adMix

adMix 12.12.12 adMix will born officially

06/10/2021
හැම තරගයකටම කලින් සංවාසයේ යෙදීම මගේ ජයග්රහණයේ රහසයි- Alla shishkina-
11/09/2021

හැම තරගයකටම කලින් සංවාසයේ යෙදීම මගේ ජයග්රහණයේ රහසයි- Alla shishkina-

හැම තරගයකටම කලින් සංසර්ගයේ යෙදීම මගේ ජයග්රහණයේ රහසයි- Alla shishkina-

ආල්ලා ශිෂ්කිනා රැසියානු ජාතික පිහිණුම ක්රීඩිකාවක්. 2021 ටෝකියෝ ඔලිම්පික් උළලේ පිහුණුම් ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමත් සමග පිට පිටම ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනා ගන්නට සමත්වෙලා තියෙනවා.
2012 , 2016 සහ 2020 අවුරුදු තුනේම ඔලිම්පික් පිහුණුම රන්පදක්කමක් ආල්ලාට අයිති වෙනවා.
ආල්ලාට දැන් වයස අවුරුදු 32ක් .අවුරුදු 10කට එහෙම නැත්තම් දශකයකට ආසන්න කාලයක් ඇලා පිහිණුම ක්රීඩාවේ ආධිපත්යය දරනවා.
තමන් මේ තරමටම ක්රීඩාවෙන් සාර්ථක වීමේ රහස මොකක්ද කියලා පහුගිය දවසක රැසියාවෙ "sport express “ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හෙලිකරලා තියෙනවා.
ඕනෑම තරගයටකට පැය කිහිපයකට පෙර තමන් ලිංගික සංසර්ගයේ යෙදෙන බවත්, සුරාන්තයට පත්වීමට පෙර එය නැවැත්වීමෙන් තමාට පුපුරන සුලු බලයක් ලැබෙන බවත් එය තමාගේ අඛණ්ඩ ජයග්රහණයේ රහස බවත් ආල්ලා කියනවා.
"මම වෛද්යවරුන්ගේ පර්යේෂණයෙන් මත විශ්වාසය තැබූ අතර මගේ ක්රීඩා වෛද්යවරයා වූ ඩෙනිස්ගේ උපදෙස් පරිදි හෘදය සහ මාංශපේෂි වලට පුපුරන සුලු බලයකුත් තරගය සදහා දැඩි ආවේගයකුත් ලිංගික සංසර්ගයෙන් පසුව ලැබෙන බව විද්යාත්මකවම තහවුරු කරගෙන තියෙනවා"
ආල්ලා තමන්ගෙ ජයග්රහණයේ රහස ගැන තවදුරටත් ඒ විදියට ප්රකාශකරලා තියෙනවා.

31/08/2021

SIM නැතුව call කරන I phone 13 📱

ඇපල් සමාගමේ නවතම iphone series එක වන අයිපෝන් 13 series එලඹෙන 14 දින එළිදැක්වීමට නියමිතයි.
මේ වන විට බොහෝ දෙනාගේ අවධානය අයිපෝන් 13 series සීරිස් එක වෙත යොමු වීමට හේතු වෙන තවත් සුවිශේෂ කරුණක් පිළිබඳව මේ වන විට වනවිට අන්තර්ජාලය තුල තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.
ඒ iphone 13 series දුරකථන සඳහා
සංඥා ආවරණ නොමැති ප්‍රදේශවල දී චන්ද්‍රිකා ආධාර කරගනිමින් දුරකථන දුරකතන සම්බන්ධතාවය ලබා ගත හැකි බව.
ඒ අනුව iphone 13 series එකේ device සඳහා පහත් කක්ෂීය චන්ද්‍රිකා ( low earth orbit ) මගෙන් සම්බන්ධතාවය ලබා ගත හැකි බව සදහන් වෙනවා.

MacRumors තාක්ෂණික වෙබ් අඩෙවියේ දක්වලා තියෙන විදියට Qualcomm x60 modam එකක් ඔස්සේ iphone 13 series
එක සඳහා මෙම හැකියාව ලබා දෙන බවයි සඳහන් වැඩිදුරටත් දැක්වෙන්නෙ.
මේ මඟින් iphone 13 සීරිස් එක ඔස්සේ දුරකථන දුරකථන සේවා සපයන්නෙක් ගේ සේවා ආවරණය නොමැති අවස්ථාවකදී ඇමතුම් ගැනීමේ මෙන්ම කෙටි පණිවිඩ යැවීමේ හැකියාව ලැබෙනු ඇති බව අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම මේ වන විට අනාවරනය වෙන තොරතුරු අනුව අයිපෝන් 13 series එක සඳහා සහාය ලබාදෙන චන්ද්‍රිකාවේ සන්නිවේදන ක්‍රියාකරු ලෙස ඇමරිකානු global star
ආයතනය කටයුතු කරනවා.
කොහොමවුනත් iphone 13 සීරිස් එක පිළිබඳ මේ තොරතුරු තහවුරු තවමත් තහවුරු කරගත් තොරතුරු නෙවෙයි. ඒ නිසා මේ පිළිබඳ නිල තොරතුරු Ipone 13 series එකේ launch event එකේදිම අපිට දැන ගන්න පුලුවන් වේවි.

30/08/2021

ශ්‍රී ලංකාව රනින් සැරසූ දිනේෂ්

2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උළලේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කරදුන් ශ්‍රී ලාංකික ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ගැන මේ වන විට රටේම අවදානය යොමුවී තිබෙනවා.

