11/09/2026
දෙහිවල - සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ,බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ 52 හැවිරිදි පියා රෝහල්ගත කර ඇති බවයි.
ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 සහ 14 යන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙක්.
මියගිය දරුවන්ගේ මෘත ශරීර මේ වන විට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක පළ කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පත් කර තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
තවත් උණුසුම් තොරතුරු ඇත.මෙතනින් වට්සැප් නාලිකාවට Join වෙන්න >>> https://whatsapp.com/channel/0029VagYOw2Fcow6oCo5G21u
゚