
13/01/2025
🥈| Pushpa 2 becomes the second highest-grossing Indian movie of all time, surpassing Baahubali 2.
Baahubali 2 චිත්‍රපටය වසර 8ක් තිස්සේ තබා තිබූ වාර්තාව බිඳ දමමින් ලොව පුරා දකුණු ඉන්දියානු චිත්‍රපටයක් ලැබූ වැඩිම ආදායම සහ ලොව පුරා ඉන්දියානු චිත්‍රපටයක් දෙවනුවට වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවට Allu Arjun රංගනයෙන් දායක වන Pushpa 2 චිත්‍රපටයට හැකිවී තිබෙනවා.
Baahubali 2 චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 1810.60 ක ආදායමක් උපයා පලමු ස්ථානයේ වසර 7 ක් පුරා සිටි අතර Pushpa 2 චිත්‍රපටය දින 32 තුල ඉන්දීය රුපියල් කෝටි 1831ක ආදායමක් උපයාගනිමින් එම වර්තාව බිඳ දැමීමට සමත්ව තිබෙනවා.
වැඩිම ආදායමක් ලැබූ ඉන්දීය චිත්‍රපට අතර පළමු ස්ථානයේ තවමත් පසුවන්නේ ඉන්දීය රුපියල් කෝටි 2200ක ආදායමක් ලබාගනිමින් 2016 වසරේ තිරගත වූ ආමීර් ඛාන් රංගනයෙන් දායක වූ Dangal චිත්‍රපටයි.
Pushpa 2 චිත්‍රපටය තබා ඇති ආදායම් වාර්තා:
💰ලොව පුරා දෙවනුවට වැඩිම ආදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය.
💰ඉන්දියාව තුළ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය.
💰ලොව පුරා වැඩිම ආදායමක් ලැබූ තෙළිඟු චිත්‍රපටය.
💰ලොව පුරා වැඩිම ආදායමක් ලැබූ දකුණු ඉන්දීය චිත්‍රපටය.
ලොව පුරා වැඩිම ආදායමක් ඉපයූ ඉන්දීය චිත්‍රපට 10
1️⃣ Dangal (2016)
2️⃣ Pushpa 2: The Rule (2024)
3️⃣ Baahubali 2: The Conclusion (2017)
4️⃣ RRR (2022)
5️⃣ KGF: Chapter 2 (2022)
6️⃣ Jawan (2023)
7️⃣ Kalki 2898 AD (2024)
8️⃣ Pathaan (2023)
9️⃣ Animal (2023)
🔟 Bajrangi Bhaijaan (2015)
බොහෝ විට ජනවාරි මාසයේ අග වන විට Pushpa 2 චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 2000 සීමාව ඉක්මවනු ඇති බවට චිත් විචාරකයින් මත පල කර තිබෙනවා.