15/09/2025
1942 අගෝස්තූ මස 13 වැනි දින මොරටුව කටුකුරුන්දේදී දීපා මිල්ටන් සරත් දසනායක මෙලොව එලිය දුටුවේය.
තරුණවියට එළඹෙත්ම සංගීත විෂය ඉගෙන ගන්නට තිබූ මහත් ආසාව නිසා හොරණ ශ්‍රිපාලියේ සංගීත නිකේතනයට එතුමා 1959-10~08 වැනි දින යන්නේ සංගීතය ඉගෙන ගන්නටය. සංගීත භාණ්ඩයන් අතරෙන් සිතාරය වෙත සිත ඇදී යන එතුමා සිතාරය වයන්නට මහත් වුවමනාවෙන් එය ප්‍රගුණ කෙළේය.
සිතාරයේ තත් හඬවන්නට සමත් කමක් ලද හෙතෙම 1963 දී එවකට සිනමා සංගීත කලාවේ නමක් දිනූ ආර්.මුත්තුසාමි මාස්ටර් සංගීත අධ්‍යක්ෂණය කල. උඩරට මැණිකේ චිත්‍රපටයේ වාදක වෘන්දයේ සිතාරය වයන්නට වරම් හිමිවෙන්නේය.
දිනෙන් දින සිතාර් වාදකයෙකු ලෙස සිනමා පට කිහිපයක කටයුතු කරන්නට මග පෑදෙන එතුමාට එයින් සංගීත කලාවේ ඉදිරියට යන්නට මාර්ගය සැලසුනේය.
1966 දී රජයේ සංගීත විද්‍යාලයෙන් මුල්ම ගුරු පත්වීම ලබන එතුමා ගුරුවරයෙකු ලෙස සේවය කරමින් තම සංගීත කටයුතු ද මනාව ඉදිරියට කරගෙන යාමට සමත් වූවේය.
දීපා මිල්ටන් සරත් දසනායක මෙරට සංගීත ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් ඉතිරි කළ සංගීත අධ්යක්ෂවරයෙකි. චිත්‍රපට 125ක පමණ සංගීතය අධ්‍යක්ෂණයෙන් දායක වූ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය ‘සිතිජය’යි. අනතුරුව ‘සදහටම ඔබ මගේ, දිනුම් කණුව, කස්තුරි සුවඳ, ආවා සොයා ආදරේ’ සහ ‘සංගීතා’ ආදි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. ඔහු නිෂ්පාදනය කළ ‘මිහිදුම් සිහින, මධු සහ ආත්මා’ චිත්‍රපට මෙදා ද එක සේ ජනප්‍රිය ය. අද සරත් දසනායක පිළිබඳ මතක ආවර්ජනය කරන්නේ සංගීත ක්ෂේත්රයේ ම ප්‍රවීණයන් කිහිප දෙනෙකි.
අනුකාරක ගීත කලාව තුල හින්දි නොවේ හින්දි වගේ ගී හදලා හෙල ගී කෙත පෝෂණය කල මෙතුමා විවිධත්වයෙන් යුතු ගී නිමවුවා සිනමාවට සහ සරල ගීතයට.
සල් සපුනා නිල් මානෙල්, රොන් සොයා, අමර පෙම් ලතාවේ, පාට පොදක්, මියුරු පෙම් ලතාවේ, පෙම් රස වෑහෙන, හද විමන් දොරින්, රන් මසු රන් කිරි ගරුඪ තලාවක , ලස්සන නම් නෑ පෙනෙන්නේ , උන්මාද සිතුවම් , ලස්සන ලෝකේක , හිම කදු යහනේ
වැනි සිනමා ගීත මතකයි නේද ... ? ඒ සියල්ල එතුමාගේ...
සිතිජය,සංගීතා,වානරයෝ,දිනුම් කණුව, එක්ටැම්ගේ,දුහුළුමලක් , ඈතින් ඈතට,එයා දැන් ලොකු ලමයෙක්, සටන, දිනුම , වන මොහිණී , අහිංසා වගේ චිත්‍රපට 200 කට කිට්ටු ප්‍රමාණය යකට ඔහු සංගීතය නිමවූවා.
ලතා,ජෝතී,ඇන්ජලීන්, මිල්ටන්, ග්‍රේෂන්, චන්ද්‍රිකා වෙත සිනමාවේ ගී බොහෝමටක් නිමවූ ඔහු අමරදේවයන්, නන්දා මාලනී, සනත් නන්දසිරි වික්ටර් රත්නායක ,ඉන්ද්‍රානී.පෙරේරා, අබේ- නිරංජලා, චන්ද්‍රලේකා පෙරේරා , නීලා වික්‍රමසිංහ වැනි ශිල්පීන්ට ගී රැසක් නිමවුවා.
සරත් දසනායක ප්‍රීති ලිලා විජේසුන්දර මෙනෙවියගේ අත ගන්නේ 1970 දෙසැම්බරයේ දීය. දරුවන් තිදෙනකුගේ පියෙකු වූ සරත් දසනායක ගේ වැඩිමල් පුතු රංග දසනායක දෙවැනි දියණිය ලක්මාලි වන අතර තෙවැන්නා ශංක දසනායක වේ. එතුමා 1999 දෙසැම්බර් මස 18 දින මෙලොවින් සමු ගත්තේය.
එතුමන්ගේ ගීතාවලිය පිළිබඳ පියුම් නීල විලෙන් සටහන් තබන්නේ වත්මන් සංගීත පරපුරේ කේන්ද්‍ර ස්ථානයක් සටහන් කල ඔහුගේ වැඩිමල් පුත් සංගීතවේදී රංග දසනායක විසිනි.
© 2025 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...