Lanka Chat News

Lanka Chat News රටේ තොටේ සියලු පුවත්, විනෝදාත්මක දේවල? රටේ තොටේ සියලු පුවත්, විනෝදාත්මක දේවල් එකම තැනකට.. Page එක Like කරලා අපිත් එක්ක Set වෙන්න බ්‍රෝ..

බලාගාරයේ දත්ත වලින් පැහැදිලිවම ඔප්පු වෙද්දි,ටෙන්ඩර් ප්‍රෙසෙස් එක වැරදියි කියලා Lanka coal එකේ හිටපු සභාපති ඉල්ලා අස් වෙල...
11/04/2026

බලාගාරයේ දත්ත වලින් පැහැදිලිවම ඔප්පු වෙද්දි,

ටෙන්ඩර් ප්‍රෙසෙස් එක වැරදියි කියලා Lanka coal එකේ හිටපු සභාපති ඉල්ලා අස් වෙලා තියෙද්දි,

ප්‍රමිතිය නිරීක්ෂණය කරපු සමාගම ලියාපදිංචි වෙලාවත් නෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි,

ඒ සමගාම් වලට ගල් අඟුරු වල ප්‍රමිතිය පරීක්ෂා කරන්න අවශ්‍ය සුදුසුකම් නෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි,

අම්පයර් සාම්පල් එක බලන්න ඕනි තරම් ඉඩ තියෙද්දි ඒක මගහැරියා කියන එක ඔප්පු වෙලා තියෙද්දි,

බාල ගල් අඟුරු නිසා රටේ ආර්ථිකයට සහ සොබාදහමට වෙන හානිය මහජන උපයෝගීතා කොමිසම කියලා තියෙද්දි,

රජයේ විගණකාධිපති වරයාගේ විගණන වාර්තාවෙන් මේ සමස්ත ක්‍රියාවලිය නිවැරදියි බව පිළිගත නොහැකියි කියලා පැහැදිලිවම කරුණු දක්වලා තියෙද්දි,

බාල ගල් අඟුරු නිසා විදුලි උත්පාදනය අපේක්ෂිත මට්ටමට සිදු කරගත නොහැකි වීම නිසා ජනතාවට නොදන්වාම ලයිට් කපපු බව පද්ධති පාලකමධ්‍යස්ථානය කියලා තියෙද්දී,

ඒ අඩුව පුරවන්න ඩීසල් යොදාගන්න නිසා මේ ගෙවන අප්‍රේල් මාසෙ ඉදන්ම විදුලි බිල 15%කින් වැඩි කරන්න කියලා නැෂනල් සිස්ටම් ඔපරේටර් පෞද්ගලික සමාගම PUSCl එකෙන් ඉල්ලලා තියෙද්දී,

25% - 30% ත අතර ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමිය යුතු බවත් ඒකට බාල ගල් අඟුරු හේතුවක් බවත් IMF එක කියලා තියෙද්දි,

ඒ සියල්ල අභිභවා,

මට ගල් අගුරු හපලා කාලා බලන්න බැරි වුනාට,
මන් ජයකොඩිව කාලා බලලා තියන නිසා,

"මට ජයකොඩිව විශ්වාසයි" කියන කතාව පිළිගන්න කියලා අනුර මේ රටට කියන්නේ !

ඔහු ඒක රටට කිව්වට, මේ දැන් අනුරගේ සහ ජයකොඩිගේ මූණු දිහා බැලුවොත් පේන විදිහ තමා ඔය පහළ තියෙන්නෙ,

අර පිටිපස්සේ හොරෙන් සියල්ල බලා ඉන්නවා නේද ?

ඒතන පේන්නේ ඇස් 4ක් වුනාට,
අනුර මතක තියාගන්න,
එතන ලක්ෂ 68ක මිනිස්සුන්ගේ ඇස් තියනවා !

153ක් අත් උස්සලා,
කිරි දියෙහි දෙවියත්,
අඟුරු සුදු වන කලෙක් නම් නැත් !

Address

Main Street
Colombo
20207

Alerts

Be the first to know and let us send you an email when Lanka Chat News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Chat News:

Shortcuts

Share