Ceylon Reporter

Ceylon Reporter Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Reporter, News & Media Website, Colombo.

මොකක්ද මේ වෙනසවිරිත්තන එවා අඩු වෙලා හට් වැඩි වෙලාලයික් වැඩි වෙලාජේපි බයියො අයෙත් බයියො වෙලා නේ…හෙමිට හෙමිට එන්න එක පාර එ...
20/05/2025

මොකක්ද මේ වෙනස
විරිත්තන එවා අඩු වෙලා
හට් වැඩි වෙලා
ලයික් වැඩි වෙලා
ජේපි බයියො අයෙත් බයියො වෙලා නේ…

හෙමිට හෙමිට එන්න එක පාර එන්න එපා කයියට හුස්ම හිර වෙයි

හොර සහතික වලට හපන්නු ඇව්‍යාජ ලේඛන සැකසිමක්
07/03/2025

හොර සහතික වලට හපන්නු ඇ
ව්‍යාජ ලේඛන සැකසිමක්

හන්තාන ඉහල සිට පහල දක්වා ජනතාව එකතුකර ගනිමින් මග දෙපස පිරිසිදු කරන්න ඔබ ලබා දුන් සංවිධාන ශක්තියට ඔබට තුති. 🙏
04/03/2025

හන්තාන ඉහල සිට පහල දක්වා ජනතාව එකතුකර ගනිමින් මග දෙපස පිරිසිදු කරන්න ඔබ ලබා දුන් සංවිධාන ශක්තියට ඔබට තුති. 🙏

01/02/2025

පුදුම හිතෙන තැනක පුදුම හිතෙන තැනක්..ඇත්තටම මෙක නිදහනයක්.. ☘️😍

18/01/2025

කොණ්ඩේ බැඳපු චීන්නු ගැන දිලුම් කියයි...

😭😭😭
24/12/2024

😭😭😭

23/12/2024

හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අද දින සර්වජන බලය පක්ශයේ නියෝජ්‍ය නායකයකු ලෙස පත් වෙයි.
මිට පෙර එතුමා පොදුජන පෙරමුණ සමාජිකයකු ලෙස කටයුතු කෙරු අතර පසුගිය ජනාධිපතිවරණයෙදි රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දිමට තිර්නය කර මහ මැතිවරණයෙදි සිලින්ඩරය ලකුනෙන් ඉදිරිපත්ව තිබේ.

එම අවස්ථාවෙදි සර්වජන බල පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා දැක්වු අදහස

21/12/2024

“ජිවිතේ කිසිම දවසක නැවත මහා හෙනරාජ තෛලය හදන්නැ” කැලේගම වෙද හාමුදුරුවො කල සංවේදි ප්‍රකාශය..

10/12/2024

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කෙරේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් වශයෙන් බිබිල මොණරාගල/ යකුන්නාව මහා විද්‍යා...
10/12/2024

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් වශයෙන් බිබිල මොණරාගල/ යකුන්නාව මහා විද්‍යාලය සහ ගම් වැසියන් සමඟ එක්ව නිෂ්පාදනය කළ ප්‍රජා කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය හා ප්‍රජා සිනමාකරණය පිළිබද සංවාදය 2024 දෙසැම්බර් 10 වන දින සවස 2.00 සිට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ඔබ සැමට ආරාධනා!

වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අම...
09/12/2024

වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට කටයුතු කරන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසා ඇත.

එහි ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වන විට මෙරට වඳුරන්ගේ සහ රිළවුන්ගේ ගහනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට ගත හැකි කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා ද මෙහි ඇතුළත් බවය.

"ලංකාවේ රිළා ගහනය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම ඒකට හේතුව මේ අයව ස්වභාවිකව වද කරන විලෝපිතයින් නැති වීම. අනෙක් එක කැලේ තිබුණ ආහාර ප්‍රමාණයන් අඩුවීම හා වගාබිම් ආශ්‍රිතව කෑම වැඩිවුණාට පස්සේ, මේ අය ජනතාව ඉන්න ප්‍රදේශවලට ඇදෙන්න පටන් ගත්තා. මේ අය පාලනයට අපි යෝජනා කළා ලංකාවේ ආයතන 15ක් ඒකාබද්ධ කරලා යම් යාන්ත්‍රණයක් හදන්න කියලා. ඒ වගේම අද පරිසර අමාත්‍යවරයාට යෝජනාවක් භාරදෙනවා මේ සත්ත්ව ප්‍රජාව පාලනයට ගත යුතු පියවරයන් ගණනාවක් සඳහන් කරලා."

ඉන්දියාවේ ඇතිවු මෙවැනිම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙලෙස අදහස් පළ කළේය.

"දැනට ඉන්දියාවේ ජම්බු සහ කාශ්මීර් කියන ප්‍රාන්තවල කරපු පර්යේෂණ ගණනාවක් තියෙනවා. රිළවුන් වද කිරීමේ දී වන්ද්‍යකරණ සැත්කම් පමණක් නෙමෙයි. ආහාරවලට වන්ද්‍යකරණයට වීමට අවශ්‍ය බෙහෙත් කලවම් කරලා දෙන එක. නැත්නම් වෙනත් හෝමෝන වන්ද්‍යකරණය සඳහා යොදා ගැනීම. තවත් රටවල වෛරස් වගේ දේවල් යොදාගෙන තියෙනවා. අපිට විශේෂයෙන් සත්තු වනද්‍යාකරණයට අවශ්‍ය හෝමෝන ආහාර මාර්ගයෙන් ලබාදෙන්න. එවිට යම් ප්‍රමාණාත්මකව තමා මෙය කළ යුත්තේ. එසේ නොමැති වුවහොත් ලංකාවට ආවේණික උප විශේෂයක් වන macaca sinica රිළවුන් වදවීමේ යෑමේ අවධානමක් තියෙනවා. මේක පර්යේෂණයකින් පස්සේ ආරම්භ කරන්න මේක."

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වී ඇත.කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්‍රමාද වී ධාවනය ව...
09/12/2024

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වී ඇත.

කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගල්කිස්ස සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාමෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් කොළඹ කොටුව දක්වා ධාවනය වු සියලු කාර්යාල දුම්රියන් ප්‍රමාදයකින් තොරව ධාවනය කිරීමට හැකි වු බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon Reporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Reporter:

Share