Sadaham Lanka TV

Sadaham Lanka TV Welcome to Sadaham Lanka TV page

🔵 ධර්ම දේශනා
🔵 ප්‍රවෘත්?

මෙ පහත post එකට වැටුන comment  එකක් ඔබේ අදහස ?මම ඉපදුනෙත් මුහුද අයිනේම ගෙදරක, මුහුද කියන්නේ කවමදාකවත් විශ්වාස කරන්න බැරි...
31/12/2023

මෙ පහත post එකට වැටුන comment එකක් ඔබේ අදහස ?

මම ඉපදුනෙත් මුහුද අයිනේම ගෙදරක,

මුහුද කියන්නේ කවමදාකවත් විශ්වාස කරන්න බැරි තැනක් මේ වෙද්දි දහයකට වැඩිය ජීවිත බලා ඉඳිද්දි නැති වෙලා තියෙනවා වගේම තුන් දෙනෙක් බේරගෙනත් තියෙනවා.

පුංචි කාලේ ගෙදරට හොරෙන් නාන්න ගිහින් මාවත් දියවැල කට අහුවෙලා යාලුවෙකුගේ තාත්තා කෙනෙක් බේරගෙන තියෙනවා.

මේ වෙද්දි තාමත් හිතට වදදෙන එකම සිදුවීම නම් අවුරුදු 10 ක පුතෙක් සිය උපන් දිනය දවසේ වෙරළේ රල පාගමින් සිටියදී හදිසියේම ආපු විශාල රල පාරකින් හොයාගන්නවත් නැති උනා 😢

පාසලේ 1 ශ්‍රේණියේ සිට සෑම දරුවකුටම පිහිණීම අනිවාර්‍ය කල යුතුමයි 🙏

#සඳහම්ලංකාටීවි

දාන වේලවත් නොලැබෙන ආරණ්‍ය සේනාසනය.😪...වැල්ලවාය ඉඳලා කිලෝමීටර් පහළොවක් විතර යනකොට ආරණ්‍ය සේනාසනයක් හමුවෙනවා.මේක පිහිටලා ත...
04/12/2022

දාන වේලවත් නොලැබෙන ආරණ්‍ය සේනාසනය.😪...

වැල්ලවාය ඉඳලා කිලෝමීටර් පහළොවක් විතර යනකොට ආරණ්‍ය සේනාසනයක් හමුවෙනවා.

මේක පිහිටලා තියෙන්නේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ටත් අතර ඝන කැළයක් මැද තමයි තියෙන්නේ.

දැනට ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් විතර වැඩ වසනවා ඒ ස්වාමීන් වහන්සේලා වහන්සේලාට දාන වේලක් හමුවෙන්නේ නැහැ.

මේ දින වල ගොඩක් අමාරුවෙන් ජනතාව ජීවත් වන්නේ එහෙත් ජනතාවට පුළුවන් පුළුවන් විදියට දාන වේල දෙනවා කියලා තමයි හාමුදුරුවෝ කියන්නේ.

ගම්වාසීන් බඩගින්නේ ඉඳගෙන හාමුදුරුවන්ට දානේ දෙන කොට හාමුදුරුවන්ට දැනුනු වේදනාව ඇස් වල කඳුළු පුරෝගෙන ඇඬුවා.

ජීවිතයේ කිසිම දවසක මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් අඬනවා අපි දැකලා නැහැ.

නමුත් මේ ස්වාමීන් වහන්සේ අඬන්නේ තමන්ගේ ගමේ ඉන්න මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා.

අපි යනකොට බඩු ගොඩක් අරන් ගියා මේ පන්සලට දෙන්න.

ඒව දුන්නු අපට හාමුදුරුවෝ ඉල්ලුවේ අනේ අපේ මහත්තයෝ පුළුවන් නම් ගමේ පවුල් අසූවක් විතර ඉන්නවා.

ඒ අයගෙත් මේ වගේ බඩ කට පුරවන්න.

අපට කුසගින්න දරාගන්න පුලුවන්.

ඒත් ගමේ අයට කන්නත් නැ.

පුළුවන් නම් ඔබතුමන්ලාට පින් සිද්දවෙනවා කියල තමයි කිව්වෙ ..

හාමුදුරු මේ තරම් සංවේදී වුණේ ගමේ ජනතාව ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකට ඉන්න නිසා,

හැම වෙලාවේම දුකට සැපට ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේලා.

ඒ නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා ඒ ගමට මෙච්චර නම් ආදරේ ..

බුළු ගල් ලෙන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් ස්වාමීන් වහන්සේගේ
දුරකථන අංකය 076 - 6660513

උපුටා ගැනීමකි ↖️

මේ පොස්ට් එක තව කෙනෙකුට දකින්න share කරමු ...එකම ලොකු පිනක් වෙයි .තෙරැවන් සරණයි 🙏 .

"මෙයාට උල් සපත්තු ඕනෙලු සර්..  ඒ සපත්තු දෙක හාරදහයි දැන්. ස්කෝලෙ ගියෙත් නෑ අද..""ඉමල්ස.. "මං කතා කරද්දි කොල්ල මූනෙ අමුතු...
02/12/2022

"මෙයාට උල් සපත්තු ඕනෙලු සර්..
ඒ සපත්තු දෙක හාරදහයි දැන්.
ස්කෝලෙ ගියෙත් නෑ අද.."

