Keratoconus Srilanka

Keratoconus Srilanka ආණ්ඩුවේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අකාර්යක්ෂම නොසැකලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් පූර්ණ අන්ධභාවයට පත්වන keratoconus රෝගීන්ගෙ දෑස් බේරා ගැනීම උදෙසා

Riboflavin eye drop මාස 10 කට ආසන්න කාලයක් ලංකාවට ගෙන්වන්නෙ නැත්තේ ඇයි ? දිනෙන් දින උග්‍ර අතට හැරෙන අන්ධභාවය නියත අක්ශි ...
20/02/2026

Riboflavin eye drop මාස 10 කට ආසන්න කාලයක් ලංකාවට ගෙන්වන්නෙ නැත්තේ ඇයි ?

දිනෙන් දින උග්‍ර අතට හැරෙන අන්ධභාවය නියත අක්ශි රෝගයකට ඇති එකම ඖෂධය වන එය නොගෙන්වා සිටීමෙන් රෝගීන් අන්ධභාවයට පත්වන තුරු රජය නිහඩව සිටින්නේ ඇයි ?

Dr Nalinda Jayatissa

Dr Nalinda Jayatissa ඔබතුමා කිසිම පියවරක් නොගෙන බලන් ඉන්නෙ අපේ ඇස් අන්ධ වෙනකම්ද ????
20/02/2026

Dr Nalinda Jayatissa ඔබතුමා කිසිම පියවරක් නොගෙන බලන් ඉන්නෙ අපේ ඇස් අන්ධ වෙනකම්ද ????

බෙහෙතක් නැතිව ඇස් සැත්කමක් මාස 9ක් නැවතිලා

ඇස ඉදිරියට නෙරා ඒම පාලනය කෙරෙන අක්ෂි ශල්‍යකර්මය (Keratoconus) සඳහා අවශ්‍ය ඖෂධ හිඟය මත මාස නවයක පමණ කාලයක් තිස්සේ එම ශල්‍යකර්ම නතර වී ඇති බව ජාතික අක්ෂි රෝහල් ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අනාවරණය කළේය.

එකී රෝගී තත්ත්වය සඳහා අවශ්‍ය රයිබොප්ලේවින් (Riboflavin) ඖෂධය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට නොමැති බව සඳහන් වේ. එබැවින් ඉහත කී ශල්‍යකර්ම සිය ගණනක් නතරව ඇතැයි සඳහන් වේ.

වැඩි විස්තර 👉 https://tinyurl.com/mtu4mwj2

20/02/2026

බෙහෙත් නැතුව අක්ශි සැත්කම් මාස 09 ක් නැවතිලා
මේක ලියන මමත් අක්ශි රෝගියෙක්..... ඇස් දෙක වගේ රැකගන්න කියන කතාව අපි නිතර අහන කතාවක්... එහෙම කියන්නෙ ඇස් කියන්නෙ මනුස්සයෙක්ට තියෙන වටිනාම දේ නිසා...

එහෙම වටිනා ඇස් දෙක රජයේ සහ රටේ සෞඛ්‍ය බලධාරීනිගෙ ආකර්යක්ශම ක්‍රියා නිසා අහිමි කරගන්න වෙන තත්වයක් දැන් මේ රටේ ගොඩ නැගිලා ඉවරයි

" ඇස ඉදිරියට නෙරා ඒම පාලනය කෙරෙන අක්ෂි ශල්‍යකර්මය (Keratoconus) සඳහා අවශ්‍ය ඖෂධ හිඟය මත මාස නවයක පමණ කාලයක් තිස්සේ එම ශල්‍යකර්ම නතර වෙලා "

එකී රෝගී තත්ත්වය සඳහා අවශ්‍ය රයිබොප්ලේවින් (Riboflavin) ඖෂධය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ලංකාවේ කොහේවත් නැ...

නිසි කලට ප්‍රතිකාර නොකලොත් සම්පූර්ණයෙන් ඇස් පෙනීම නැති වෙලා යෑමට පවා ඉඩ තියෙන , වර්තමානයේ අවුරුදු 18 - 40 අතර පිරිස අතර සුලබව රෝගයක් තමයි keratoconus...

සුවපත් කල හැකි රෝගයක් උවත් ලංකාව වැනි අකාර්යක්ෂම රෝගීන්ගෙ යහපත නොසලකා හරින බලධාරීන් නිසා රෝගීන් අන්ධභාවයට පත් වන තුරුම රජයෙන් පිලිතුරක් ලැබෙන්නේ නැත්තම් රටේ බහුතරයක් ජනතාව පත් කල ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්ද ?

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Keratoconus Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share