26/09/2026
THE LAST OF US සීසන් 3 අමුතුම විදිහකට උයන්න වගේ යන්නෙ‼️😅
The Last of us කතා මාලාවේ Season 3 සඳහා John Goodman, Laura Bailey, Ian Alexander, Jason Ritter සහ Patrick Wilson ඇතුළු නළු නිළියන් රැසක් එක්වෙලා තියෙනවා.
Goodman සහ Ian Alexander මෙවර Joey සහ Paco ලෙස අලුත් චරිත දෙකකට පෙනී සිටින අතර, Laura Bailey ද Season 3 එකට එක්වීම විශේෂත්වයක්. Game එකේ Lev කියන චරිතයට හඬ ලබාදුන් Ian Alexander තමයි සීරිස් Paco කියන චරිතය සදහා එකතු වෙලා තියෙන්නේ.
Season 3 හි රූගත කිරීම් මේ වනවිට සිදුවෙමින් පවතින අතර, එය 2027 දී නිකුත් වීමට නියමිතයි.