Hashan

Hashan ☸️ සබ්බං පාහාය ගමනීයං ☸️
🕊️ සියල්ල හැරදා යා යුතුය 🕊️

.𝓢𝓹𝓻𝓮𝓪𝓭𝓲𝓷𝓰 𝓵𝓸𝓿𝓮, 𝓸𝓷𝓮 𝓱𝓮𝓪𝓻𝓽 𝓪𝓽 𝓪 𝓽𝓲𝓶𝓮 .
(3)

20/10/2025
20/10/2025
🥹පහන් කණුව යට ළදුන්🥹නෙක නෙක පාට විසිතුරු විදුලි බුබුළුඑකලු කරවයි නගරයේ අස්සක් මුල්ලක්මසුවඳ විලවුන් උලා පියරු තවරාපහන් කණ...
20/10/2025

🥹පහන් කණුව යට ළදුන්🥹

නෙක නෙක පාට විසිතුරු විදුලි බුබුළු
එකලු කරවයි නගරයේ අස්සක් මුල්ලක්ම
සුවඳ විලවුන් උලා පියරු තවරා
පහන් කණු අද්දරට වීම ඉදිමි මං මග බලා

තේජස පිරුණු මහා ඇතුන් මෙන්
සැප වහනවල යනෙන උතුමන්
පැයට දෙකකට උගස් ගති මං
නම්බු නාමෙන් සඟවා සළෙලුකම්

නියතොල් මුව කමල උලා නෙක නෙක පාට
හංගන්න හැදුවාට හද ගැහෙන දුක් රාව
විදුලි පංකාව දෙස බලා සඟවා ගමි දුක් සෝක
මගේ සුව වින්ද උන්ටත් මා ජරාම ගණිකාව

Silu...✍️

😔මම අමුතු ගෑණියක්😔මම මහ අමුතු ගෑණියක්ළුඋඹ කියනවා මට නිතරමතරහටද ඇත්තටමදමන් දන්නෙ නෑ ඒකඔව් බන් මාත් හිතනව වෙලාවකටමන් මහ අම...
20/10/2025

😔මම අමුතු ගෑණියක්😔

මම මහ අමුතු ගෑණියක්ළු
උඹ කියනවා මට නිතරම
තරහටද ඇත්තටමද
මන් දන්නෙ නෑ ඒක
ඔව් බන් මාත් හිතනව වෙලාවකට
මන් මහ අමුතු ගෑණියක්...
මන් ආස නෑ උපාසක බළලුන්ට
දන්නවද...
මං ආසම රස්තියාදු පාටට
පිරිමි විලවුන් සුවඳ එක්ක
හීනියට එන සිගරට් සුවඳට
හිතුවක්කාර පිරිමි පපුවෙ රස්නෙත් එක්ක එන
පොඩිවට දැනෙන අරක්කු සුවඳට
මං ආසම ඒ නුරාවට බං

මං දන්නවා ගෑණු ගොඩක්ම අකමැති ඒවට
ඒත් මං කැමත් ඒකට.
ඒ මං අමුතු ගෑණියක් නිසා වෙන්න ඇති..

Silu......✍️

18/10/2025
🥰Negative & positive 🌹මම පෙමට කවි ලියන සියුමැලිම පෙම් කවක්..විරාජමාන ගම්භීර ඔබ ඉතා දැඩි වූ ගල් කුලක්..පිටතින් බලන කෙනෙකු...
18/10/2025

🥰Negative & positive 🌹

මම පෙමට කවි ලියන සියුමැලිම පෙම් කවක්..
විරාජමාන ගම්භීර ඔබ ඉතා දැඩි වූ ගල් කුලක්..
පිටතින් බලන කෙනෙකුට ඔබ මහා මහ නොගැලපීමක්..
නමුත් දන්නවද සදාකාලිකයි. නොවේද ගල් කුලක ලියන පෙම් කවක්...

කටු පිරුණු රෝස යායක් මම මළ වූ කටු නුඹ වූ
කියයි ඕනම කෙනෙක් රෝස මලට කටු එපා යැයි...
නමුත් මළවූ මම දනී දෙයක් හොඳ හැටි...
කටු නිසයි මා රැකුනේ මෙතෙක් කලක්

ගලා හැලෙනා සිසිල් ජල කඳක් උඩ ඉඳන් මා
ගල් පරයි ඔබ මගේ ගම ගමන් මග වෙනස්කරනා....
පෙනුබුළු නගා ඔබේ හැපි හැපී පහළට ගලනා...
ඔබ නිසයි මගේ හැඩපෙනුනේ ලොවට සැමදා....

නොගැලපෙන තැන් සිත සිතා අහිමි වෙනවට වඩා..
වෙනස් රසයක් විඳින්නට හැකි බැලුවොතින් සිතා...
ඔබත් හානම් මාත් හා කියනා ජීවිතයට වඩා..
වැරදි හොය හොය මරාගත් තැන අලුත් වෙයි ජීවිත සදා...😊

Silu...✍️

18/10/2025

1331 likes, 119 comments. “ හැකිතාක් සෙයාර් කරන්න”

මල් සරාට රහසක්.🥰🥰මල් සරෝ මේ අහපන්....කියන්නද මං රහසක්...දැන් මට හතළිහක්....දැනට ඉන්නවා ගෑණු හතරක්...කරන්නෙ පොඩි රස්සාවක්...
17/10/2025

මල් සරාට රහසක්.🥰🥰

මල් සරෝ මේ අහපන්....
කියන්නද මං රහසක්...
දැන් මට හතළිහක්....
දැනට ඉන්නවා ගෑණු හතරක්...

කරන්නෙ පොඩි රස්සාවක්...
ළමයි ම හයක් බන්....
දන්නවද තව දෙයක්..
තවත් එනවා කෙල්ලො පස්සෙන්...

සරෝ මේ අහපන්....
ඇයි විඳින්නේ මටම බන්...
තනිකඩයිනෙ තාම උඹත්..
උඹත් විදගෙන මේක විඳපන්...

මේක මහා වදයක් බන්...
ඉන්නෙ කන් ඇබ හිරකරන්...
අනේ මල්සරෝ වඳින්නම්...
දුන්න අරගෙන අනේ පලයන්...😊

Silu....✍️

උඹේ හදවත කළු ගලක්.🥹🥹නිවෙන්නට සෙව්ව පපුවෙන්....ගිනි තියන්නට එපා බන්....ලය පලාපන් එබී බලපන්...ගැහෙන්නේ  එය උඹේ නාමෙන්....උ...
17/10/2025

උඹේ හදවත කළු ගලක්.🥹🥹

නිවෙන්නට සෙව්ව පපුවෙන්....
ගිනි තියන්නට එපා බන්....
ලය පලාපන් එබී බලපන්...
ගැහෙන්නේ එය උඹේ නාමෙන්....

උඹට නෑ බං හදවතක්....
පපුව ඇතුලේ උඹේ කළුගලක්...
එහෙම නැත්තං යකඩ ගුලියක්
ඒ නිසයි බන් මෙහෙම දැඩිකම්...

මගේ හදවත හරි සියුම් බන්...
ඒ නිසයි මේ අඬන්නේ මං....
විඳව විඳවා මැරෙන්නම් මං....
අනේ පොඩ්ඩක් නිවීයන් බං....

Silu....✍️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Hashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share