"ඉමල්ස.. "

මං කතා කරද්දි කොල්ල මූනෙ අමුතු හිනාවක් දාන් මං දිහා බැලුව

"CR පොතක් හාරසීයයි සර්.. මෙයාට ක්ලාස් වලටයි පොත් පෑන් වලටයි තිස් දාහක් විතර යනව. "

"පංතියෙ ඔක්කොම දාන්නෙ ඒව සර්.. මං විතරක් කොහොමද කියන්නකො.."

ඉස්සරල තිබ්බ හිනාව වෙනුවට කොල්ලගෙ ඇස් වල කදුළු පිරිල.

දුප්පත් කම..

හැමදාම මිනිස්සු අසරණ කලා
පොඩි උන්ගෙ හීන මරla දැම්ම..

තියෙන එකා වැජබෙද්දි නැති එකාට අනාගතය ගැන හිතන්නත් තහනන් කරා..

"ඉමල්ශ.. දැනට ඕක ගන්න අම්ම පව්නෙ.."

කොල්ල මොකුත් නොකිය පොත දිහාම බලන් ඉන්නව

ඒ ඇස් අගින් වැටෙන කදුළු පොතට හිමින් වැටුනව.

"මොකෝ ගජී.."

"අද චිකන්නෙ සර්.. තාත්තට අද පඩි.."

"අප්ප එහෙමද.."

"ඉස්සරනන් අපි සතියට දවසක් දෙකක් කෑව. දැන් පඩි දවසට විතරයි.."

"මේ මෙයාගෙ බොරු සර්..ඇයි පෙරේදත් කෑවෙ."

"පෙරේදා කොහෙද කෑවෙ. "

අම්ම කොල්ලට හොරෙන් රවනව.

පොඩි එකා ආයෙ මං දිහා බලනව

"ආ ඔව්නෙ පෙරේද චිකන් තිබ්බ සර්.."

ඒ පාර හිමින් කියනව

ඉස්සර හොදට කාල ඇදල හිටපු මිනිස්සු

ඒත් අද..

මේ ළඟදි බොරැල්ල ලේඩිජේ එකට ගියා

පොඩි එකෙක් ඉකි ගහ ගහ අඩනව.

සෙල්ලන් බඩු ඉල්ලල

ඒ අම්මයි තාත්තයි කොල්ලගෙ අතේ තිබ්බ සෙල්ලන් බඩුව රාක්කෙන් තියල කොල්ලව වඩන් පහලට යනව.

ඔව් මේ අපි ඉන්න සමාජෙ

දකුණු ආසියාවෙ උසම කුළුණ තියන රටෙ

අද දෙමව්පියන් පුදුම දුකක් විඳිනවා..

මාස දෙකකට කලින් බොරැල්ලෙ ප්‍රෙසිද්ද වෙලද සැලකට යද්දි

එක කෙල්ලෙක් වට කරන් එතන කට්ටිය කෑ ගහනව

"මොකද අර.."

"චොකලට් එකක් හොරකන් කරල.."

"චොකලට් එකක්.."

"ඔව් අර පොඩි බබා චොකලට් එකක් අරන්. කෙල්ල හිතල තියෙන්නෙ සල්ලි ඇති වෙයි කියල සල්ලි මදි වෙලා. කෙල්ල චොකලට් එක හොරෙන් බෑග්ගෙට දාගෙන"

"නෑ.."

"ඒක අහුවෙලා ඔය"

වයස විසි පහක විතර කෙල්ලෙක්

අවුරුද්දක විතර බබෙක්

ඒ වයසෙම කෙල්ලො සෙට් එකක් බයින හැටි

හරියට මහ බැංකුව කැඩුව වගේ..

බබා ඉල්ලන හින්දම සල්ලි නැති කමට හොරෙන් අරන්...

සමාජෙට හොරෙක් වෙච්ච අම්මෙක්

"හැමදාම පහක් හයක් බෙහෙත් වල ගනන් අහල හැරිල යනව"

"පව් බන්.."

"මේ ළඟදි සීය කෙනෙක් ආව.. ගනන් අහල හෙට එන්නන් කියල ගියා. මේ ළඟ.."

"ඉතින්.."

"රෑ නැති වෙලා.. දිව යට තියාගන්න පෙත්ත ඉවර වෙලා. පව්.. "

"අඩෝ.."

"මොනා කරන්නද බන්. ඉස්සරනන් මං ඔය පොඩි ගානක් කියල මගෙ ගානෙ දෙනව. දැන් එහෙම කරන්න බෑ බන්.. අපිත් හිගා නොකා හිගාකනව.."

ෆාමසියෙ යාළුවෙක් කියනව..

අපි කොච්වර අසරණ වෙලාද

පාට පෙට්ටියක් ගන්න බැරි සිරියාවතී අපේ සිංහල පොතේ හිටිය

අද පැනසලක් ගන්න බැරි ළමයි මේ කොළඹ විතරක් කොච්චර ඇත්ද..

