01/06/2026
🏆 SL Speaks සම්මානයෙන් පිදුම් ලත් මිල්ලතේ මහා වෙසක් පහන් කූඩුව සහ එහි අද්විතීය නායකත්වය! 🏆
දියහොඬැල්ල - මිල්ලතේ මහා වෙසක් පහන් කූඩු රාජයා මෙවර "SL Speaks" වෙතින් විශේෂ ඇගයීමකට (Special Recognition) ලක් වූ පුවත ඔබ දැනටමත් දන්නවා ඇති. මෙම දැවැන්ත ජයග්‍රහණය පිටුපස සිටින සැබෑ නියමුවාණන්ව අප අගය කළ යුතුමයි! 🌟👏
මෙම සුවිශාල කලා නිර්මාණයේ නිර්මාණකරු මෙන්ම, මුළු කණ්ඩායමම එකට පෙළගස්වමින් මෙවැනි දැවැන්ත මෙහෙයුමක් සාර්ථක කර ගැනීමට ශක්තිමත් නායකත්වයක් සැපයූ ප්‍රදීප් එදිරිසිංහ (Pradeep Edirisinha) මහතාව අප ඉතාමත් ගෞරවයෙන් මතක් කර සිටිනවා.
ඔහුගේ අසමසම දූරදර්ශී නායකත්වය, අප්‍රතිහත ධෛර්යය සහ දියහොඬැල්ල ගම්වාසී තරුණ පිරිසගේ දැවැන්ත ශ්‍රම දායකත්වය නොමැති වන්නට ලංකාවේ වෙසක් ඉතිහාසයට එක්වන මෙවැනි විස්මිත නිර්මාණයක් බිහිවන්නේ නැත! 🇱🇰❤️