
15/12/2024
කියන්න බලන්න, මගේ ඔරලෝසුවේ වේලාවද, ඔරලෝසු කණුවේ වෙලාවද හරි..? 🤗
හරි හරි වෙලාව කියන්න කලින් මට මේක කියන්න බලන්න... 😌
කොළඹ ඉදන් දුර මනිද්දී එහි ආරම්භක ස්ථානය (The zero-mileage point ) මොකක්ද කියලා? 😎
ඒ තමයි, දැන් කොළඹ කොටුව ඔරලෝසු කණුව හෙවත් පැරණි කොළඹ ප්‍රදීපාගාරයට. කොළඹ කොටුව ඔරලෝසු කණුව තියෙන්නේ කොළඹ කොටුවේ චැතම් වීදිය සහ ජනාධිපති මාවත (කලින් ක්වීන්ස් පාර) හන්දියේ. මේක එසේ මෙසේ ඔරලෝසු කණුවක් නෙමෙයි ඓතිහාසික වටිනාකමක් ඇති රැක ගතයුතු ලස්තන තැනක්.. 🇱🇰.
ඒ වගේම අද වනවිට ගොඩක් couples සහ models ලා විතරක් නෙමෙයි විදේශ සංචාරකයන් පවා කොළඹ කොටුව ඔරලෝසු කණුව ළඟ ඉඳන් photos ගන්න එක trend එකක්.. 🥰❤️
එකේ ඉස්සරනම් ලස්සන සීනු හඬක් තියෙන්න ඇත්තේ.. ඒත් ඒ වෙනුවට loudspeaker එකකින්, එක එක music සහ සිංදු දාල එකේ පෞරාණික වටිනාකමට විහිළුවක් දෙන්න පසුගිය කාලෙ සමත් වුනත්, මෑතක් වෙනකල්ම වගේ එකේ වෙලාව හොදට වැඩ කරා..😒 මොකද පැයෙන් පැයට music එකක් හෝ සිංදුවක් loudspeaker එකකින් වගේ වාදනය වුණා.. එහෙන් මෙහෙන් චුටීයට චුටීයට ගස් පැලවී ගෙනත් එනවා දැන්..
දන්න විදිහට කොළඹ මහ නගර සභාව (Municipal Council Colombo) විසින් තමයි මෙහි නඩත්තු කටයුතු සිද්ද කරන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (Department of Archaeology)යටතට තමයි ඇතුලත් වෙන්නේ.. මොකද අවුරුදු 200කට විතර කිට්ටුනේ..
කොළඹ කොටුව ඔරලෝසු කණුව ඉදිකරලා තියෙන්නේ 1856-1857 කාල වකවානුවේදී. එය නිර්මාණය කරල තියෙන්නේ ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් ආණ්ඩුකාරවරයාගේ ආදරණීය බිරිඳ වන එමිලි එලිසබෙත් වෝඩ් විසිනි. මීටර් 29ක් උසැති ඔරලෝසු කණුව එදා කොළඹ තිබූ උසම ගොඩනැගිල්ල. කොහොම වුනත් ප්‍රදීපාගාරය අසල ඇති ගොඩනැගිලිවලින් එයට ඇතුවූ අවහිරතා නිසා, 1952 ජූලි 12 දින එය ඉවත් කරලා තියෙනවා, පසුව එය "The modern Galle Buck Lighthouse" ලෙසින් Marine Drive හි ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා.
ඒ වගේම කුළුණේ ඇති ඔරලෝසුව 1852 දී බිග් බෙන් (Big Ben) සාදන ලද සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ඔරලෝසු සාදන්නන් වන ඩෙන්ට් (Dent) විසින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.. ඔරලෝසු කණුවේ ඇති සීනුව ප්‍රධාන සීනුව 250 kg ක් (රාත්තල් 550) සහ සහායක සීනු දෙක 152 kg (රාත්තල් 335) විතර වෙලා තියෙනවා. මුලාශ වලට අනුව පැරණි ඔරලෝසුව 1914 දී යම් යම් වෙනස්කම් සිදු කරලා තියෙනවා..
මෙච්චර වටිනා දෙස් විදෙස් සංචාරක ආකර්ශනයක් තියෙන, කොළඹ නගරයේ වටිනාම ස්ථානයක් වන මීට වඩා හොඳින් නඩත්තු වෙන්න ඕනේ.. ඉතිං යාලුවනේ නිසි බලධාරීන්ගේ නින්ද කැඩෙනකල්, ඇස් ඇරෙනකල්.... අපි මේක share කරලා මෙහි ඇති වටිනාකම ගැන සමාජය දැනුවත් කරමු..
~ 15th December 2024 ~
මුලාශ : https://en.wikipedia.org/wiki/Old_Colombo_Lighthouse
https://www.greenholidaytravels.com/the-iconic-colombo-fort-clock-tower/ #:~:text=History,city%20of%20Colombo%20back%20then!
https://www.lankapradeepa.com/2019/12/old-lighthouse-clock-tower-colombo.html?form=MG0AV3