මේක කතාවක් නෙමෙයි..

සමාජ යථාර්ථයක්..

ඉස්සර මුතු ඇටේ..

අද හාමතේ..

ඒව අමතක කරන්නත් එක්ක යූ ටුයුබ් යනව.

"ලයිට් බිල 70% කින් ජනවාරි සිට වැඩි කරනව. ".

පත්තරේ තියෙනවා...

..Lahiru Milan...

02/12/2022

ඇන්ජියෝ ප්ලාස්ටික් කැතීටරයේ නිර්මාපකයා

"මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී

බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසික‍ලේ පැදං මහින්දෙට ගියා.මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ.මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය.විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. ‍පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා.

1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා.

1979 වනවිට මා උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා. මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා.

මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කා‍ලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා.
ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්.

මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර ‍පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්.
මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි.

නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා.

කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.

රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි.

සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමි‍ලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි.

මා ගාල්ලේ ඉපිද ‍පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද?"

වාර්තාව-අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු.
උපුටා ගැනීමකි.

12/04/2022

ඔන්න ඕකයි ඇත්ත තත්වේ මෙ අද මල් ගවුම් ඉරාජ් කාරයයයි ඩෑන් කාරයාගෙයි පෙළපාලිය....👍💔
"මොනවා කරන්නද අයියේ,දුකයි අපිට තනි තීරණයක් ගන්න බෑ, ලොකුහාමුදුරැවො කියන දෙයක් කරන් ඉන්නවා " ⁣රට කාපු දේශපාලුවන් වෙනුවෙන් මෙ පොඩි ස්වාමින් වහන්සේලා කඩේ යැවීම ඔබ අනුමත කරණවාද?



please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰

#සදහම්ලංකාtv

ඉත්තෑවත් සතුටින් අපිත් සතුටින්❤️‍🩹😁         #සදහම්ලංකාටීවි
09/01/2022

ඉත්තෑවත් සතුටින් අපිත් සතුටින්❤️‍🩹😁

#සදහම්ලංකාටීවි

ලෝකවාසී සැමට සුභ නත්තලක් වේවා...😊 #සදහම්ලංකාටීවි
25/12/2021

ලෝකවාසී සැමට සුභ නත්තලක් වේවා...😊

#සදහම්ලංකාටීවි

කන බොනදෙයක් තනියම වලදන්න එපා..අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා..අණුවන කමින් පවු සිදු කරගන්න එපා...නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් ව...
23/12/2021

කන බොනදෙයක් තනියම වලදන්න එපා..
අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා..
අණුවන කමින් පවු සිදු කරගන්න එපා...
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා 🌸🌸
#සදහම්ලංකාටීවි #නොමැරෙනකෙනෙකුලෙසජීවත්වෙන්නඑපා

බන්ඩාරවෙල පාරේ වැඩ පටන්ගත් දිනයේම සමරු ඵලකයෙන් මන්ත්‍රී ගේ ජයාරෑපය ඉරා දමයි.https://youtu.be/9fG9aHGlf4s #සදහම්ලංකාටීවි ...
22/12/2021

බන්ඩාරවෙල පාරේ වැඩ පටන්ගත් දිනයේම සමරු ඵලකයෙන් මන්ත්‍රී ගේ ජයාරෑපය ඉරා දමයි.
https://youtu.be/9fG9aHGlf4s

#සදහම්ලංකාටීවි

බන්ඩාරවෙල පාරේ වැඩ පටන්ගත් දිනයේම සමරු ඵලකයෙන් මන්ත්‍රී ගේ රුව ඉරා දමයි | Sadaham Lanka TV

මහනෙනි , සියලු දෑ නැසී වැනසෙන සුළුය.අප්‍රාමාදි වන්න🌸 .. - බුදුන්වහන්සේ  📷ජයාරෑපයේ අයිතිය මුල් හිමිකරැ සතු වේ. #සදහම්ලංකා...
21/12/2021

මහනෙනි , සියලු දෑ නැසී වැනසෙන සුළුය.අප්‍රාමාදි වන්න🌸 .. - බුදුන්වහන්සේ

📷ජයාරෑපයේ අයිතිය මුල් හිමිකරැ සතු වේ.

#සදහම්ලංකාටීවි

මෙහි පෙනීසිටිනා මව කුවේට් හි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටියදීජංගම දුරකථනයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේවරදට මරා දැමීමට සැරසෙන බ...
20/12/2021

මෙහි පෙනීසිටිනා මව කුවේට් හි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටියදී
ජංගම දුරකථනයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ
වරදට මරා දැමීමට සැරසෙන බව නිවැසියන් පවසති
මෙය බලධාරීන්ගේ අවධානයට යොමුකොටඇයට අභය දානය දීමට කටයුතු සිදුකර දෙන ලෙස
කාරුණිකව මෙයින් ඉල්ලා සිටිමි..

පුළුවන් තරම් share කරන්න
0779108945

#සදහම්ලංකාටීවි

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sadaham Lanka TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share