කවුද මේ දිනේෂ්???

1986 වසරේ ජුලි 15 අනුරාධපුර කාගමදී පවුලේ දෙවන දරුවා ලෙස උපත ලබන හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබන්නේ කාගම ධාතුසේන විද්‍යාලයෙන්.
2004 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට එකතුවන දිනේෂ් 2008 වසරේ කිලිනොච්චිය මානූෂීය මෙහෙයුමේ අවසන් අධියරේදී සිය වම් අතට වෙඩි වැදීම නිසා වෛද්‍ය හේතූන් මත යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනවා. ඒ ඔහුට වයස අවුරුදු 22 දී.

මානුෂීය මෙහෙයුමදී සිය වම් අතට සිදුවූ ආබාධය නිසා සාමාන්‍ය ක්‍රියාකාරකම් වල නිරත වීමට නොහැකි වුනත් ඔහු විශේෂ පහසුකම් යටතේ ක්‍රීඩා පුහුණුව ලබනවා.

දිනේෂ් 2012 වසරේදී මැලේෂියාවේ පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබිමේ තේරීම් තරගයකදී රන් පදක්කමක් ලබා ගන්නවා. නමුත් ලෝක ශ්‍රේණි ගතකිරීම වලට ඇතුලත් වීමට නොහැකි වීම නිසා ඔහුගේ 2012 පැරා ඔලිම්පික් සිහිනය බිද වැටෙනවා.
නමුත් 2016 රියෝ පැරා ඔලිම්පික් උලලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්ක්මක් දිනා දෙන්න දිනේෂ් සමත් වෙනවා.
ඒ වගේම 2017 ලන්ඩන් අන්තර්ජාතික පැරා ශූරතාවලියෙදි සිය ඉසව්වෙන් රිදී පදක්කමත්, 2018 ජකර්තා ආසියානු පැරා තරගා වලියේ රන් පදක්කමත් නැවතත් 2019 ඩුබායි අන්තර්ජාතික පැරා ශූරතාවලියෙදි රිදී පදක්කමත් ලබා ගනිමින් ලංකාවට කීර්තියක් ලබා දෙන්න දිනේෂ් සමත් වෙනවා.
2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උළලේදී දිනේෂ් ලෝකයේම අවදානය නැවත ශ්‍රීලංකාව දෙසට යොමු කරගන්නෙ F46 හෙල්ල විසිකිරීමෙ ඉසව්වෙ රන් පදමක්ම ලෝක වාර්තාවක් සහිතව තමන් සතු කර ගනිමින්.
දිනේෂ්ගෙ තරග දක්ෂතාවයමීටර 67.79ක්.
ඔහු බිද හෙලන්නෙ 2016 වසරේ ඉන්දීය ක්‍රීඩක දේවේන්ද්‍ර ජජාරියා විසින් තැබූ වාර්තාවක් . මේ ජයග්‍රහණයේ විශේෂත්වය දේවේන්ද්‍ර ජජාරියා
මෙවරත් එම ඉසව්ව නියෝජනය කරද්දි දිනේෂ් ඔහුවත් අභිබවා යම්න් තමන්ගෙ වාර්තාව පිහිටුවීම.
ඒ වගේම පැරා ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත්‍ත ප්‍රථම රන් පදක්කම වෙන්නෙත් දිනේෂ් ප්‍රියන්ත අපට දිනා දුන්න මේ රන් පදක්කම.

✍️ හසංක වීරරත්න

24/08/2021

සුබ උදෑසනක් 😊
ජීවිතය දිනන්න අද හොදම දවස

13/11/2020
11/06/2020

ආදරණීය අම්මා වරුන්ට උපහාරයක්ම වේවා
10/05/2020

ආදරණීය අම්මා වරුන්ට උපහාරයක්ම වේවා

අද ලෝක තැලසීමියා දිනය
09/05/2020

අද ලෝක තැලසීමියා දිනය

මෝහාන්දකාරය දුරුවේවා... ධර්මයේ ආලෝකය දසත විහිදේවා.....!!!!ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා..!!!
07/05/2020

මෝහාන්දකාරය දුරුවේවා... ධර්මයේ ආලෝකය දසත විහිදේවා.....!!!!
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා..!!!

මේ වගේ දැනුමට වටිනා තොරතුරු දැනගන්න lets know  page එකට like එකක් දාන්න යාලුවනේ
06/05/2020

මේ වගේ දැනුමට වටිනා තොරතුරු දැනගන්න lets know page එකට like එකක් දාන්න යාලුවනේ

ගොටුකොළ වල ගුණ 😍
05/05/2020

ගොටුකොළ වල ගුණ 😍

ලෝකෙ මෙහෙම දිනත් තියෙනවද? 🤔
04/05/2020

ලෝකෙ මෙහෙම දිනත් තියෙනවද? 🤔

මැයි 03අද ලෝක පුවත්පත් දිනය
03/05/2020

මැයි 03
අද ලෝක පුවත්පත් දිනය

වට්ටක්කා 😊
02/05/2020

වට්ටක්කා 😊

Address

No 10, New Road
Colombo

Opening Hours

Monday 12:00 - 00:00
Tuesday 12:00 - 00:00
Wednesday 12:00 - 00:00
Thursday 12:00 - 00:00
Friday 12:00 - 00:00
Saturday 12:00 - 00:00
Sunday 12:00 - 00:00

Telephone

0756623566

Website

Alerts

Be the first to know and let us send you an email when adMix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Magazines in Colombo

Show All