27/10/2025
මේ ඉන්නෙ සමාජ මාධ්‍ය ඇතුළෙ ආණ්ඩුවට කරුණු සහිතව, සාක්ෂි සාධක සහිතව විවේචනය කරන කොන්ද පණ තියන උන්ගෙන් කිහිපයක් පමණයි.
මේකට විරුද්ධව ආණ්ඩුව පැත්තෙන් counter කරන විදිය දැකල තියනවද? අර කුණුහරප කියාගන වැලලෙන සෙට් එක. අන්න ඒ ඩෝබින් වෙතයි මේ ලියන්නෙ.
ඇයි බන් උඹල මෙච්චර කුණුහරප කියාගන සමාජ මාධ්‍ය ඇතුලෙ වෛරය පතුරුවගන දගලන්නෙ? මොන දේශපාලන පක්ෂය නියෝජනය කරත්, මොන මතය දැරුවත්, ඒ හැම කෙනාටම දේශපාලනය කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, සංවාද කරන්න අයිතියක් තියනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන්න ඕන මූලික ගති ලක්ෂණයක්.
බුද්ධිමය සංවාදයක් කරන්න දැනුමක් නැති වෙද්දි තමයි මිනිස්සු කුණුහරප කියන්නෙ හෝ ඒ විරුද්ධ මතයක් ඉදිරිපත් කරන පුද්ගලයගෙ කරුණු වලට ප්‍රතිවිරුද්ධ කරුණු ඉදිරිපත් කරනවා වෙනුවට ඒ පුද්ගලයට පහරදෙන්නෙ.
දැන් උඹල ගෙවල් වලත් හැසිරෙන්නෙ මේ වගේද? උඹලගෙ අම්මල තාත්තලාට බිරිඳට ළමයින්ට කතා කරන්නෙත් කුණුහරප වලින්ද?
විවේචනය විවිධ ක්‍රම වලින් කරන්න පුළුවන්. ඒක ඉරාජ් මිලින්දල බයි තක්සලාවෙන් කරනව වගේ උත්ප්‍රාසය, හාස්‍යය මුසු කරලත් කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් හරියට කරුණු විතරක් අරගන ෆුල් සීරියස් විදියටත් කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන්ම එන ඒවට උඹලා counter කරන්නෙ කුණුහරප වලින් නම් හෝ ඒ විවේචනය කරන පුද්ගලයට අපහාස කරල නම් උඹල ඉන්නෙ කොහෙද බන්?
උඹලගෙ කුණුහරප උඹල සමාජය ඉස්සරහ සාධාරණීකරණය කරන්නෙ අවුරුදු 76ක් රට කෑවා කියන පුහු සටන් පාඨයෙන් විතරයි. ජෙප්පො අවුරුදු 60ක් විපක්ෂෙ ඉදන් රට කාපු හැටි, රට පිටිපස්සට ඇදපු හැටි ගැන, පොත් 100ක් විතර ගහන්න පුළුවන් එකින් එක අරගන. මේක කරුණු සහිතව ඔප්පු කරල ඉවරයි මේ වෙද්දිත්.
ජෙප්පො කියන්නෙ බබ්බු නෙවෙයිනෙ නේද? අරගල 3ක් මෙහෙයවපු, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරපු, පාර්ලිමේන්තුව පවා ගිනිබත් කරන්න ආපු ත්‍රස්තවාදීන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අවුරුදු 76ක් පාලනය කරපු පාලකයො හරියට නීතිය ක්‍රියාත්මක කරානම් ජෙප්පො වැඩි හරියක් අදටත් හිරගෙවල් වල ජම්පරේ ඇදගන ඉන්නෙ.
ඒ අවුරුදු 76ම පාලනය කරපු පාලකයොත් මහා ලොකු සුදු චරිත කියල නෙවෙයි මේ කියන්නෙ. හැබැයි උඹල ඔය පුම්බගන ඉන්න නායකයො නිකම්ම නිකන් පුස් චරිත විතරයි කියල දැන් සමාජයෙන් බහුතරයක් තේරුම් අරගන ඉන්නෙ. ඒක නිසා තමයි ගිය ඡන්දෙන් ලක්ෂ 23ක් හැලුනෙ. පලාත් සභා තියල බලන්න කියන්නකෝ, තව ලක්ෂ 20ක් ගැලවෙන හැටි බලන්න.
ඉතින් ඩෝබියනි සහ ජෙප්පනි ඉතුරු අවුරුදු 3යි මාස 9ත් උඹල කුණුහරපම කිය කිය වෛරයම පතුර පතුර ඉන්නද කල්පනාව? කරන චෝදනා වලට උත්තර දෙන්න කරුණු සහිතව බුද්ධිමය සංවාද කරන්න මොකෙක්වත් නැද්ද උඹල අතර?
උඹලගෙ නායකයො බොරු කියල රටක් රැවැට්ටුව වගේ උඹලත් කුණුහරප කියල දිගටම සමාජ මාධ්‍ය ඇතුළෙ භීෂණය වෛරය පතුරවගෙන මිනිස්සුන්ගෙ ඔලු කන්නද බලාපොරොත්තු වෙන්නෙ? උඹලගෙ කාලෙ දැන් ඉවරයි. පිරුණු කලේ දිය නොසැලේ කියල කතාවක් අහල තියනවද? බුද්ධිමත් මිනිස්සු සියල්ල දෙස සාවදානව බලාගන ඉන්නෙ.