25/04/2026
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට UNODC වෙතින් නවීන තාක්ෂණික උපකරණ පරිත්‍යාගයක්!
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය මුහුදුබඩ අපරාධ වැඩසටහන (GMCP) මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත Raman analytical instruments (මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ නවීන උපකරණ) ඒකක 02 ක් පරිත්‍යාග කරන ලදී.
ලේසර් කිරණ මගින් රසායනික සංයුතීන් සහ අණුක ව්‍යුහයන් හඳුනාගත හැකි මෙම උපකරණ, UNODC හි ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක දුෂාන්ති ප්‍රනාන්දු මෙනවිය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාවට එයාර් වයිස් මාර්ෂල් දිල්ෂාන් වසගේ මහතා ඇතුළු වරාය අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
-------------------------------------------
The Global Maritime Crime Programme (GMCP) of the United Nations Office on Drugs and Crime (UNODC) had donated 02 units of Raman analytical instruments (Drug Detectors), which uses laser light to identify chemical compositions and molecular structures by measuring vibrational modes.
Those Detectors were officially handed over to the Chairman Dr. Parakrama Dissanayaka by Ms. Dushanthi Fernando (National Project Coordinator - GMCP-UNODC). Air Vice Marshal Dilshan Wasage & other SLPA officials were present on this occasion.