිය ප්‍රතික්ෂේප කිරීමක් මහින්ද පතිරණ මහතා විසින් සිදු කර නොමැති බවත් වටගල මහතාගේ පැමිණිල්ලේ සදහන් කර තිබේ.


a

Address

Gangodawila

Website

Alerts

Be the first to know and let us send you an email when Prime News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share