16/08/2025
ලංකාවෙ ළමයින්ට ඉංග්‍රීසි අමාරු වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නෙ සිංහලෙන් හිතල ඉංග්‍රීසි ඉගැන්වීම. උදාහරණයක් ...
මේසය උඩ නම් on the table, මේසය යට නම් under the table, මේසෙට පිටිපස්සෙ නම් behind the table.... ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් උගන්වන්නෙ.
On කියන්නෙ මත/උඩ කියල හිතා ගත්තට පස්සෙ.. පහත සඳහන් අවස්ථා එකින් එකට වෙන වෙනම මතක තියාගෙන නිවැරදිව on යොදන්න උගන්නනවා. (ඊට පස්සෙ ඔය යට දාලා තියෙන විදිහට ප්‍රශ්න අහනවා. 😁)
මේ වාක්‍ය බලන්න..
Book is 'on' the table.
Fan is 'on' the ceiling.
Switch is 'on' the wall.
Telecast 'on' the television.
මේ වාක්‍යවල on කියන්නෙ මත/උඩ නෙවෙයි.
On කියන්නෙ 'ආධාර කර ගනිමින් පවතී' කියන අදහස.
පොත මේසය ආධාර කරගනිමිනුත්, ෆෑන් එක සීලිම ආධාර කරගනිමිනුත්, ස්වීච් එක බිත්තිය ආධාර කරගනිමිනුත් පවතින අතර වැඩසටහන රූපවාහිනිය ආධාර කරගනිමින් විකාශනය කෙරෙන බවයි මෙයින් කියවෙන්නෙ.
(සිංහල බාෂාවෙ තියෙනවා ආධාර විභක්තියක්. 😐)
ඒ අනුව..
පොත මේසයෙහි ද, ෆෑන් එක සීලිමෙහි ද, ස්වීච් එක බිත්තියෙහි ද තිබෙන අතර, වැඩසටහන රූපවාහිනියෙහි පෙන්වනවා.
මේ විදිහට භාෂා දෙකම තේරුම් ගත්තොත් තවදුටත්.. "රූපවාහිනිය තුළින් දැකගත හැකි ය." වගේ අනවශ්‍ය ලෙස තුළ යෙදූ සිංහල වාක්‍ය ලියවෙන එකක් නෑ. ඉංග්‍රීසියේ On යෙදෙන හැටි වෙන වෙනම කටපාඩම් කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ.